දුම්පානය සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිය (Islamic view on smoking and drugs)


ඉස්ලාම් දහම මිනිසාට අංග සම්පුර්ණ ජිවන රටාවක් පෙන්වා දී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස සිගරට් ඇතුළු මත්කුඩු ගැනත් තහනම් නියෝග ඉස්ලාම් දහම තුල පනවා තිබේ.  කෙසේ වෙතත් අල් කුරානය පහළවන යුගයේදී සිගරට් හෝ මත්කුඩු වර්ග නිෂ්පාදනය කොට තිබුනේ නැත. මේ නිසා කුරානයේ හෝ නබි වදන්වල ඒවා සම්බන්දයෙන් ඍජු ලෙස කිසිවක් සඳහන් වන්නේ නැත. එහෙත් මත්පැන් සම්බන්දයෙන් තහනම් නියෝග කුරානයේ දැකිය හැකිය. 

ඉස්ලාමිය විද්වතුන් විසින් මේ වන විට නවීන ලෝකයේ දැකිය හැකි සිගරට් සහ මත්කුඩු සම්බන්දයෙන් අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කොට ඇත. ඒ අනුව ඉස්ලාමිය විද්වතුන්ගේ ඒකමතික තීරණය වන්නේ දුම් වැටි සහ මත්කුඩු තහනම් දේවල් බවයි. එබැවින් ඒවා නිෂ්පාදනය කිරීම, වෙළඳාම කිරීම සහ ප්‍රවාහනය කිරීමද තහනම් වේ.

වර්ෂ 2000 දී ඊජිප්තුවේ ප්‍රධාන මුෆ්ති ආචාර්‍ය නස්ර් ෆරීඩ් වසීර් ලබා දී තිබෙන ෆත්වා නොහොත් ආගමික තීන්දුව වන්නේ දුම්පානය තහනම් බවයි. තවද, සුන්නි ලෝකයේ ඉස්ලාමීය ඉගෙනීමේ කේන්ද්‍රය (center of Islamic learning in the Sunni world) 2000 වර්ෂයේදී ඊට සමාන තීන්දුවක් ලබා දී ඇත. තවද, කයිරෝවේ අල්-අසාර් විශ්ව විද්‍යාලය වැනි කැපී පෙනෙන බලධාරීන් ඇතුළුව තවත් බොහෝ විද්වතුන් දුම්පානය තහනම් කොට ඇත.

මෙම කුර්ආන් වැකි අනුවද දුම් වැටී සහ මත්කුඩු තහනම් කල යුතු බව පෙනී යන්නේය. "අල්ලාහ්ගේ මගෙහි වියදම්ස කරන්න. නුඹලාගේ අත් විනාශය කරා ගෙන නොයන්න" (කුරානය 2:195).  "....අනුභව කරන්න, පානය කරන්න එහෙත් නාස්ති නොකරන්න. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන්ව ප්‍රිය නොකරන්නේය"(කුරානය7:31). 

දුම්පානය කිරීම මිනිස් සිරුරට දැඩි ලෙස බලපාන්නේය. එහි ප්‍රතිපලයන් ලෙස සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම හිරවීම ඇදුම වැනි රෝග වැළඳිය හැකිය. එය ආරම්භයක් පමණි. දිගටම දුම් පානය කරන කෙනෙකුට නියුමෝනියාව, එම්පිසීමාව පමණක් නොව පෙනහළු පිළිකාව පවා ඇතිවිය හැකිය. සංඛ්‍යා ලේකන වලට අනුව පෙනහළු පිළිකාව නිසා සිදුවන මරණ ප්‍රතිශතය 84% ක් පමණ වේ. ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දුම්වැටිවල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය වේ. ඒවායින් බොහොමයක්ම පිළිකා කාරක කාරකයන් වේ.

වෛද්‍යවරුන් පවසන අන්දමට දුම් පානය නිසා ඇතිවන ළය පිළිකාව සුවකිරීම ඉතා අපහසු කරුණක් වේ. එපමණක් නොව දුම් පානය කිරීම නිසා මධ්‍යම ස්නායු පද්ධතියට තද බල ලෙස බලපෑම් ඇති කරන්නේය. ඊට ප්‍රධාන හේතුව දුම්කොළවල අඩංගුවන නිකටින් වේ. එම නිකටින් මානසික වෙනස්කම් ඇතිකරන ඖෂධයකි. එය ඉතා කෙටි කාලයකදී මොලය වෙත ළඟා වන අතර මොලයේ ක්‍රියාකාරීත්වය ඉහළ යවන්නේය. අනතුරුව ක්‍රමක් ක්‍රමයෙන් එහි බලපෑම අඩු වන විට එය භාවිතා කළ පුද්ගලයා ද වෙහෙසට පත් වේ. එහි ප්‍රතිපලයක් ලෙස එම තැනැත්තා තව දුරටත් දුම් පානය කිරීමට පෙළඹෙන්නේය.

දුම්පානය නිසා ලය පිළිකාව පමණක් නොව හෘදය පිලිබඳ රෝග, ස්වාස නාලිකා ප්‍රදාහය (bronchitis), ආඝාතය (stroke) වැනි අතුරු සෞඛ්‍ය ගැටළු රාශියක්ම ඇති වන්නේය. තවද එමගින් කාන්තාවන්ගේ ගැබ් ගැනීම් වලට සහ පිළිසිඳගත් ළමුන්ගේ සෞඛ්‍යයට බොහෝ බලපෑම් එල්ල කරන්නේය. එපමනක් නොව බරින් අඩු ළමයින් බිහිවීමට එය ප්‍රධාන ලෙස බලපායි. කාන්තාවක් දුම්පානය නොකලත් ස්වාමි පුරුෂයා දුම් පානය කරන්නේ නම් එයින් කාන්තාවන්ට යම් තරමක බලපෑමක් ඇති කරන බව සත්‍යයකි. 

දුම් පානය කිරීම නිසා නියුමොනියාව සහ ඇඳුම වැනි රෝග උග්‍ර විය හැකිය. මේ හැරුණු විට මුකයේ විදුරුමස පිලිබඳ ආසාදන, ඇසෙ සුද, අස්ථි තුනී වීම, උකුළු ඇටයේ බිඳීම, ඔඩු සහිත වනයන් ඇතිවිම වැනි දේ සිදු විය හැකිය. වසර 1990 දී Centers for Disease Control and Prevention (CDC) කල පරියෙශනයකට අනුව දුම් පානය කරන්නන්ගේ ආයු කාලය පිරිමින්ගේ වසර 13.2 කින් සහ කාන්තාවන්ගේ එය වසර 14.5 කින්ද අඩුවන බව සොයාගෙන තිබේ. 

ඉහත කරුණු අනුව දුම්වැටි සහ මත්කුඩු මිනිස්වර්ගයාට අතිශයින්ම අහිතකර ය. ඉස්ලාම් දහම අනුව එය දහමින් තහනම් කල කරුණක් වේ. ඒ අනුව යම් කෙනෙකුගේ ජීවිතය අහිමි වීමට ඒවා බලපෑවේ නම් ඔහු සිය දිවි හානි කරගත් කෙනෙක් බවට පත් විය හැකිය. සිය දිවි හානිකර ගැනීම නිරයට යාමට හේතුවක් වේ.  


By Fasy Ajward.B.Sc (Phy.Sp) Hons. Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path
























Comments

Popular posts from this blog

සමලිංගිකත්වය පිළිබඳ ඉස්ලාමීය දැක්ම (Islamic view of homosexuality)

ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)