ඉස්ලාමයේ තුන්වැනි වගකීම වන සකාත් (Zakat, the third responsibility of Islam)
දුප්පතුන් වෙනුවෙන් ධනවතුන් ලබා දිය යුතු දීමනාව සකාත් ලෙස ඉස්ලාම් දහමින් නම් කොට තිබේ. එය සෑම ධනවතෙකු විසින්ම ඉටු කිරීම අනිවාර්ය කොට තිබේ. ඒ අනුව දිළින්දන් වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් වචනයට පමණක් සිමා නොකොට ක්‍රියාවෙන්ම පෙන්වා දී ඇති දහමක් ලෙස ඉස්ලාම් දහම පෙන්වා දිය හැකිය.
මෙම බද්ධට යටත්වන සෑම කෙනෙකුම චන්ද්‍ර වර්ෂයක් පාසා එය නිසිලෙස ගණන් බලා සකාත් ලැබීමට සුදුසුකම් ලබන උදවිය වෙත ලබා දිය යුතුය. සකාත් ගෙවිය යුත්තේ රන්, රිදී, ව්‍යාපාර වස්තු, මුදල් නෝට්ටු, සිව්පා සතුන් සහ ධාන්‍ය වර්ග සඳහාය. ඒ අනුව රත්‍රන් ග්‍රෑම් 85 ක් හෝ රිදී ග්‍රෑම් 595 ක් හෝ ඊට වැඩියෙන් ඇති පුද්ගලයින් සකාත් ගෙවීමට සුදුසුකම් ලබන්නේය. ඒ හැරුණු විට එළුවන් බැටළුවන් ඔටුවන් වැනි සිව්පා සතුන් සඳහා ද රට ඉඳි සහ ධාන්‍ය සඳහා ද ඒවා නෙලා ගත් අවස්ථාවේදී ගණන් බලා ඊට අයත් සකාත් ගෙවිය යුතුය.
ඇතැම් ඉස්ලාමිය රටවල්වල රජය මැදිහත් වීමෙන් සකාත් එකතු කොට ඒවා ලැබීමට සුදුසුකම් ලබන අයට බෙදා දෙන්නේය. ඉස්ලාම් නොවන රටවල් වල ඇතැම් සංවිදාන විසින් එම කාර්ය සඳහා දායකත්වය ලබා දෙන්නේය.
ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට ඇති සකාත්, සලාතය තරම්ම වැදගත් ය. මේ නිසා කුරානය තුල සලාතය ගැන සඳහන් වන සෑම තැනම සකාත් ගැනත් සඳහන් කොට ඇත.
දුප්පතුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට ඇති ඉතා සුදුසු ක්‍රමයක් ලෙස සකාත් පෙන්වා දිය හැකිය. එය ඉටු කිරීම නිසා කෙනෙකුගේ ධනය අඩු නොවන බව කුරානයෙන් අවධාරණය කොට ඇත. ඒ වෙනුවට සකාත් ගෙවන්නාගේ ධනය තව තවත් වර්ධනය වන්නේය. මේ සම්බන්දයෙන් බොහෝ හදිස් දැකිය හැකිය. තවද මුස්ලිම්වරයෙකු කරන හොඳම පුණ්‍ය කර්මය තම ධනයට සකාත් ගෙවීම බව නබිතුමා පවසා තිබේ (සහිහ් මුස්ලිම්). සකාත් ගෙවීම නිසා දුප්පතුන්ට ධනවතුන් කෙරෙහි ඇල්මක් ඇති වන්නේය. එය ඉස්ලාමීය සහෝදරත්වයට ඉතා වැදගත් වේ.
zසකාත් ගෙවීම නිසා කෙනෙකුගේ ඉතිරි වන ධනය පිරිසිදු වන්නේය. තවද එය මරණයෙන් පසු ජිවිතයට විශාල ආයෝජනයක් වේ. zසකාත් බද්ද නිසියාකාරව සෑම කෙනෙකු විසින්ම ඉටු කරනු ලබන්නේ නම් ලෝකයේ ඇති දිළිඳු කම තුරන් වනු ඇත.
සකාත් ලැබීමට සුදුසුකම් .ලබන අය කව්රුන්ද යන්න කුරානයේ ඇති මෙම වැකිය තුල සඳහන් වේ. "(සකාත් නමැති අනිවාර්ය වූ) දානය දිලින්දන්ටද, දුප්පතුන්ටද, එම කාර්ය සඳහා සේවය කරන්නන්ටද, (ඉස්ලාමය වෙත) සිත් ඇදී සිටින්නන්ටද, වහලුන්ව නිදහස් කිරීමටද, ණයකරුවන්ටද, අල්ලාහ්ගේ මගෙහි සිටින්නන්ටද, මගියාටද අයත් වේ" (කුරානය 9:60).
කිසියම් ධනවතෙකු විසින් තමන්ගෙන් යැපෙන්නන් හට තම zසකාත් ලබා දිය නොහැකිය. උදාහරණයක් ලෙස කෙනෙකුගේ භාර්යාවට හෝ ඔහුගේ දෙමව්පියන්ට හෝ තම සකාත් ලබා දීම කල නොහැකිය. ඔවුන් වෙනුවෙන් වියදම් කළ යුත්තේ තම පෞද්ගලික ධනයෙන් ය.
සකාත් වලට අමතරව සකාතුල් ෆිතර් සහ සදකා ගැන ඉස්ලාම් දහම පවසා තිබේ. සදකා යනු ස්වෙජ්ජාවෙන් දෙනු ලබන දීමනාවකි. එය තමන් කැමති තරම් තමන් කැමති අය වෙනුවෙන් ලබා දිය හැකිය. එසේම සකාතුල් ෆිතර් උපවාස මාසය අවසන් වීමෙන් පසු දෙනු ලැබේ. එය දුප්පත් උදවියට රමලාන් උත්සවය සැමරීමට උපකාරී වේ.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment