දෛවය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in predestination)


ලෝකයේ කුමක් සිදු වුවද, මිනිසුන් කුමක් කළද, හොඳ හෝ නරක වේවා, සියල්ල සර්වබලධාරී අල්ලාහ්ගේ සදාකාලික දැනුමට අනුව සිදු වන බව මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේය.  ඒවා සියල්ලම ලිඛිත ස්වරූපයෙන් ඔහු ළඟ දැනටමත් "ලහ්ෆුල් මහ්ෆුස්" නමැති පලකයේ (Preserved Tablet) සටහන් කර ඇත ( Kitab-ul-Aqaid, pp. 24). එය ඉස්ලාම් දහමේ ප්‍රධාන විශ්වාසයකි. මෙම කරුණ විශ්වාස නොකරන තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවේ. කෙසේ වෙතත් කෙනෙකුගේ දෛවය ප්‍රාර්ථනයන් මගින්ද සදකා හෙවත් පුණ්‍ය කටයුතු මගින්ද වෙනස් කල හැකි බව නබිතුමා පවසා තිබේ. 

කෙනෙකුගේ දෛවය කලින්ම ලියා තැබීම හේතුවෙන් ඔහුගේ නිදහසට හානියක් සිදු  වන්නේ නැත. එසේ ලියා තැබීම අල්ලාහ්ගේ ඥානය හා සම්බන්ද කාරනාවකි. 

යම් කෙනෙක් ස්වර්ගයට යනවාද එසේත් නැතිනම් නිරයට යනවාදැයි කලින්ම ලියා තැබීම නිසා ඔහුට අසාධාරණයක් සිදු නොවේ. ඇයිද යත් ඔහුට අවස්තාව දෙනු ලැබූ විට ඔහු එම තැනටම පටහ්වන බව අල්ලාහ් කලින්ම දන්නේය. ඊට හේතුව අල්ලාහ්ට ත්‍රිත්ව කාලයම එක සමාන බැවිනි. මේ හේතුවෙන් ලෝකයේ සිදු වීමට යන සෑම දෙයක්ක්ම කලින්ම සටහන් කර හමාරය. උදාහරණයක් වශයෙන් කෙනෙකුට මාර්ග කිහිපයක් පෙන්වා ඉන් කැමති මාර්ගය තෝරා ගැනීමට ඉඩ දුන් විට ඔහු ඉන් කුමන  මාර්ගයක් තෝරා ගන්නේ දැයි තවත් කෙනෙකුට කලින්ම දන්නේ නම් ඔහුට එය සිදු වීමට පෙර ලියා තැබිය හැකිය. එසේ කළ පමණින් එම ක්‍රියාව කරන පුද්ගලයාගේ තීරණයට බලපෑමක් සිදු නොවේ. මේ අකාරයටම මිනිසා කරන දේවල් ගැන කලින්ම සටහන් කර තැබීම නිසා මිනිසාගේ ක්‍රියාවට බලපෑමක් ඇති නොවේ. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් එය සවිස්තරාත්මකව විස්තර කර තිබේ.

"අදෘශ්‍යමාන දෑ හි යතුරු ඔහු සතුවම ඇත. ඔහු හැර වෙන කවරහු හෝ ඒවා ගැන නොදන්නෝය. තවද, ගොඩ බිමෙහිද මුහුදෙහිද ඇති දේ ගැන ඔහු හොඳින් දනියි. (ගසකින්) කොලයක් (leaf) වුවද ඔහු නොදැනුවත්ව වැටෙන්නේ නැත. පොළොවෙහි අන්දකාරයෙහි ඇති බීජය හෝ සාරවත්ව ඇති දේ හෝ වියලී ඇති දේ හෝ කුමක් වුවද පැහැදිලි ලේඛනයෙහි සඳහන් නැතුවා නොවේ" (කුරානය 6:59). කුරානයේ තවත් තැනක මෙසේද සඳහන් වේ. "නියතව අල්ලාහ්ට පොළොවෙහි හෝ අහස්හි හෝ ඇති කිසිවක් සැඟවී නොමැත" (කුරානය 3:5).

කෙසේ වෙතත් ලහ්ෆුල් මහ්ෆුස් හි ඇති දේවල් පිලිබඳ ඥානයක් මිනිසාට නොමැති බැවින් දෛවය පිලිබන වාද විවාද කිරීමෙන් වැලකී සිටින ලෙස නබිතුමා උපදෙස් ලබා දී තිබේ. තිර්මිzසි ග්‍රන්ථයේ සඳහන්වන හදිසයකට අනුව සහාබාවරුන් "දෛවය" පිළිබඳව විවාද කරමින් සිටිනු නබිතුමා දැක කෝපයට පත් වූ අතර "මීට පෙර ජිවත් වූ  ජනතාව විනාශයට පත් වීමට හේතුව දෛවය පිළිබඳව විවාද කිරීම" යැයි පැවසුවේය. එම කරුණ සම්භන්ධයෙන් ආයිෂා රලි තුමිය නබි තුමාගේ හදිසයක් මෙසේ වාර්තා කරන්නීය. "කව්රුන් හෝ දෙවියන්ගේ නියමය ගැන විවාධ කරන්නේ නම් ඔවූන්ගෙන් ඒ පිළිබඳව විනිශ්චය දිනයේදී ප්‍රශ්න කරනු ලැබේ. කව්රුන් හෝ ඒ ගැන කථා බහ නොකරන්නේ නම් ඔවුන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නේ නැත" (අත්-තිර්මිසි 114). මේ නිසා දෛවය සම්බන්දයෙන් වාද විවාද කිරීම පැත්තක තබා කටයුතු කල යුතුය.

දෛවය විශ්වාස කරන තැනැත්තා ඕනෑම කරදරයකදී එය දෛවයට භාර කොට සිත සන්සුන් කර ගන්නේය. උදාහරණයක් වශයෙන් කෙනෙකුගේ පියා හෝ වෙනත් ලඟම ඥාතියෙක් මිය ගිය විට හෝ අන්තරාවක් සිදු වූ විට එය දෛවය අනුව සිදු වූ බව විශ්වාස කිරීමෙන් සන්සුන් විය හැකිය. ඒ අනුව දෛවය පිලිබඳ විශ්වාසය මුස්ලිම්වරුන්ට ආශීර්වාදයකි. 

Fasy Ajward.B.Sc(Physics.special) Hons,Japura,
Ex: Research officer at former Scientific and Industrial Research Institute.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)