මුස්ලිම්වරුන් අතර සියදිවි නසා ගැනීම් අඩු ඇයි? (Why is suicide so low among Muslims?)
සංඛ්‍යාලේකන පරික්ෂා කිරීමේදී පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ මුස්ලිම්වරුන් අතර සියදිවි හානිකර ගැනීම අවම මට්ටමක පවතින බවයි. එහෙත් මුස්ලිම් නොවන සමාජය දෙස බලන විට එය ඉතා ඉහළ අගයන් ගන්නේය. එවැනි තත්වයක් උදා වීමට ඉස්ලාම් දහමේ ඉගැන්වීම් බලපාන බව පිළිගත හැකිය.
ඉස්ලාම් දහමින් ජිවිතයේ අරමුණ ඉතා පැහැදිලිව ඉදිරිපත් කොට තිබේ. එහෙත් මිනිස් ජිවිතයේ වටිනාකම හරියාකාරව නොදන්නා අය කලකිරීමකට පත්වූ වහාම සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කරන්නේය. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ප්‍රශ්නවලින් ගැලවීමට ය. එහෙත් සත්‍යය වශයෙන්ම සිදු වන්නේ කබලින් ලිපට වැටීමක් වැනි දෙයකි. ඉස්ලාම් දහම අනුව සිය දිවි හානිකර ගත් තැනැත්තා නිරයට යන්නේය. එය කෙළවරක් නැති ජීවිතයකි. ඒ අනුව ඔවුන් ගෙන තිබෙන්නේ වැරදි තීරණයකි.
මුස්ලිම්වරුන් ඕනෑම ප්‍රශ්නයකදී කුරානයෙන් පෙන්වා දී ඇති පරිදි සලාතය ඉටුකර අල්ලාහ් වෙත තම ගැටලුව යොමු කරන්නේය. ඒ හැර වෙන විකල්පයක් ඔවුන් බලාපොරොත්තු වන්නේද නැත. මේ නිසා මුස්ලිම්වරුන් සිය දිවි හානිකර ගැනීමකට යන්නේ නැති තරම් ය.
ඉස්ලාම් නොවන බොහෝ අය දහමින් පිළිසරණක් යොයන්නේ ඉතා කලතුඅකිනි. ඔවුන්ගේ එකම උත්සාහය භෞතික දේවල් වලින් තම ගැටලුවට විසඳුමක් සෙවීමය. එය අසාර්ථක වූ විට කරන්නේ සිය දිවි හානි කර ගැනීමයි. වස්තුව තුලින් හෝ වෙනත් ක්‍රම වලින් සැනසුම ලබා ගැනීමට හැකි නම් ඇමරිකාව වැනි ඉතා දියුණු රටවල් වල සිය දිවි නසාගැනීමේ අනුපාතය ඉතා අඩු මට්ටමක තිබිය යුතුය. එහෙහ් අප දකින්නේ එය ඉහලම අගයක් ගන්නා බවයි.
ඇත්ත වශයෙන්ම වස්තුව තුල මිනිසා බලාපොරොත්තු වන සතුට තිබේ නම් ලෝකය අද ලබා තිබෙන දියුණුව අනුව සෑම කෙනෙකුම සතුටින් සිටිය යුතුය. එහෙත් සත්‍යය තත්වය නම් වසරක් පාසා මිලියනකක් පමණ දෙනා සියදිවි හානි කර ගැනීමය. තවත් විදියකින් කිවහොත් සෑම තත්පර 40කට වරක් ලෝකයේ කොතැනක හෝ සියදිවි නසාගැනීමක් සිදු වේ. වසර 2050 වන විට එහි වාර්ෂික අගය මිලියන 1.5 දක්වා ඉහල යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිදායනය පවසයි. කනගාටුවට කරුණ නම් ඉන් 25% ක්ම තරුණයින් සහ වයස විසිපහට අඩු අය වීමයි. ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානී අචාර්ය නීල්ප්‍රනාන්දු මහතාගේ වාර්තාවකට අනුව ලංකාව තුල වසරකට 4000 ක් පමණ දෙනා සිය දිවි හානි කර ගන්නේය. එය ලෝක මට්ටමින් දෙවන ස්ථානය වේ.
සියදිවි හානිකරගැනීම් සම්බන්දයෙන් පර්යේෂන කල ආයතනයක් පෙන්වා දෙන්නේ මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල්වල සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ඉතා අඩු බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ කුරානෙයේ බලපෑම සහ මුස්ලිම්වරුන් අතර නරකාදිය පිලිබඳව තිබෙන දැඩි විශ්වාසය බවයි (Nova Science Publishers © Copyright 2004 – 2016).
වසරක් තුලදී මිනිසුන් 100,000 කට සිදුවන සියදිවි නසාගැනීම් (2012)
රටේ නම | පිරිමින් සහ ගැහැණු එකතුව | ශ්‍රේණිය |
ගුයනා | 44.2 | 1 |
දකුණු කොරියාව | 28.9 | 2 |
ශ්‍රී ලංකාව | 28.8 | 3 |
ඉන්දියාව | 21.1 | 11 |
රුසියාව | 19.5 | 14 |
ජපානය | 18.5 | 17 |
ඇමරිකාව | 12.1 | 50 |
පකිස්තානය | 9.3 | 76 |
ජර්මනිය | 9.2 | 77 |
තුර්කිය | 7.9 | 93 |
බංගලාදේශය | 7.8 | 94 |
සිරියාව | 0.4 | 170 |
සෞදි අරාබියාව | 0.4 | 171 |
(List by the World Health Organization - 2012)
අල් කුරානයේ මෙසේ සඳහන් වේ. "අල්ලාහ්ව සිහිකිරීම තුලින් විශ්වාස කළවුන්ගේ සිත් සැනසුම ලබයි. දැනගන්න! අල්ලාහ්ව සිහිකිරීම තුලින් සිත් සැනසුම ලබයි" (කුරානය 13:28). මෙහි නැවත නැවතත් අවධාරණය කරන්නේ අල්ලාහ්ව සිහි කිරීමෙන් සැනසුම ලැබෙන බවයි. මේ නිසා මුස්ලිම්වරුන් භෞතික දේවල් වලින් සැනසුම බලාපොරොත්තු වන්නේ නැත.
සිය දිවි හානිකර ගැනීම සම්බන්දයෙන් මනෝ විද්‍යාඥ, කැන්ඩිස් ලැම් ඔහුගේ අත්දැකීම් මෙසේ සඳහන් කරයි, “මගේ රෝගීන් සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි පීඩනයක් යටතේ මානසික ආබාධ රාශියකින් පීඩා විඳියි. ඒවා මෙලෙස වර්ගීකරණය කල හැක. භීතිකා ප්‍රහාර, නින්ද නොයාම, ප්‍රචණ්ඩකාරී පිපිරීම්, මත්ද්‍රව්‍ය වල වැරදි භාවිතය, ආහාර ගැනීමේ අක්‍රමිකතා, සියදිවි නසාගැනීමේ සිතුවිලි, ලිංගික ඇබ්බැහි වීම් සහ කිංකි හෝ විකෘති ලිංගික හැසිරීම” ඉස්ලාම් දහම මෙවැනි දේවල් වලින් වැළැක්වීමට නිසි මාර්ගය පෙන්වා දෙන්නේය.
යමක් සිදු වීමට පෙර ඉන් බේරීම සඳහා කුරානයෙන් නියෝග කොට තිබේ. “....දුප්පත්කමට (බිය වී) නුඹලාගේ දරුවන්ව ඝාතනය නොකරන්න. අපිම නුම්බලාටද, ඔවුන්ටද ආහාර ලබා දෙමු. තවද නින්දාසහගත ක්‍රියාවන්හි ප්‍රසිද්ධ දේටද, රහසිගත දේටද සමීප නොවන්න. අල්ලාහ් වැළැක්වූ කුමන ජීවයක් වුවද අයිතියක් නොමැතිව ඝාතනය නොකරන්න...” (කුරානය 6:151). කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් කොට ඇත. “විශ්වාස කලවුනි! නුඹලා අතර තෘප්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි අන්දමින් අනුභව නොකරන්න. තවද, නුඹලාව නුඹලාම නොනසා ගන්න. නියතව අල්ලාහ් නුඹලා සමග අසම දයාවන්තයා ලෙස සිටියි. සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයට ඇතුළු කරන්නෙමු. මෙය අල්ලාහ්ට ඉතා පහසු කාර්යයක් වේ" (කුරානය 4:29-30).
ඉස්ලාම් දහම අනුව මිනිස් ජීවිතය පරික්ෂාවකි. සෑම කෙනෙකුම යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දිය යුතුමය. එය ලඟම ඥාතියෙකුගේ මරණයක් විය හැකිය, නැතහොත් බිහිසුණු අනතුරක් විය හැකිය, නැතහොත් උපතින්ම ලැබූ අබාදයක් විය හැකිය, මොනවා උනත් ඒවාට විසඳුම් තිබෙන්නේ දහම තුලය. එය තේරුම් ගත් තැනැත්තා කිසිසේත්ම සිය දිවි හානිකර ගන්නේ නැත.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Comments
Post a Comment