ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)



ලෝකය දියුණු වෙද්දී මිනිසුන්ගේ ආගමික හැදියාවන්වල පිරිහීමක් දක්නට තිබේ. මේ නිසා ඇතැම් අයට බිකිනියේ සහ බුර්කාවේ වෙනස පවා තේරුම් ගැනීමට හැකිවී නැත. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන් අඳින බුර්කාව ගෝනියකට සමාන කරන අවස්ථාද තිබේ. කෙසේ වෙතත් බුරුකාවට විරුද්ධ වන අය අඩනිරුවත් ඇඳුම් වලට විරුද්ධ නොවීම පුදුමයකි. ඇත්තෙන්ම ඔවුන් ඒවා දකින්නේ දියුණුවේ සංකේතයන් ලෙස නම් එය කනගාටුවට කරුණකි. මෙම තත්වය ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා වටහාගෙන නොතිබීම අවාසනාවකි. මේ හේතුවෙන් ඇතැම් පැවිද්දන් පවා බුර්කාව විවේචනය කරන්නේය. සැබැවින්ම ඉන් සිදු වන්නේ දුෂණයට අත වැනීමකි. 

එක් ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවක් පවත්වා බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනිය අර්ථ දැක්විය යුත්තේ කෙසේද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත. එමගින් ඔහු කලේ තම අධ්‍යාත්මික බංකලොත් භාවය ලෝකයා හමුවේ ප්‍රධර්ශනය කිරීම වේ. 

සහජයෙන්ම කාන්තාව පිරිමියාට වඩා වෙනස්ය. ඒ අනුව ඔවුන්ගේ මුළු ශරීරයම මිනිසුන්ගේ ආකර්ෂණයට ලක් වන්නේය. ඔවුන්ගේ විලාසිතා අනුව එය තවත් ප්‍රගුණ විය හැකිය. එසේ තිබියදී ඔවුන් වියතකට වඩා ලොකුවට තම උදරය පෙනෙන ඇඳුම් ඇඳීමෙන් සිදු වන්නේ අනෙක් අයගේ සිත් දුෂණය වීමයි. මෙවැනි ඇඳුම් නිසා ස්ත්‍රී දුෂණය වැඩි වීම පුදුමයක් නොවේ. සංඛ්‍යා ලේකන විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සමාජයේ පවතින බොහොමයක් ස්ත්‍රී දුෂණවලට හේතුව කාන්තාවන්ගේ නිරුවත නිතර නිතර ප්‍රධර්ශනය කිරීම බව පෙනී යන්නේය. අද පියා විසින් තමන්ගේම දුව දුෂණය කිරීමද ගුරුවරයා විසින් තමන්ගේම ශිෂ්‍යාව දුෂණය කිරීමද එහි ප්‍රතිපලයන් බව අප විසින් තේරුම් ගත යුතුය. ඉස්ලාම් දහමින් බුර්කාව හඳුන්වා දී තිබෙන්නේ ඒවාට වැට බැඳීම සඳහාය. 

සෑම ආගමකටම ආවේනික උරුමයන් තිබේ. ඒවාට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයකින් බලාපොරොත්තු වන දෙයකි. එසේ තිබියදී මුස්ලිම් පාසලකට එන හින්දු බක්තිකයෙකුගේ නළලේ ඇති පොට්ටුව විවේචනය කිරීම හෝ හින්දු පාසලකදී මුස්ලිම් ගුරුවරියකගේ බුරුකාව විවේචනය කිරීම නොකළ යුතු දෙයකි. එසේ තිබියදී බුරුකාවට එරෙහිව හෝ නළලේ ඇති පොට්ටුවට එරෙහිව ළමුන්ව උසි ගන්වන්නේ නම් එය හෙලා දැකිය යුතු වේ. යම් කෙනෙක් එවැනි දෙයක් කරන විට ඒවා දැක දැකත් එහි වැරැද්ද පෙන්වා නොදී සිටීම ද වරදකි. මේ නිසා යම් කිසි කෙනෙක් වැරැද්දක් කරන විට එය වැළැක්වීමට ශක්තියක් නොමැති නම් අවම වශයෙන් ඊට සහාය නොදී සිටීම වැදගත් වේ. එසේ නොකරන්නේ නම් අනාගතයේදී බිහිවිය හැක්කේ ගෝත්‍රික සමාජයක් ය. 

බුරුකාව වස්ත්‍රයක් පමණි. ඉන් කිසිවෙකුට හානියක් සිදු වන්නේ නැත. එසේ තිබියදී ඇතැම් අය කිසිම සාධාරණ හේතුවක් නොමැතිව ඊට විරුද්ධ වීම ඉතා කනගාටු දායක තත්වයකි. ඇතැම් අය සිතන අන්දමට මුස්ලිම් කාන්තාවන් විසින් බුර්කාව ඇඳීම අන්තවාදය නම් මුස්ලිම් නොවන කාන්තාවන් විසින් බිකිනිය ඇඳීමත් අන්තවාදයක් විය යුතුය. එහෙත් බිකිනියට බොහෝ අය විරුද්ධ වන්නේ නැත.

බුර්කාව මෙන් නොව බිකිනිය නිසා රාගය ඇවිස්සිය හැකිය. එය ශිෂ්ට සම්පන්න සමාජයට හානිදායක ය. මෙය අප සියලු දෙනා හොඳින් තේරුම් ගත යුතු කරුණකි. 

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
http://truepath1.blogspot.com/

Comments

  1. Lahiru ishan gunasekaraApril 12, 2018 at 8:50 AM

    ඉතින් දැන් ඒ ස්වාමීන් වහන්සේ බිකිනිය හොදයි කියලා නෑනේ.මුළු ශරීරයම වසාගෙන යෑමත් අන්තවාදයක් ශරීරය උවමනාවට වඩා නිරිවරණය කරගෙන යෑමත් අන්තවාදයක් වෙන්න ඕනී ඔය අන්ත දෙකටම යන්නේ නැතුව සංවර චාම් ඇදුමක් ඇදීම නේද සාරී ඔසරි වගේ.ගැහැණු අය ඇග පෙන්නන් ගියාම සමාජේ නොමග යනවා නන් ඒ ගැහැණිය විතරක් නෙවේ ඒ ගැහැණිය දිහා බලන පිරිමියාත් වරදිනේ ගැහැණියටම මුළු ඇඟම වහන් යන්න කියලා කියන්නේ නැතුව පිරිමි පුද්ගලයින්ටත් තමාව පාලනය කර ගැනීම සඳහා ශක්තිමක් අධ්‍යාත්මික වැඩපිළිවෙළක් කියා දුන්නොත් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. සංවර ඇඳුම තීරණය කරන්නේ කව්ද? බිකිනිය අඳින කෙනාට එය සංවරයි. බුර්කාව්නම් ඇඳුමක් නෙවි එය තාවකාලික ආවරණයක් බව තේරුම් ගන්න ඕන. මුස්ලිම් අය නිවසේදී අන්දින්නේත් සංවර ඇනුමක්.

      Delete
    2. බිකිනිය අඳින කෙනාට එය සංවර ඇඳුමක්. ඒ නිසා ඔබ කියන සංවර ඇඳුම තීරණය කරන නිර්ණායකය කුමක්දැයි පෙන්වා දෙන්න. මුස්ලිම් අය නිවේදි බුර්කාව අඳින්නේ නැති බවත් තේරුම් ගන්න.

      Delete
  2. ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි. එම ස්වාමින්වහන්සේ සදාරනව කරුණු ඉදිරපත් කරනවා නම් බුර්කාවට වඩා බිකිනියට දොස් කිව යුතුයි. ඉන් සමාජයට සිදුවන හානිය ඉතා විශාලයි. නමුත් බුර්කාවෙන් එවැනි කිසිම හානියක් සිදුවී නොමැත. කෙසේ වෙතත් ඇඳුම තීරණය කල යුත්තේ එය අඳින අය විසින්ය. ඉස්ලාම් දහමේ එවැනි ඇඳුමක් ඇඳීමට නියම කොට නැතත් කාන්තවන් ඔවුන්ගේ කැමැත්ත අනුව එම ඇඳුම තෝරාගෙන ඇත. ඒ තරම් අද බොහෝ සිංහල කාන්තවන් ඇඟට හිරවෙන ඩෙනිම තෝරාගෙන ඇත. එය ඔවුන්ගේ කැමැත්ත බැවින් අපි ඊට කිසිවක් නොකියමු. නමුත් මම පෞද්ගලිකව කැමති තම ශරීරයට පහසු බුරුල් ඇඳුමක් අන්දිමයි. ඔබ අවසානයට පවසා ඇති පරිදි කුරානයේද පවසා තිබෙන්නේ කාන්තාවන් දුටු විට බැල්ම පහත හෙලන ලෙසයි.මෙම අධ්‍යාත්මික වැඩපිළිවෙළ ඉස්ලාම් දහමින් පෙන්වා දෙනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. Lahiru ishan gunasekaraApril 29, 2018 at 5:13 AM

      ඔබ කියන දේ නිවැරදි එම ස්වාමීන් වහන්සේ ඉස්ලාම් ආගම ගැනත් මුස්ලිම්වරුන්ගේ චාරිත්‍ර ආදිය ගැන යම් විරෝධාකල්පයකින් හෝ ද්වේෂ සහගත සිතකින් එම අදහස් ප්‍රකාශ කලා වියහැකිය මම එ් දේශනාව නොඇසු නිසා ඒ ගැන නිවැරදිවම කියන්න බෑ මට.
      කාන්තාවන් දුටු විට බැල්ම පහතට හෙලන්න කියන අවවාදය අධ්‍යාත්මික වැඩපිළිවෙලක්ද ? ඒක නිකන් පොඩි අවවාදයක්නේ එතන කියෙන අධ්‍යාත්මින වැඩපිළිවෙළ කුමක්ද? මම ලොකේ හුඟාත් ආගම් ගැන අධ්‍යනය කරනවා මම අධ්‍යයනය කරපු ආගම් අතරින් මම දැකපු ශක්තිමත්ම වැඩපිළිවෙළ මම දැක්කේ ථෙරවාදී බුදු දහම තුළ.ඒ ගැන මම මගේ දැනුමේ ප්‍රමාණයට කෙටියෙන් විස්තර කරන්නම්.
      එහි මුලින්ම කියන්නේ පුද්ගලයා ශිලය ආරක්ෂා කළ යුතු බව ඒ සමඟම ප්‍රඥාව වැඩිය යුතු බව.
      බුදුදහම සියළුම ජීවීන කොටස් පහක් බව පෙන්ව‍ෙ දෙනවා

      1.රූප- භෞතික ශරීර

      2.වේදනා - පෙනීම ,ඇසීම,ගඳ සුවඳ දැනීම,දිවට රස දැනීම,ශරීරයට පහස දැනීම,මනසට අරමුණු දැනීම.

      3.සංඥා- අප අපට ඇහෙන, පෙනෙන ,දිවට දැනෙන ,නාසයට දැනෙන,ශරීරයට දැනෙන හා මනසට ඇතිවණ අරමුණු හදුනා ගන්නවා රතුවර්ණය,මිහිරි ශබ්දයක්,පැණි රස ආදී ලෙස ඒ විදියට හදුනා ගැනීම තමා සංඥාව

      4.සංඛාර- චේතනාටවට තමා සරලව කිව්වොත් සංඛාර කියන්නේ අපි පංච ඉන්ද්‍රියන්ටයි මනසටයි දැනෙන දේවල් මුල්කරගෙන විවිධ චේතනා ආදිය පහළ කිරීම තමයි ‍චේතනාව

      5.විඤ්ඤාණ-අපේ පංච ඉන්ද්‍රීයන්ට සහ මනසට අරමුණු ඇතිවීමේදී ඒවා දැනගැනීමට (උදාහරණයක් ලෙස ඇස ගනිමු.මැරුණු කෙනෙක්ගේ ඇසට ආලෝකයක් වැටුණට පෙනීමක් එන්නේ නෑ .ආලෝකය පිළිබඳ දැනගැනීමක් ඇතිකිරීමක් ඇතිකිරීමට සමත් යමක් ඇසේ තිබිය යුතුයි.)යමක් ඒවා තුළ ක්‍රියාත්මක වෙනවා.ඒ තමා විඤ්ඤාණය.

      ජීවිතය ගැන මම දැකපු හොදම පැහැදිලි කිරීමක් මේ අප සියලු දෙනා තුළම තිබෙන්නේ මේ අංග පහ පමණයිනේ.

      එතනින් බුදුදහමේ ඉගැන්වීම නවතිනනේ නෑ .ඊළගට පෙන්වා දෙනවා මේ අංග පහ අප තුළ ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල දහමක් විදියට කියලා.මේ අංග වල යථා ස්වභාවය ප්‍රඥාවෙන් දකින්න උගන්වනවා.උදාහරණයක් විදියට රෑප ගනිමු.අපෙ ශරීරයේ තියෙන්නේ ඝන,ද්‍රව,වායූ,සහ ශක්තිය පමණයි.මේවා සියල්ල වෙනස් වෙනවා ඒ කියන්නේ අනිත්‍යයයි .දෙයක් වෙනස් වෙනවා නන් අපිට ඒක වෙනස් වීම නවත්තගන්න බැරිනන් ඒක ඒක අපට අයිති දෙයක් නෙවෙයි වගේම ඒක අපේ කියලා ඒකට ආශාවෙන් අල්ලාගෙන හිටියම ඒක වෙනස් වෙන මොහොතක් පාසාම විවිධ ආකාරයේ දුක් ඇති වෙනවා.අනිත් අංග 4තේ යථා ස්භාවයත ඔය වගේම පෙන්නලා දීලා තියෙනවා.ඒවා තුළ සිදුවන අනිත්‍ය දකින්න සමාන්‍ය මනසින් අමාරු නිසා භාවනා අභ්‍යාස තුලින් සිත සමාධිමත් කරන්න උගන්වනවා.සමාධිමත් මනසට ඒවා වඩාත් හොදින් අවබෝධ වෙනවා.

      මෙම මාර්ගය පිළිපදින මෙම අධ්‍යාත්මික වැඩපිළිවෙල අනුගමනය කරන කෙනෙක් පාරේ යද්දී ශරීරය නිරාවරණය කරගෙන පාරේ යන කාන්තාවක් දකිනවා .නමුත් ඔහුට අවබෝධයක් තියෙනවා කාන්තාවගේ ශරීරයේ අනිත්‍ය ,දුක්ඛ ,අනාත්ම ස්වභාවය ගැන.ඒ වගේම ඒ කාන්තාවගේ රූපය පෙනීමට උදව් දෙන ඔහුගේ ඇසේ අනිත්‍ය,දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන ඒ වගේම ඒ කාන්තාව හදුනාගැනීමට උදව් දුන් සංඥාවේ යථා ස්වභාවය ගැන කාන්තාව ගැන රාග සිතින් ඇතිවූ ‍චේතනාවේ යථා ස්වභාවය ගැන.ඉතින් ඒ අවබෝධය ඇති කෙනාගේ සිතට රාගයක් එන්නේ නෑ .සිතේ ඒ කාන්තා රූපයට තියෙන අශාව අඩුවෙලා යනවා.එතකොට මුලු ශරීරයම වහගෙන ගියත් නොගියත් ප්‍රශ්නයක් නෑ පුද්ගලයා කාන්තාවට දොස් නොකියා තාමා තුළින්ම විසදුමක් ස්වයං විනයක් ගොඩනගාගෙනනේ.

      බිනිකිනයට බැන බැන බුර්කාව‍ේ ගුණ කියමින් සිටිනවාට වඩා ඒ හික්මිමේ මාර්ගය කොයිකරම් බුද්ධි ගෝචරද ප්‍රයෝගිකද කියලා ඔබතුමාට වැටෙහෙනවා ඇති කියලා මං හිතිනවා.

      ඔබ පැවසූ බැල්ම පහත හෙලීමේ මාර්ගයත් මේ මාර්ගයත් සසදා බලන්න.

      Delete
    2. කේ දෙනෙක් ථෙරවාදී බුදු දහම අනුව ඇඳුම් අන්දිනවාද? ඒ ගැනත් සිත යොමු කරන්න. ඉස්ලාම් දහම අනුව ලොකු ප්‍රතිශයත්ක් දහම අනුව ඇඳුම් අඳිනවා. එය ප්‍රායෝගික දහමක්.

      Delete
  3. නිවැරදි කිරීම: කේ දෙනෙක් නොව කී දෙනෙක් 2 අන්දිනවාද නොව අඳිනවා ද

    ReplyDelete
  4. Lahiru ishan gunasekaraApril 30, 2018 at 6:52 AM

    ථෙරවාදී බුදුදම මනුස්සයා අදින්න ඕනී ඇදුමක් ගැන කියලා දීලා නන් නෑ.භික්ෂූන් වහන්සේලාටනම් සිවුරක් නියම කරලා තියෙනවා.සියලුම භික්ෂූන් වහන්සේලා ඒ ඇදුම අදිනවා.
    වැඩි පිරිසක් යමක් කරනවා කියලා ඒක ප්‍රායෝගික දහමක් වෙනවාද.මන් විස්තර කරපු උදාහරණය විමසිල්ලෙන් කියවා බලන්න.
    සිතන්න නගරබද ප්‍රදේශයක නිතර ගැවෙසෙන පුද්ගලයෙක් සිටිවනවා ඔහු නිතර නිතර කාන්තාවන් මුණ ගැසෙනවා,දකින්නට ලැබෙනවා ඔබගේ ප්‍රායෝගික ක්‍රමය අනුව ඔහුට නිතරම බැල්ම පහල හෙලාගෙන තමයි ඉන්න වෙන්නේ.නිතර බිම බලාන් ඉදලම ඔහුට වෙන වෙන ශරීර ආබාධත් එයිනේ.බිම බලන් ගිහින් විවිධ අනතුරු වලටත් මුහුණ දෙන්න වෙයිනේ.මා කියූ විදියට ඔහු සියළු දෙහි යථා ස්භාවය අවබෝධ කරගෙන ජීවත් වෙනවා නම් කාන්තාවන් මොන ඇදුම ඇන්දත් ඔහු තුල රාගය අධිකව ඇවිස්සීමක් නෑනේ.ඔහු කුමන රටක කුමන පරිසරයක කුමන විධියේ ඇදුම් අදින කාන්තාවන් සිටිනා තැකන හිටියත් ඔහුට කාන්තාවන්ට දොස් කිය කියා ඉන්න ඕනී නැනේ.ඔහු තමා තුලින්ම ගැටලුවට විසදුමක් හොයාගෙන තමා විසින්ම මනා අවබෝධයකින් තමාගේ අශාවන් පාලනය කරගෙනනේ ඉන්නේ.ඉතින් සිතා බලන්න වඩා ප්‍රායෝගික දහම කුමක්ද කියා.
    සිතා බලන්න කාන්තාවන් ශරීරයේ වැඩි කොටසක් වසාගෙන යෑම පිරිමින් බැල්ම පහත් හෙලාගෙන යෑම එම ප්‍රශ්නය පමණක් විසදා ගැනීමට භාවිතා කරන පැලැස්තර විසදුමක්නේ.පැලැස්තර විසදුමක් කියන්නේ අදාල ප්‍රශ්නය පමණක් විසඳා ගැනීමට එම මෙහොතේ යොදාගත් තාවකාලික විසදුම්ක්.හුඟාක් මිනිස්සුන්ට පේන්නේ ඒ විසදුම ප්‍රයෝගිකයි කියලා මොකද ඒක කරන්න හරි ලේසී.එහි ප්‍රඥා ගෝචර වැඩපිළිවෙලක් නෑ.
    සිතා බලන්න මන් විස්තර කරපු දර්ශනය පුහුණු කරපු කෙනාට ජීවිතයේ මොනම ගැටළුව ආවත් ඒ ගැටළ සියල්ල එන්නේ රෑප,වේදනා ආදී දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය නිසානේ ඒවාගේ යථා ස්වභාවය අවබෝධ කරපු කෙනාට ජීවිතයේ ඕනම ගැටලුවක් ඉස්සරහා ප්‍රයෝගිකවත් ශක්තිමත්වත් ජිවත් වෙනවා.ඔබතුමාගේ පැලැස්තර විසදුම් අනුව(පැලැස්තර වචනය යොදා ගැනීමෙන් ඉස්ලාමයට අපහාසයක් කිරීමට අදහසක් නැත අවශ්‍ය දේ විස්තර කිරීමට සුදුසු වචනයක් ලෙස පමණක් භාවිතා කරමි.)ඒ ඒ ප්‍රශ්නය එනකොට ඒ හැම එකටම ාව වෙනම පිළිතුරු හොයන්න වෙනවානේ.

    මහත්මයා ථෙරවාදී ධර්මය රැකිලා තියෙන්නේ අද ලංකාවේ විතරයි.එහි ඉගැන්වීම් වල තියෙන ගැඹුරු බුද්ධිමය ස්වභාවය අවබෝධ කර ගැනීම අපහසු නිසයි මිනිසුන් ඒ ගැන අවබෝධය අඩු.විවිධ දර්ශන උදාහරණ ජෝතිෂ්‍ය,බටහිර විද්‍යාව සහ අනෙකුත් ආගම් වගේ දේවල් නිසා මිනිස්සු මේ දර්ශනය පටලවා ගෙනයි ඉන්නේ.අපේ රටේ ප්‍රමාණවත් බුද්ධිමය සංවාදයක් ඇති වුණොත් මිනිස්සු මේ දර්ශනය අවබෝධ කර ගන්නවා.
    නිවැරදි ථෙරවාදී ධර්මය අනුගමනය කරන අය අතලොස්සක් සමාජයේ ඉන්නවා.ඒත් එයාලව හොයාගන්න අමාරුයි.එයලා අදින ඇදුමෙන් කන කෑමෙන් වගේ කිසිම බාහිර දේකින් එයාලව අදුන ගන්න බෑ .ගුණධර්ම හා අවබෝධය තියන්නේ සිතේ.

    ReplyDelete
  5. ඔබ මෙතරම් දිගට ලියා තිබෙන්නේ ථෙරවාදී බුදු දහම කියන ඇඳුම ගැන නේ. එක ඔබගේ සමාජයට කියා දෙන්න. මුස්ලිම්වරුන්ගේ ඇඳුම බුර්කාව නොවේ. එය තාවකාලිකව තම වස්ත්‍රයට පිටින් දමන දෙයක් ඒ ගැන මේ තරම් දුක් වෙන්නේ අයි?

    ReplyDelete
  6. Lahiru ishan gunasekaraMay 1, 2018 at 8:53 AM

    හොඳට කියවලා බලන්නකෝ මන් කියලා තියෙන්නේ ඇදුමක් ගැනද කියලා.ඔබ කිව්වනේ ඉස්ලාමය ප්‍රයෝගික දහමක් කියලා .මන් පැහැදිලිව විස්තර කලා වඩා ප්‍රයෝගික දහම කුමක්ද කියා.මනා සිහියෙන් කියවා බලන්න.
    මුස්ලිම් කාන්තාවන් කුමන ඇදුමක් ඇන්දත් කුමන පිටත ආවරණ දැම්මත් ඒ ගැන දුකක්වත් සතුටක්වත් මට නෑ.ඇදුමින් සහ බැල්ම බිමට හරවා ගනිමින් සිදුකරන සමාජ යහපැවැත්ම වෙනුවට වඩා බුද්ධිමත් ප්‍රයෝගික ක්‍රමයක් පෙන්නා දුන්නා පමණයි.ඒ ක්‍රම මා මාගේ සමාජයට පමණක් කියා දිය යුතුයි කියලා ඔබ කියනවා නන් මම තවත් මොකුත් කියන්නේ නෑ.බුදධිමත්ව තේරුම් ගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් ඔබේ කැමැත්තක්.මේ blog එකේ ඔබ තුමා බොහෝ සමාජ ගැටළු ප්‍රශ්න දර්ශන ආදිය කියා දී තිබෙනවා කැමති නන් මා ඉහත පැහැදිලි කළ ක්‍රමය ඒ ඒ අවස්ථා වලට ප්‍රශ්න වලට ගලපා බලන්න.

    ReplyDelete
  7. ඔබගේ යෝජනාවට ගොඩාක් ස්තුතියි. එහෙත් මට එය පිළිගන්න බැරි අපි පිලිපදින්නේ අපගේ මැවුම්කරු වන අල්ලාහ්ගේ නියෝග නිසා. එය අපගේ බුද්ධියට වඩා ඉහළයි. අපි බැල්ම බිම හරවා ගැනීම ප්‍රයෝගික නැති බව කියා ඇත. මට නම් එය පිළිගන්න අමාරුයි. දහමට ලදී බොහෝ මුස්ලිම්වුන් විසින් එය කිසිම කරදරයක් නොමැතිව සිදු කරනවා. මමත් ඉන් කෙනෙක්. එහෙත් මුස්ලිම් සමාජයට අයත් නොවන අය ගෑනු ළමයි දිහා බලාගෙන මොන මොන දේවල් කියනවද? මා ඒවා අසා තිබෙනවා. ඒ නිසා ඔබ කියන ථෙරවාදී බුදුදහම ඔවුන්ට කියා දිය යුතුයි නේද?

    ReplyDelete
  8. Lahiru ishan gunasekaraMay 14, 2018 at 2:54 PM

    පිළිගැනීමත්,නොගැනීමත් ඔබේ කැමැත්තක්.
    ඔබතුමා කියනවා බෞද්ධ අය ගැහැණු දිහා බලාගෙන නරක දේවල් කියනවා ඒ නිසා මන් කිව්ව දේවල් ඔවුන්ට කියන්න කියලා,මටත් කියන්න පුළුවන් ලෝකේ තියෙන අතිබහුතර ත්‍රස්තවාදී සංවිධාන සමාජිකයිනුත් ඉස්ලාම් පිරිස් ඔබ මේ දේශනා කරන දහම් සියල්ල ඔවුනට දේශනා කරන්න කියලා.මිනිස්සුගේ වැරදිවලට ආගම වගකියන්න ඕනී කියන මතයේ මම නම් නෑ.
    ඔබ තුමා කිව්වා නේද මැවුම්කාර දෙවියන් අපිට වඩා බුද්ධියෙන් වැඩිබව මමත් ශුද්ධ වූ කුරාන් හී සිංහල පිටපතක් සහ ඉංග්‍රීසී පිටපතක් අධ්‍යනය කළා අපට වඩා බුද්ධිමත් කෙනේක කියූ සාමාන්‍ය මනුෂ්‍යාට තමාගේ බුද්ධිය මෙහෙයවා සොයාගත නොහැකි දෙයක් මට නම් එහි තිබී හමුවුණේ නෑ.එවැනි යමක් තිබේ නම් පෙන්වා දෙන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)