මිථ්‍යාදෘෂ්ටිකත්වය යනු කුමක්ද? (What is paganism?)




මිත්‍යදෘෂ්ටිකයින්ට දෙවියන් පිලිබඳ විශ්වාසයක් නැත. එහෙත් ඇතැම් විට එකම අවස්ථාවේදී බොහෝ දෙවිවරුන් ගැන විශ්වාස කරති. විශේෂයෙන්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇදහිලි කල දේවල් සඳහා වැඳුම් පිදුම් කරන්නේය. අර්ථ දැක්වීම අනුව මිත්‍යදෘෂ්ටිකයින් යැයි කියනු ලබන්නේ යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් ලබ්දිකයින්ගේ දේවස්ථානවලට නොයන අයට යි. අල් කුරානය මිත්‍යාදෘෂ්ටිකයින්ව මෙසේ විස්තර කොට ඇත. "මොවුන් (මිත්‍යා දෘෂ්ටිකයින්) නැමදුම් කරන දේ ගැන නුඹ සැකයෙහි නොසිටිය යුතුය. මීට පෙර තම මුතුන් මිත්තන් නැමදුම් කළා සේම මොවුන්ද නැමදුම් කරති" (කුරානය 11:109).

මිථ්‍යාදෘෂ්ටිකයින් විශ්වාස කරන්නේ ස්වභාව ධර්මය පූජනීය බවයි. ඒ අනුව ඔවුන් මිනිසාව සොබාදහමේ කොටසක් ලෙස සලකති. තවද මිනිසාව අනෙක් සතුන්ටත් ගස්, ගල්, පැලෑටි සහ පෘථිවියේ ඇති වෙනත් දේවල් වලටත් සමාන කරති. මිථ්‍යාදෘෂ්ටිකයින් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේය. 

මිත්‍යාදෘෂ්ටිකයින් අදහන දේවල් සනාත කිරීම සඳහා ඔවුන් වෙත සාක්ෂි කිසිවක් නොමැත. එහෙත් දේව විශ්වාසයේ එල්බ සිටින අයට දේව පණිවිඩ තහවුරු කිසිම සඳහා බොහෝ සාක්ෂි තිබේ. ඒ අනුව ඉස්ලාම් ඇතුළු දෙවියන් පහළ කරන ලද සෑම ආගමක්ම ඒවා දේශනා කරන ලද නබිවරුන් විසින් සිදු කරන ලද ප්‍රාතිහාරයන් මගින් ඒවා සනාත කොට තිබේ. මිත්‍යා දෘෂ්ටිකයින් දෙවියන්ව පමණක් නොව ඔහු විසින් පහළ කරන ලද කුරානය හෝ බෛබලය හෝ විශ්වාස නොකරති. 

අල් කුරානය විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටිකයින් විසින් පිළිපදින්නේ මිනිසා විසින්ම සම්පාදනය කරන ලද දහමකි. ඒ අනුව ඔවුන් දෙවියන් වෙනුවට ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද පිළිම වලට වන්දනා කරන්නෝය. එහෙත් කුරානය පවසන්නේ එම පිළිම වලින් කිසිම දෙයක් කල නොහැකි බවයි.

"අල්ලාහ් හැර නුඹලා යදින අන් සියලුම දේ නුඹලා මෙන්ම වහලුන් ය. ඔබලා සත්‍ය වන්තයින් නම් ඒවාට ඇරයුම් කොට පිළිතුරු ලබා දීමට සලස්වනු" (කුරානය7:194). කුරානයේ තවත් තැනක මෙසේද සඳහන් වේ. "ඔහු අල්ලාහ් හැර අඬගසන වෙනත් දේවල් වලින් ඔහුට හොඳක් හෝ විපතක් හෝ ඇති නොකරයි. එය වඩාත්ම දුරස්ථ වූ මංමුළාවකි" (කුරානය 22:12).

කුරානයට අනුව මිථ්‍යාදෘෂ්ටිකයින් සිටින්නේ ඔවුන් විසින් මවාගත් ලෝකයකය. ඔවුන් අදහන දේවල් වලින් කිසිම දෙයකින් මවා නැත. ඔවුන්ටම ඔවුන් බිහිවූ අන්දම නිවැරදිව පැවසිය නොහැකිය.

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)