විශ්වය ඇති වූයේ කෙසේද? එහි මිනිසාගේ කාර්යභාරය කුමක්ද? (How did the universe come into being? What is the role of man in it?)
විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් නොයෙකුත් මත ප්‍රකාශවී තිබේ. එහෙත් මිනිසාගේ දැනුමෙන් ඉදිරිපත් කොට ඇති කිසිම මතයෙකින් විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් අංග සම්පුර්ණ පිළිතුරක් ඉදිරිපත් වන්නේ නැත. එහෙත් හබල් දුරේක්ෂයෙන් ලබා ගත් දත්ත වලට අනුව විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව පමණක් නිගමනය කොට තිබේ. එය විද්‍යාඥයින් ලබා ගෙන ඇති විශාල ජයග්‍රහණයක් වුවද හබල් දුරේක්ෂයෙන් ලබා ගත් එම ප්‍රතිපලයම දැනට වසර 1450කට පමණ පෙර පහළ වූ කුරානයේද සඳහන් වීම සුවිශේෂී කරුණකි.
ලෝකයේ ඇති සෑම ප්‍රධාන ආගමකම සඳහන් වන්නේ විශ්වය සහ එහි ඇති සියලුම දේවල් විශ්වයට අධිපති දෙවියන් විසින් දින වකවානු හයකදී මැවූ බවයි. මෙම විශ්වාසය තුල ලෝක ජනග්‍රහණයෙන් 1/3ක් පමණ වන මුස්ලිම් ජනයාද ඊටත් වඩා වැඩියෙන් සිටින කිතුනුවන්ද යුදෙව්වන්ද සිටින්නේය.
කරුණු එසේ තිබියදී ඇතැම් විද්‍යාඥයින් විශ්වයේ බිහිවීම පිළිබඳව නොයෙකුත් වාදයන් ඉදිරිපත් කොට තිබේ. ඒවා අතරින් මහා පිපුරුම් වාදය ප්‍රධාන තැනක් උසුලන්නේය. එසේ තිබියදී ඇතැම් විද්‍යාඥයින් මැවීමක් ගැනත් සඳහන් කොට තිබේ. ඒ අනුව 21වන සියවසේ ජිවත් වූ ඇමරිකානු විද්‍යාඥයෙක් වන ස්ටෙෆාන් හෝකින්ස් මහතා විසින් ලියා පල කරන ලද "A breaf history of time from big bang to black hole" (1st edition 1988) යන ග්‍රන්ථයේ සඳහන් කරන්නේ විශ්වයේ උපත දෙවියන් විසින් යම් හේතුවක් උදෙසා නිර්මාණය කොට ඇති බවයි.
මැවීමක් ගැන සඳහන් නොකර ඉදිරිපත් කර ඇති කිසිම වාදයකින් විශ්වය බිහිවූ අකාරය අංග සම්පුර්ණව විස්තර කල නොහැකිය. ඒ අනුව දැනට විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ඉදිරිපත් කොට ඇති මහා පිපිරුම් වාදය ගැන සුප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වන මහාචාර්‍ය ජෝසෆ් සිල්ක් මහතා විසින් ලියා පල කොට ඇති "The Big Bang" (The revised and updated edition by Joseph Silk published in 1986) යන ග්‍රන්ථයේ මෙම අඩුපාඩු පෙන්වා දී ඇත. ඒ අනුව මහා පිපුරුම සිදුවීමට මොහොතකට පෙර තත්වය හෝ ස්වභාවික නීති ක්‍රියාත්මක නොවන අවස්ථාව ගැන හෝ මන්දාකිණිවල උපත ගැන හෝ සඳහන් නොවන බව දැක්වේ..
විශ්වය ඉබේ ඇති විය හැකි නම් කාලයත් යන විට සුන්බුන් ගොඩකින් යාන වාහන, පරිගණක, ශීතකරණ ආදී මෙහි නොකී දේවල් ද ඉබේ ඇති විය යුතුය. එහෙත් එවැනි දෙයක් මොනම ආකාරයකින්වත් සිදු නොවන බව අපි දනිමු. මේ නිසා අපට විශ්වය ඥානාන්විත දෙවි කෙනෙකු විසින් මවා තිබෙන බව පිළිගැනීමට සිදු වේ.
විශ්වය මැවූ දෙවියන් මිනිසාට සුවිශේෂී තැනක් ලබා දී ඇත. අල් කුරානයේ සඳහන් වන ආකාරයට ලොව ඇති සියලුම දේවල් මිනිසා වෙනුවෙන් ද මිනිසාව අල්ලාහ්ට නැමදීම සඳහා ද මවා තිබේ. තවද, මිනිසාගේ කාර්ය භාරය පෙන්වා දීම සඳහා දෙවියන්ගෙන් දහම් පණිවිඩ පහල කොට තිබේ. එසේ පැමිණි අවසාන දහම් පණිවිඩය කුරානය වන අතර අවසාන නබිවරයා මුහම්මද් තුමාය.
මිනිසාගේ අභිමතය පරිදි දෙවියන්ව තෝරාගත නොහැකිය. ඒ අනුව මිනිසා නැමැදිය යුත්තේ දේවත්වයට සුදුසුකම් තිබෙන කෙනෙකුට පමණි. අල් කුරානය සඳහන් කරන පරිදි දෙවියන් එක්කෙනෙකි. ඔහු කිසිවෙකුගේ අවශ්‍යතාවයක් නොමැත්තාය. ඔහු කිසිවෙකුගේ කුසෙන් ප්‍රසුත වුයේ නැත. එසේම ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේද නැත. එසේම ඔහුට සමාන කිසිවෙකුත් නැත. මෙම සුදුසුකම් නොමැති කිසිවෙකුට නැමදීම කල නොහැකිය. මේ නිසා නබිවරුන්ට හෝ සස්තෘවරුන්ට හෝ පිළිම වලට හෝ නැමදීම දෙවියන් අනුමත කරන්නේ නැත. ස්වර්ගය හිමි වන්නේ සත්‍යය දෙවියන්ට පමණක් නැමදුම් කල අයට පමණි.
ලෞකික ජීවිතයේදී මිනිසාගේ කාර්ය භාරය හරි හැටි නිම කිරීමෙන් ස්වගයත් එම අරමුණ වරද්ද ගත් අයට නිරයත් ලැබීමට නියමිතය. එම ජිවිත වලට නිමක් නැත. එබැවින් ස්වර්ගවාසින් සදාකල් සතුටින්ද නිරා වැසියන් සදාකල් දුකෙන්ද කාලය ගත කරනු ඇත.
By Fasy Ajward. B.Sc (PhysicsSpecial) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment