මිනිස් ජිවිතයේ වටිනාම සම්පත කුමක්ද? (What is the most valuable thing in the human life?)



මෑතකාලයේ ජිවත්වන මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය වසර හැටත් හැත්තෑවත් අතර පවතින්නේය. මෙවන් කෙටි කාලයක් තුලදී අත්කරගත යුතු වටිනාම සම්පත කුමක්දැයි බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නැත. කරුණු එසේ හෙයින් ඇතැමුන් ලෞකික ජීවිතය වෙනුවෙන් පමණක් වෙහෙසෙති.

ජීවිතය ජයගැනීමට නිවැරදි දැක්මක් අවශ්‍යය. එහෙත් බොහෝ දෙනෙක් නිවැරදිව කරුණු අබබෝධ නොකර තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු දහම අනුව ජිවත් වෙති. ඒ අතරම ඔවුන්  භෞතික සම්පත් ඔස්සේ හඹා යන්නෝය. භෞතික දේවලින් පමණක් ජය ලැබීමට හිතු බොහෝ දෙනෙක් මුලාවට පත් වී සිටිති. භෞතික සම්පත් කොතරම් රැස්කලත් මිනිසාට අයත් වන්නේ ඔහු අනුභව කළ ආහාර සහ ඔහු පාවිච්චි කරන ලද ඇඳුම් පමණි. මිනිසා  රැස්කරන අනෙකුත් සියළු දේ ඔහු මිය යන විට ඉතිරි කර යන්නේය.

මෙලොව ජීවිතය මිනිසාගේ නිම් නැති ගමනක එක්තරා අවස්ථාවක් පමණි. එබැවින් මිනිස් ආත්මයේ දිගු ගමන ජයගැනීමට යම් දිනයකදී දිරා යාමට නියමිත ශරීරයෙන් පින්දහම් කළ යුතුය. මෙම කරුණ නිවැරදිව තේරුම් ගැනීම සඳහා මිනිසාට  විශාල වගකීමක් පැවරෙන්නේය. කෙනෙක් මුස්ලිම් පවුලක ඉපදීම නිසා හෝ හින්දු පවුලක ඉපදීම නිසා හෝ බෞද්ධ පවුලක  ඉපදීම නිසා හෝ ඔහු නිවැරදි මාර්ගය අත් කරගත් අයෙකු වන්නේ නැත. ඒ සඳහා සෑම මිනිසෙකුව වෙහෙස වී ක්‍රියා කළ යුතුය. ඔහු අදහන දේ පිළිබඳව ඔහුට නිවැරදි අවබෝදයක් තිබිය යුතුය.

මිනිස් ජිවිතයේ නිවැරදි අරමුණ පැහැදිලි කිරීම සඳහා දෙවියන් විසින් කාලයෙන් කාලයට ඔහුගේ දුතයන්ගේ මාර්ගයෙන් නිවැරදි දහම පෙන්වා දී ඇත. සෑමවිටම ඔහු එවනු ලබන අළුත් දහමකින් පරණ දහමේ නීති රීති අහෝසි කරන්නේය. එම නිසා මිනිසාගේ පරම යුතුකම තමන් අදහන දහම නිවැරදි මුලාශ්‍ර මගින් අද්‍යයනය කොට නිවැරදි දහම කුමක්දැයි සොයාගැනීමය.

ලෞකික සැපත දෙවියන්ගේ මනාපය පරිදි ඔහුට අවනත වෙන කෙනෙකුට මෙන්ම ඔහුගේ අණට පිටුපාන ඕනෑම කෙනෙකුට ප්‍රධානය කරන්නේය. එහෙත් දේව විස්වාසය (හිදායත්) එසේ ලැබෙන්නේ නැත. නිවැරදි මාර්ගයට දොරටු විවෘත කරනු ලබන්නේ එය සොයන්නාට පමණි. හිදායත් වෙනුවෙන් මිනිසා දේවියගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.

නුහ් නබිතුමාගේ බිසවට හෝ ඔහුගේ පුතාට හෝ හිදායත් ලැබුනේ නැත. ඔවුන් එය ප්‍රතික්ෂේප කලෝය. එසේම ඉබ්‍රාහිම් තුමාගේ පියාට කොපමණ දෙසුවත් එයින් පලක් වුයේ නැත. එසේම ලුත් නබිතුමාගේ බිසව දෙවියන්ව ප්‍රතික්‍ෂේප කළාය. කෙසේ වෙතත් නබිතුමාගේ පියා ගේ සොහොයුරු හම්zසා රලි තුමා ගාතනය කොට ඔහුගේ ශරීරය ම්ලේච්ච ලෙස කපාකොටා දැමු වහ්ෂි නම්වූ වහලාටත් ඔහුට එසේ කිරීමට අනුබල දුන් හින්දා නමැති වහ්ෂිගේ ස්වාමි දුවටත් දෙවියන් හිදායත් දුන්නේ ඔවුන් එය ඉල්ලා සිටි බැවිනි.

අල්ලාහ්ට කෙලින්ම අභියෝග කරමින් තමන් දෙවියන් බව කියා සිටි පාරාවෝ ට ලෞකික ජිවිතයේ රජකම් කිරීමට ඔහු ඉඩ හැරියේය. සාස්ත්‍ර කරුවන්ගේ කීම පරිදි පාරාවෝට විරුද්ධව පැමිණීමට නියමිතව සිටි මුසා නබිතුමා මරාදැමීම වෙනුවෙන් එම කාලයේ ඉපදුනු පිරිමි දරුවන් සිය දහස් ගණන් මරාදැමීමට පාරාවෝ රජු කටයුතු කළේය. එවන් දෘෂ්ඨ පුද්ගලයෙකුට පවා දෙවියන් ඔහුගේ දුතයෙකු යවා නිවැරදි මාර්ගයට ඇරයුම් කළේය. එහෙත් දේව විශ්වාසයේ වටිනාකම තේරුම් නොගත් ඔහුට මුසා නබිතුමාගේ ඇරයුමෙන් පලක්වුයේ නැත. අවසානයේ දී ඔහුට අත් වුයේ ඔහු බලාපොරොත්තු නොවූ අන්දමින් තම හමුදාව සමග මුහුදේ ගිලි මියයෑමටය. පාරාවෝ ගේ මෘත දේහය ලෝකය අවසාන වනතෙක්  මිනිසුන්ට සාක්‍ෂියක් වශයෙන් දෙවියන් ආරක්ෂා කර තිබේ. අදටත් දෙවියන්ව ප්‍රතික්ෂේප කරන බොහෝ දෙනෙකුට රාජ්‍යබලය ඇතුළු බොහෝ ලෞකික සම්පත් ලැබී ඇතත් හිදායත් නම්වූ වටිනා සම්පත උරුම වී නොමැත.

දෙවියන් ඔහුගේ දහම පිළිගත් කිසිවෙකුට මේ ලෝකය සුර ලොවක් කර දීමට පොරොන්න්දු වී නැත. අනෙක් අතට දෙවියන්ගේ බොහෝ නබිවරු මෙලොව ඉතා චාම් ජිවිතයක් ගත කොට තිබේ. ජේසුස් වහන්සේ මැරෙන තුරු ඔහුටම කියා නිවසක් තිබුනේ නැත. ඔහු ඉතා සරල ජිවිතයක් ගත කළ නබිවරයෙකි. මුහම්මද් නබිතුමා මියයන විට ඔහුගේ යැයි කිසිවක් ඉතිරිකර ගියේ නැත. ඔහු මියයෑමට පෙර මාස තුනක්ම ඔහුගේ නිවසේ ලිප මොලවා නැත. ඇත්ත වශයෙන්ම මේ ලෝක ජීවිතය මුමින් වරයෙකුට සිරගෙයක් බඳුය. එනම් ඔහුගේ මනාපය පරිදි ඔහුට ජිවත් විය නොහැකිය. එහෙත් මරණින් පසු මුමින්වරයෙකුට කෙළවරක් නොදකින සුරලොවක් දීමට අල්ලාහු තආලා පොරොන්දු වී තිබේ.

අල්ලාහ් ගේ සැලැස්ම තේරුම් නොගන්නා බොහෝ දෙනෙකු නිවැරදි මාර්ගය අත් කරගැනීමට ක්‍රියා කරන්නේ නැත. එබැවින් ඔවුන් කළ වරදට පසුතැවිලි වීමට සිදුවන්නේ මරණයෙන් පසුවය. නරකාදිය දැකීමෙන් පසු තමන්ගේ නිදහස වෙනුවෙන් කන්දක් තරමට රත්රන් පරිත්‍යාග කලත් ඉන් ඔහුට පලක් අත් වන්නේ නැත. එබැවින් මෙලොවදී නිවැරදි මාර්ගය ප්‍රතික්‍ෂේප කල සියළුදෙනාට ම සදාකල් නිරය හිමිවන්නේය. එහෙත් මෙලොවදී දෙවියන්ගෙන් නිවැරදි මාර්‍ගය පෙන්වන ලෙස ප්‍රාර්ථනා කරන තැනැත්තාට එය නොලැබෙන්නේද නොවේ. 


මේ අනුව බලන කළ මිනිසාට නිමක් නැති ජිවිතයෙදී සවර්ගය අත්කර දෙන දේව විශ්වාසය (හිදායත්) මිල කළ නොහැකි සම්පක් බව කිව පැහැදිලිය.

අපහේ වෙනත් ලිපි සඳහා පහත යොමුවට පිවිසෙන්න.
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)