විශ්වය මැවූ එක් දෙවිකෙනෙකුට වඩා සිටිය හැකිද? (Can there be more than one god who created the universe?)
විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ එහි තිබෙන ඒකාකාරී බවය. තවද විශ්වය පුරා නොවෙනස්වන භෞතික නීති ක්‍රියාත්මක වේ. මෙවැනි දේවල් සිදු විය හැක්කේ විශ්වය එක් දෙවිකෙනෙක් විසින් මවා තිබුනේ නම් පමණි. ඊට අමතරව විශ්වය තුල බොහෝ විශ්ව නියතයක් දැක ගත හැකිය. උදාහණයක් ලෙස ආලෝකයේ වේගය විශ්වය තුල කොතැනකදීත් එක සමානය. තවද පරමාණුවේ ඇති මුලික අංශුවල ස්කන්දයන් නියත අගයන් ගන්නේය. මේවා ගැන හැදෑරීමෙන් පසු සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥවරයෙක් වන ස්ටෙෆාන් හොකින් මහතා ඔහුගේ "A brief History of time from Big Bang to Black Hole" යන කෘතිය තුල පවසා සිටින්නේ විශ්වය සර්වබලධාරී දෙවිකෙනෙකු විසින් මවා ඇති බවයි. ඇත්ත වශයෙන්ම විශ්වය දෙවිවරුන් කිහිප දෙනෙකු විසින් මවා තිබුනේ නම් විශ්වය පුරා ව්‍යාකුලතා ඇති වීම වැළැක්විය නොහැකිය. මේ සම්බන්දයෙන් අල් කුරානය මෙසේ සඳහන් කරයි. " (අහස සහ පොළොව යන) මේ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් සිටියේ නම් ඒ දෙකම ව්‍යකුලත්වයට පත්ව විනාශයට පත් වනු ඇත" (කුරානය 21:22). මේ හේතුවෙන් ලොව ඇති සෑම ප්‍රධාන ආගමකම එක් දෙවි කෙනෙකු ගැන පමණක් සඳහන් වේ. විශ්වයේ ක්‍ර...