විශ්වය ආරම්භ වූයේ කෙසේද? (How did the universe begin?)


ඈත අතීතයේදී, විශ්වය සදහටම පැවති දෙයක් බව විශ්වාස කළහ. එසේ තිබියදී, හබල් දුරේක්ෂය නිර්මාණය කිරීමෙන් පසු සිදු කරන ලද පර්යේෂණ ඇසුරෙන් විශ්වය ප්‍රසාරණය වන බව සොයාගන්නා ලදී. එම පර්යේෂණයට අනුව විශ්වය යම් ලක්ෂයකින් ආරම්භ විය යුතු බව තේරුම් ගත් විද්ඥයින් එය විශ්වයේ ආරම්භක අවස්ථාව ලෙස නිගමනය කළහ. කෙසේ වෙතත් එම ආරම්භක අවස්ථාව කෙසේ නිර්මාණය වුයේදැයි මෙතෙක් සොයාගෙන නැත. මෙහිදී සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ, හබල් දුරේක්ෂය නිපදවීමට පෙර විශ්වයේ ප්‍රසාරණය ගැන කුරානයේ සඳහන් කොට තිබීම ගැනය. ඒ අනුව හබල් දුරේක්ෂයෙන් කෙරුනේ කුරානයේ ඇති කරුණක් නැවත තහවුරු කිරීමක් පමණි.

විශ්වය ප්‍රසාරණය වන බව සොයාගැනීමෙන් පසු "මහා පිපිරුම් වාදය" ඉදිරිපත් කරනු ලැබිය. එම වාදයෙන් එක් ලක්ෂයක් තුල කේන්ද්‍ර ගතවී තිබුණු ශක්තිය පුපුරා යාමෙන් විශ්වය බිහිවූ බව පමණක් ඉදිරිපත් කිරීමට හැකි විය. එහෙත් එම ශක්තිය ඇතිවූ අකාරය මෙතෙක් සොයාගෙන නැත. මෙම කරුණ මහාචාර්ය ජෝසෆ් සිල්ක් මහතා "The Big Bang" යන ඔහුගේ කෘතිය තුලින් ඉදිරිපත් කොට තිබේ. 

එසේ තිබියදී, 21ක් වන සියවසේ ජීවත්වූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් ඩබ්ලිව් හෝකින් මහතා, "A brief history of time from big bang to black hole" (1st edition 1988) නමැති ඔහුගේ කෘතිය තුලින් පෙන්වා දෙන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් බවයි. එම ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත. "විශ්වයේ උපත ගැන සැලකීමේදී එහි  මුලික වින්‍යාසය දෙවියන් විසින් යම් හේතුවක් නිසා නිර්මාණය කොට ඇති බව පෙනී යන්නේය. එනමුත් එම කාර්යය කෙසේ සිදු වුයේ දැයි තේරුම් ගැනීම අසීරු කරුණකි. එය ඇත්ත වශයෙන්ම සර්වබලධාරියෙකුගේ අධිකාරි බලයට යටත්වූ ක්‍රියාවක් විය යුතුය. ඔහු එම ක්‍රියාවලිය මිනිස් බුද්ධියට තේරුම් ගත නොහැකි ආකාරයට සිදු කොට තිබේ. එහෙත් එම සිද්ධි දාමය අපට තේරුම් ගත හැකි නීති වලට යටත් කොට පරිනාමනය වීමට ඉඩ සලසා ඇත" ඒ අනුව ඔහු කෙලින්ම සඳහන් කරන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් බව නොවේද?

කුරානය මගින් මහා පිපිරුම් වාදයේ සාරාංශය මෙසේ ගෙන හැර දක්වා ඇත. "අහස් සහ පොළොව එකට එකතු වී තිබූ බව අවිශ්වාස කරන්නන් නොදන්නේද? පසුව අපි ඒවා වෙන් කර ජලයෙන් සෑම ජීවියෙකුම නිර්මාණය කළෙමු?" (කුරානය 21:30).

මහා පිපිරුම් වාදය අනුව පිපිරුමෙන් පසු විශ්වය ගොඩ නැගුනු අන්දම නිසි ලෙස විස්තර කොට නැත. ඇයිද යත් පිපිරුමකින් පසු සුන්බුන් ඇතිවනවා මිස මනා ලෙස සංවිදානය වූ විශ්වයක් ඇති විය නොහැකිය. එහෙත් දෙවියන් ඔහුගේ හැකියාවෙන් විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මැවූ බව පෙන්වා දෙන්නේය. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

ඉස්ලාම් දහම අනුව අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිවිපාක (Consequences of evil deeds in Islam)

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)