ඔබ නිවැරදි ආගම තෝරා ගන්නේ කෙසේද? (How do you choose the right religion?)
ලෝකයේ බොහෝ ආගම් තිබේ. ඉන් සමහරක් අවුරුදු තුන්දහසකට වඩා පැරණි ය. ඇතැම් ආගම් අවුරුදු දෙදහස් පන්සියයකට වඩා පැරණි ය. එම ආගම් අතරින් වසර එක්දහස් පන්සියක් පමණ පැරණි ලාබාලම ආගම මුහම්මද් නබි තුමාට පහළ කරන ලද ඉස්ලාම් වේ. නවීන ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන්නේද එම ආගම ය. එසේ තිබියදී ඇතැම් අය ආගමක් අදහන්නේ නැත. එහෙත් බුද්ධිමතුන්ට ආගමක් ඇදහීමට අවශ්‍ය වන කරුණු විශ්වය පුරා දැක ගත හැකිය.
මිනිසාව මවා තිබෙන්නේ දෙවියන්ව තේරුම් ගැනීමට හැකි වන පරිදි ය. ඒ අනුව මිනිසාට සෙසු ජීවින්ට සාපේක්ෂව විශාල මොලයක් සහ ඉතා ඉහල බුද්ධියක් සහජයෙන්ම ලැබී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසාට බොහෝ භාෂාවන් කතා කල හැකිය. අනෙක් ජිවින්ට වඩා දියුණු නිර්මාණයන් සිදු කල හැකිය. රසවත් පිසූ අහාර අනුභව කරන්නේ ද ඇඳුම් අඳින්නේ ද මිනිසා පමණි. තවද කොඳු නාරටිය සිරස්ව තබාගෙන ඇවිදින එකම ජීවියා මිනිසාය. මෙම කරුණු වලින් පෙන්නුම් කරන්නේ මිනිසා දෙවියන් විසින් මවා ඇති සුවිශේෂී ජීවියෙක් බවයි.
මිනිසාට උපතින්ම දෙවියන් ගැන හැඟීමක් ලැබී තිබේ. මේ නිසා ඕනෑම ප්‍රශ්නයකදී මිනිසා උඩ සිටින දෙවියන්ට ආමන්ත්‍රණය කක්රන්නේය. කෙසේ වෙතත් මිනිසාට පැවරී ඇති වගකීම වන්නේ දෙවියන්ව නිවැරදිව හඳුනාගෙන ඔහුට පමණක් නමදිම ය. එය කල හැකි වන්නේ දෙවියන් පහළ කරන ලද නිවැරදි දහමක් ඇසුරෙන් ම පමණි. එහෙත් අද ලෝකයේ දක්නට තිබෙන ආගම් ඒවා පහළ වූ අකාරයටම තිබේ දැයි ප්‍රශ්නයක් තිබේ. මේ නිසා නිවැරදි දහමක් සොයා දැනගැනීමට මිනිසා උත්සාහ කල යුතුව ඇත.
බොහෝ ආගම් ඒවා දේශනා කල සාස්තෘ වරුන්ගේ අභාවයෙන් පසු වෙනස්කම් වලට භාජනය වී තිබේ. ඇතැම් ආගම් ඒවා පහළ වූ භාෂාවෙන් ද දැකිය නොහැකිය. තවත් සමහර ආගම්වල බොහෝ අනුවාද තිබේ. ඒ අනුව නිවැරදි අනුවාදය තෝරා ගැනීම ගැටළු සහගත ය. එසේම ඇතැම් ආගම්වල දේව සංකල්පය ගැටළු සහගත ය. ඇතැම් ආගම්වල දේව සංකල්පයක් ඇත්තෙම නැත. මේ හේතුවෙන් නිවැරදි ආගම කුමක්දැයි දැනගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය.
- තමන් අදහන ආගම එය පහළ වූ මුල් භාෂාවෙන්ම තිබිය යුතුය. එසේ නොවන විට එම ආගම මුල් තත්වයෙන් වෙනස් විය හැකිය.
- තමන් අදහන ආගම මුල් අවස්ථාවෙන් කිසිම වෙනසකට භාජනය නොවූ බව තහවුරු කර ගත යුතුය.
- ආගම තුලට මිනිසාගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි කොටස් එකතු වීමක් හෝ අඩුකිරිමක් සිදු නොවී තිබිය යුතුය. එනම් ඒ ආගම කාලෙන් කාලෙට සංශෝදන වලට ලක් නොවී තිබිය යුතුය.
- ආගම තුල පරස්පරතාවයන් නොතිබිය යුතුය.
- ආගම තුල ඇති නීති යල් පැනගිය ඒවා නොවිය යුතුය. එසේ වුයේ නම් ඉන් පෙන්නුම් කරන්නේ එම ආගම අද යුගයට නොගැලපෙන බවයි.
- ආගම තුල අවිද්‍යාත්මක කරුණු කිසිවක් නොතිබිය යුතුය. එසේ වූ විට එය දේව දහමක් විය නොහැකිය.
- තමන් අදහන ආගම තුලින් දෙවියන් පිලිබඳ නිවැරදි අර්ථදැක්වීම දැනගැනීමට හැකි විය යුතුය. එසේ නොවුයේ නම් ආගමකින් බලාපොරොත්තු වන මුලික අවශ්‍යතාවය ඉටු වන්නේ නැත.
- තමන් අදහන ආගමින් මිනිස් ජිවිතයේ නිවැරදි අරමුණ සහ එය අත්කර ගත හැකි මාර්ගය නිවැරදිව පෙන්වා දිය යුතුය.
මෙම කරුණු සියල්ලම සම්පුර්ණ කරන එකම ආගමික ග්‍රන්ථය අල් කුරානය වේ. එය අදටත් කිසිම වෙනසකට ලක් වී නැත. තවද එය පහළ වූ අරාබි භාෂාවෙන්ම අදටත් ආරක්ෂා වී තිබේ. එහි කිසිම පරස්පරතාවයක් හෝ වැරැද්දක් සොයාගෙන නැත. එසේම එහි දෙවියන් පිලිබඳ අර්ථ දැක්වීම පැහැදිලිව සඳහන් කොට තිබේ.
මිනිසාට අනෙක් ජිවින්ට වඩා බුද්ධියක් ලැබී තිබුනත් ඇතැම් අය ආගමක් අදහන්නේ නැත. තවත් සමහරු සත්‍ය දෙවියන් වෙනුවට තමන්ම නිර්මාණය කල දේව රුප වලට වැඳුම් පිදුම් කරන්නේය. ඇතැම් අය සාස්තෘ වරුන්ගේ පිළිම වලට නැමදුම් කරන්නේය. එහෙත් ඒවා කිසිවකින් මිනිසාව මැව්වේ නැත. අනෙක් අතට ඒවා නඩත්තු කල යුත්තේ මිනිසා විසින්ම ය. මේ හේතුවෙන් මිනිසා දෙමව්පියන්ගෙන් උරුම වන කවර හෝ ආගමක් අන්දානුකරණය කිරීම සුදුසු නොවේ.
By Fasy Ajward.B.Sc(Physics.Special) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path
Comments
Post a Comment