ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)
ලෝකය දියුණු වෙද්දී මිනිසුන්ගේ ආගමික හැදියාවන්වල පිරිහීමක් දක්නට තිබේ. මේ නිසා ඇතැම් අයට බිකිනියේ සහ බුර්කාවේ වෙනස පවා තේරුම් ගැනීමට හැකිවී නැත. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන් අඳින බුර්කාව ගෝනියකට සමාන කරන අවස්ථාද තිබේ. කෙසේ වෙතත් බුරුකාවට විරුද්ධ වන අය අඩනිරුවත් ඇඳුම් වලට විරුද්ධ නොවීම පුදුමයකි. ඇත්තෙන්ම ඔවුන් ඒවා දකින්නේ දියුණුවේ සංකේතයන් ලෙස නම් එය කනගාටුවට කරුණකි. මෙම තත්වය ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා වටහාගෙන නොතිබීම අවාසනාවකි. මේ හේතුවෙන් ඇතැම් පැවිද්දන් පවා බුර්කාව විවේචනය කරන්නේය. සැබැවින්ම ඉන් සිදු වන්නේ දුෂණයට අත වැනීමකි. එක් ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවක් පවත්වා බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනිය අර්ථ දැක්විය යුත්තේ කෙසේද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත. එමගින් ඔහු කලේ තම අධ්‍යාත්මික බංකලොත් භාවය ලෝකයා හමුවේ ප්‍රධර්ශනය කිරීම වේ. සහජයෙන්ම කාන්තාව පිරිමියාට වඩා වෙනස්ය. ඒ අනුව ඔවුන්ගේ මුළු ශරී...