Posts

ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම (Islamic Business Ethics)

Image
ඉස්ලාම් යනු සම්පුරණ ජීවන මාර්ගයකි. ඒ අනුව මුස්ලිම්වරයෙකු වෙළඳාම් කළ යුත්තේද ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති රාමුව තුලය. මේ හේතුවෙන් මරණයෙන් පසු ජීවිතය විශ්වාස කරන නියම මුස්ලිම්වරයෙකු වෙළඳාම් කිරීමේදී බොරු කීම, වංචා කිරීම, රැවටීම ආදී වැරදි කිසිසේත්ම නොකළ යුතුය. කිරුම් මිනුම් සම්බන්දයෙන් සුහෙයිබ් නබි තුමා ඔහුගේ ජනයා අමතමින් මෙසේ අවවාද කොට තිබේ. "මාගේ ජනයිනි! කිරුම් මිනුම් කටයුතු සාධාරණව ඉටු කරනු. මිනිසුන්ට (දිය යුතු) ඔවුන්ගේ වස්තුව අඩු නොකරනු. භූමියේ අපරාධ කරමින් සැරිසැරීම් නොකරනු" (කුරානය 11:85). එසේ තිබියදීත් මුස්ලිම් වරයෙක් ජනතාවට වංචා කොට වෙළඳාම් කරන්නේ නම් ඔහු කරනු ලබන කුසල් ක්‍රියා වල නියම ප්‍රතිපල ලබා ගැනීමට හැකි වන්නේ නැත. එපමණක් නොව ඔහු අල්ලාහ්ගෙන් කරන ප්‍රාර්ථනයන් පවා ඉටු වන්නේ නැත. ඉස්ලාම් දහමේ තවත් විශේෂයක් වන්නේ පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කොට තිබීමයි. මේ සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි. "වෙළඳාම පොලිය මෙන්ම වන්නේයැයි ඔවුන් පැවසුහ. එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කොට ඇත" (කුරානය 2:275). මේ නිසා මුස්ලිම්වරයෙකුට සෑම පොළි ගනුදෙනුවකින්ම වැළකී සිට...

ඉස්ලාම් දහමින් සුර පැළඳීම සහ මන්තර ගුරුකම් තහනම් කරන්නේ ඇයි? (Why does Islam forbid amulets and witchcraft?)

Image
ඉස්ලාම් යනු අල්ලාහ්ව කේන්ද්‍ර ගත කර ගත් දහමක් වේ. ඒ අනුව අල්ලාහ් හැර වෙනත් දේවල් වලින් පිහිට පැතීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. මන්ත්‍ර ගුරුකම් ආදියෙන් උදව් පැතීම මෙම කාණ්ඩයට අයත් වන්නේය. මේවා මිත්‍යා විශ්වාසයන් ලෙස සලකනු ලැබේ. උක්බා බින් ආමීර් රලි තුමා විසින් වාර්තා කරන හදිසයක මෙසේ දැක්වේ. එක් කණ්ඩායමක් නබිතුමා වෙත පැමිණි අවස්ථාවේදී එතුමා ඔවුන්ගෙන් එක් අයෙකු පමණක් හැර අනෙක් නවදෙනාටම අතට අත දී පිළිගත්තේය. මේ ගැන අවධානය යොමු කල සහාබවරු එවැනි දෙයක් කිරීමට හේතුව කුමක්දැයි නබි තුමාගෙන් විමසුවෝය. එවිට නබිතුමා පවසා තිබෙන්නේ ඔහු සුරයක් පැළඳ ඇති නිසා එසේ කල බවයි. මේ ගැන දැනගැනීමට ලැබීමෙන් පසු එම තැනැත්තා එම සුරය ගලවා විසි කළේය. ඉන් පසු නබිතුමා ඔහුටත් අතට අත දී පිලි ගත්තේය. මෙම සිදුවීමෙන් පසු නබිතුමා සහාබවරුන් අමතා මෙසේ පැවසුවේය. "සුර පැළඳ සිටින ඕනෑම කෙනෙක් ෂිර්ක් කරන්නේය" (අහ්මඩ් 16969). (මෙම හදිසය සහිහ් බව ෂෙයික් අල්බානි දැනුම් දෙන්නේය). එසේ තිබියදී ඇතැම් මුස්ලිම්වරුන් පවා ආරක්ෂාව පිණිස සුර පළඳින්නෝය. තවත් සමහරු මැතිරීමෙන් රෝග සුව කර ගැනීමට උත්සාහ කරන්නෝය. එහෙත් ඉස්ලාම් දහම ...

ඔබගේ අවශ්‍යතා අල්ලාහ්ගෙන් ඉල්ලන්න (Ask Allah for your needs)

Image
මිනිසා මොනතරම් ස්වාදීන යැයි සිතුවත් ඔහු අන්ත අසරණ තත්වයට පත්වූ අවස්ථාවකදී පිහිට වීමට සිටින්නේ අල්ලාහ් පමණි. ඇයිද යත් අල්ලාහ් මිනිසාගේ මැවුම්කරු ය. ඒ අනුව මිනිසා අල්ලාහ් කෙරෙහි අචල විශ්වාසයෙන් යුතුව යමක් අයද සිටියේ නම් ඔහුට එය ලබා නොදී හරින්නේ නැත. සත්‍ය වශයෙන්ම අල්ලාහ් හැර මිනිසාගේ අවශ්‍යතා ඉටු කිරීමට වෙනත් දෙවි කෙනෙකු නැත.  විශේෂයෙන්ම අසාධාරණයට ලක් වූ අයගේ කන්නලව්වලට අල්ලාහ් පිළිතුරු ලබා දෙන්නේය. එය මිනිසාට පමණක් නොව සතුන්ට පවා එකසේ බල පාන්නේය.   කෙසේ වෙතත් යම් කිසිවෙකු අල්ලාහ් තම ප්‍රාර්ථනාව ඉටු කරයිදෝ යන සැකයෙන් සිටින්නේ නම් ඔහුගේ ප්‍රාර්ථනයන් ඉටු කරන්නේ නැත. එපමණක් නොව අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීමද ප්‍රාර්ථනයන් ඉටු නොවීමට එක් හේතුවකි. මේ නිසා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමේදී සාස්තෘ වරුන්ව අතර මැදියන් ලෙස පත් කර ගැනීම හෝ වෙනත් පිළිම වලින් උදව් පැතීම කිසිසේත්ම නොකළ යුතුය.     අල් කුරානයේ මෙසේ සඳහන් කොට ඇත. "මාව (අල්ලාහ්ව) අමතන්න, මම නුඹලාට පිළිතුරු දෙන්නෙමි. කවරහු මට නැමදුම් කිරීමෙන් ඈත්වී අහංකාරකම් පෙන්වන්නේද, ඔවුහු නින්දාවට පත්වූවන් ලෙස නිරයට ඇතුලුවන්නෝ...

ඉස්ලාම් දහම තුල තාරුණ්‍යයේ වැදගත්කම (The importance of youth in Islam)

Image
කෙනෙකුගේ යෞවනය ඔහුගේ ජිවිතයේ දී ලබන ස්වර්ණමය අවස්ථාව වේ. එහෙත් එය නිවැරදි මාර්ගයට යොමු කල හැකි වන්නේ ළමා කාලයේදී ම ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නේ නම් පමණි. ඉස්ලාම් දහම අනුව එය දෙමව්පියන්ට පැවරෙන පරම වගකීමක් ද වේ. අල් කුරානය ඒ සම්බන්දයනේ තරයේ අවවාද කොට ඇත. මේ නිසා ළමුන්ව නිසි මගට ගැනීම වෙනුවෙන් දෙමව්පියන් ආදර්ශමත් අන්දමින් ජිවත් වීම ඉතාමත් වැදගත් කොට සැලකිය යුතුය. ඇයිද යත් ළමා කාලයේදී අවවාදයට වඩා ආදර්ශය ඉතා ඉහලින් ක්‍රියා කරන නිසාය. එය නිසි කලට සිදු නොවුයේ එනම් දරුවන්ව නිසි මගට ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. මේ නිසා කුඩා අවදියේදීම සලාතයේ සහ උපවාසයේ මෙන්ම අනෙක් ආගමික වත් පිළිවෙත්හි වැදගත්කම පෙන්වා දීමට වග බලා ගත යුතුය.  නිවැරදි මාර්ගයේ සිටින දරුවන් ගැන දෙමව්පියන් ට මෙන්ම සමාජයටද සතුටු විය හැකිය. තරුණ සහාබා වරුන් නබි තුමා ළඟ සිටීම නිසා දේව විශ්වාසය ගැන හොඳ අධ්‍යාපනයක් ලැබුවෝය. ඒ ගැන ජුන්දුබ් රලි තුමා මෙසේ වාර්තා කරන්නේය. "අපි නබි සල් තුමා ළඟ සිටි ශක්තිමත් තරුණයින් වූයෙමු. තවද එම සමයේදී අපි අල් කුරානය ඉගෙන ගැනීමට පෙර ඊමානය ගැන ඉගෙන ගත්තෙමු. පසුව අපි කුරානය ඉගෙන ගත් අතර එම...

අල්ලාහ් සමාව නොදෙන පාපයන් කුමක්ද? (What are the sins that Allah does not forgive?)

Image
අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට සමාන වෙනත් කිසිම දෙවි කෙනෙක් නැත. එසේ තිබියදී යම් කෙනෙක් ඔහුට වෙනත් දේවල් සමාන කිරීම අල්ලාහ් අනුමත නොකරන්නේය. එම පාපය හැර අනෙක් වැරදි සඳහා අල්ලාහ් ඔහුගේ අභිමතය පරිදි සමාව දෙන්නේය.  "නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් ඇති කිරීම වෙනුවෙන් ඔහු සමාව නොදෙන්නේය, එහෙත් ඔහු එය හැර වෙනත් දේවල් සඳහා තමන් කැමති අයට සමාව දෙන්නේය: කවරෙක් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු මහා පාපයක් ඇති කල කෙනෙකි"  (කුරානය 4:48). ඇතැම් පුජකවරුන් ඔවුන්ගේ ලෞකික වාසි වෙනුවෙන් අල්ලාහ් පහළ කරන ලද ආගම හොඳින් දැනගෙන සිටියත් එය අනෙකාට පවසන්නේ නැත. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ ලෝකයේදී ලැබෙන වාසිය පමණනි. ඇයිද යත් සත්‍යය පැවසීමෙන් ඔවුන්ට ලැබෙන තාන්න මාන නැතිවී යන්නේය. ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සත්‍යය වසන් කිරීම නිසා පුජකවරුන්ගේ මග පෙන්වීම බලා සිටින බොහෝ අයට සත්‍යය දැනගැනීමට තිබෙන මාර්ගය ඇහිරී යන්නේය. මේ නිසා ඔවුන් අනුභව කරන්නේ ගින්න බව කුරානය මගින් මෙලෙස පෙන්වා දෙයි.     "නියත වශයෙන්ම කවරෙක් අල්ලාහ්ගේ පුස්තකයෙහි පහළ කළ දැය සඟවාගෙන එමගින් අල්ප මිලක් ලබාගන්නේද, ඔවුන් තම උදරය තුලට ගින්න මිසක් ...

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)

Image
ලෝකයේ සත්ව විශේෂ මිලියන 8.7 ක් පමණ ජිවත්වන බව ඇස්තමේන්තු කොට තිබේ. මේ සෑම සත්ව කුලකයක් තුලම අතිවිශාල ජීවින් සංඛ්‍යාවක් සිටිති. මේ සෑම ජිවියෙකුටම ආහාර ලබා දෙන්නේ කවුද?  අළු තල්මසුන් දින 130 ත් 140 ත් අතර කාලය තුල කිලෝ ග්‍රෑම් 150,000 ක් පමණ ආහාර අනුභව කරන්නේය. එහෙත් කිසිම තල්මසෙක් ඔවුන්ගේ හෙට දිනයේ අහාර වේල ගැන කනස්සල්ලට පත්වන්නේ නැත. එසේම අලියෙක් දිනකට රාත්තල් 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ආහාර අනුභව කරන්නේය. මෙතරම් විශාල අහාර අවශ්‍යතාවයක් තිබුනත් කිසිම අලියෙක් නිරාහාරව සිටින්නේ නැත. ලෝකයේ සිටින අනෙක් ලොකු කුඩා සැම ජීවියෙකුත් එසේමය. මේ සම්බන්දයෙන් අල් කුරානය තුල මෙවැනි වැකියක් දැකිය හැකිය. "පොළොවෙහි වෙසෙන කවර ප්‍රාණියෙකු වුවද උන්ට ආහාර ලබා දීමේ වගකීම අල්ලාහ් කෙරෙහිම ඇත" (කුරානය 11:6).  මහ පොළොවේ ජිවත්වන සෑම ජීවියෙකුම අල්ලාහ්ගේ මැවීම් ය. ඒවා සියල්ල මැවූ අල්ලාහ් ඒවාට අවශ්‍ය අහාරපානද සපයා දෙන්නේය. ඒ අනුව සෑම ජිවියෙකුගේම පැවැත්ම වෙනුවෙන් දැවැන්ත අහාර දාමයන් ක්‍රියාත්මක කර තිබේ. මෙම අහාර දාමයන් අතර නිසි සමතුලිතතාවයක් නොතිබෙන්නට ඇතැම් ජීවින් සම්පුර්ණයෙන්ම වඳ වී යා හැකිය. එහෙත් ඥානා...

මිනිසුන් ආගම හැර යද්දී ඉස්ලාමය වේගයෙන් පැතිරෙන්නේ ඇයි? (Why is Islam spreading so fast when people leave the religion?)

Image
සමාජ විද්‍යාඥයින් වන අරීලා කීසර් සහ ජුහෙම් නවරෝ යන දෙදෙනා විසින් අදේවවාදය පිළිබඳ සිදුකල ගෝලීය අධ්‍යයනයකින් පසු  හෙළිකරගෙන තිබෙන්නේ ලෝකයේ ධනාත්මක අදේවවාදීන් සහ නාස්තික දෘෂ්ටිකයින් (agnostics) මිලියන 450 ත් 500 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි.  එය ලෝක ජනගහනයෙන් 7% ක් පමණ වේ. සමස්තයක් වශයෙන් ලෝකයේ වැඩියෙන්ම අදේවවාදීන් සිටින්නේ චිනයේය. එම සංඛ්‍යාව මිලියන 200 ඉක්මවන්නේය. චීන ජාතිකයින් දහමින් ඈත්වීමට ප්‍රධාන හේතුව රජයෙන් සිදුකරනු ලබන බලපෑම වේ. චීනයේ ඇතැම් ප්‍රාන්තවල ආගම ඇදහීමට රජය විසින් විශාල බදාවන් පමුණුවන බව වාර්තා වන්නේය. ඒ අනුව කිසිම ආගමකට එහි නිසි ඉඩක් ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම එහි සිටින මුස්ලිම්වරුන්ව කඳවුරු වලට සිර කොට මනස වෙනස් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. එසේ නොවන්නට ඔවුන්ගෙන් විශාල පිරිසක් යම් කිසි ආගමක් ඇදහීමට ඉඩ තිබේ.   මේ හැරුණු විට ඇමරිකාව ඇතුළු බොහෝ යුරෝපිය රටවල්වල ද දහම හැර යාමේ ප්‍රවනතාවය දිනෙන් දින වැඩි වෙමින් තිබේ. අළුත්ම සංගනනයන් වලින් පෙන්නුම් කරන්නේ එංගලන්තය තුල ආගමක් අදහන අයට වඩා වැඩියෙන් ආගමක් නොඅදහන අය සිටින බවයි. කෙසේ වෙතත් ඉස්ලාම් දහම වැළඳ ග...