Posts

උපවාස මාසයේදී විශේෂ අවධානය යොමු විය යුතු කරුණු (Matters to be noted during the fasting month)

Image
අල් කුරානය උපවාසය ගැන සඳහන් කිරීමේදී පවසන්නේ එය මුස්ලිම්වරුන්ගේ බිය බැතිකම ඇතිකර ගැනීම සඳහා ලබා දී ඇති බවයි. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම මාසය තුලදී ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති දේවල් වලින් මුළුමනින්ම වැලකී සිටීමටත් අල්ලාහ් නියම කොට ඇති දේවල් වැඩි වැඩියෙන් කිරීමටත් වග බලා ගත යුතුය.  ඉතාමත්ම මහලු වියට පත් වීම නිසා හෝ උපවාසයේ යෙදීමට නොහැකි තරම් රෝගී වීමෙන් උපවාසය අත්හැරිමට අවසර ලැබෙන්නේය. කෙසේ වෙතත් එසේ අත්හැරෙන සෑම උපවාසයක් වෙනුවෙන්ම දුගීන් හට සහල් ග්‍රෑම් 625ක් බැගින් ලබා දීමට නියම කොට තිබේ.  තවද රෝගී තත්වය පහව ගිය අය විසින් ඔවුන්ට අත්හැරුණු උපවාසයන් වෙනත් දින වලදී ඉටු කිරීම අනිවාර්‍ය වේ.   උපවාස කාලය තුලදී අනවශ්‍ය ක්‍රිඩා වල යෙදීමට වඩා ප්‍රයෝජනවත් දේවල් සඳහා කාලය මිඩංගු කිරීම වඩා යෝග්‍ය වේ. ඒ අනුව අනවශ්‍ය යැයි හැඟෙන කිසිම දෙයක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමෙන් වැලකී සිටීම ඉතා වැදගත් ය. තවද රාත්‍රී කාලයේදී අනවශ්‍ය ලෙස වීදිවල සැරිසරමින් නිවෙස්වල සිටින අයට හිරිහැර වන ආකාරයට ක්‍රියා කිරීම මගින් උපවාසයෙන් බලාපොරත්තු වන දේට ප්‍රතිවිරුද්ධ දේවල් සිදු වන්නේය.  උපවාස කාලය තු...

ඉස්ලාමය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ඉඩ දෙයිද? (Will Islam allow suicide bombings?)

Image
  ඉස්ලාම් දහමටත් මරාගෙන මැරෙන බෝම්බ සංස්කෘතියටත් කිසිම සම්බන්දයක් නැත. එය බිහිවන්නේ අල් කුරානය පහළ වී සියවස් ගනනාවක් ගෙවී යාමෙන් පසුවය. අල් කුරානයේ හෝ නබිතුමාගේ හදිස් වල මරාගෙන මැරෙන බෝම්බ සම්බන්දයෙන් එකදු සඳහනක් නැත. නබිතුමා ජිවත්ව සිටි යුගයේදී බෝම්බ නිෂ්පාදනය කොට තිබුනේද නැත. කෙසේ වෙතත් අල් කුරානය සහ හදිස් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එවැනි දෙයක් කිරීම විශාල වරදක් බවයි. එහි බැරෑරුම්කම පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් විස්තර කොට ඇත. "නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු"  (කුරානය 5:32). එසේ තිබියදී ත්‍රස්තවාදීන් කරන්නේ මිට හාත්පසින්ම වෙනස් දෙයකි.  ඉස්ලාම් දහමින් අනුමත කොට ඇති යුද්ධයකදී මෙම ආචාර ධර්ම පිළිපැදිය යුතුය 1. ළමුන්, කාන්තාවන් සහ වයසක උදවියට කිසිම හානියක් නොකළ යුතුය. 2. පුජනිය ස්ථාන වලට හෝ එහි රැඳී සිටින කිසිවෙකුව ඝාතනය නොකළ යුතුය. 3. ගස් කොළන් විනාශ නොකල යුතුය. 4. මළ ස...

දෙවියන් වැරදි කරුවන්ට දඬුවම් කිරීම ප්‍රමාද කරන්නේ ඇයි? (Why does God delay punishing wrongdoers?)

Image
වැරදි කරුවන්ට එවෙලේම දඬුවම් කිරීම දෙවියන්ට අමාරු කාර්යයක් නොවේ. එහෙත් මිනිසුන් කරන වැරදි වලට එම මොහොතේදීම දඬුවම් කලේ නම් මිහිපිට කීදෙනෙක් ඉහිරී වනු ඇත්දැයි කිව නොහැක. එම කරුණ මෙම කුර්ආන් වැකිය තුල දැකිය හැකිය.  "අල්ලාහ් මිනිසුන්ගේ අපරාධ හේතුවෙන් (එම මොහොතේදීම) දඬුවම් කළහොත් (පොළව මත) එහා මෙහා වන කිසිම ප්‍රානියෙකුව ඉතිරි කරන්නේ නැත, එහෙත් ඔවුන්ට නියමිත කාල සීමාවක් දක්වා කල් දී තිබේ, නියමිත කාලය පැමිණි කල ඔවුන්ට එක් හෝරාවක් ඉදිරියට හෝ ආපස්සට යෑමට ලැබෙන්නේ නැත" (කුරානය 16:61). දෙවියන් මහා කරුනිකයා ය. එසේම ඔහු අසීමිත ලෙස ඉවසීම ඇති තැනැත්තා ය. මේ හේතුවෙන් ඔහු මිනිසා මොනතරම් වැරදි කලත් එවෙලේම දඬුවම් කරන්නේ නැත. මේ නිසා මිනිසාට ඒවා හදාගෙන යහපත් ජිවිතයක් ගොඩ නගා ගැනීමට අවස්තාව ලැබී ඇත. එසේ තිබියදී දෙවියන් ගේ දඬුවම් ප්‍රමාද වීම දකින්නේ වැරදි කිරීමට ලබා දී ඇති අවස්තවක් ලෙස නම් එය තමාටම කර ගන්නා හානියකි. දෙවියන් සෑම කෙනෙක්ම කරන දේවල් හොඳින් දකින්නේය. එහෙත් ඒවා ප්‍රශ්න කිරීම සඳහා ඊට නියමිත වෙලාව තෙක් කල් දමා තිබේ. එය කුරානය තුල මෙසේ සඳහන් වේ. "වැරදි කරුවන් කරන දේවල් ගැන අල්ල...

ඉස්ලාම් දහම අනුව මිනිස් සිතුවිලි කෙරෙහි හදවතේ බලපෑම (The influence of the heart on human thoughts according to Islam)

Image
මිනිස් හදවත රුධිරය පොම්ප කරන කාර්යට වඩා වැඩි යමක් කරන්නේය. ඒ අනුව මිනිස් සිතුවිලි හටගන් හදවතෙහි ය. මෙම කරුණ සම්බන්දයෙන් විද්ඥායින්ගේ ද අවධානය යොමුවී තිබේ. ඒ අනුව එම කරුණ සම්බන්දයෙන් පර්යේෂණ සිදු වෙමින් පවතී..  ඉස්ලාමිය ලෝකයේ ප්‍රසිද්ද විද්වතෙකු වන ඉමාම් ගzස්සාලි පවසන්නේ මිනිසාගේ වැදගත්ම හරය සිත (Qalb-Self) බවයි. ඔහු පවසන ආකාරයට මිනිස් සිත අධ්‍යාත්මික (spiritual) වස්තුවක් වන අතර එය ශරීරය තුල භෞතික සහ අධ්‍යාත්මික ක්‍රියාවන් මෙහෙයවයි. සිතට (Qalb) භෞතික හදවතත් සමග සම්බන්දකමක් පවතින අතර එය හදවත ලෙසද හැඳින්විය හැකි බව ඔහු පවසන්නේය. එසේම ඉමාම් ගzස්සාලි පවසන අන්දමට ආත්මය අරාබි බසින් කල්බ් (සිත-heart), රූහ් (ආත්මය-soul), නෆ්ස් (desire-nature) සහ අක්ල් (intellect) යනුවෙන් වර්ගීකරණය කල හැකිය. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා ඇත.  “අපගේ ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය හොඳ තත්වයේ පවතින්නේ නම් මුළු ශරීරයම යහපත් වේ. එය දූෂිත වන්නේ නම් මුළු ශරීරයම දූෂිත වේ. දැනගනු, එය හදවතයි"  මෙම ප්‍රකාශනයෙන් කියැවෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් වලට හදවතෙහි බල පෑමක් ඇති බවයි. මිනිස් ශර...

කුරානයට අනුව යකඩ පෘථිවියට පැමිණියේ කෙසේද? (How did iron come to earth according to the Quran?)

Image
අල්-කුරානයේ තාරකා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු රාශියක් ඇතුලත් වේ. පෘථිවියට යකඩ ලෝහය ලැබුණු අකාරයත් ඉන් එකකි. කුරානයේ සඳහන් වන ආකාරයට අපගේ සෞරග්‍රහ මණ්ඩලයට යකඩ ලෝහය ලැබී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති තරුවක් පිපිරී යාම නිසා විය යුතුය. මෙම වගන්තිය අනුව එය අනුමාන කල හැකිය.  “තවද, අපි යකඩයද පහළ කෙළෙමු . එහි ඉමහත් බලයක්ද මිනිසුන්ට නොයෙක් ප්‍රයෝජනද ඇත්තේය” (Q 57:25). මෙම වැකිය තුල යකඩ ලෝහය "මැව්වෙමු" යැයි   සඳහන් කිරීම වෙනුවට  " පහළ කෙළෙමු "  යැයි විශේෂයෙන් සඳහන් කිරීම නිසා අපට එම නිගමනය වෙත පැමිණිය හැකිය. එහි විශේෂත්වයක් නොතිබුනේ නම් අනෙක් දේවල් මෙන්  "අපි මව්වෙමු" යැයි සඳහන් කිරීමට තිබුනේය.  විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට යකඩ ලෝහය නිපදවිය හැකි තරම් උෂ්ණත්වයක් සුර්යා තුල පවතින්නේ නැත. සුර්යාගේ බාහිර් උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000 පමණ වන අත‍ර එහි අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 20 ක් පමණ වන්නේය. මෙතරම් පහළ උෂ්ණත්වයකදී හීලියම් වායුව කාබන් සහ ඔක්සිජන් බවටත් අනතුරුව යකඩ බවටත් පරිවර්තනය කල නොහැකි ය. යකඩ ලෝහය නිෂ්පාදනය කිරීමට උවමනා ...

අල් කුර්ආනය දේව පණිවිඩයක් වීමට හේතුව (The reason why the Quran is a message of God)

Image
ඕනෑම ග්‍රන්තයක වැරදි තිබිය හැකිය. සැකයට තුඩු දෙන තැන් තිබිය හැකිය. පරස්පරතාවයන් තිබිය හැකිය. එහි ඇති කරුණු කාලයත් සමග යල්පැන ගිය ඒවා විය හැකිය. තවද අවිද්‍යාත්මක දේවල් ඇතුලත් විය හැකිය. එහෙත් අල් කුරානයේ මේවා කිසිවක් නැති වීම විශේෂත්වයකි. අල් කුරානයේ ඇති භාෂා විලාසය අද්විතීය එකක් වන අතර එය සාහිත්‍ය ලෝකයේ ඇති වටිනාම ග්‍රන්ථයක් ලෙස සැලකේ. එය පද්‍ය හෝ ගධ්‍ය රචනාවක් නොවුනත් එය පරායණය කරන විට අරාබි නොදන්නා කෙනෙකුගේ පවා සිත ඒ දෙසට ආකර්ෂණය වේ. වැකි හය දහසකට වඩා ඇති අල් කුරානය අකුරක් හෝ නෑර සම්පුර්ණයෙන්ම කටපාඩම් කිරීමට හැකි වීම එහි ඇති විශේෂත්වයකි. මේ නිසා ලොව පුරා සම්පුර්ණයෙන්ම කුරානය කටපාඩම් කල හාෆිස්වරු සිය දහසකට වඩා සිටින්නේය. අල් කුරානය හැර වෙනත් කිසිම ග්‍රන්ථයක් එලෙස කටපාඩම් කොට නැත.  අල්-කුරානය දෙවියන්ගෙන් පහළ වූ ග්‍රන්ථයක් බව පිලි නොගන්නා කෙනෙකුට එවැනි ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් ගෙන එන ලෙස අභියෝග කරන්නේය.  “අපගේ ගැත්තා (වන මුහම්මද්) කෙරෙහි අප පහල කල දැය (වන අල්-කුරානය කෙරෙහි) නුඹලා සැකයෙහි සිටින්නේ නම් එවැනි පරිච්චේදයක් ගෙන එන්න. නුඹලා සත්‍යවන...

ඔබ නිවැරදි ආගම තෝරා ගන්නේ කෙසේද? (How do you choose the right religion?)

Image
ලෝකයේ බොහෝ ආගම් තිබේ. ඉන් සමහරක් අවුරුදු තුන්දහසකට වඩා පැරණි ය. ඇතැම් ආගම් අවුරුදු  දෙදහස් පන්සියයකට වඩා පැරණි ය. එම ආගම් අතරින් වසර එක්දහස් පන්සියක් පමණ පැරණි ලාබාලම ආගම මුහම්මද් නබි තුමාට පහළ කරන ලද ඉස්ලාම් වේ. නවීන ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන්නේද එම ආගම ය. එසේ තිබියදී ඇතැම් අය ආගමක් අදහන්නේ නැත. එහෙත් බුද්ධිමතුන්ට ආගමක් ඇදහීමට අවශ්‍ය වන කරුණු විශ්වය පුරා දැක ගත හැකිය.   මිනිසාව මවා තිබෙන්නේ දෙවියන්ව තේරුම් ගැනීමට හැකි වන පරිදි ය. ඒ අනුව මිනිසාට සෙසු ජීවින්ට සාපේක්ෂව විශාල මොලයක් සහ ඉතා ඉහල බුද්ධියක් සහජයෙන්ම ලැබී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසාට බොහෝ භාෂාවන් කතා කල හැකිය. අනෙක් ජිවින්ට වඩා දියුණු නිර්මාණයන් සිදු කල හැකිය. රසවත් පිසූ අහාර අනුභව කරන්නේ ද ඇඳුම් අඳින්නේ ද මිනිසා පමණි. තවද කොඳු නාරටිය සිරස්ව තබාගෙන ඇවිදින එකම ජීවියා මිනිසාය. මෙම කරුණු වලින් පෙන්නුම් කරන්නේ මිනිසා දෙවියන් විසින් මවා ඇති සුවිශේෂී ජීවියෙක් බවයි.  මිනිසාට උපතින්ම දෙවියන් ගැන හැඟීමක් ලැබී තිබේ. මේ නිසා ඕනෑම ප්‍රශ්නයකදී මිනිසා උඩ සිටින දෙවියන්ට ආමන්ත්‍රණය කක්රන්නේය. කෙසේ වෙතත් මිනිසාට පැ...