ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? (Why Islam spread very fast?)


Pew පර්යේෂණ මධ්‍යස්ථානය පුරෝකථනය කරන අන්දමට 2050 වන විට ගෝලීය මුස්ලිම් ජනගහනය ක්‍රිස්තියානි ජනගහනයට වඩා වේගවත් ලෙස වර්ධනය වීමට නියමිතය. එවැනි දෙයක් සිදු වීම සඳහා නොයෙකුත් හේතු කරනා පෙන්වා ඇතත් සත්‍යය කරුණ වන්නේ බොහෝ සුදු ජාතිකයින් ඉස්ලාම් දහම වැළඳ ගැනීමයි. ඇමරිකාවේ පමණක් වාර්ෂිකව 20,000 ක් පමණ දෙනා ඉස්ලාම් දහම වැළඳ ගන්නේය. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් වීම විශේෂත්වයකි. ඒ හැරුණු විට ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය ප්‍රංශය වැනි රටවල් වලද සෙසු රටවල් වලද විශාල ලෙස ඉස්ලාම් දහම ව්‍යාප්ත වෙමින් තිබේ. 

ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හේතුව ලෙස අලුතින් ඉස්ලාම් දහම වැළඳ ගත් අය පෙන්වා දෙන්නේ අල් කුරානයේ ඇති නිරවුල් භාවයයි. කෙසේ වෙතත් බොහෝ ආගම්වල සඳහන් දේව සංකල්පයන් අපැහැදිලි ය. උදාහරණයක් ලෙස බයිබලයේ දෙවියන් එක්කෙනෙක් ලෙස සඳහන් වුවත් ප්‍රායෝගික ජීවිතය තුල ත්‍රිත්වය පිලිබඳ විශ්වාසයක් පවතින්නේය. යුදෙව්වන්ද දෙවියන්ට පුතෙක් සිටින බව විශ්වාස කරති. එහෙත් ඉස්ලාම් දහම අනුව දෙවියන් එක්කෙනෙකි. මෙම කරුණ බොහෝ කතෝලිකයින් පවා පිලි ගන්නේය.

ජේසු තුමාගේ උපත ගැන ඉතා හොඳ විග්‍රහයක් කුරානයේ දැකිය හැකිය. එපමනක් නොව ජේසු තුමාගේ මවගේ නමින් කුරානයේ එක් පරිජ්ජේදයක්ම නම් කොට ඇත. තවද ජේසු තුමා විසින් සිදු කරන ලද බොහෝ ප්‍රාතිහාරයන් ඉතා නිරවුල් ආකාරයට කුරානයේ විස්තර කොට තිබේ. මීට අමතරව ජේසු තුමාව දෙවියන් වෙත ඔසවනු ලැබූ සිද්ධිය ඉතා පැහැදිලිව කුරානය මගින් විස්තර කොට තිබේ. මේවාට අමතරව බයිබලයේ එන බොහෝ නබිවරුන් ගැන විස්තර කුරානයේ ද දැකිය හැකිය. 

කරුණු කෙසේ වෙතත් ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය අඩාල කිරීම සඳහා ඉස්ලාම් දහමට විරුද්ධව බොහෝ මඩ ප්‍රචාරයන් සිදු වෙමින් පවතී. මේ සඳහා ජන මාධ්‍ය වලින් වශාල කාර්ය භාරයක් සිදු වේ. ඒ අනුව ඇමරිකාවේ සිදු වුනු සැප්තැම්බර් 11 සිදු වීම නඩු විභාගයකින් සනාථ වීමට කලින්ම එය මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවක් ලෙස ජන මාධ්‍යවලින් පල විය. කෙසේ වෙතත් එම සිදු වීම පිටුපස යුදෙව්වන් සිටින බව රුසියානු ජනාධිපති ප්‍රසිද්දියේ ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් සැප්තැම්බර් 11 සිදුවීමෙන් පසු බොහෝ ඇමරිකානුවන් කුරානය හැදෑරීමට පෙළඹුණු අතර ඉන් බොහෝ අය ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ.

ඉස්ලාම් දහම තුල කාන්තා නිදහස නැතැයි ඇතැමුන් ප්‍රචාරය කලත් විශාල වශයෙන් කාන්තාවන් ඉස්ලාම් දහම වැළඳ ගැනීම දකින විට පෙනී යන්නේ එය හුදෙක් පුහු තර්කයක් බවයි. කෙසේ වෙතත් අල් කුරානය හැදෑරීමෙන් කාන්තාවන්ට සහ මානව නිදහස වෙනුවෙන් ඉස්ලාම් දහම ලබා දී තිබෙන තැන දැනගත හැකිය. ඒ අනුව ඉස්ලාම් දහම තුල වර්ණ බේදය හෝ කුල බේදය හෝ උස්පහත් බේදය හෝ දැකිය නොහැකිය. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම එක මවකගේ දරුවන් ලෙස සලකනු ලැබේ. මෙය බොහෝ අයගේ පැසසුමට හේතුවකි. 

By Fasy Ajward B.Sc(Special)Hons,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))

නබිතුමා ඔහුගේ උපන් දිනය සැමරුවාද? (Did the Prophet celebrate his birthday?)

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)