Posts

අල් කුර්ආනය පවසන්නේ හිරු මඩ සහිත ජලයට බැස යන බවද? (Does the Quran say that the sun sets into muddy water?)

Image
ඇතැම් විවේචකයින් කුරානයේ සඳහන් විස්තරයකට වැරදි අටුවා ටීකා ඉදිරිපත් කරමින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේය. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ අල්-කුරානයේ 18 වන පරිජ්ජේදයේ 86 වන වගන්තිය වේ. එහි පැවසෙන අන්දමට zසුල් කර්නෙයින් එක්තරා ගම්මානයකට ගිය අවස්ථාවේදී ඉර මඩ වලක් තුලට බැස යන අකාරය දැක තිබේ. එම සිදුවීම කුරානයෙන් මෙසේ විස්තර කොට ඇත. "ඔහු සුර්යයා බැස යන තැනට පැමිණි කල, කළු පැහැයෙන් යුත් මඩ ජලයෙහි එය බැස යන බව දුටුවේය" (කුරානය 18:86). කෙසේ වෙතත් මෙහි විස්තර කොට ඇත්තේ zසුල්කර්නෙයින් ඉර බැසීම දුටු ආකාරය යි. එය කව්රු කිව්වත් කිව යුත්තේ ඔහු දැක තිබෙන අන්දම මිස වෙනත් අකාරයකට නොවේ. එබැවින් කිසිම බුද්ධිමතෙකුට එහි වැරැද්දක් කිව නොහැකිය. zසුල්කර්නෙයින් පමණක් නොව වෙනත් ඕනෑම කෙනෙක් ඉර බැස යන මොහොතකදී මුහුදු වෙරළට ගියේ නම් ඔහුටත් දැකීමට ලැබෙන්නේ ඉර මුහුදේ ගිලී යන අකාරය වේ. එබැවින් ඔහුට එය තවත් කෙනෙකු සමග විස්තර කල හැක්කේද ඉහත සඳහන් කුර්ආන් වැකියේ සඳහන් ආකාරයටම වේ. මෙතරම සුළු දෙයක් තේරුම් ගැනීමට නොහැකි අය කුරානයට වැරදි කියන්නේ කෙසේද? සුර්යයාගේ ගමන් මග ගැන කුරානයේ වෙනත් තැනක මෙසේ විස්තර කොට ඇත. ...

අල් කුර්ආනයට අනුව පෘථිවියේ හැඩය (The shape of the earth according to the Quran)

Image
කුරානය පහළ වූ හත්වන සියවසේදී පෘථිවියේ හැඩය සම්බන්දයෙන් බොහෝ අවිද්‍යාත්මක සංකල්ප්ලයන් දක්නට තිබුනේය. එම කාල වකවානුවේදී වැඩිවශයෙන්ම දක්නට තිබුණු පොදු මතය වුයේ පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් අල්-කුරානය එම වැරදි මත සියල්ලම බැහැර කොට පෘථිවියේ නිවැරදි රුපය විස්තර කොට ඇත. ඇතැම් කුර්ආන් වැකිවලින් පෘථිවියේ නිවැරදි රුපය ඍජුවම සඳහන් කොට තිබේ. වෙනත් කුර්ආන් වැකිවලින් පෘථිවියේ හැඩය අනියම් ලෙස විස්තර කරන්නේය. අල්-කුරානයේ 79 වන පරිජ්ජෙදයේ 30 වන වැකිය අනුව පෘථිවිය බිත්තරයක හැඩය ගන්නා බව සඳහන් වේ. එහෙත් අරාබි අකාරාදියේ 'දහාහා' යන අරාබි පදයට වෙනත් බොහෝ අර්ථයන් ද තිබේ. එම අර්ථයන් වන්නේ: එලුවේය, පැතිරෙනවා, බිත්තරයේ හැඩයට පත්කරනවා, වටකුරු කරනවා යන්නයි. ඒ අනුව කුරානයේ සඳහන් එම වැකිය මේ දෙආකාරයටම පරිවර්තනය කල හැකිය. ඉන් පළමුවැන්න  "ඉන් අනතුරුව ඔහු පොළොව එලුවේය"  දෙවැන්න  “ඉන් පසු ඔහු පොලව බිත්තරයක හැඩයට පත් කළේය” යනුවෙනි. මේ පරිවර්තන දෙකම නිවැරදි ය. පෘථිවියේ විශාලත්වය ගැන සලකා බලන කල දහාහා යන වචනයට වඩා සුදුසු පරිවර්තය වන්නේ එලුවේය ය...

මිනිස් ජිවිතයේ ආරම්භය සහ අවසානය (The beginning and the end of human life)

Image
මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාව මැවීමත් සමග වේ.  මෙය බයිබලයේද අල්-කුරානයේද දෙවියන් පහළ කරන ලද අනෙක් දහම් පණිවිඩ වලද සඳහන් ය. ඒ ගැන අල් කුරානය මෙසේ පවසා තිබේ. "තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි'යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, 'නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි'යි කීය" (කුරානය 2:30). ඉන් පසු අල්ලාහ් ආදම්තුමාව මැටියෙන් මවා ඔහුගේ ශරීරය තුලට මුල්ම ආත්මය ඇතුලත් කළේය. ආදම්තුමාගේ ඉල ඇටයකින් ඔහුගේ සහකාරිය මැව්වේය. අනතුරුව මිනිස් ආත්මයන් මවා ඒවා "ආලමේ අර්වාහ්" නොහොත් ආත්මීය ලෝකයේ තැබුවේය. මවක් පිළිසිඳ ගැනීමේදී ඊට නියම කොට ඇති දේවදුතයින් විසින් එහි ඇති ආත්මයක් රැගෙන විත් මවගේ කුස තුලට ඇතුලත් කරන්නේය. ඉන් පසු මිනිසා මරණයට පත්වන අවස්ථාවේදී නැවතත් එම ආත්මය  දෙවියන් පත්කොට ඇති දේවදුතයෙකු විසින් රැගෙන යන්නේය. දෙවියන් මවා ඇති අනෙක් ජිවින් අතරින් මිනිසා වෙනස් ය. මිනිස...

ඉස්ලාමයේ සත්ව හිංසනයට තැනක් තිබේද? (Is there a place for animal cruelty in Islam?)

Image
සත්ව හිංසනය යනු සතෙකුට ආහාර, ජලය, නවාතැන් හෝ පශු වෛද්‍ය රැකවරණය අහිමි කිරීම ලෙස අර්ථ දක්වා තිබේ. ඒ හැරුණු විට සතුන්ට වධ දීම, අබ්බගාත කිරීම වැනි දේවල්ද සත්ව හිංසනය යටතට වැටේ. මෙවැනි දේවල් ඉස්ලාම් දහමින්ද තරයේ හෙලා දකින්නේය. එහෙත් ආහාරය පිණිස හෝ වෙනත් සාධාරණ හේතුවක් නිසා සතෙකුට හිංසා නොකොට ඝාතනය කිරීම සඳහා ඉස්ලාම් දහමින් අනුමැතිය තිබේ. මේ නිසා මසුන් මැරීමට හෝ අහාරය පිණිස සත්ව ගොවිපොළක් පවත්වා ගෙන යෑමට හෝ ඉස්ලාම් දහම තුල තහනමක් නැත. අකාරය පිණිස සතුන් මැරීම සත්ව හිංසනයක් ලෙස දකින අය පවා තම ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂද භාවිතා කරති. එමගින් බොහෝ ක්ෂුද්‍ර ජීවින් විනාශ වේ. එපමණක් නොව බරවා මැලේරියා වැනි වසංගත පැතිර යෑමේදී ඒවා පාලනය කිරීම සඳහා මදුරුවන් විනාශ කරනු ලැබේ. එහෙත් සත්ව හිංසනයට විරුද්ධ වන අය ඒවාට එරෙහිව හඬ නගන්නේ නැත.  සත්ව හිංසනය ගැන කතා කරන අය සතුන්ගේ නිදහසට බදා කරමින් උන්ගෙන් වැඩ ගැනීම ගැන කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත. එසේම උන්ගේ පැටවුන්ට එරෙන කිරි මිනිස් පරිබෝජනයට ගැනීම වරදක් ලෙස දකින්නේද නැත. එහෙත් ඉස්ලාම් දහම මැද පිළිවෙතක් අනුගමනය කරමින් මෙවැනි දේවල් සඳහා අනුමැතිය ල...

අල්ලාහ් සමඟ හවුල්කරුවන් ඇති කිරීම මහා පාපයක් වන්නේ ඇයි? (Why is associating partners with Allah a great sin?)

Image
අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට සමාන වෙනත් කිසිවෙකු නැත. එසේ තිබියදී අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීම මහා පාපයක් ලෙස සලකනු ලැබේ. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම අල්ලාහ්ට පමණක් නැමදුම් කල යුතුය. එසේ තිබියදී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් පඬුරු දැමීම හෝ වෙනත් අය වෙනුවෙන් සතුන් කැප කිරීම හෝ මිය ගිය අය හරහා අල්ලාහ්ගෙන් දුආ ප්‍රාර්ථනය කිරීම නොකළ යුතුය. එවැනි වැරැද්දක් කරන කෙනෙක් කරන්නාවූ සලාතයෙන් හෝ සකාත්වලින් හෝ උපවාසයෙන් හෝ පලක් වන්නේ නැත. මේ හේතුවෙන් ලුක්මාන් අලෛහි සලාම් තුමා සිය පුතුන්ට මෙසේ අවවාද කළේය.  "ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, 'මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි" (කුරානය 31:13).  ඉස්ලාම් දහම අනුව කෙනෙක් මිය ගියේ නම් ඔහුගේ දේහය පොදු සුසාන භුමියක මිහිදන් කල යුතුය. එසේ තිබියදී එම දේහය ගොඩනැගිල්ලක් තුල මිහිදන් කිරීම හෝ මිහිදන් කල සොහොන වටා ස්ථිර ගොඩනැගිලි ඉදිකොට එය පුජනීය ස්ථානයක් කර ගැනීම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි වේ. නබිතුමා මිය යාමට පෙර එවැනි දෙයක් කරන අයට ශාප කළේය. මළවුන් වෙනු...

ඉස්ලාම් භීතිකාව (Islamophobia)

Image
ඉස්ලාම් භීතිකාව යනු සාධාරණ හේතුවක් නොමැතිව ඉස්ලාම් දහම කෙරෙහි දක්වනු ලබන බිය සහ පිළිකුල වේ. ලෝකයේ බොහෝ ආගම් තිබියදී ඉස්ලාම් ආගම ගැන පමණක් භීතිකාවක් මවාගෙන තිබෙන්නේ ඉන් බොහෝ අයට වැරදි කිරීමට තිබෙන අවස්ථා ඇහිරී යන නිසාය. මේ හේතුවෙන් ඇතැම් අය තම පෞද්ගලික වාසි සඳහා ඉස්ලාම් භීතිකාවක් නිර්මාණය කරන්නේය. ඒ අනුව දේශපාලකයින් තම ගොඩ වැඩිකර ගැනීම සඳහාද ව්‍යාපාරිකයින් ඔවුන්ගේ සාමාජික පිරිස වැඩිකර ගැනීම සඳහාද ඉස්ලාම් භීතිකාව කරලියට ගෙන එන්නේය.  කුරානයයෙන් ලබා දී ඇති මිනිස් අයිතිවාසිකම් ඇතැම් අයට අවාසි වන නිසා එදා සිටි ජනතාව නබිතුමාට විරෝදය පා තිබේ. උදාහරනයක් ලෙස නබිතුමා උපදින විට කාන්තාවන්ට මිනිස් අයිතිවාසිකම් තිබුනේ නැත. එහෙත් කුරානයෙන් ඔවුන්ට පිරිමින්ට මෙන් සම අයිතිවාසිකම් ලබා දුන්නේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. තවද ඉස්ලාමයට පෙර ධනවතුන් විසින් දුගී ජනතාව පාගාගෙන ජිවත් විය. එහෙත් කුරානයෙන් සැමට එක සමාන අයිතිවාසිකම ලබා දුන්නේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. තවද කුරානයෙන් පොලිය තහනම් කොට ඇත. එය පොළී මුදලාලිලාගේ අප්‍රසාදයට හේතුවක් විය. එසේම ඉස්ලම දහමින් මත්පැන් ...

මිනිසාව නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද? (What is the purpose of creating man?)

Image
යම් කිසි උපකරණයක් නිෂ්පාදනය කිරීමේ අරමුණ දන්නේ එහි නිෂ්පාදකයාට ය. එසේම මිනිසාව මැවීමේ අරමුණ  දන්නේ ඔහුගේ මැවුම් කරුටය. තවද යම් උපකරණයක් නිසි ලෙස ක්‍රියා කිරීමට නම් ඒ සමග එන අත්පොත පිළිපැදිය යුතුය. මේ ආකාරයටම මිනිස් ජීවිතය ජය ගැනීමට නම් දෙවියන් ලබා දී ඇති මාර්ගෝපදේශය පිළිපැදිය යුතුය. කෙසේ වෙතත් යම් උපකරනයකින් එහි අරමුණ කිසිසේත්ම ඉටු නොවේ නම් එය නැවත ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. එසේම මිනිසාව මැවූ අරමුණ ඉටු නොවන්නේ නම් නිරයට දමන්නේය.  මිනිසාට යහ මග පෙන්වීම සඳහා දහම් පණිවිඩ රැගත් බොහෝ නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ආදම්, නුහ්, හුද්, ඉද්රිස්, ඉබ්‍රාහිම්, ඉස්මායිල්, ඉස්හාක්, මුසා, ඊසා, මුහම්මද් (ඔවුන් සියල්ලෝම කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන අය එසේ පැමිණි ඇතැම් නබිවරුන් ය. මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානයත් සමග දෙවියන් පහළ කරන ලද දහම් පණිවිඩය සම්පුර්ණ වන්නේය.  අල් කුරානයේ මිනිසාව මැවූ හේතුව මෙසේ සඳහන් වේ.  "ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත"  (කුරානය 51:56). තවද මරණයෙන් පසු මිනිසාව ප්‍රශ්න කිරීම සඳහා නැවතත් දෙවියන් වෙතම කැඳවන බව කියැවේ.  "නුඹ...