Posts

අල්ලාහ් කවුද? (Who is Allah?)

Image
විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ අල්ලාහ්ය. ඔහුට සමාන වෙනත් කිසිවෙකු නැත. අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු විසින් මැස්සෙකුවත් මවා නැත. අල්ලාහ්ගේ මැවීම් තුලින් ඔහුගේ ඥානාන්විත බව විදහා දක්වන්නේය. බුද්ධිමතුන් විසින් එය දකිනු ඇත. විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මැවූ පසු අල්ලාහ් අර්ෂ් නමැති ඔහු සිටිනා ස්ථානයට ඔහුට ගැලපෙන ආකාරයට නැගුනේය. ඔහුගේ මැවීම් සමග අල්ලාහ් එකට සිටින්නේ නැත. මිනිසාට ලැබී ඇති දෑස් වලින් ඔහුව දැකිය නොහැක. කෙසේ වෙතත් මරණයෙන් මතු ජීවිතයේදී ස්වර්ග වාසීන්ට අල්ලාහ්ව දැකීමටත් ඔහු සමග කතා කිරීමටත් අවස්ථාව ලැබෙන්නේය. එහෙත් මෙලොවදී අල්ලාහ්ව විශ්වාස නොකළ කිසිවෙකුට එම අවස්තාව හිමිවන්නේ නැත. මිනිසාව මවා තිබෙන්නේ අල්ලාහ්ගේ මෙලොව නියෝජිතයා හැටියටය. මේ හේතුවෙන් මිනිසා අනෙක් ජීවින්ගෙන් වෙනස් වේ. මිනිසාට පැවරෙන වගකීම වන්නේ අල්ලාහ්ව තේරුම් ගෙන ඔහුට පමණක් නැමදීමය.  මෙලොව සිටින කිසිවෙකු අල්ලාහ්ව දැක නැතත් මිනිසාට ලැබී ඇති බුද්ධිය නිසා අල්ලාහ්ගේ මැවීම් ඇසුරෙන් ඔහුව තේරුම් ගැනීමට හැකිය. තවද නබිවරුන්ගේ මාර්ගයෙන් මිනිසාට යහ මග පෙන්වා දීම සඳහා දහම් පණිවිඩ ලබා දී තිබේ. නබිවරුන් ය

පලස්තීනුවන්ගේ දේශය යුදෙව්වන් සතු වන්නේ කෙසේද? (How can the Jews own the land of the Palestinians?)

Image
පළමු ලෝක යුද්දයෙන් පසු සරණාගතයින් ලෙස යුදෙව්වන් පලස්තීනයට පැමිණියෝය. අනතුරුව රටක් නැතිව සිටි යුදෙව්වන් පලස්තීන භුමිය තුල ඉස්රායලය පිහිටවා ගන්නා ලදී. ඉස්රායලය පිහිටුවා ගත් ඔවුන් ක්‍රමානුකුලව පලස්තීන භූමිය ආක්‍රමණය කළෝය. 1967 දී පැවති යුද්ධයෙන් පසු යුදෙව්වන් ඔවුන්ගේ රාජ්‍යය තව දුරටත් ව්‍යාප්ත කර ගන්නා ලදී. එහි ප්‍රතිපලයක් ලෙස ඉස්රායලයට විශාල භුමි ප්‍රදේශයකුත් පලස්තීනුවන්ට කුඩා භුමි ප්‍රදේශයකුත් හිමි විය. අද වන විට පලස්තීනයේ නියම අයිතිකරුවන්ට ඉතිරිව තිබෙන්නේ ඉතා කුඩා භුමි ප්‍රදේශයකි! ලෝක බලවතුන්ගේ අසාධාරණ බෙදීම නිසා පලත්තිනයේ නියම අයිතිකරුවන්ට තමන්ගේම කියා ස්වාදීන රාජ්‍යයක් මෙතෙක් ලැබී නැත. මේ නිසා පලස්තීන වැසියන් නිරන්තරයෙන්ම යුදෙව්වන්ගේ තාඩන පීඩන වලට ගොදුරු වන්නේය. පලස්තීනය තුලට අහාර ඇතුළු අනෙක් අත්‍යාවශ්‍ය දේවල් පවා ගෙන යා යුත්තේ යුදෙව්වන්ගේ අවසරය මතය. තවද ජලය විදුලිය වැනි දේවල් ලැබෙන්නේ ඉස්රායලය හරහාය. ඒ අනුව පලස්තීනුවන් වාසය කරන්නේ ඉස්ලායලයේ වහලුන් හැටියට යැයි කීම වරදක් නොවේ.  ඇත්ත වශයෙන්ම අරාබියාව තුල ඔවුන්ගේ පරම සතුරන් වන යුදෙව්වන්ට රාජ්‍යයක් පිහිටුවා දීම විශාල වරදකි. ඉන් සි

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
පන්තියක කොතරම් දක්ෂ සිසුන් සිටියත් ගුරුවරයා විසින් විභාගයක් පවත්වා මිස එම සිසුන් ඉහල පන්තියට සමත් කරන්නේ නැත. එසේම කොතරම් හොඳ මිනිසුන් සිටියත් ස්වර්ගය ලැබෙන්නේ ලෞකික ජිවිතයේදී ඔවුන් මුහුණ දෙන පරික්ෂාවන්ට ප්‍රතිචාර දක්වන අකාරය සැලකිල්ලට ගැනීමෙන් ය. එම කරුණ අල් කුරානයේ මෙලෙස  විස්තර කොට තිබේ. "නියත වශයෙන්ම අපි බියෙන්ද, කුසගින්නේන්ද, සම්පත් මෙන්ම ජිවිත හා පලදාවේ ඇතිවන අලාභ තුලින්ද නුඹලාව පරික්ෂා කරන්නෙමු" (කුරානය 2:155). මෙම පරීක්ෂාවන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. අල්ලාහ්ට වඩාත් සමීප නබිවරුන් පවා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. ඔවුන් මුහුණ දුන් පරීක්ෂාවන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන පරීක්ෂාවන්ට වඩා දරුණුය. එහෙත් මතු ජීවිතයේදී ඔවුන්ට ලැබෙන කුලිය ද අති විශාලය.  නබිවරුන්ගෙන් පසු වැඩියෙන්ම පරීක්ෂාවන්ට මුහුණ දී තිබෙන්නේ අල්ලාහ්ට වඩාත් සමීප උදවිය වේ. මේ හේතුවෙන් නබිතුමාගේ අනුගාමිකයින් සියලු දෙනාම ඉස්ලාම් දහම වැළඳ ගැනීමේ එකම හේතුව නිසා කුරෙයිෂ් වරුන්ගේ අතින් නොයෙකුත් අන්දමේ වද හිංසාවලට මුහුණ දුන්නෝය. උදාහරණයක් ලෙස උමෙයියාගේ වහලෙකුව සිටි බිලාල් රලි තුමාව ඔහුගේ හාම්පුතා විසින් කාන්තාරය

ඉස්ලාම් දහම අනුව සමහර අය පින් කළත් අපායට යන්නේ ඇයි?(According to Islam, why do some people go to hell even if they do meritorious deeds?)

Image
  ඉස්ලාම් දහම අනුව කුසල් සහ අකුසල් යන්න තීරණය කරනු ලබන්නේ මිනිසාගේ මැවුම්කරු වන අල්ලාහ් දෙවිදුන් විසිනි. එසේ තිබියදී මිනිසා විසින් සමහර දේවල් පින් ලෙසත් සමහර දේවල් පව් ලෙසත් වර්ග කිරීම වරදකි. අල් කුරානයෙන් මිනිසාට ස්වර්ගයට යන මාර්ගය සහ අපායට යන මාර්ගය වෙන් වෙන් වශයෙන් පෙන්වා දී තිබේ. අල් කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ. "(අල්ලාහ් නොවන දේවල් වෙනුවෙන්) මහන්සියෙන් ක්‍රියා කරයි. (එහෙත් මරණයෙන් පසු) දළු දමමින් දැවෙන ගින්නෙහි ඇතුළු වෙයි" (කුරානය 88:3-4). මේ හේතුවෙන් තමන් කරන ඕනෑම කුසල් ක්‍රියාවක් තම මැවුම්කරු විසින් පෙන්වා දෙන ලද ඒවා විය යුතුය.  ඉස්ලාම් දහම අනුව ස්වර්ගය අත්කර ගැනීම සඳහා මුලික අවශ්‍යතාවයක් වන්නේ නැමදීමට එකම සුදුස්සා අල්ලාහ් බව විශ්වාස කිරීමයි. ඒ අනුව නබිවරුන්ට හෝ දේවදුතයින්ට හෝ සාස්තෘවරුන්ට හෝ හිස නමා නැමදිය නොහැකිය. තවද අල්ලාහ්ගෙන් පමණක් සිදු කල යුතු ප්‍රාර්ථනාවන් ඔහුගේ මැවීම් තුලින් ඉටු කර ගැනීමද විශාල වරදකි. ඒ හැරුණු විට අල්ලාහ් වෙනුවෙන් දිය යුතු පඬුරු වෙනත් අය වෙනුවෙන් සිදු කිරීමද අල්ලාහ් වෙනුවෙන් සිදු කල යුතු කැප කිරීම් වෙනත් අය වෙනුවෙන් සිදු කිරීමද අපා ගත වන ද

මිනිසාගේ දියුණුවට ඥාතිත්වය බලපාන්නේ කෙසේද? (How does kinship affect one's progress?)

Image
අප නොසිතන බොහෝ දේවල් මිනිස් ක්‍රියා කාර කම් සමග බැඳී ඇත. එහෙත් බොහෝ අය විසින් එම කරුණ වටහාගෙන නැත. අල් කුරානය තුලින් ඥාති සම්බන්දතාවය ගැන මෙසේ විස්තර කරන්නේය.  "කවරෙක් අල්ලාහ් හමුවෙහි ඇති ගිවිසුම තහවුරු කල පසු එය කඩකරමින් අල්ලාහ් එක්කර ගත යුතු යැයි නියෝග කල (ලේ නෑකම) බිඳිමින් පොළොවෙහි කළහ ඇති කරත්ද ඔවුනට ශාපයක්ම වේ. ඔවුනට දුක්ඛිත නිවසම (නිරය) ඇත"  (කුරානය 13:25).  ඥාතින් සමග එකමුතුව ජිවත් වීම නිසා ආයු කාලය දීර්ඝ වන්නේය. තවද සෞභාග්‍ය ඇති වන්නේය. මෙම හදිසය තුල එම කරුණ දැක ගත හැකිය.  ජිවිතයේ සෞභාග්‍ය (provisions) ඇති වීමටත්, ජිවිත කාලය දීර්ඝ කර ගැනීමටත් යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු තම ඥාතින් සමග ඇති සම්බන්දය ආරක්ෂා කල යුතුය  (බුහාරි,මුස්ලිම්, මිශ්කාත් 1:110). ඥාතින් සමග එකට ජිවත් වීම නිසා අල්ලාහ් ද ඔවුන් සමග සම්බන්ද වන බව මෙම හදිසයෙන් විස්තර කොට තිබේ. රහ්ම් යන පදය රහ්මාන් යන වචනයෙන් කැඩී එන්නේය. එම නිසා අල්ලාහ් මෙසේ පවසයි :   " කව්රුන් හෝ ඔබ සමග (ඥාතිත්වය සමග) සම්බන්ද වන්නේද ඔහුත් සමග මාද සම්බන්ද වෙමි, කව්රුන් හෝ ඔබව කපා හරිද මාද ඔහුව කපා හරිමි"  (බුහාරි, මිශ්ක

අල්ලාහ්ට නැමැදිය යුත්තේ ඇයි? (Why should we worship Allah?)

Image
මිනිසා ඉබේ ඇතිවූ ජීවියෙක් නොවේ. එසේම පිළිම වලින් මිනිසාව නිර්මාණය කලේද නැත. යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් යන ප්‍රධාන ආගම් වලින් පවසන්නේ මුල්ම මිනිසා වන ආදම් තුමාව අල්ලාහ් තම අතින්ම නිර්මාණය කල බවයි. මෙතරම් උසස් නිර්මාණයක් කලේ අල්ලාහ්ව තේරුම් ගෙන ඔහුට නැමදිමට යැයි කුරානය පවසයි.  කුරානයේ සඳහන් වන ආකාරයට අල්ලාහ් මිනිසාව මැව්වේය. ඔහු මිනිසාට කතා කිරීමට ඉගැන්නුවේය (කුරානය 55:3-4). අල්ලාහ්ව තේරුම් ගෙන ඔහුට නැමදීම මිනිසාගේ වග කීමකි. එම හැකියාව මිනිසාට හැර මිහිපිට ජිවත් වන වෙනත් කිසිම ජීවියෙකුට නැත. එබැවින් ස්වර්ගය සහ නිරය පවතින්නේ මිනිසා වෙනුවෙන් ය. මිනිසාගේ විශේතත්වය වන්නේ ඔහුට හරි හෝ වැරදි දේවල් තෝරා ගැනීමේදී ස්වයං තීරණ ගැනීමට හැකි වීමයි. එවැනි හැකියාවක් දේවදුතයින්ට පවා නැත. එබැවින් දේවදුතයින් අල්ලාහ්ගේ නියෝග ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන්නේය. මිනිසාට තමන් කැමතිනම් අල්ලාහ් පෙන්වා දෙන නිවැරදි මාර්ගය පිළිපැදීය හැක. නැතිනම් වැරදි මාර්ගය තෝරා ගත හැකිය. යම් කෙනෙක් වැරදි මාර්ගය තෝරා ගැනීමට හැකියාව තිබියදීත් නිවැරදි මාර්ගය තෝරා ගන්නා විට දේවදුතයින්ට වඩා උසස් තත්වයට පත් වේ.  මිනිසා තරම් සංකීර්ණ ජීවියෙක් ම

ඉස්ලාම් දහමින් විවාහය සඳහා අවම වයසක් නියම නොකරන්නේ ඇයි? (Why doesn't Islam set a minimum age for marriage?)

Image
විවාහය මිනිස් අයිතියකි. කෙසේ වෙතත් නොයෙකුත් හේතුන් මත රටින් රට විවාහ වන වයස් සීමාවන් වෙනස් වන්නේය. මේ සම්බන්දයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ නව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කල විශ්ලේෂණයකට අනුව (එක්සත් ජනපදය ඇතුළුව) අවම වශයෙන් රටවල් 117 ක අඩු වයස් විවාහයන් සඳහා අවසර තිබේ. (https://www.pewresearch.org/fact-tank/2016/09/12/many-countries-allow-child-marriage/).  නීතියෙන් කුමන වයස් සීමාවන් පනවා තිබුනත් බාල වයස් විවාහයන් ලොව පුරා බොහෝ රටවල් වල සුලබව සිදු වන්නේය. එහෙත් විවේචන එල්ල කරනු  ලබන්නේ මුස්ලිම්වරුන් අතර නිත්‍යානු කුලව සිදු කරනු ලබන බාල වයස්කාර විවාහයන් සඳහා පමණි.  අල් කුරානයේ විවාහය සම්බන්ද බොහෝ නීති පනවා තිබුනත් ඒ සඳහා අවම වයස් සීමාවක් නියම කොට නැත. ඊට බොහෝ හේතුන් තිබේ. විවාහයකදී ඊට අවම වයසක් නියම කිරීමෙන් මිනිසා බලාපොරොත්තු නොවන තත්වයන්ට මුහුණ පෑමට හැකිය. උදාහරණයක් වශයෙන් බාල වයස්කාර දැරියකගේ දෙමව්පියන් දෙදෙනාම යම් හේතුවකින් මිය ගියේ යැයි සිතමු. එවිට එම දැරිය බලා ගැනීමට සිදු වන්නේ එම දැරියගේ ඥාතින් විසිනි. එහෙත් සුදුසු ඥාතියෙක් සොයා ගැනීමට නොහැකි අවස්ථාවකදී පවතින නිතිය