Posts

ජාතින් වශයෙන් වෙන්වීම රටේ දියුණුවට කෙසේ බලපායිද? (How will separation as a nation affect the development of the country?)

Image
දේශපාලන වාසි ගැනීම සඳහා ජනතාව බෙදා වෙන්කිරීම ලෝක බලවතුන්ගේ උපක්‍රමයකි. ISIS සහ අල් කයිඩා වැනි සංවිදාන පිහිටුවා ඇත්තේද මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහාය.  ඇමරිකාව වැනි රටවල් වලට උවමනා වී තිබෙන්නේ මෙවැනි සංවිදාන හරහා ඔවුන්ට අවශ්‍ය රටවල්වල ප්‍රශ්න ඇතිකිරීමෙන් ඒවා අස්ථාවර කොට  ඔවුන්ට අවශ්‍ය අකාරයේ පාලනයක් ඇති කර ගැනීමය. තවද ඒ හරහා එම රටවල්වල ඇති සම්පත් කොල්ල කෑමත් ඔවුන්ගේ අවුද විකුණා ගැනීමත් සිදු කරන්නේය. මේ සඳහා ඔවුන් උපක්‍රමශීලිව මුස්ලිම් නොවන අයට අරාබි භාෂාව උගන්වා ඔවුන්ව ඉස්ලාමිය විශ්වවිද්‍යාලවලට පත්කොට ඉස්ලාම් දහමට විරුද්ධ මත සමාජ ගත කිරීමය. මෙවැනි ක්‍රම මගින් ඔවුන් කරන්නේ ඉස්ලාමීය ලෝකය තුල ප්‍රශ්න ඇති කිරීම වේ. මිට හොඳම උදාහරණය ISIS සංවිදානය අල් කුරනයට පටහැනිව ක්‍රියා කිරීම යි. මෙම සංවිදානයේ වැරදි ප්‍රචාරයන්ට රැවටුණු බොහෝ මුස්ලිම්වරුන් ඔවුගේ ග්‍රහණයට එක් කරගෙන ඇත.   ලංකාවේ සිදුවුණු ISIS ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කලේ ද එවැනිම අරමුණක් නිසා විය හැකිය. එම ම්ලේජ්ජ ක්‍රියාවට සමස්ත මුස්ලිම් ප්‍රජාව කිසිසේත්ම සම්බන්ද නැත. මෙය කදිමට සනාථ වන්නේ ඔවුන් ගැන සාමාන්‍ය මු...

ත්‍රස්තවාදය ගැන ඉස්ලාම් දහම පවසන්නේ කුමක්ද? (What does Islam say about terrorism?)

Image
ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය යන්නයි. තවද මුස්ලිම්වරුන් දෙදෙනෙකු හමුවූ විට පවසන්නේද සාමය අත්වේවා! යනුවෙනි. මේ හැරුණු විට නබිතුමාගේ හදිසයකින් කියැවෙන්නේ මුස්ලිම්වරයෙකුගේ අතින් අන් අය ආරක්ෂා නොවන්නේ නම් ඔහු මුස්ලිම්වරයෙකු නොවන බවයි. එසේ නම් මුස්ලිම්වරයෙකු ත්‍රස්තවාදියෙක් වන්නේ  කෙසේද?  අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව මිනිස් ඝාතනයක් කල නොහැකිය. හේතුවක් නොමැතිව කරන මිනිස් ඝාතනයක් මෙම කුර්ආන් වැකිය තුලින් සමාන කොට තිබෙන්නේ ලෝකයේ වෙසෙන සියලුම මිනිසුන් ඝාතනය කිරීමටයි.  "නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු"  (කුරානය 5:32). එසේ තිබියදී මිනිසුන් ගැවසෙන ස්ථානයක බෝම්බයක් පිපිරවීම මුස්ලිම්වාරය්කු විසින් කල හැකි කාර්යයක් නොවේ. එවැනි දෙයකට ඉස්ලාම් දහමින් අවසර දෙන්නේද නැත.  ත්‍රස්තවාදීන් මුස්ලිම්වරුන් අතර පමණක් නොව සෑම ජාතියකම සිටින්නේය. එසේ ...

ඉස්ලාම් දහම සහ අනෙක් ආගම් අතර සංහිඳියාව තිබිය යුතු සීමාවන් (The restrictions that should be placed on reconciliation between Islam and other religions))

Image
මිනිසුන් අදහන ආගම් ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ ඇති විශ්වාසයන් නිසාය. එබැවින් ඒවා සංහිඳියාවේ නාමයෙන් කලවම් කල නොහැකිය. උදාරණයක් වශයෙන් ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත ගොඩ නැගී ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නැමදීම් කල නොහැකිය. එසේ කිරීම දෙවියන්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. මෙම කරුණ හොඳින් තේරුම් ගන්නේ නම් මුස්ලිම්වරුන් මල් පුජා නොකරන්නේ ඇයි දැයි වටහා ගැනීමට හැකි වනු ඇත. එපමණක් නොව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් හිස නමා අචාර කල නොහැකිය. ඒ අනුව මුස්ලිම්වරුන් වැඩිහිටියන්ට හෝ පුජක තුමන්ලාට හෝ දෙමව්පියන්ට හෝ වැඳුම් පිදුම් කරන්නේ නැත. මෙම කරුණු හොඳින් තේරුම් ගන්නේ නම් සහජීවනයත විශාල රුකුලක් වනු ඇත. ආගම් අතර ඇති වෙනස්කම් වලට ඉඩ දෙමින් ක්‍රියා කරන්නේ නම ජාතින් අතර ඉතා හොඳින් සංහිඳියාව ගොඩ නැගිය හැකිය. උදාහරණයක් ලෙස වෙසක් උත්සවය බෞද්ධ උරුමයකි. එබැවින් එය ආරක්ෂා කල යුත්තේ බෞද්දයින් විසින්මය. මේ නිසා මුස්ලිම්වරුන් විසින් වෙසක් කුඩු සැදීම හෝ වෙසක් සැරසිලි සිදු කිරීම හෝ ඔවුන්ගේ ආගමික කටයුත්තක් ලෙස සැලකිය නොහැකිය. එසේම මල් පුජා කිරීම බෞද්...

දරුවන් ඇති දැඩි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු (Things to consider when raising children)

Image
  දරුවන් ඇති දැඩි කිරීම පිලිබඳව බොහෝ උගතුන් විසින් පොත් පත් පල කොට ඇත. එහෙත් මෙහිදී සලකා බැලෙන්නේ ඉස්ලාම් දහම එම විෂය ගැන ලබා දී තිබෙන අවවාදයන් ගැන පමණි. සහජයෙන්ම දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ ආදරය සහ කරුණාව නිරන්තරයෙන්ම ලැබෙන්නේය. එම නිසා ඔවුන් නිතරම ආසා කරන්නේ තම දරුවන්ගේ ලෞකික ජිවිතයේ ජයග්‍රහණය දැකීමටයි. ලෞකික ජීවිතයේදී ලබන ජයග්‍රහණය එක්තරා සතුටක් වුවද සත්‍යය ජයග්‍රහණය තිබෙන්නේ මරණයෙන් මතු ජිවිතයේදීය. මේ නිසා අල් කුරානය දෙමව්පියන් හට මෙසේ අවවාද කරන්නේය. “විශ්වාසවන්තයෙනි! ඔබ ද, ඔබගේ පව්ලේ උදවිය ද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගනු. එහි ඉන්දන ගල් සහ මිනිසුන් වන්නෝය. එයට ඉහලින් දයාවක් නැති ශක්තිසම්පන්න මලායිකා වරුන්ව පත්කරනු ලැබ ඇත්තෝය. ඔවුන්ට අල්ලාහ් නියෝගකර ඇති දැයෙන් වෙනසක් නොකරනු ලබන්නෝය. ඔවුන්ට දෙනුලැබූ නියෝග එලෙසින්ම ඉටු කරමින් සිටින්නෝය” . මේ නිසා ළමුන්ට අධ්‍යාත්මික මග පෙන්වීම ඉතාමත්ම වැදගත් වේ.  අල් කුරානයෙන් මෙතරම් තදින් අවවාද කොට තිබියදීත් බොහෝ දෙමව්පියන්ගේ ඉලක්කය වන්නේ ළමුන්ගේ ලෞකික දියුණුව දැකීමයි. එම නිසා ළමුන්ට ආගම දහම ඉගැන්වීමට වඩා ලෞකික අධ්‍යාපනය ලබා දීමට සෑම උත්සාහයක්ම...

උඩඟුකම නිසා ස්වර්ගය අහිමි වන්නේ ඇයි? (Why is heaven lost because of pride?)

Image
ස්වර්ගය වාසස්ථානය කරගෙන සිටි සාතන්ගේ විනාශයට මුලික හේතුව වුයේ උඩඟු කමයි. හදිසයක දැක්වෙන අන්දමට කෙනෙකුගේ සිතේ සුළු ප්‍රමාණයක් හෝ උඩඟු කම තිබුනේ නම් ඔහු ස්වර්ගයට යන්නේ නැත. උඩඟු කම යනු කෙනෙක් තවත් කෙනෙකුව පහත්කොට සැලකීම වේ. එසේම සත්‍යයට පිටුපෑමද උඩඟු කමේ තවත් එක් ලක්ෂණයකි. ආදම්තුමාව මුල්වරට මැවීමෙන් පසු ඔහුට නමස්කාර කරන ලෙස සියලුම දේවදුතයින් හට අණ කරනු ලැබීය. කෙසේ වෙතත් එම නියෝගය සියලුම දේවදුතයින් ඉටු කල අතර සාතන් පමණක් ප්‍රතික්ෂේප කලේය. ඊට හේතු විමසු අවස්ථාවේදී සාතන් පවසා සිටියේ තමන්ව ගින්නෙන් මවා ඇති නිසා මැටියෙන් මවන ලද ආදම් තුමාට නමස්කාර නොකළ බවයි. ඇත්ත වශයෙන්ම එම අවස්ථාවේදී ඔහු කල යුතුව තිබුනේ තමන්ට එම නියෝගය ලබා දුන් අල්ලාහ්ගේ අණට කීකරු වීමයි. ඔහු කල වරද නිසා සිදු වුයේ සදහටම ඔහුට ස්වර්ගය අහිමි වීමය.  කෙනෙකුගේ සිත තුල අංශු මාත්‍රයක තරම්වත් උඩඟු කම තිබුනේ නම් ඔහුට ස්වර්ගය නොලැබෙන බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වේ. සාතන් මේ සඳහා කදිම උදාහරණයකි. මිනිසාට අවවාද කිරීම පිණිස එම කරුණ නැවත නැවතත් අල් කුරානය තුල සඳහන් කොට තිබේ. එසේ තිබියදීත් බොහෝ අය උඩඟු කමින් පෙළෙන්නේ මමත්...

ඉස්ලාමය වැළඳ ගැනීම සඳහා බල කළ හැකිද? (Can conversion to Islam be forced?)

Image
අල් කුරානයේ දෙවන පරිජ්ජේදයේ 256 වන වැකිය තුල මෙසේ සඳහන් කොට ඇත.  “දහම තුල බල කිරීමක් නොමැත. ඇත්ත වශයෙන්ම වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙන් කොට පෙන්වාදී ඇත”.  මෙමගින් පැහැදිලි වන්නේ ඉස්ලාම් දහමින් බලහත්කාරය ප්‍රතික්ෂේප කරන බවයි. කුරානයේ තවත් තැනක මෙසේද සඳහන් වේ. "නුඹලාට නුඹලාගේ ධර්මය; මට මාගේ ධර්මය" (කුරානය 109:6). මෙම වගන්ති අනුව පැහැදිලි වන්නේ ඉස්ලාම් දහම තුල බලහත්කාරය නොමැති බවයි.  ඉස්ලාම් දහමේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ අල්ලාහ් දෙවියන්ව සිතින් විශ්වාස කිරීමයි. එය වාචිකව පමණක් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ඉස්ලාම් බක්තිකයෙක් වන්නේ නැත. මේ නිසා කිසිවෙකුව බලහත්කාරයෙන් ඉස්ලාම් දහමට හැරවිය නොහැකිය. එසේ කිරීමට අවශ්‍යතාවයක්ද නැත. කෙසේ වෙතත් ලෞකික අරමුණු ඇතුව ඇතැම් අය නබිතුමාගේ කාලයේදී පවා ව්‍යාජ ලෙස ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ. උදාහරණයක් වශයෙන් අබ්දුල්ලා ඉබ්නු උබෙයි සහ ඔහුගේ සගයන් පෙන්වා දිය හැකිය. ඔවුන් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ සමාජයට ඇති බිය නිසාය. මේ නිසා ඔවුන්ට ස්වර්ගය ලැබෙන්නේ නැත.  කෙසේ වෙතත් අල්ලාහ්ට අවශ්‍යතාවයක් තිබුනේ නම් සියළුම මිනිසුන්ව ඔහුට අවනත වන අය න...

ඕපාදූප - විනාශයට යන මාවත ( Gossip - The road to destruction)

Image
මිනිසා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන විශාල වරදක් වන්නේ කෙනෙක් තවත් කෙනෙකුගේ වැරදි සෙවීමය. මෙම වරද පොදු ජනතාව පමණක් නොව පුජක තුමන්ලා පවා සිදු කරති. ඇතැමුන් එය කරන්නේ තමන් උතුම් යැයි ජනතාව අතර ප්‍රතිරූපයක් ගොඩ ගනා ගැනීමටය. එහෙත් ඉන් සිදුවන්නේ ඔවුන් කරන කුසල් විනාශයට පත් වීමය. ඊට උදාහරණය හිල් කුඩයකින් වතුර ඇදීමට සම කල හැකිය. අනුන්ගේ වැරදි සොයමින් ඕපාදුප කියන තැනැත්තා කරන කුසල් සියල්ලම විනාශයට පත් වන්නේය. බොහෝ දෙනෙක් එය වටහා ගන්නේ මරණයට පත් වූ පසුව ය. එක් අවස්ථාවකදී ඔපාදුපය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි දන්නවාදැයි නබිතුමා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔවුන් පවසා ඇත්තේ අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් ඒ ගැන හොඳින් දන්නා බවයි. එවිට නබිතුමා මෙසේ පවසා ඇත: "ඔබගේ සහෝදරයා අකමැති යම් දෙයක් ඔහු ගැන පැවසීම" යැයි කිවේය. එවිට සහබාවරු එසේ පවසන දේ ඔහු සතුව ඇත්තනම් ඒ ගැන ඔබගේ අදහස කුමක්දැයි නබිතුමාගෙන් පෙරලා ප්‍රශ්න කොට ඇත. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔබලා පවසන දේ ඔහු ළඟ තිබේනම් එය ඕපාදුපයක් බවත් එසේ නොමැති නම් එය නින්දා අපහාසයක් බවත් ය. සහිහ් බුහා...