Posts

Showing posts from March, 2021

ඔබ නිවැරදි ආගම තෝරා ගන්නේ කෙසේද? (How do you choose the right religion?)

Image
ලෝකයේ බොහෝ ආගම් තිබේ. ඉන් සමහරක් අවුරුදු තුන්දහසකට වඩා පැරණි ය. ඇතැම් ආගම් අවුරුදු  දෙදහස් පන්සියයකට වඩා පැරණි ය. එම ආගම් අතරින් වසර එක්දහස් පන්සියක් පමණ පැරණි ලාබාලම ආගම මුහම්මද් නබි තුමාට පහළ කරන ලද ඉස්ලාම් වේ. නවීන ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන්නේද එම ආගම ය. එසේ තිබියදී ඇතැම් අය ආගමක් අදහන්නේ නැත. එහෙත් බුද්ධිමතුන්ට ආගමක් ඇදහීමට අවශ්‍ය වන කරුණු විශ්වය පුරා දැක ගත හැකිය.   මිනිසාව මවා තිබෙන්නේ දෙවියන්ව තේරුම් ගැනීමට හැකි වන පරිදි ය. ඒ අනුව මිනිසාට සෙසු ජීවින්ට සාපේක්ෂව විශාල මොලයක් සහ ඉතා ඉහල බුද්ධියක් සහජයෙන්ම ලැබී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසාට බොහෝ භාෂාවන් කතා කල හැකිය. අනෙක් ජිවින්ට වඩා දියුණු නිර්මාණයන් සිදු කල හැකිය. රසවත් පිසූ අහාර අනුභව කරන්නේ ද ඇඳුම් අඳින්නේ ද මිනිසා පමණි. තවද කොඳු නාරටිය සිරස්ව තබාගෙන ඇවිදින එකම ජීවියා මිනිසාය. මෙම කරුණු වලින් පෙන්නුම් කරන්නේ මිනිසා දෙවියන් විසින් මවා ඇති සුවිශේෂී ජීවියෙක් බවයි.  මිනිසාට උපතින්ම දෙවියන් ගැන හැඟීමක් ලැබී තිබේ. මේ නිසා ඕනෑම ප්‍රශ්නයකදී මිනිසා උඩ සිටින දෙවියන්ට ආමන්ත්‍රණය කක්රන්නේය. කෙසේ වෙතත් මිනිසාට පැ...

"නිවැරදි දහමක නිර්ණායකයන්" සහ "පිවිතුරු ඉස්ලාම් දහම"

Image
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් ද ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් පුස්තකාල පොතක් වශයෙන්ද ද නිර්දේශ කොට ඇත. කාලීන මාතෘකා රැසක් මෙම ග්‍රන්ථ දෙක මගින් ආවරණය කරන්නේය. එබැවින් එම ග්‍රන්ථ දෙක මුස්ලිම් මෙන්ම මුස්ලිම් නොවන උදවියට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.  කතෘ: එම. එෆ්. අජ්වාඩ් (ශ්‍රී ජයවර්ධනපුර සහ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු භෞතිකවිද්‍යා කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා විද්‍යාත්මක සහ කාර්මික පර්යේෂණායතනයේ හිටපු පර්යේෂණ නිලධාරී) මෙම ග්‍රන්ථයන් ලබාගත හැකි ස්ථානය: ඉස්ලාමික් බුක් හවුස්, 77 දෙමටගොඩ පාර, මරදාන. ටෙලිපොන්. 011 2684851 සහ 011 2669197 හෝ 077-0111290, 071-2131968 යන අංකවලට අමතා තැපෑලෙන් ද ලබා ගත හැකිය. තැපැල් ගාස්තු අයකරනු ලැබේ. මිලගනන්: නිවැරදි දහමක නිර්ණායකයන් රු. 590.00 (පිටු 358) සහ පිවිතුරු ඉස්ලාම් දහම රු. 675.00 (පිටු 394).

මිනිසාට ආගමක් අවශ්‍ය ඇයි? (Why does man need a religion?)

Image
මිනිසාට, මිනිසාගේ මැවුම්කරු ගැන දැනගැනීමට ආගමක් අවශ්‍ය ය. එහෙත් එම ආගම දෙවියන්ගෙන් පහළ වූ නිවැරදි එකක් විය යුතුය. ආගමක් නැති කෙනෙකුගේ මුලික පරමාර්ථය ලෞකික ජීවිතය සතුටින් ගත කිරීම ය.  කෙසේ වෙතත් නිරාගමිකයින් ලෞකික ජිවිතය තුල විශාල රැවටීමකට ලක් වේ. ඔවුන් මොන දේ කලත් මැරෙන විට කිසිම දෙයක් ගෙනයන්නේ නැත. බොහෝ අයගේ ලෞකික ජීවිතය ගෙවී යන්නේ එකිනෙකා අතර පුරසාරම් දෙඩවීමෙනුත් තම දරුවන් ගැන පම්පෝරි ගැසීමෙනුත් තම වස්තුව බලා සතුටු වීමෙනුත් ය. එහෙත් එය සැමදාම නොපවතින බව මැරෙන මොහොතේදී දැක ගන්නේ ය. ලෞකික ජීවිතය මුලාවක් මිස වෙන දෙයක් නොවන බව තේරුම් ගන්නේ එවිට ය. මිනිසා මේ ලෝකයේ ජිවත් වන්නේ ටික කාලයක් පමණි. එහෙත් මරණයෙන් පසු නිමක් නැති ජිවිතයක් තිබේ. එම ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වන්නේ මේ ලෝකයේදී ඊට සුදානම් වුවහොත් පමණි. ඒ සඳහා දෙවියන් පහල කරන ලද නිවැරදි දහමක් පිලිපැදිය යුතු ය. සෑම ආගමකින්ම දෙවියන් ගැන පවසා තිබේ. එහෙත් බොහෝ ආගම්වල දේව සංකල්පය වෙනස් කොට තිබේ. ඒ අනුව බොහෝ අය අදහන්නේ දෙවියන් වෙනුවට මිනිසා විසින් නිර්මාණය කල දේව රූප වලටත් පිළිම වලටත් ය. එවැනි දෙයකට වැඳීමට වඩා නිරාගමිකයෙකු වශයෙන්...

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)

Image
අල් කුරානය පෙන්වා දෙන පරිදි ලෞකික ජීවිතය තාවකාලික සතුටක් පමණි. කෙසේ වෙතත් ඇතැම් අය ජිවත් වන්නේ මරණයක් නැතැයි සිතාගෙන ය. ඔවුන් එසේ සිතුවත් ලෝකයේ සිටින ධන කුවේරයින් පවා හිස් අතින් මිය යන්නේය. ඔවුන් යන විට කිසිම දෙයක් ගෙන යන්නේ නැත. එසේ නම් නොකා නොබී කිසිවෙකුට නොදී වස්තුව පොදි ගසන්නේ කුමක් සඳහාද?  ඇත්ත වශයෙන්ම කොතරම් තිබුනත් කෙනෙකුට අයත් වන්නේ ඔහු කෑමට කල වියදමත්, වස්ත්‍ර වෙනුවෙන් කල වියදමත් පින් දහම් වෙනුවෙන් කල වියදමත් පමණි. ඒ හැර අනෙක් සෑම දෙයක්ම ඔහු ඉතිරිකර හිස් අතින් අවසන් ගමන් යන්නේය. ඔහු ගෙන යන්නේ තමන් කල හොඳ හෝ නරක පමණි. ඒ අනුව ඔහු ජිවතුන් අතර සිටියදී කළේ නාගයෙකු මැණිකක් රකිනා සේ තම වස්තුව වෙනත් කෙනෙකු වෙනුවෙන් රැක ගැනීම ය. සාරාංශයක් ලෙස ලෞකික ජීවිතය අල් කුරානයෙන් මෙලෙස විස්තර කොට ඇත.  "මෙලෝ ජීවිතය විනොදයක්ද, නිෂ්පල දෙයක්ද, අලංකාරයද, නුඹලා අතර අහංකාරකම පෙන්වා ගැනීමද, සම්පත් හා දරුවන්ව අධික කරගැනීමද හැර වෙන දෙයක් නොවේ"  (කුරානය 57:20).  මරණය සැබෑවකි. කිසිවෙකුට ඉන් ගැලවුමක් නැත. ජිවත්වන ටික කාලය තුලදී දෙවියන් පෙන්වා දුන් මාර්ගය පිළිපැද්දේ නම් මරණයෙන් පසු උදාවන සැ...

ඉස්ලාමය මත්ද්‍රව්‍ය තහනම් කරන්නේ ඇයි? (Why does Islam ban drugs?)

Image
සෑම දෙයක්ම නීති පැනවිමෙන්ම කල නොහැකි බව කියා පෑමට ඉස්ලාම් දහම හොඳ උදාහරණයකි. ඉස්ලාම් දහම පහළ වන යුගයේ ජිවත් වූ ජනතාව මත්පැන් වලට අධික ලෙස ඇබ්බැහි වී සිටියෝය. එහෙත් එම තත්වය වෙනස් කරනු ලැබුවේ කුරානයේ පහළ වූ වැකි දෙක තුනකින් පමණි. කෙසේ වෙතත් මත්පැන් පානය කිරීම සම්බන්දයෙන් අල් කුරානය තුල දඬුවම් නියම කොට නැත. එසේ තිබියදීත් මුස්ලිම්වරුන්ගෙන් ඉතා සුළු පිරිසක් හැරුණු විට අති බහුතරය මත්පැන් වලින් සහ මත්කුඩු වලින් වැලකී සිටීම දැකිය හැකිය. මීට ප්‍රධාන හේතුව කුරානයෙන් පෙන්වා දී ඇති නිසි මග පෙන්වීම වේ. කෙසේ වෙතත් ජන මාධ්‍යවලින් කරන්නේ ෂරියා නීතිය ගැන වැරදි චිත්‍රයක් මවා පෑමට උත්සාහ කිරීමයි. ඒ අනුව ඔවුන් කරන්නේ නොමග ගිය යම් මුස්ලිම්වරුන් ඇතොත් ඔවුන්ගේ වැරදි ජන මාධ්‍ය වලින් ප්‍රචාරය කරමින් ඒවා ඉස්ලාම් දහම ලෙස පෙන්වීමට උත්සාහ කිරීමයි.  ෂරියා නිතිය අනුව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඒවා ප්‍රවාහනය කිරීම මෙන්ම වෙළඳාම තහනම් වේ. එබැවින් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම ෂරියා නීතියෙන් අනුමත කරන්නේ නැත. බොහෝ ඉස්ලාමීය විද්වතුන්ගේ මතය අනුව දුම් වැටිද ඊට ඇතුලත් වේ. එසේ තිබියදීත් මුස්ලිම්වරයෙක් එම වැරදි කරන්නේ නම්...

විශ්වය ආරම්භ වූයේ කෙසේද? (How did the universe begin?)

Image
ඈත අතීතයේදී, විශ්වය සදහටම පැවති දෙයක් බව විශ්වාස කළහ. එසේ තිබියදී, හබල් දුරේක්ෂය නිර්මාණය කිරීමෙන් පසු සිදු කරන ලද පර්යේෂණ ඇසුරෙන් විශ්වය ප්‍රසාරණය වන බව සොයාගන්නා ලදී. එම පර්යේෂණයට අනුව විශ්වය යම් ලක්ෂයකින් ආරම්භ විය යුතු බව තේරුම් ගත් විද්ඥයින් එය විශ්වයේ ආරම්භක අවස්ථාව ලෙස නිගමනය කළහ. කෙසේ වෙතත් එම ආරම්භක අවස්ථාව කෙසේ නිර්මාණය වුයේදැයි මෙතෙක් සොයාගෙන නැත. මෙහිදී සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ, හබල් දුරේක්ෂය නිපදවීමට පෙර විශ්වයේ ප්‍රසාරණය ගැන කුරානයේ සඳහන් කොට තිබීම ගැනය. ඒ අනුව හබල් දුරේක්ෂයෙන් කෙරුනේ කුරානයේ ඇති කරුණක් නැවත තහවුරු කිරීමක් පමණි. විශ්වය ප්‍රසාරණය වන බව සොයාගැනීමෙන් පසු "මහා පිපිරුම් වාදය" ඉදිරිපත් කරනු ලැබිය. එම වාදයෙන් එක් ලක්ෂයක් තුල කේන්ද්‍ර ගතවී තිබුණු ශක්තිය පුපුරා යාමෙන් විශ්වය බිහිවූ බව පමණක් ඉදිරිපත් කිරීමට හැකි විය. එහෙත් එම ශක්තිය ඇතිවූ අකාරය මෙතෙක් සොයාගෙන නැත. මෙම කරුණ මහාචාර්ය ජෝසෆ් සිල්ක් මහතා "The Big Bang" යන ඔහුගේ කෘතිය තුලින් ඉදිරිපත් කොට තිබේ.  එසේ තිබියදී, 21ක් වන සියවසේ ජීවත්වූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විද්‍යාඥයෙකු වන ස්ටෙෆ...

ඉස්ලාමයේ ත්‍රස්තවාදය තිබිය හැකිද? (Can there be terrorism in Islam?)

Image
ත්‍රස්තවාදය යනු මිනිසුන්ට හෝ පවතින රජයකට එරෙහිව සිදු කරනු ලබන්නාවූ නීති විරෝධී ප්‍රචණ්ඩත්වයකි. එහෙත් නබිතුමා පවසා ඇති අන්දමට පවතින රජයකට විරුද්ධව නැගී සිටීම වරදකි. "තම පාලකයා විසින් කරන ලද දෙයක් අනුමත නොකරන්නේ නම් ඔහු ඉවසීමෙන් එය දරා ගත යුතුය, ඇයිද යත් යම් කෙනෙක් තම පාලකයාගෙන් වියතක් තරම් දුරක් වෙන්වී සිටියදී මියගියේ නම් ඔහු ඉස්ලාමයට පෙර පැවති අවිචාරවත් යුගයට අයත් කෙනෙකු ලෙස මිය යනු ඇත" ( ඉබිද් ). අල් කුරානයෙන් ද මුස්ලිම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ එකමුතුව ජිවත් වන ලෙසට යි. මේ නිසා මුස්ලිම්වරුන් තම නායකයාට විරුද්ධව නැගී සිටීම වරදකි. අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව කිසිම ආත්මයක් ඝාතනය කල නොහැකිය. එවැනි දෙයක් කිරීම මුළු මහත් මිනිස් වර්ගයාවම ඝාතනය කලාට සමාන වේ. "කව්රුන් හෝ තවත් ආත්මයක් ඝාතනය කිරීමට දඬුවම් වශයෙන් හෝ නැතහොත් භුමියෙහි විශාල කලබලයක් වැළැක්වීමට හෝ මිස (අයුක්ති සහගතව කෙනෙක්ව) ඝාතනය කරන්නේද ඔහු මිනිසුන් සියල්ලෝම ඝාතනය කළාට සමාන වන්නේය. තවද එක් ආත්මයක් ජිවත් කරවීම මිනිසුන් සියල්ලෝම ජිවත් කරවීමට සමාන වන්නේය" (කුරානය 5:32). මෙවැනි වගන්තියක් කුරානයේ තිබ...

ඉස්ලාමයේ නිකායික බෙදීම් තිබිය හැකිද? (Can there be sectarian divisions in Islam?)

Image
අල් කුරානයට අනුව ඉස්ලාම් දහමේ නිකායික බෙදීම් ඇති කිරීම වරදකි. කුරානය මෙසේ පවසයි:  "නියත වශයෙන්ම කව්රුන් හෝ තම දහම කොටස් වලට බෙදා නිකායන් ඇති කරයිද ඔවුන් විෂයෙහි ඔබගේ කිසිම සම්බන්දයක් නැත. ඔවුන්ගේ විෂය අල්ලාහ් වෙතම පැවරෙන්නේය. ඔවුන් කරමින් සිටි දේ පිළිබඳව ඔවුනට ඔහු (අල්ලාහ්) පසුව දැනුම් දෙනු ලැබේ"  (කුරානය 6:159). අල් කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වෙයි.  "නුඹලා සියලුදෙනාම (කුරානය නැමති) අල්ලාහ්ගේ කඹය තදින් අල්ලාගනු නුඹලා වෙන් නොවනු"  (කුරානය 3:103). මුස්ලිම්වරුන්ගේ සමගිය දැකිය හැක්කේ ඉස්ලාම් දහමේ ස්වර්ණමය යුගය පැවති නබිතුමා ජිවතුන් අතර සිටි කාලයේ සහ ඔහුගෙන් පසු පැමිණි කලීෆා වරුන් සිව් දෙනාගේ සමයේදීය. කුරානය එසේ පවසා තිබුනත් මුස්ලිම්වරුන් කණ්ඩායම් 73 කට බෙදෙන බව නබිතුමා කලින්ම දැන සිටියේය. ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් හැර අන් සියලුම කණ්ඩායම් නිරයට යන බව නබිතුමා දැනුම් දුන්නේය. එවිට සහාබාවරුන් එම ස්වර්ගයට යන කණ්ඩායම කව්රුන් දැයි නබි තුමාගෙන් විමසා ඇති අතර නබිතුමා පවසා තිබෙන්නේ ඔහු සහ ඔහුගේ සහාබාවරුන් එදා සිටි අකාරයට ඉස්ලාම් දහම පිලි පදින අය බවයි (තිර්මිසි, ඉබ්නු මාජා, අබු ...