ඉස්ලාමයේ ත්‍රස්තවාදය තිබිය හැකිද? (Can there be terrorism in Islam?)


ත්‍රස්තවාදය යනු මිනිසුන්ට හෝ පවතින රජයකට එරෙහිව සිදු කරනු ලබන්නාවූ නීති විරෝධී ප්‍රචණ්ඩත්වයකි. එහෙත් නබිතුමා පවසා ඇති අන්දමට පවතින රජයකට විරුද්ධව නැගී සිටීම වරදකි. "තම පාලකයා විසින් කරන ලද දෙයක් අනුමත නොකරන්නේ නම් ඔහු ඉවසීමෙන් එය දරා ගත යුතුය, ඇයිද යත් යම් කෙනෙක් තම පාලකයාගෙන් වියතක් තරම් දුරක් වෙන්වී සිටියදී මියගියේ නම් ඔහු ඉස්ලාමයට පෙර පැවති අවිචාරවත් යුගයට අයත් කෙනෙකු ලෙස මිය යනු ඇත" (ඉබිද්). අල් කුරානයෙන් ද මුස්ලිම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ එකමුතුව ජිවත් වන ලෙසට යි. මේ නිසා මුස්ලිම්වරුන් තම නායකයාට විරුද්ධව නැගී සිටීම වරදකි.

අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව කිසිම ආත්මයක් ඝාතනය කල නොහැකිය. එවැනි දෙයක් කිරීම මුළු මහත් මිනිස් වර්ගයාවම ඝාතනය කලාට සමාන වේ.

"කව්රුන් හෝ තවත් ආත්මයක් ඝාතනය කිරීමට දඬුවම් වශයෙන් හෝ නැතහොත් භුමියෙහි විශාල කලබලයක් වැළැක්වීමට හෝ මිස (අයුක්ති සහගතව කෙනෙක්ව) ඝාතනය කරන්නේද ඔහු මිනිසුන් සියල්ලෝම ඝාතනය කළාට සමාන වන්නේය. තවද එක් ආත්මයක් ජිවත් කරවීම මිනිසුන් සියල්ලෝම ජිවත් කරවීමට සමාන වන්නේය" (කුරානය 5:32).

මෙවැනි වගන්තියක් කුරානයේ තිබියදී සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදී අදහස් දරනවා යැයි සැක කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකිය. එය ඉස්ලාම් දහමට කරන බලවත් නිගාවක් ද වේ. තවද මුස්ලිම්වරුන් දෙදෙනෙකු හමු වූ විට ආචාර කරන්නේද "සාමය අත්වේවා" යනුවෙනි. එසේ තිබියදී ඉස්ලාම් දහමින් ත්‍රස්තවාදය අනුමත කරයිද?

ත්‍රස්තවාදය බිහි වන්නේ අල් කුරානය පහළ වී සියවස් ගණනාවක් ගිය පසුවයි. ඒ අනුව කුරානයේ නැති ත්‍රස්තවාදයක් ඉස්ලාම් දහම අනුමත කරයිද? ඉස්ලාම් දහම ගැන යම්තම් හෝ දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට එය තේරුම් ගත හැකි විය යුතුය. ඇයිද යත් කුරානයේ හෝ නබිතුමා සඳහන් නොකළ කිසිම දෙයක් ඉස්ලාම් නොවන බව ඕනෑම කෙනෙකු දන්නා දෙයක් නිසාය. 

කෙසේ වෙතත් මුස්ලිම්වරුන් අතර ත්‍රස්තවාදී කණ්ඩායම් සිටින බව යම් කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. එසේ අසන අය තේරුම් ගත යුත්තේ ඉස්ලාම් සහ මුස්ලිම් යනු දෙකක් බවයි. ඒ අනුව මුස්ලිම්වරුන් කරන දේවල් සියල්ලම ඉස්ලාම් නොවේ. එහෙත් සෑම මුස්ලිම්වරයෙකුම ඉස්ලාම් බක්තිකයින් වේ. මින් තේරුම් ගත යුත්තේ යම් කෙනෙක් මුස්ලිම් වූ පමණින් ඔහු කරන දේවල් ඉස්ලාම් නොවන බවයි. මේ නිසා මුස්ලිම්වරයෙකු ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ නම් ඔහු ඉස්ලාම් දහම අනුවත් රටේ නීතිය අනුවත් වරදක් කරන්නේය. එවැනි අයට දඬුවම් කල යුතුය. 

ත්‍රස්තවාදීන් සිටින්නේ මුස්ලිම්වරුන් අතර පමණක් නොවේ. එය සෑම ආගමිකයින් අතරම දැකිය හැකිය. එම නිසා යම් මුස්ලිම් කණ්ඩායමක් ත්‍රස්තවාදී කටයුතු කල පමණින් සමත්ත මුස්ලිම් ජාතියටම දොස් පැවරීම විශාල වරදකි. ඇමරිකාවේ සිදුකරන ලද සංගණනයටකට අනුව ඇමරිකාව තුල සිදුවුණු ත්‍රස්තවාදී කටයුතුවල මුස්ලිම්වරුන්ගේ සහබාගිත්වය 6% කි. ඉතිරි 94% ම මුස්ලිම් නොවන ත්‍රස්තවාදී සංවිදාන විසින් සිදු කල ඒවාය. එහෙත් ජනමාධ්‍ය කරන්නේ යම් ත්‍රස්තවාදී සිදු වූ වහාම එය මුස්ලිම් ත්‍රස්තවාදීන් යැයි සැක කරන බවයි. එහෙත් එවැනි ප්‍රකාශයක් කරන්නේ කිසිම සාක්ෂියක් වත් නැතුව වේ. මෙය ජන මාධ්‍ය කරුවන් කරන ලොකු වැරැද්දකි.

පළමු සහ දෙවන ලෝක යුද්ධයන් සිදු කරනු ලැබුවේ මුස්ලිම්වරුන් නොවේ. එම යුද්ධ දෙකින් අහිංසක ජිවිත සහ දේපල විශාල ප්‍රමාණයක් විනාශ විය. එම විනාශය ත්‍රස්තවාදීන් කරන විනාශයට වඩා අතිශයින්ම විශාලය. පළමු ලෝක යුද්ධයේදී පමණක් මිනිස් ජිවිත 37,000,000 (මිලියන තිස් හතක්) නැති විය. දෙවන ලෝක යුද්ධයේ දී එම සංක්‍යාව 48,231,700 දක්වා වැඩි විය. කිතුනු දහමට සම්බන්ද හිර්ලර් විසින් පමණක් මිලියන දෙකක් පමණ යුදෙව්වන් ඝාතනය කරන ලදී. එසේ තිබියදී කිතුනු දහම ත්‍රස්තවාදී දහමක් ලෙස නම් කරන්නේ නැත.

ඇමරිකාවේ සිදුවූ 9/11 සිද්ධිය මුස්ලිම්වරුන් විසින් සිදු කල බවට තවමත් උසාවියකින් තීන්දු කොට නොමැත. තවද එය ඇමරිකාවේ අභ්‍යන්තර ක්‍රියාවක් බවට බොහෝ ඉංජිනේරුවන් සැක පල කරති. එසේ තිබියදීත් එම ප්‍රහාරය සිදු කලේ මුස්ලිම්වරුන් බවට සාවද්‍ය චෝදනා සිදු කරමින් ඇෆ්ගනිස්ථානය ඇතුළු තවත් ඉස්ලාමිය රටවල් විනාශ කොට ඇත. 

ලෝකයේ ඇති බොහෝ ත්‍රස්තවාදී සංවිදාන නම් කොට ඇත්තේ එම ත්‍රස්තවාදීන් අදහන දහම්වල නමින් නොවේ. එහෙත් මුස්ලිම්වරුන් සම්බන්ද වන ත්‍රස්තවාදී සංවිදාන පමණක් ඉස්ලාම් දහම සමග සම්බන්ද කොට තිබේ. එය හෙලා දැකිය යුතු කරුණකි.

මේ නිසා ඉස්ලාම් දහම ගැන නිවැරදි අවබෝදයක් ගැනීමට නම් එම දහම නිවැරදිව හැදෑරිය යුතුය. එවිට ඉස්ලාම් දහම ගැන තමන්ටම නිගමනයක් ගැනීමට හැකි වනු ඇත.

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)