මුහම්මද් නබිතුමා සහ ඔහුට පසු කාලිෆාවරුන් (Prophet Muhammad and the Caliphs after him)


මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබිතුමා ය. එතුමා ක්‍රි.ව. 570 වේ ඉපදී ක්‍රි.ව. 632 දී අභාවප්ප්‍රාප්ත විය. ඒ අනුව නබිතුමා වසර 63ක් (චන්ද්‍ර වසර) ජිවත් වූ අතර ඉන් වසර 23 ක් නබිත්වයේ වගකීම් දැරුවේය. අල් කුරානය පහළ වුයේ මෙම කල සීමාව තුලදීය. නබිතුමා ඉතා සරල ජිවිතයක් ගත කළේය. ඔහු රටේ පාලකයා වුවද ආරක්ෂාව පිණිස කිසිවෙකු පත් කලේ නැත. 

මුහම්මද් නබි තුමා නබිත්වයේ කාල සීමාව තුලදී අරාබියාව තුල විශාල අධ්‍යාත්මික පෙරලියක් සිදු කළේය. එතුමා ජිවත් වුයේද රට පාලනය කළේද කුරානයේ ඇති නියෝග අනුව ය. නබිතුමා ඉස්ලාම් දහම දෙසීම සඳහා විශාල කැපකිරීමක් සිදු කළේය. නබිතුමාගේ අනුගාමිකයින් ද එතුමාව ඉතා ඕනෑකමින් අනුගමනය කළ අතරම නබිතුමා පැවසූ සෑම දෙයක්ම ඔවුන් කටපාඩම් කර මතු ජනතාව වෙනුවෙන් දායාදයක් ලෙස ඉතිරි කොට තැබුවෝය. 

නබිතුමා ඉතාමත් නිර්ලෝභී ජිවිතයක් ගත කළේය. එබැවින් ඔහුට ලැබුණු සෑම දෙයක්ම ජනතාවගේ සුභ සිද්ධිය සඳහා බෙදා දුන්නේය. ඒ අනුව කිසිම දෙයක් හෙට දවස වෙනුවෙන් ඉතිරි කර තැබුවේ නැත. ඔහු සම්පුර්ණයෙන්ම අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබුවේය. නබිතුමා මිය යන විට ඉතිරි කොට ගියේ අල් කුරානය සහ ඔහුගේ මග පෙන්වීම පමණි. 

නබිතුමාගේ අභාවයෙන් පසු ක්‍රි.ව.632-661 දක්වා වූ කාලසීමාව තුල නබිතුමා වර්ණනා කල පාලනයක් පැවතුනේය. මෙම කාල සීමාව සලෆි වරුන්ගේ කාලය ලෙස ඉස්ලාමිය විද්වතුන් විසින් නම් කොට ඇත. මේ සම්බන්දයෙන් නබි තුමා පවසන ලද හදිසයක් අබ්දුල්ලා ඉබ්නු මසුද් රලි තුමා මෙසේ වාර්තා කරන්නේය: “මගේ අනුගාමිකයින් අතරින් හොඳම මිනිසුන් මා සමග සිටින මෙම ජනතාවයි, ඉන් පසුව ඔවුන් පසුපස එන ජනතාවයි, ඉන් පසුව ඔවුන් පසුපස එන ජනතාවයි. ඔවුන්ගෙන් පසු කණ්ඩායමක් එනු ඇත ඔවුන් ශාක්‍ෂි දීමටත් පෙර දිවුරනු ඇත. එසේම ඔවුන්ගේ දිවුරුම සාක්ෂිවලට ඉදිරියෙන් සිටිනු ඇත ” (මූලාශ්‍රය: බුහාරි 6429, මුස්ලිම් මුස්ලිම් 2533). ඒ අනුව නබිතුමා වර්ණනා කොට ඇත්තේ පරම්පරා තුනක් පමණි. 

දේශ පාලනය සම්බන්දයෙන් නියෝජිතයින් පත් කිරීම සඳහා නබිතුමා කිසිවක් පවසා නැත. එම කටයුත්ත ජනතාවට භාර කළේය. ඒ අනුව නබිතුමාගේ අභාවයෙන් පසු මුල්ම පාලකයා නොහොත් කලීෆා වරයාව පත් කර ගනු ලැබුවේ උමර් රලි තුමාගේ යෝජනාව අනුවය. ඒ අනුව ඔහු අබුබක්කර් රලි තුමාගේ නම ජෝජනා කොට ජනතා කැමැත්ත ඒ සඳහා ලබා ගත්තේය. 

අබුබක්කර් රලි තුමා ක්‍රි.ව. 632 කේ සිට 634 දක්වා වසර දෙකක් පාලනය කළේය. එතුමා මුහම්මද් නබිතුමාගේ සමීපතම මිතුරෙක් විය. අබුබක්කර් රලි තුමාගේ මුළු ධනයම වියදම් කළේ ඉස්ලාම් දහම වෙනුවෙන් ය. අබුබක්කර් රලි තුමා බලයට පත් වීමෙන් පසු  ජනතාව අමතා මෙසේ කිවේය. "ඔබලා මට පාලන බලය ලබා දී ඇත.  එහෙත් මම ඔබලා අතරෙන් හොඳම තැනැත්තා යැයි නොසිතමි. එබැවින් මම නිවැරදි නම් පමණක් මට උදව් කරන්න; මම වැරදි නම් ඔබලා මාව නිවැරදි කරන්න. සත්‍යයට හිස නැමීම ඔබගේ යුතුකම වන අතර සත්‍යයට පිටු පෑම ද්‍රෝහීකමයි. කෙසේ වෙතත් දුබලයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන තෙක් මා ඔහු සමග සිටින්නෙමි. ඔබ අතරේ සිටින ශක්තිමත් තැනැත්තා ඔබගේ අයිතිවාසිකම් නොසලකා හරින්නේ නම් මා ඔහුට විරුද්ධව ක්‍රියා කරමි. මා දෙවියන්ට සහ ඔහුගේ දූතයාට කීකරු වන තාක් කල් ඔබලා මට අවනත වන්න. මා දෙවියන්ට හා ඔහුගේ දූතයාට අකීකරු වන්නේ නම්, ඔබලා මට කීකරු විය යුතු නැත" (අල්-බිදායා වන්-නිහායා 6: 305,306). අබුබක්කර් රලි තුමා වසර දෙකක් පමණ රාජ්‍ය පාලනය සිදු කළේය. ඔහු මිය යන විට ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් උමර් රලි තුමාව පත් කළේය. 

උමර් රලි තුමා දෙවන කලීෆා වශයෙන් ක්‍රි.ව. 634- 644 කාලය තුල වසර 10 ක ඉතා විශිෂ්ඨ පාලනයක් ගෙන ගියේය. කෙසේ වෙතත් ඔහුට සතුරෙකුගේ අතින් ඝාතනය වීමට සිදු විය. උමර් රලි තුමා මිය යෑමට පෙර තුන්වන කලීෆාවරයා තේරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පක් කළේය. එම කමිටුවේ නිර්දේශය අනුව උස්මාන් රලි තුමා ඉස්ලාම් රාජ්‍යයේ තුන්වන කලීෆා වරයා වශයෙන් පත් විය.

උස්මාන් රලි තුමාගේ පාලන කාලය ක්‍රි.ව. 644 සිට 656 දක්වා වසර 12 ක් විය. එතුමාගේ පාලන සමය තුල සම්මත කුර්ආන් ග්‍රන්ථයක් සකස් කොට ලොව බොහෝ ප්‍රදේශ වලට යවන ලදී. ඉස්ලාමිය රාජ්‍යයේ බොහෝ ප්‍රශ්න ඇති විය. ඊට ප්‍රධාන හේතුව වුයේ ව්‍යාජ ලෙස ඉස්ලාම් දහම වැළඳගත් අබ්දුල්ලා ඉබ්නු සාබා නමැති යුදෙව් ජාතිකයාය. ඔහු විසින් හිතා මතාම ඉස්ලාම් දහම තුල බෙදීම් ඇති කිරීම සඳහා කුමන්ත්‍රණ සිදු කොට ඇත. එහි ප්‍රතිපලයක් ලෙස උස්මාන් රලි තුමා සිය නිවස තුල කුරානය පරායණය කරමින් සිටියදී කැරලිකරුවන් විසින් ඔහුව ඝාතනය කරන ලදී. 

උස්මාන් රලි තුමාගෙන් පසු ඉස්ලාම් රාජ්‍යයේ සිවන කලීෆා ලෙස අලි රලි තුමා පත් විය. එතුමා ක්‍රි.ව. 656 සිට 661 දක්වා වසර 5ක කාලයක් පාලනය කළේය. එහෙත් ඔහුට පාලනය කිරීමට සිදු වුයේ ඉතා විශාල ප්‍රශ්න මධ්‍යයේ ය. එම කාලය තුලදී අලි රලි තුමාටත් මුආවියා රලි තුමාටත් අතර සිවිල් යුද්ධයක් හට ගැනුණේය. එම යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස කවාරිජ් සහ ෂියා යන කණ්ඩායම් දෙක බිහි විය. 

නබිතුමාගේ අනාවැකිය අනුව කලීෆා වරුන්ගේ කාල සීමාව වසර 30 කට සිමා විය. ඉන් අනතුරුව පත්වූ අය දහමට වඩා ලෞකික දේවල් කෙරෙහි ඇල්මක් දැක්වුහ. මේ අනුව අලි රලි තුමාගෙන් පසුව පත්වූනු මුආවියා රලි තුමා ද ඔහුගෙන් පසු පැමිණි ඔහුගේ පුත් ඉක්රිමා ද ඉතා දඩබ්බර පාලනයක් සිදු කොට ඇත. මින් පසු උමෙයියා සහ අබ්බාසි පාලනයන් ඇති විය. උමෙයියා වරුන් ක්‍රි.ව. 661-750 යන කල සීමාව දක්වාද, අබ්බාසි පාලනය ක්‍රි.ව.750-1517 දක්වා ද පැවතුනේය.  

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Twiter:- thetrue_path




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)