අල් - කුර්ආනය ලෞකික ජීවිතය විස්තර කරන්නේ කෙසේද? (How does the Quran describe worldly life?)
ඇත්ත වශයෙන්ම ලෞකික ජීවිතය මායාවකි. එහෙත් බොහෝ අය එය දකින්නේ සැබෑවක් ලෙසය. ලෝකයේ සිටින ලොකුම ධනවතාත් යම් දවසක ඔහු සතු සියලුම දේවල් අතහැර මිය යන්නේය. ඔහු මිය යන විට ඒවා කිසිවක් ගෙන යන්නේ නැත. එසේ නම් ඒවාට ඇනුම් කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඇත්ත වශයෙන්ම ඔහුගේ ධනයෙන් ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ඔහු අනුභව කල දේවල්ද, ඔහු අඳින ලද වස්ත්‍රද, ඔහු කල හොඳ හෝ නරක දේවල් ද පමණි. අනෙක් සෑම දෙයකටම ඔහු තාවකාලික භාර කාරයෙක් වුවා පමණි. එම සත්‍යය ඉතා කෙටියෙන් අල් කුරානය මෙසේ පවසා ඇත. "මෙලෝ ජීවිතය විනොදයක්ද, නිෂ්පල දෙයක්ද, අලංකාරයද, නුඹලා අතර අහංකාරකම පෙන්වා ගැනීමද, සම්පත් හා දරුවන්ව අධික කරගැනීමද, වේයැයි දැනගන්න" (කුරානය 57:20). මිනිසා තාවකාලික සතුට වෙනුවෙන් අධිකව වස්තුව පොදි ගසන්නේය. ජිවත්ව සිටියදී ඉන් යමක් තවත් කෙනෙකුට දී පිනක් කර ගන්නේ කී දෙනෙක්ද? එසේ කර තිබුනේ නම් එය ඔහුගේ එලොව ගිණුමට බැරවනු ඇත. අල් කුරානය එම සත්‍යය මෙසේ විස්ටර කරන්නේය. "සෑම ආත්මයක්ම මරණය අත් විඳිය යුතුමය! නුඹලාට අයත් කුලිය එලොවදී පූර්ණව දෙනු ලබන්නේය. කවරෙක් නිරයෙන් ඈත් කරනු ලැබ ස්වර්ගයට ඇතුලත් කරනු ලබයිද ජයග්‍රාහකයා ඔහුය. මෙලෝ ජීවිතය රවටන සැපතක් මිස වෙන කිසිවක් නොවේ" (කුරානය 3:185).
මරණයෙන් මතු ජීවිතය සදාකාලිකය. ඇත්ත වශයෙන්ම කෙනෙක් හම්බ කරන්නේ නම් හම්බ කල යුත්තේ එම ලෝකයට ගෙන යාම සඳහාය. එහෙත් ලෞකික ජීවිතය මයා කාරියක් ලෙස එම සත්‍යය අපගෙන් වසම් කොට තිබේ. එහෙත් කුරානය අපට එය පැහැදිලිව පවසා තිබේ. "මෙලෝ ජීවිතය නිෂ්පල දෙයක්ද විනෝදයක්ද හැර වෙන නැත. ඔවුන් දැන ගන්නේ නම් නියත වශයෙන්ම එලෝ නිවසම ස්ථිර ජීවිතය වේ" (කුරානය 29:64). තවත් තැනක මෙසේ දැක්වේ. "මෙලෝ ජීවිතය සෙල්ලමක්ද, විනෝදයක්ද මිස වෙන දෙයක් නොවේ. එහෙහ් එලෝ නිවස (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරන්නන්ට වඩාත් හොඳ වේ. නුඹලා (එය) අවබෝද කර නොගන්නේහුද?" (කුරානය 6:32).
බොහෝ අයට කොපමණ කීවත් සත්‍යය වැටහෙන්නේ නැත. එබැවින් ඔවුන් ක්‍රියා කරන්නේ අන්දයින් හැටියටය. කෙසේ වෙතත් මරණය දකින විට ඔවුන් සත්‍යය තේරුම් ගන්නේය. ඔවුන් ගැන කුරානය මෙසේ පවසයි: "කවරෙක් මාගේ උපදේශය ඉවතලන්නේද නියතවශයෙන්ම ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද, අපි ඔහුව විනිශ්චය දිනයේදී අන්දයෙකු ලෙස නැගිටවන්නෙමු" (කුරානය 20:124). සත්‍යය දුටු පසු ඔවුන් මෙසේ පවසනු ඇත. "මාගේ සමිඳුනි! පෙනුම ඇත්තෙකුව සිටි මාව අන්දයෙකු ලෙස නැගිට්ටෙව්වේ ඇයි?" (කුරානය 20:125). එවිට මෙම පිළිතුර ඔවුන්ට ලැබෙනු ඇත. "එලෙසම, අපගේ වැකි නුඹ වෙත පැමිණියේය. ඒවා නුඹ නොසලකා හැරියේය. මේ අන්දමට අද දින නුඹද නොසලකා හැර ඇතැයි (අල්ලාහ්) පවසන්නේය" (කුරානය 20:126). තවද, "සීමාව ඉක්මවා තම සමිඳුන්ගේ වදන් විශ්වාස නොකළේද, ඔහුට අපි එලෙසින්ම කුලිය ලබා දෙන්නෙමු. තවද, එලොවෙහි දඬුවම වඩාත් දැඩිද ස්ථිරද වේ" (කුරානය 20:127).
ඇත්ත වශයෙන්ම මෙලොව ජීවිතය මතු ජීවිතය සමග සැසඳීමේදී ගණන් ගත නොහැකි තරම් කෙටි එකකි. එය සාගරයේ ඉදිකට්ටක් ඔබා එලියට ගත්විට රැඳෙන ජලයේ තරම්වත් නැත. එහෙත් මයා කාරී ලෝකය එය විශාල කොට පෙන්වා අපව රවටාගෙන ඇත. කෙසේ වෙතත් අප ජිවත් වුයේ මායාවක බව තේරුම් ගන්නා දිනය වැඩි ඇතක නොවේ. මිනිසාගේ ප්‍රාණය අත්පත් කරගෙන යාම සඳහා නියමිත දේවදුතයින් පැමිණි විගස අපගේ ඇස්වලට දමා තිබුණු තිරය ඉවත් කරනු ඇත. එවිට අප එතෙක් කල් සිටියේ රැවටිමක බව් ප්‍රත්‍යක්ෂක වනු ඇත. එවිට තවත් මොහොතක් දෙන මෙන් මිනිසා අයාචනා කරන බව කුරානය පවසන්නේය. එහෙත් කෙනෙකුගේ අවසාන මොහොත ලඟා වූ පසු මොහොතක් හෝ එය දීර්ඝ කරන්නේ නැති බව කුරානය පවසයි. ඉතින් මිනිසාට සිදු වන්නේ ඔහු ජිවිත කාලය පුරා වපුරපු දේවල් වල පල නෙලා ගැනීමට මිස වෙන දෙයක් නොවේ. .
By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://w:ww.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
https://w:ww.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment