Posts

ඉස්ලාම් දහමින් ඌරු මස් තහනම් කිරීමට හේතුව (Why pork is prohibited in Islam)

Image
බොහෝ මාංශ වර්ග ඉස්ලාම් දහමින් තහනම් කොට තිබේ. ඒවා අතරින් ඌරු මස් විශේෂ තැනක් ගන්නේය. ඊට ප්‍රධාන හේතුව ඌරා මල මුත්‍රා, කුණු කසල සහ අසුචි මත යැපීම යි. තවද ඌරු මස් සහ එහි මේදය මගින් වෙනත් මාංශ වර්ග වලට වඩා වෙගයනේ විෂ ද්‍රව්‍ය අවශෝෂණය කර ගන්නේය. එම නිසා එම මාංශ අනෙක් මාංශ වලට වඩා 30 ගුණයකින් විෂ සහිතය. ඌරු මස්වල ඇති විසබීජ නිසා ඒවා පරිබෝජනය කල අයට ඉතා භයානක රෝග වැළඳෙන්නේ ය. උගෙන් ඇතිවන ඇතැම් පණු රෝග හේතුවෙන් මොලේ උන වැළඳීමට ඉඩ කඩ බෙහෙවින්ම වැඩිය. තවද ඌරු මස්වල ඇති මේදය හේතුවෙන් හෘදාබාද ඇතිවීමේ අවදානම ඉතා අධිකය. එසේම ඌරු මස් නිසා බඩවැල්වල, ගුදමාර්ගයේ, පුරස්ථි ග්‍රන්ථයේ සහ රුධිරයේ පිළිකා ඇතිවීමට තිබෙන අවදානම ඉතා ඉහල මට්ටමක පවතින්නේය. තවද ඌරාගෙ මාංශවලින් සහ මේදයෙන් ඇතිවන තරබාරුකම නිසා ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම ඉතා අසීරු බව සඳහන් වේ. ඇයිද යත් එහි තිබෙන කොලොස්ටරෝල් හේතුවෙන් වෙනත් මෙදයන්ට වඩා වැඩියෙන් රුධිර නාලවල අවහිරතා ඇති වන නිසාය. ඌරු මස් නිසා වැළඳෙන පනුහොරි සහ උදරයේ ඇතිවන පිළිකා සුවකළ නොහැකිය. තවද එම මස් කෑමෙන් පෙනහළුවල බෝවිය හැකි පටිපනුවා ආශ්‍රිත රෝග මෙන්ම එම මාංශ වල ඇති ශුද්‍ර ජීවීන්...

කාලය මරණින් මතු ජීවිතයට බලපාන්නේ කෙසේද? (How does time affect the afterlife?)

Image
කාලය මිනිස් ජීවිතය සමග බද්ද වී ඇති ඉතා වටිනා සම්පතකි. එය මරණයෙන් පසු ජිවිතයේ ජය පරාජය විසඳන තීරණාත්මක සාදකයක් ද වේ. කාලයෙන් ප්‍රයෝජනයක් නොගෙන ගිලිහී යෑමට හැරියේ නම් කිසිසේත්ම නැවත ඉන් ප්‍රයෝජනයක් ගැනීමට ලැබෙන්නේ නැත.  මෙලොව උපදින සෑම කෙනෙකුගේම ජිවිත කාලය නියම කොට හමාරය. එය සාර්ථකව කළමනාකරණය කිරීම මිනිසාගේ වගකීමකි. එසේ තිබියදී යම් කෙනෙක් කාලය විනාශ කරන්නේ නම් කාලය විසින් ඔහුව විනාශ කරනු ඇත. කාලයේ ඇති වැදගත්කම නිසාම දෙවිඳුන් ඒ මත දිව්රමින් මෙම කුර්ආන් පරිජ්ජේදය පහළ කොට තිබේ.  “කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු (අල්ලාහ්ව) විශ්වාස කරන්නෝද, යහකම් කරන්නෝද, සත්‍යය මගින් එකිනෙකාට උපදෙස් කර ගන්නෝද, එකිනෙකා අතර ඉවසීම කෙරෙහි උපදෙස් කරගන්නෝද යන අය හැරය” . මෙම කුර්ආන් පරිජ්ජේදය තුල පෙන්වා දී තිබෙන්නේ කණ්ඩායම් සතරක් හැර අන් සියලුම දෙනා පාඩුවක්ම ලබන බවයි. එහි ඇති පළමු වැකියෙන් පවසා ඇත්තේ දෙවියන් පිලිබඳ විශ්වාසය වේ. එහෙත් බොහෝ අය සිතන්නේ විශ්වය ඉබේ ඇතිවී තිබෙන බවකි. එහෙත් එම සිතුවිල්ලේ කිසිම විද්‍යාත්මක පදනමක් නැත.  ඉහත කුර්ආන් වැකියේ දෙවන වැකියෙන් ...

දෙවියන් සියල්ල දන්නේ නම්, ඔහු මිනිසාව පරීක්ෂා කරන්නේ ඇයි? (If God knows everything, why does He test man?)

Image
  දෙවියන් සර්ව බලධාරියා මෙන්ම සර්වඥානී ද වේ. එසේ තිබියදී මිනිසාව පරික්ෂා නොකර ස්වර්ගයට  නියමිත  අයව ස්වර්ගයටත් නිරයට නියමිත අයව නිරයටත් නොදමන්නේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. ඇත්ත වශයෙන්ම දෙවියන්ට ඉතා පහසුවෙන්ම ඒ දේ කල හැකිය. එහෙත් මිනිසාව පරික්ෂා කරන්නේ ස්වර්ගය හෝ නිරය මිනිසා විසින්ම තෝරාගන්න දෙයක් බව ඒත්තු ගැන්වීම සඳහාය. අල් කුරානය මෙසේ පවසයි: "මිනිසුන් 'අපි විශ්වාස කරන්නෙමු'යි පැවසූ පමණින් සෝදිසි නොකර අත් හරිනු ලබන්නේදැයි සිතා සිටින්නෝද? නියත වශයෙන්ම මොවුන්ට පෙර සිටියවුන්වද අපි සෝදිසි කළෙමු. ඇත්ත වශයෙන්ම සත්‍යවන්තයින් කව්රුන්ද, බොරු කාරයින් කව්රුන්ද යන්න අපි ප්‍රසිද්ධ කරමු" (කුරානය 29:2-3). මේ සඳහා මිනිසාට ජිවිතයක් සහ මරණයක් ලබා දී ඇත.  මිනිසාව මැවීමට ප්‍රථමයෙන්ම ඔහුගේ දෛවය ලියා හමාරය. එය දෙවියන්ගේ දැනුම හා සම්බන්ද කරුණකි. උදාහරණයක් වශයෙන් දක්ෂ ගුරුවරයෙකුට පන්තියේ සමත්වන සිසුන් කව්ද අසමත්වන සිසුන් කව්ද යන්න කලින්ම පැවසිය හැකිය. ගුරුවරයෙකුට එසේ කල හැකි නම් සියල්ල දත් දෙවියන්ට එය කල නොහැක්කේ මන්ද? ගුරුවරයා දන්නා දේ කළින්ම ලියා තැබීම නිසා සිසුන්ගේ...

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් (The Rights of Woman in Islam)

Image
කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටි ආගමක් ඇතොත් එය ඉස්ලාම් ආගමයි. එහෙහ් ජනමාධ්‍ය වලින් ඉදිරිපත් කරන්නේ එහි ප්‍රතිවිරුද්ධ අදහසය. මේ නිසා පොදු ජනතාවට ඇත්තේ ඉස්ලාම් ආගම ගැන වැරදි අවබෝදයකි. ඇත්ත වශයෙන්ම් එය ඉතා කනගාටුදාහය කරුණකි.  මුහම්මද් නබි තුමාගේ සම්ප්‍රාප්තියට පෙර කාන්තා අයිතිවාසිකම් කිසිවක් තිබුනේ නැත. එය කොතරම් බරපතල තත්වයක පැවතියේදැයි කිවහොත් කාන්තාවන්ට මනුෂ්‍ය ආත්මයක් තිබෙන බව පවා පිළිගනු ලැබුවේ නැත. මෙම තත්වය අරාබියාවේ පමණක් නොව යුයෝපිය රටවල්වලද දැක ගත හැකිව තිබුනේය.  ඒ හැරුණු විට ගැහැණු දරුවෙක් බිහි කිරීම ඉස්ලාමයට පෙර සැලකුවේ අවමානයක් හැටියට ය. මේ නිසා එම යුගයේදී ගැහැණු දරුවන්ව පන පිටින් වළලනු ලැබුවේය. තවද එදා කාන්තාවන්ව වහල් වෙළඳාමේ විකුණනු ලැබුවේය. මෙම තත්වය වෙනස්කොට කාන්තාවන්ට ගෞරවයෙන් ජිවත් විය හැකි වාතාවරණයක් ඇති කලේ කුරානය පහළ වීමෙන් පසුය. ඉස්ලාම් දහමින් කාන්තාව කොතරම් දුරට ගෞරවයට පාත්‍ර කොට ඇතැයි කිවහොත් කුරානයේ එක් පරිජ්ජේදයක් "අන් නිසා" හෙවත්  "කාන්තාව" ලෙස නම් කොට තිබේ. කුරානය පහළ වීමට පෙර කාන්තාවන් හට දේපල උරුමය තිබුනේ නැත. එය ඇමරිකාව ඇතුළු...

එකමුතුකමේ වැදගත්කම (The importance of unity)

Image
එකමුතුකම බලය වේ. එහෙහ් බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ එකමුතුකම විනාශ කොට ඔවුන්ගේ බලය රැක ගැනීමයි. මෙය ලොව පුරා දැකිය හැකි අලුත්ම ප්‍රවනතාවකි. අල් කුරානයට අනුව මිනිස් වර්ගයා පැවත එන්නේ එක් මවකගෙන් සහ පියෙකුගෙන් ය. එම නිසා ලොව සිටින සියලුම දෙනා සහෝදරයින් වේ.  "මිනිසුනි! නියත වශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මැව්වෙමු. තවද නුඹලා එකිනෙකාව හඳුනා ගැනීම පිණිස ජාතින් ලෙසද ගෝත්‍ර වශයෙන්ද නුඹලාව පත් කළෙමු" (කුරානය 49:12). මල්වත්තක අලංකාරය ඇති වන්නේ එහි විවිධ වර්ගයේ ගස් කෝලන් සස විවිධ පාටවල මල් තිබිනොත් ය. එකම වර්ගයේ සමනලුන් සිටි විට එහි දැකුම් කළු බවක් නැත. එම නිසා විවිධ වර්ගයේ සමනලුන් සිටිය යුතුය. මිනිසාටද විවිධ හැකියාවන් තිබේ. ඒවා නිසි පරිදි ප්‍රයෝජනයට ගත්විට රටක් දියුණු කල හැකිය. එසේම රටක විවිධ භාෂාවන් කතා කරන අය සිටිති. විවිධ ආගම් අදහන අය සිටිති. ඒ සියලු දෙනාම රටක පුරවැසියන් වන විට එක සමානව සැලකිය යුතුය. කෙනෙක් තවත් කෙනෙකුගේ ආගමට ගැරහිය යුතු නැත. ඒවායේ වැරදි සෙවීමට වඩා තමන්ගේ වැරදි හදා ගැනීම ඉතා වැදගත් ය. මේ නිසා කුරානය මෙසේ පවසා ඇත.  "ඔවුන් අල්ලාහ් හැර නමදින ...

මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් (Things that harm the faith of a Muslim)

Image
මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීම සහ දහමට අලුතින් දේවල් එකතු කිරීම වේ. එහෙත් බොහෝ මුස්ලිම්වරුන්ට මෙය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. එහි ඇති භයානක කම වන්නේ එවැනි වැරැද්දක් කරන කෙනෙක් ඔහුගේ මරණය දක්වාම එම වැරැද්දට සමාව නොගෙන මරණයට පත් වීමට තිබෙන හැකියාවයි. අල්ලාහ්ට සමානයන් තබමින් සිට මරණයට පත් වූ අයට මරණයෙන් පසු සමාවක් නැත. මුස්ලිම්වරයෙකුගේ නැමදීම, ප්‍රර්ථනා කිරීම, කැප කිරීම, පඬුරු දැමීම ආදී සියලුම දේවල් අල්ලාහ් වෙනුවෙන්ම පමණක් විය යුතුය. එසේ තිබියදී අල්ලාහ්ට නැමදුම් කරන අතරම මළවුන් හරහාද අල්ලාහ් වෙත තම ප්‍රාර්ථනයන් යොමු කිරීම ප්‍රධාන අකුසලයකි. තවද කැපකිරීම් සහ පඬුරු දැමීම් කල යුත්තේ අල්ලාහ් වෙනුවෙන් පමණි. එම නිසා මළවුන් වෙනුවෙන් හෝ වෙන යම් කෙනෙකු වෙනුවෙන් එය සිදු කිරීම හරාම් වේ. "ඔවුන් අල්ලාහ් වෙනුවට තමන්ට හිංසාවක් හෝ යහපතක් හෝ සිදු කිරීමට හැකියාවක් නොමැත්තන්ට නැමදුම් කරති. තවද "මේවා අල්ලාහ්ටත් අපටත් අතර සිටින අතරමැදියන්" යැයිද ඔවුන් පවසන්නෝය. පවසනු:"අහස්හි සහ පොළොවෙහි අල්ලාහ් නොදන්නා දේ (ඇති බව සිතා...

උපවාස මාසයේදී විශේෂ අවධානය යොමු විය යුතු කරුණු (Matters to be noted during the fasting month)

Image
අල් කුරානය උපවාසය ගැන සඳහන් කිරීමේදී පවසන්නේ එය මුස්ලිම්වරුන්ගේ බිය බැතිකම ඇතිකර ගැනීම සඳහා ලබා දී ඇති බවයි. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම මාසය තුලදී ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති දේවල් වලින් මුළුමනින්ම වැලකී සිටීමටත් අල්ලාහ් නියම කොට ඇති දේවල් වැඩි වැඩියෙන් කිරීමටත් වග බලා ගත යුතුය.  ඉතාමත්ම මහලු වියට පත් වීම නිසා හෝ උපවාසයේ යෙදීමට නොහැකි තරම් රෝගී වීමෙන් උපවාසය අත්හැරිමට අවසර ලැබෙන්නේය. කෙසේ වෙතත් එසේ අත්හැරෙන සෑම උපවාසයක් වෙනුවෙන්ම දුගීන් හට සහල් ග්‍රෑම් 625ක් බැගින් ලබා දීමට නියම කොට තිබේ.  තවද රෝගී තත්වය පහව ගිය අය විසින් ඔවුන්ට අත්හැරුණු උපවාසයන් වෙනත් දින වලදී ඉටු කිරීම අනිවාර්‍ය වේ.   උපවාස කාලය තුලදී අනවශ්‍ය ක්‍රිඩා වල යෙදීමට වඩා ප්‍රයෝජනවත් දේවල් සඳහා කාලය මිඩංගු කිරීම වඩා යෝග්‍ය වේ. ඒ අනුව අනවශ්‍ය යැයි හැඟෙන කිසිම දෙයක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමෙන් වැලකී සිටීම ඉතා වැදගත් ය. තවද රාත්‍රී කාලයේදී අනවශ්‍ය ලෙස වීදිවල සැරිසරමින් නිවෙස්වල සිටින අයට හිරිහැර වන ආකාරයට ක්‍රියා කිරීම මගින් උපවාසයෙන් බලාපොරත්තු වන දේට ප්‍රතිවිරුද්ධ දේවල් සිදු වන්නේය.  උපවාස කාලය තු...