ඉස්ලාමීය අලුත් අවුරුදු උත්සවය (Islamic Eid Celebrations)



මුස්ලිම්වරුන් සඳහා අවරුදු උත්සව දෙකක් නියම කොට තිබේ. ඉන් එකක් උපවාස මාසය අවසාන වීමෙන් පසුව ද අනෙක හජ් වන්දනය වෙනුවෙන්ද සිදු කරනු ලැබේ. මෙම උත්සව දෙකෙහි ඇති විශේෂත්වය වන්නේ අල්ලාහ් අපට කරන ලද උපකාරයන් වෙනුවෙන් තක්බීර් පවසා ඔහුට තුති පිදීමයි. එය පහත සඳහන් පරිදි සිදු කරනු ලැබේ.

اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ–اَللهُ اَكْبَرُ


لآاِلَهَ اِلاَّاللهٌ وَاللهُ اَكْبَرُاَللهُ اَكْبَرُاَللهُ اَكْبَرُ وَِللهِ الْحَمْدُ

මෙම තක්බීර් පැවසීම ඊදුල් ෆිතර් සලාතයත් සමග අවසන් වන අතර ඊදුල් අල්හා උත්සවයෙන් පසු තවත් දින තුනක් එක දිගටම සිදු කරනු ලබන්නේය. ඊද් උත්සවයට සහභාගී වීමට පෙර ස්නානය කිරීම සුන්නාවකි. එනම් නබිතුමාගේ මග පෙන්වීමකි. එදින ඇති දේව මෙහෙය සඳහා තමන්ට ඇති හොඳම වස්ත්‍රයෙන් සැරසීමද  නබිතුමා පෙන්වා දෙන ලද තවත් සුන්නාවකි. අලුත් අවුරුදු උත්සව වලදී සිදු කරනු ලබන සලාතය සඳහා පිරිමින් මෙන්ම කාන්ත්වන්ද සහබාගි වෙති. 

උපවාසයෙන් පසු එළඹෙන ඊදුල් ෆිතර් උත්සවයට සහභාගී වීමට පෙර හැකියාව ඇති සෑම කෙනෙක්ම දුප්පත් උදවිය සඳහා සහල් කි.ග්‍රෑම්. 2.5 බෙදා දීම අනිවාර්ය වේ. එය නැතිබැරි උදවියට අවරුදු සැමරීම සඳහා උදව්වක් වේ. එසේම ඊදුල් අල්හා උත්සවයෙදි හැකියාව ඇති අය විසින් සිව්පා සතෙක් ඝාතනය කොට එහි මාංශ මිනිසුන් අතර බෙදා දෙනු ලබේ. එය ඉබ්‍රාහිම් නබි තුමාගේ කාලයේ සිටම සිදු වන ක්‍රියාවකි. 

ඊදුල් ෆිතර් උත්සවය ආරම්භ වන්නේ රමළාන් මාසයේ අවසානය සනිටුහන් කරන නව මාසයයේ අළුත් සඳ දැකීමෙන් පසුවය. එසේම ඊදුල් අල්හා උත්සවය සිදු කරනු ලබන්නේ සුල් හජ් මාසයේ 10 වන දිනයේදීය. ඊද් සලාතය ඉටු කිරීමෙන් පසු නබිතුමා දේශනයක් පවත්වා ඇත. එම දේශනයෙන් පසු එකිනෙකා සුබ පැතුම් හුවමාරු කර ගන්නේය. 

ඊදුල් ෆිතර් සලාතයට පැමිණෙන විට ආහාරයක් අනුභව කිරීමෙන් පසු පැමිණීම සුන්නාවකි. එහෙත් ඊදුල් අල්හා සලාතයට පැමිණිය යුත්තේ කිසිවක් අනුභව නොකර ය. ඊද් උත්සව පවතින දින වලදී උපවාස කිරීම තහනම් වේ. 

ඉස්ලාමීය උත්සවවල ඇති විශේෂත්වයක් වන්නේ නැකත් බැලීමක් නොකිරීමය. තවද එම දින සැමරීම සඳහා ගිනි කෙලි පවත්වන්නේ නැත. තවද එම දිනයන් හිදී හෝ වෙනත් දින වලදී මත්පැන් භාවිතය හෝ සුදුකෙලිම සපුරා තහනම් ය.  


By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute. 

Twitter:-thetrue_path








Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)