විශ්වය මැවූ එක් දෙවිකෙනෙකුට වඩා සිටිය හැකිද? (Can there be more than one god who created the universe?)


විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ එහි තිබෙන ඒකාකාරී බවය. තවද විශ්වය පුරා නොවෙනස්වන භෞතික නීති ක්‍රියාත්මක වේ. මෙවැනි දේවල් සිදු විය හැක්කේ විශ්වය එක් දෙවිකෙනෙක් විසින් මවා තිබුනේ නම් පමණි. ඊට අමතරව විශ්වය තුල බොහෝ විශ්ව නියතයක් දැක ගත හැකිය. උදාහණයක් ලෙස ආලෝකයේ වේගය විශ්වය තුල කොතැනකදීත් එක සමානය. තවද පරමාණුවේ ඇති මුලික අංශුවල ස්කන්දයන් නියත අගයන් ගන්නේය. මේවා ගැන හැදෑරීමෙන් පසු සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥවරයෙක් වන ස්ටෙෆාන් හොකින් මහතා ඔහුගේ "A brief History of time from Big Bang to Black Hole" යන කෘතිය තුල පවසා සිටින්නේ විශ්වය සර්වබලධාරී දෙවිකෙනෙකු විසින් මවා ඇති බවයි. ඇත්ත වශයෙන්ම විශ්වය දෙවිවරුන් කිහිප දෙනෙකු විසින් මවා තිබුනේ නම් විශ්වය පුරා ව්‍යාකුලතා ඇති වීම වැළැක්විය නොහැකිය. මේ සම්බන්දයෙන් අල් කුරානය මෙසේ සඳහන් කරයි. "(අහස සහ පොළොව යන) මේ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් සිටියේ නම් ඒ දෙකම ව්‍යකුලත්වයට පත්ව විනාශයට පත් වනු ඇත" (කුරානය 21:22). මේ හේතුවෙන් ලොව ඇති සෑම ප්‍රධාන ආගමකම එක් දෙවි කෙනෙකු ගැන පමණක් සඳහන් වේ. 

විශ්වයේ ක්‍රියාත්මක වන භෞතික නියමයන් දෙස බැලීමේදීද පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකු විසින් ක්‍රියාත්මක කරන බවයි. උදාහරණයක් ලෙස චුම්බක ක්ෂේස්ත්‍රයක් තුලදී සන්නායකයක් චලනය කිරීමෙන් විදුලිය ජනනය කල හැකිය. එහෙත් දෙවිවරුන් කිහිප දෙනෙක් සිටියේ නම් එවැනි දෙයක් සිදුවීම් ගැන බලාපොරොත්තු තැබිය නොහැකිය. තවද ඉර නැගෙනහිරින් පායා බටහිරින් බැස යන්නේය. එහෙත් විශ්වය දෙවිවරුන් බොහෝ දෙනෙකු විසින් මවා තිබුනේ නම් එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. 

කුරානයේ ඇති අර්ථ දැක්වීම අනුව දෙවියන් එක්කෙනෙකි. ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහු සදාකාලිකය. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ඔහුට ඉපදීමක් හෝ මරණයක් නැත. ඔහු කිසිවෙකුව ප්‍රසුත කළේද නැත එසේම ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. ඔහුට සමාන කිසිවෙකුත් නැත. තවද දෙවියන්ට භාර්යාවන් හෝ ළමයින් නැත. මේ නිසා ජේසු තුමා දෙවියන්ගේ පුතෙක් විය නොහැකිය. ඔහු දෙවියන්ගේ මැවීමක් පමණි. 

දෙවියන් මේ විශ්වය තුළ නැත. මේ නිසා දෙවියන් ගැන දැනගත හැක්කේ ඔහු විසින් පහළ කරන ලද ආගම් වලින් පමණි. තවද, මෙලොවදී අපට දෙවියන්ව දැක ගත නොහැකි වුවත් ස්වර්ගවාසින්ට දෙවියන්ව දැක ගත හැකි බව නබි තුමා පවසා තිබේ. එහෙත් මෙලොවදී දෙවියන්ව විශ්වාස නොකළ අයට මරණයෙන් පසුවත් දෙවියන්ව දැක ගත හැකි වන්නේ නැති බව නබිතුමා පවසා තිබේ. 

මිනිසා බොහෝ දේවල් ගැන ගවේෂණය කරත් පුදුමය නම් මිනිසා මිනිසාගේ මැවුම් කරු ගැන සොයා නොබැලීමයි. එය මිනිසාගේ නිමක් නොමැති මතු ජිවිතයට විශාල පාඩුවක් වන්නේය. එහෙහ් මරණයෙන් පසු එම වැරැද්ද නිවැරදි කිරීමට තවත් අවස්තාවක් නොලැබෙන බව මතක තබාගත යුතුය. 


By Fasy Ajward B.Sc(Special)Hons,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)