මිනිසාට ආගමක් අවශ්‍ය ඇයි? (Why does man need a religion?)


මිනිසාට, මිනිසාගේ මැවුම්කරු ගැන දැනගැනීමට ආගමක් අවශ්‍ය ය. එහෙත් එම ආගම දෙවියන්ගෙන් පහළ වූ නිවැරදි එකක් විය යුතුය. ආගමක් නැති කෙනෙකුගේ මුලික පරමාර්ථය ලෞකික ජීවිතය සතුටින් ගත කිරීම ය.  කෙසේ වෙතත් නිරාගමිකයින් ලෞකික ජිවිතය තුල විශාල රැවටීමකට ලක් වේ. ඔවුන් මොන දේ කලත් මැරෙන විට කිසිම දෙයක් ගෙනයන්නේ නැත. බොහෝ අයගේ ලෞකික ජීවිතය ගෙවී යන්නේ එකිනෙකා අතර පුරසාරම් දෙඩවීමෙනුත් තම දරුවන් ගැන පම්පෝරි ගැසීමෙනුත් තම වස්තුව බලා සතුටු වීමෙනුත් ය. එහෙත් එය සැමදාම නොපවතින බව මැරෙන මොහොතේදී දැක ගන්නේ ය. ලෞකික ජීවිතය මුලාවක් මිස වෙන දෙයක් නොවන බව තේරුම් ගන්නේ එවිට ය.

මිනිසා මේ ලෝකයේ ජිවත් වන්නේ ටික කාලයක් පමණි. එහෙත් මරණයෙන් පසු නිමක් නැති ජිවිතයක් තිබේ. එම ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වන්නේ මේ ලෝකයේදී ඊට සුදානම් වුවහොත් පමණි. ඒ සඳහා දෙවියන් පහල කරන ලද නිවැරදි දහමක් පිලිපැදිය යුතු ය. සෑම ආගමකින්ම දෙවියන් ගැන පවසා තිබේ. එහෙත් බොහෝ ආගම්වල දේව සංකල්පය වෙනස් කොට තිබේ. ඒ අනුව බොහෝ අය අදහන්නේ දෙවියන් වෙනුවට මිනිසා විසින් නිර්මාණය කල දේව රූප වලටත් පිළිම වලටත් ය. එවැනි දෙයකට වැඳීමට වඩා නිරාගමිකයෙකු වශයෙන් ජිවත් වීම වඩා සුදුසු ය. පරලොව ජීවිතය ජය ගත හැක්කේ නිවැරදි ආගමක් පිලිපැදීමෙන්ම පමණි.

විශ්වය දෙවියන්ගේ මැවීමක් බව තේරුම් ගැනීම සඳහා ඕනෑතරම් සාක්ෂි තිබේ. පොළව මත දමන ලද බීජයකින් පැලයක් හට ගන්නේ දෙවියන්ගේ සැලැස්ම නිසාය. දෙවියන් එවැනි සැලැස්මක් ඇති නොකළේ නම් එම බීජය පසට දිරා පත් වනු ඇත. සම්පුර්ණ ගසක පිඹුරු පත් සකස් කොට තිබෙන්නේ දෙවියන් විසිනි. එවැනි දෙයක් දෙවියන්ටම හැර වෙන කිසිම කෙනෙකුට කල නොහැකිය. ලෝකයේ සිටින සියලු දෙනා එකට එකතු වුවත් අඩුම තරමින් විද්‍යාගාරයක් තුලදී මැස්සෙකුවත් නිර්මාණය කල නොහැක. එහෙත් දෙවියන් කානු ජලයේ පවා සතුන් මවන්නේය. 

විශ්වය කොතරම් සංකීර්ණ වුවත් එහි ඇති ග්‍රහ වස්තුන් යම් කිසි නිශ්චිත පථයක ගමන් කරන්නේ දෙවියන්ගේ සැලැස්ම නිසාය. ඒ අනුව සුර්යයා ඊට නියමිත ගමන් මාර්ගයේ සැරිසරන්නේය.. එසේම පෘථිවිය සහ චන්ද්‍රයා ඊට නියමිත පථයක ගමනේ කරන්නේය. දෙවියන්ගේ සැලැස්ම අනුව ඒවායේ කිසිම ඝට්ටනයක් සිදු වන්නේ නැත. මෙවැනි සැලැස්මක් නොතිබෙන්නට කල් වෙලා ඇතුව ග්‍රහ වස්තුන්ගේ පිහිටීම ගැන අනාවැකි පල කිරීමට හැකි වන්නේ නැත. මේ සෑම දෙයකින්ම දෙවියන් ගේ පැවැත්ම සනාත වේ.

දෙවියන්ගේ පැවැත්ම සනාථ කිරීම සඳහා කොතරම් සංඥා තිබුනත් මිනිසාගේ අහංකාරය සහ උඩඟු කම දෙවියන්ව විශ්වාස කිරීමට ඉඩ හරින්නේ නැත. එම නිසා ඔවුන් ආගමක අවශ්‍යතාව තේරුම් ගත්තත් නිරාගමිකයන් ලෙසම ජිවත් වීමට ප්‍රිය කරන්නේය. එවැනි අයගේ අවසානය දෙවියන්ම තීරණය කරනු ඇත.

ඇතැම් අය සිතන්නේ ඔවුන් වැරදි නොකර සිටින්නේ නම් ආගමක් අවශ්‍ය නොවන බවයි. එහෙත් ආගමකින් ඊට වඩා දෙයක් සිදු කෙරේ. දෙවියන් මිනිසාව මවා තිබෙන්නේ, ඔහුට නැමදීම සඳහා ය. එය දෙවියන් පහළ කල ආගම්වලින් පෙන්වා දී තිබේ. මේ නිසා ජිවිතයේ අරමුණ දැනගැනීම සඳහා මිනිසාට නිවැරදි ආගමක් අවශ්‍ය වේ.

නිවැරදි ආගමක් ඇදහීමෙන් මානසික සුවය ඇතිවේ. තවද ශාරීරික යහපැවැත්ම ප්‍රවර්ධනය වේ. මිනිසාව මැවූ දෙවියන් ගැන අවබෝදයක් ලබා ගැනීමට හැකිවේ. අවසාන වශයෙන් මිනිසා කරන පින් දහම් වලට දෙවියන්ගෙන් කුලිය හැටියට ස්වර්ගය ලැබේ. 


By Fasy Ajward.B.Sc(PhysicsSp)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

ඉස්ලාම් දහම අනුව අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිවිපාක (Consequences of evil deeds in Islam)

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)