මුස්ලිම්වරුන්ට වෙනම බැංකුවක් අවශ්‍ය වන්නේ ඇයි? ( Why do Muslims need a separate bank?)

මුස්ලිම්වරුන් හට අල්-කුරානය මගින් පොළිය තහනම් කොට තිබේ. එම නිසා පොලිය සම්බන්ද සියළුම දේවල් ඔවුන්ට තහනම් වන්නේය. ඒ අනුව පොලිය ගැනීම හෝ පොලියට දීම හෝ පොලිය වෙනුවෙන් සාක්ෂි කරුවෙකු වීම හෝ පොලිය සම්බන්ද ගනුදෙනු සටහන් කිරීම තහනම් වේ. මේ නිසා  සාම්ප්‍රදායික බැංකුවල සිදු කරනු ලබන පොලිය හා සම්බන්ද ගනුදෙනු වලින් මුස්ලිම්වරුන් සම්පුර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. පොලියෙන් ඉවත්වී සිටීම සඳහා මුස්ලිම්වරුන්ට ඇති එක් විකල්පයක් වන්නේ පොලිය රහිත බැංකුවක් සොයා ගැනීම යි. නැතහොත් එම පහසුකම් ලබා දෙන සම්ප්‍රධායික බැංකුවක් සමග ගනු දෙනු සිදු කිරීම වේ. 

පොලිය තහනම් කොට ඇති කුර්ආන් වැකිය මෙසේය"පොලිය අනුභව කරන්නෝ සානත් විසින් ස්පර්ශ කරනු ලැබූ උමතුවෙකු මෙන් මිස (මරණයෙන් පසු එලොවේදී) නොනැගිටින්නෝය. වෙළඳාම පොලියට සමකිරිම මෙයට හේතුවයි. එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කළේය. කවරෙකු තම සමිඳුන්ගෙන් උපදෙස් ලැබුණු පසු පොලිය හැර දමයිද ඔහු කලින් ගත් දෙයට දඬුවම් කරනු නොලැබේ. ඔහුගේ කාර්යය අල්ලාහ් වෙතම ඇත. කව්රුන් (පොලිය දෙසට) හැරෙන්නෝද ඔවුහු නිරා වැසියෝ වෙති. ඔවුහු එහි සදාකල් සිටින්නෝය" (කුරානය 2:275). 

ඉස්ලාමීය බැංකු ආකෘතිය පදනම් වන්නේ ලාභ බෙදා ගැනීමේ මූලධර්මය මතය. එම නිසා සිදු විය හැකි පාඩුවක් ඇතොත් බැංකුව සහ පාරිභෝගිකයා විසින් බෙදා ගනු ලැබේ. මෙම  ක්‍රමය ආදායම හා ධනය වඩාත් සමානව බෙදා හැරීමට දායක වේ.

සම්ප්‍රධායික බැංකුවලින් නියමිත පොලියකට ණයක් ගත හැකි වුවත් ඉස්ලාමිය බැංකුවලින් ණයට මුදල් දෙනු ලබන්නේ නැත. ඒ වෙනුවට පරිබෝගිකයාගේ උවමනාවන් බැංකුව විසින් කලින් පැමිණි එකඟතාවයක් මත ඉටු කර දීමට කටයුතු කරන්නේය. ඉන්පසු සිදු විය හැකි ලාභ හෝ පාඩුවක් ඇතොත් බැංකුව සහ පරිබෝගිකයා අතර බෙදා ගනු ලැබේ. මේ නිසා ව්‍යාපෘතිය සමග පොලිය සම්බන්ද වන්නේ නැත.

මෙය පැහැදිලි කිරීම සඳහා සරල උදාහරනයක් ගෙන බලමු. කෙනෙකුට නිවසක් මිළදී ගැනීමට අවශ්‍ය යැයි සිතමු. එම අවස්ථාවේදී ඉස්ලාමිය බැංකුවක් කරන්නේ ඔහුගේ එම අවශ්‍යතාවය ඉටුකර දීමෙන් පසු එම නිවස වෙනුවෙන් කුලියක් නියම කිරීමයි. මෙම කුලිය ඔහු ගෙවන වාරික අනුව අඩු වන්නේයපරිබෝගිකයා නිවස වෙනුවෙන් ගෙවිය යුතු සම්පුර්ණ මුදල ගෙවා නිම කළ පසු නිවසේ සම්පුර්ණ අයිතිය ඔහු වෙත පවරා දෙනු ලබේ. තවද යම් හේතුවක් නිසා වාරික කිහිපයක් ගෙවීමට නොහැකි වීම නිසා ඒවාට අමතර පොලියක් එකතු නොකිරීම ඉස්ලාමීය බැංකුවක සහ සම්ප්‍රදායික බැංකුවක ඇති ප්‍රධාන වෙනසකි. 

ඇතැම් අය සිතන්නේ ඉස්ලාමිය බැංකු ඇති කිරීම නිසා රට ඉස්ලාමීයකරණයට ලක් වන බවයි. එහෙත් එම මතයෙහි  කිසිම පදනමක් නොමැත. මුස්ලිම්වරුන් ඉස්ලාමිය බැංකුවක පිහිට පතන්නේ ඉහතදී පෙන්වා දුන් පරිදි එය දහමේ මුලික අවශ්‍යතාවයක් වන නිසාය. 

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)