සනත්ගේ කතාවෙන් ඉගෙන ගත යුතු පාඩම් (Lessons to be learned from Sanath's story)
සාතන් යනු ගින්නෙන් නිර්මාණය කරන ලද ජින් වර්ගයට අයත් ජීවියෙකි. අනෙක් අතට මිනිසාව මවා තිබෙන්නේ මැටිවලින් ය. එහෙත් මොවුන් අතර පොදු ලක්ෂණයක් දැකිය හැකිය. ඒ අනුව මිනිසාටත් ජින් වරුන්ටත් අතර ඇති පොදු ලක්ෂණය වන්නේ තමන් කැමති දෙයක් තෝරාගැනීමට තිබෙන හැකියාව ය. මේ හේතුවෙන් ආදම් තුමාට නමස්කාර කරන ලෙස දෙවිඳුන් ලබා දුන් නියෝගය දේවදුතයින් පමණක් ඉටු කළහ. එහෙත් සතන් එය ඉටු කලේ නැත. සාතන් එම නියෝගය ඉටු කිරීමෙන් වැළකුණේ ඔහුගේ උඩඟු කම නිසාය. ඒ බව මෙම කුර්ආන් වැකියෙන් පැහැදිලි කොට ඇත. "'මා නුඹට අණ දුන් කල්හි නුඹ සුජුද් නොකර සිටීම සඳහා නුඹව වැළැක්වූ දෙය කුමක්දැයි' ප්‍රශ්න කල කල්හි, 'මා ඔහුට වඩා උසස් වෙමි' 'නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැයි' පැවසුවේය. (කුරානය 7:12). එම අවස්ථාවේදී සාතන්ගේ උඩඟු කම ඔහුගේ විනාශයට හේතුවක් විය.
සාතන්ව ගින්නෙන් මවා තිබෙන නිසා ඔහු මැටියෙන් මවා ඇති ආදම් තුමාට වඩා උසස් යැයි සිතුවේය. ඔහු අල්ලාහ්ගේ වහලෙක් බව අමතක කළේය. මේ නිසා අල්ලාහ් දුන් නියෝගය ඉටු කලේ නැත. ඒ වෙනුවට අල්ලාහ්ගේ තවත් මැවීමක් වන ආදම් තුමාව පහත්කොට සැලකුවේය. එහි ප්‍රතිපලය වුයේ සාතන් සදාකල් අල්ලාහ්ගේ කෝපයටත් ශාපයටත් පාත්‍ර වීමයි. ඒ අනුව එතෙක් කල් ස්වර්ගගේ වාසය කල සාතන්ව ඉන් නෙරපන ලදී. එය සාතන් ලැබූ විශාල පරාජයකි.
තමන්ගේ තරම දැනගෙන කටයුතු කිරීමේ වැදගතක්ම මෙම සිදුවීම අපට උගන්වන්නේය. නබිතුමාගේ හදිසයක සඳහන් වන අන්දමට අනු ප්‍රමාණයක හෝ උඩඟු කම තිබුනේ නම් ඔහු සුවර්ගයට යන්නේ නැත. මේ නිසා කෙනෙක් මොන තරම් ඉහල නිලයක් හෙබෙව්වත් තමන්ට වඩා පහලින් සිටින අයව පහත්කොට සැලකීමෙන් වැලකී සිටිය යුතුය. එසේ කොකර අනෙකාව පහත් කොට සැලකීම සාතන්ගේ ක්‍රියාවක් වේ.
සාතන් එදා අකීකරු වුයේ අල්ලාහ්ගේ එක් නියෝගයකට පමණි. ඉන් සාතන්ට සිදුවූ පාඩුව සුළු පටු නොවේ. එසේ තිබියදී බොහෝ අය අල්ලාහ්ගේ එක් නියෝගයකට වඩා කඩ කරන්නේ කෙසේද? අද විශාල පිරිසක් සලාතය ඉටු කරන්නේ නැත. තවත් සමහරු රමළාන් මාසයේදී උපවාස කරන්නේ නැත. ඇතැම් අය හැකියාව තිබියදීත් හජ් වන්දනය ඉටු කරන්නේ නැත. සමහරු කොතරම් ධනය තිබුනත් ඒවා වෙනුවෙන් ගෙවිය යුතු සකාත් පැහැර හරින්නේය. එවැනි අය සාතන්ට සිදු වුනු දේ ගැන සිතා බැලිය යුතු නොවේද?
බොහෝ අය වැරදි කරන්නේ සාතන්ට කීකරු වීම නිසාය. එහෙත් සාතන් මිනිසාගේ පරම සතුරෙක් බව දැනගෙන කටයුතු කල යුතුය. සාතන් මිනිසාගේ පරම සතුරෙකු බව කුරානයේ නැවත නැවත අනතුරු අඟවා තිබේ.
සාතන්ව ස්වර්ගයෙන් නෙරපන අවස්ථාවේදීම ආදම්ගේ දරුවන්ව ස්වර්ගයට යෑමෙන් වලක්වන බවට ප්‍රතිඥාවක් දුන්නේය. එවිට අල්ලාහ් ඔහුට මෙසේ කිවේය. "නියත වශයෙන්ම මාගේ (යහපත්) ගැත්තන් කෙරෙහි නුඹට කිසිඳු බලයක් නැත" (කුරානය 17:65). මේ නිසා අල්ලාහ් පෙන්වා ඇති යහ මගෙහි ගමන් කරන කිසිවෙකු වෙනුවෙන් ඔහුට බලයක් නැත. කෙසේ වෙතත් ස්වෙජ්ජාවෙන්ම සාතන්ට අවනත වන්නේ නම් ඔවුන් කෙරෙහි සාතන්ගේ බලය ක්‍රියාත්මක කරන්නේය. එහෙත් විනිශ්චය දිනයේදී සාතන් මෙසේ පවසන බව මෙම කුර්ආන් වැකියෙන් පෙන්වා දෙන්නේය. "විනිශ්චය දෙනු ලැබූ කල, (සාතන් මෙසේ පවසනු ඇත) 'ඇත්ත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සත්‍යය ප්‍රතිඥාවක් දුන්නේය' එසේ තිබියදී මාද නුඹලාට ප්‍රතිඥා දුන්නෙමි. එහෙත් මා නුඹලාට වෙනස්කම් කළෙමි. මා නුඹලාව අඬගැසූ විට පිළිතුරු දුන් දෙය හැර මා හට නුඹලා කෙරෙහි කිසිඳු බලයක් තිබුනේ නැත. එබැවින් නුඹලා මා හට දොස් නොපවරනු. නුඹලා නුඹලාටම දොස් පවරාගනු. මා නුඹලාව ආරක්ෂා කරන්නෙක්ද නොවෙමි. නුබලා මාව ආරක්ෂා කාරන්නන් ද නොවේ. මීට පෙර නුඹලා මා සමග සම කරමින් සිටි දේවල් නියත වශයෙන්ම මා විසින් ප්‍රතික්ෂේප කරමි'යි සාතන් පවසනු ඇත" (කුරානය 14:22).
ලෞකික ජීවිතය තාවකාලික එකක් බව පුන පුනා පවසා තිබියදීත් බොහෝ අය වෙහෙසෙන්නේ එම ජීවිතය වෙනුවෙන්මය. එහෙත් මරණයෙන් පසු ජිවිතයට නිමක් නැත. එම ජීවිතය සමග සැසඳීමේදී ලෞකික ජීවිතය සිහිනයක් බඳු ය. එසේ තිබියදී හම්බ කල සියල්ලම ඉතිරිකොට හිස් අතින් අවසන් ගමන් යන බව දැනදැනත් මේ ලෝකය වෙනුවෙන් ජිවත් වීම මුග්ද කමක් නොවේද?
By Fasy Ajward. B.Sc (PhysicsSpecial) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:- thetrue_path.
Ela
ReplyDeletethanks bro......
ReplyDeletejazakallahu khair
DeleteThank a lot for your encouragement.
ReplyDelete