ඉස්ලාම් දහම අනුව නැකැත් බැලීමක් තිබේද? (Is there an astrology according to Islam?)


ඉස්ලාම් දහම අනුව නැකත් බැලීම සහ සාස්ත්‍ර ඇසීම සපුරා තහනම් වේ. නබිතුමාගේ හදිසයකට අනුව යම් කිසිවෙකු සස්ත්‍ර කරුවෙකු හමුවීමට ගොස් ඔහුගේ අනාගතය ගැන විමසා සිටියේ නම් ඔහුගේ දින හතලිහක සලාතය පිළිගැනීමට ලක් වන්නේ නැත (මුස්ලිම් 2230, අහමද් 4:68). තවත් හදිසයක සඳහන් වන ආකාරයට යම් කිසිවෙකු සාස්ත්‍ර කරුවෙකු වෙත යෑම හෝ එසේ ගොස් ඔහු කියන දේ විශ්වාස කිරීම නිසා ඔහු නබිතුමාට පහළ වූ දහම ප්‍රතික්ෂේප කල කෙනෙකු බවට පත් වන්නේය (අබු දාවුද් 3904, තිරිමිසි 135, ඉබ්නු මාජා 639, අහමද් 2:408). 

මුස්ලිම්වරයෙකු විශ්වාස කල යුත්තේ සෑම දෙයක්ම අල්ලාහ්ගේ නියෝග අනුව සිදු වන බවයි. එසේ තිබියදී ග්‍රහ වස්තුන්ගේ පිහිටීම අනුව කෙනෙකුගේ දෛවය වෙනස්වන බව විශ්වාස කිරීම අල්ලාහ්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. ඉස්ලාම් දහම අනුව එය විශාල පාපයකි. එවැනි ක්‍රියා නිසා කෙනෙකුගේ ඊමාන් විශ්වාසය පලුදු විය හැකිය. මේ නිසා මුස්ලිම්වරුන් විවාහ වීමේදී හෝ ගෙවල් පදිංචි වීමේදී හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ නැකත් බලන්නේ නැත. 

සෑම ග්‍රහ වස්තූවක්ම අල්ලාහ්ගේ මැවීම් වේ. ඒවා අල්ලාහ් නියම කොට ඇති පරිදි විශ්වය තුල ගමන් කරන්නේය. එම නිසා ඒවායේ පිහිටීම අනුව කිසිවෙකුගේ දෛවය වෙනස් වන්නේ නැත. ඒවා මිත්‍යා විශ්වාසයන්ය. එබැවින් මුස්ලිම්වරුන් එවැනි දේවල් විශ්වාස නොකළ යුතුය. 

ග්‍රහ වස්තුන් නිසා කෙනෙකුගේ දෛවයට කිසිම බලපෑමක් නැතත් ශාරීරික වශයෙන් යම් බලපෑම් සිදු විය හැක. උදාහරණයක් වශයෙන් චන්ද්‍රයාගේ බලපෑම් නිසා ඇතැම් උදවියට ශාරීරික වෙනස්කම් ඇති විය හැක. තවද සුර්යයාගේ බලපෑම නිසා රශ්නය වැඩි වී දහඩිය දැමිය හැක. ඒවා භෞතික ලෝකයේ සාමානය දේවල් වේ. 

නබිතුමාගේ පුත් ඉබ්‍රාහීම් රලි තුමා අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදී සුර්යග්‍රහනයක් සිදු විය. ඒ අනුව ඇතැම් සහාබාවරුන් උපකල්පනය කලේ එය නබිතුමාගේ පුතුන්ගේ වියෝව නිසා ඇති වූ බවයි. නබිතුමාට එය ඇසීමට ලැබීමෙන් ඔහු පවසා සිටියේ කිසිවෙකුගේ ඉපදීම නිසා හෝ මරණය නිසා හෝ සුර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් ඇති නොවන බවයි.

By Fasy Ajward, B.Sc(Special)Hons,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)