සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සඳහා ඉස්ලාමීය මග පෙන්වීම (Islamic guidance for a healthy life)

 


ඉස්ලාම් දහමින් මිනිසාට සම්පුර්ණ ජිවන රටාවක් පෙන්වා දී ඇත. ඒ අනුව එහි ඇති නැමදුම් ක්‍රම පවා නිරෝගී ජිවිතයකට මග පාදන්නේය. මුස්ලිම්වරයෙකු දෛනිකව සිදු කරනු ලබන සලාතය, වාර්ෂිකව සිදු කරනු ලබන උපවාසය සහ හජ් වන්දනය මගින් අල්ලාහ් දෙවියන් සමග සම්බන්දය ගොඩ ගනා ගැනීම පමණක් නොව ඉන් මානසික මෙන්ම ශාරීරික සුවය ද ලඟා කර දෙන්නේය.

මුස්ලිම්වරුන්ට පංච කාල සලාතය සාමුහිකව මස්ජිකයේදී ඉටු කිරීම සඳහා නබි තුමා පෙන්වා දී තිබේ. මේ නිසා කෙනෙක් මස්ජිදය වෙත ඇවිදගෙන යාම කුසල් ක්‍රියාවක් වන අතර ශාරීරික ව්‍යායාමයක් ද වේ. ඒ අනුව කෙනෙකුගේ නිවස මස්ජිදයේ සිට දුරස්වන තරමට වැඩියෙන් ඇවිදීමට සිදු වන අතර එය සලාතයට ලැබෙන කුසල් වලට අමතරව ව්‍යායාමයක් ද වේ. මේ හැරුණු විට සලාතයේ ඇති එක් එක් ඉරියව් වලින්ද මිනිස් සිරුරට බොහෝ ප්‍රයෝජන ගෙන දෙන්නේය. විශේෂයෙන්ම සුජුද්හිදි නළල බිම තබාගෙන සිටින කාලය තුලදී මොලයට වැඩි වැඩියෙන් රුධිරය ගමන් කරන අතර එය මොලයේ ක්‍රියාකාරිත්වයට වැදගත් වේ. තවද එක් ඉරියව්වකින් තවත් ඉරියව්වක් කරා යාමේදී මාංශ පෙශින් ශක්තිමත් වන්නේය.

මුස්ලිම්වරයෙක් සලාතය ඉටු කිරීමට පෙර වුළු කිරීම අනිවාර්ය වේ. එනම් මුහුණ කට සහ අත්පා සේදීම අනිවාර්ය වේ. මෙය මුස්ලිම්වරයෙකු විසින් දෛනිකව අවම වශයෙන් පස් වතාවක් සිදු කරනු ලැබේ. එසේ කිරීම නිසා නිරන්තරයෙන් අපගේ ශරීරය මත තැන්පත් වන විෂබීජ ඉවත් වන්නේය. එය සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට උපකාරී වේ. කොරෝනා පැතිරෙන මෙවන් කාලයකදී එහි වැදගත්කම තවත් හොඳින් දැනෙන්නේය.

ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට ඇති උපවාසය මගින්ද ශරීර සෞඛ්‍යයට බොහෝ සෞඛ්‍යමය ප්‍රයෝජන තිබේ. එමගින් රුධිර සිනි පාලනය වන අතරම පිළිකා සෛලවල වර්ධනය හීන කරන්නේය. තවද රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් දැවී යන්නේය. මේ නිසා පුරා මසක් උපවාස කිරීමෙන් ජීර්ණ පද්දතියට විවේකයක් ලැබෙන අතර එය වේගයෙන් අලුත්වැඩියා වන්නේය.

උපවාස කාලයේදී පමණක් නොව වෙනත් අවස්ථාවන්හිදී පවා නබිතුමා කුස පිරෙන්නට ආහාර ගෙන නැත. එය ඔහුගේ අනුගාමිකයින්ටද මග පෙන්වීමකි. මෙම පුරුද්ධ නිරෝගී ජිවිතයක් පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වන්නේය. යම් කෙනෙකුට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගැනීම නිසා තරබාරු කම ඇති වේ. ඊට හේතුව වැඩිපුර ඇති ශක්තිය මිනිස් ශරීරය තුලදී මේදය වශයෙන් තැන්පත් වීමයි. එහෙත් ඉස්ලාම් පෙන්වා දෙන ආහාර රටාව නිසා එය මග හැරී යන්නේය.

ඉස්ලාම් දහමින් සුකර මාංශ තහනම් කොට ඇත්තේද ඉන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් නිසාය. විශේෂයෙන්ම ඌරු මස් වල ඇති පටි පණුවන්ගේ බිත්තර මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්නේය. එම පටි පණුවන් මීටර 2-3 දක්වා දික් වන්නේය. ඒවා මිනිස් මොලය කරා ගමන් කිරීමෙන් හිස්ටිරියා පවා ඇති විය හැකිය. ඒ හැරුණු විට ඌරු මස්වල ඇති අධික කොලොස්ටරෝල් නිසා රුධිර වාහිනී වල හිරවීම් සිදු වන්නේය. මේවා සුව කිරීම පහසු නොවේ. ඌරු මස් පමණක් නොව ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති අනෙක් සෑම දෙයක්ම මිනිස් ජිවිතයට අහිතකර වේ. එබැවින් ඉන් වැලකී සිටීම නිරෝගී ජිවිතයක් අත්කර ගැනීමට හේතුවකි.

මේවා ගැන නොදන්නා අය ඉස්ලාම් දහම විවේචනය කරති. කෙසේ වෙතත් ඉස්ලාම් දහම නිවැරදිව හැදෑරු බොහෝ අය ඉස්ලාම් දහම වැළඳ ගන්නෝය. එය ඔවුන්ගේ මෙලොව ජිවිතයේ සහ මතු ජිවිතයේ ජයග්‍රහණයට හේතුවක් වේ.

By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.J.Pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Twiter:- thetrue_path



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)