Posts

මරණින් මතු ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ දැනගත යුතු දේ? (What do you need to know to succeed in the afterlife?)

Image
ඔබ කොහි සිට මෙලොවට පැමිණියෙහිද? මරණයෙන් පසු කොයිබට යන්නෙහිද? ජිවිතයේ අරමුණ කුමක්ද? යන කරුණු හරි හැටි දැනගෙන ඊට සුදානම් වීම මතු ජීවිතය ජය ගැනීමට හේතුවකි. එහෙත් බොහෝ අය මෙම කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත.  මරණයෙන් පසු ජීවිතය කෙළවර වන බව විශ්වාස කරන අයත් නැතුවා නොවේ. එහෙත් මරණින් පසු ජිවිතයක් ඇති බව සෑම ප්‍රධාන ආගමකම සඳහන් වේ. ඒ අනුව මිනිසා මෙලොවදී කරන දේවල් වලට කුලිය ලැබීමට නියමිතව තිබෙන්නේ මරණයෙන් පසු ජිවිතයේදීය. මරණයෙන් පසු සෑම ජීවියෙකුම මේ ලෝකයේ ජිවත් වූ අන්දම ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. එදාට සෑම ආත්මයක් සඳහාම මොලොවාදී කරන ලද කුසල් හෝ අකුසල් සඳහා කුලිය දීමට නියමිතය. මෙලොවදී දහමක් දෙනු ලැබූ මිනිසාට පමණක් ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය.  මිනිසාව මැවූ දෙවි කෙනෙක් සිටියදී සාස්තෘවරුන්ට හෝ තම අතින්ම සාදාගත් දේව රූප වලට වැඳීමෙන් ප්‍රතිපලයක් ලැබෙන්නේ නැත. මරණයෙන් පසු ඒවායින් උදව්වක්ද කල නොහැකිය. ජිවිත කාලයේදී පවා ඉන් කිසිවෙකුගේ උවමනාවන් ඉටු කල නොහැකිය. එහෙත් බොහෝ අය දෙවියන් හට නැමදීම වෙනුවට මෙවැනි දේවල් සඳහා නැමදුම් කරති. මෙලොවට පැමිණි පළමු මිනිසා වන ආදම් තුමාගේ පටන් යහ මග...

ඉස්ලාම් දහමින් විවාහය සඳහා අවම වයසක් නියම නොකරන්නේ ඇයි? (Why doesn't Islam set a minimum age for marriage?)

Image
විවාහය මිනිස් අයිතියකි. කෙසේ වෙතත් නොයෙකුත් හේතුන් මත රටින් රට විවාහ වන වයස් සීමාවන් වෙනස් වන්නේය. මේ සම්බන්දයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ නව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කල විශ්ලේෂණයකට අනුව (එක්සත් ජනපදය ඇතුළුව) අවම වශයෙන් රටවල් 117 ක අඩු වයස් විවාහයන් සඳහා අවසර තිබේ. (https://www.pewresearch.org/fact-tank/2016/09/12/many-countries-allow-child-marriage/).  නීතියෙන් කුමන වයස් සීමාවන් පනවා තිබුනත් බාල වයස් විවාහයන් ලොව පුරා බොහෝ රටවල් වල සුලබව සිදු වන්නේය. එහෙත් විවේචන එල්ල කරනු  ලබන්නේ මුස්ලිම්වරුන් අතර නිත්‍යානු කුලව සිදු කරනු ලබන බාල වයස්කාර විවාහයන් සඳහා පමණි.  අල් කුරානයේ විවාහය සම්බන්ද බොහෝ නීති පනවා තිබුනත් ඒ සඳහා අවම වයස් සීමාවක් නියම කොට නැත. ඊට බොහෝ හේතුන් තිබේ. විවාහයකදී ඊට අවම වයසක් නියම කිරීමෙන් මිනිසා බලාපොරොත්තු නොවන තත්වයන්ට මුහුණ පෑමට හැකිය. උදාහරණයක් වශයෙන් බාල වයස්කාර දැරියකගේ දෙමව්පියන් දෙදෙනාම යම් හේතුවකින් මිය ගියේ යැයි සිතමු. එවිට එම දැරිය බලා ගැනීමට සිදු වන්නේ එම දැරියගේ ඥාතින් විසිනි. එහෙත් සුදුසු ඥාතියෙක් සොයා ගැනීමට නොහැකි අවස්ථාවක...

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)

Image
ඉස්ලාමීය ඉගැන්වීම අනුව ඉවසීමේ ගුණයට විශාල වටිනාකමක් තිබේ. එය කොපමණදැයි කිවහොත් ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය. මේ නිසා සෑම තරාතිරමකම අයට එය වැදගත් වේ. තනිව ක්‍රියා කිරීමේදී ද කණ්ඩායම් වශයෙන් ක්‍රියා කිරීමේදී ද පවුල් පාලනයේදී ද රාජ්‍ය පාලනයේදී ද ඉවසීම තිබිය යුතුය. මිනීමැරුම්, දික්කසාද වීම්, ඥාති සම්බන්දතා පලුදු වීම් වැනි දේවල් වලට ප්‍රධාන හේතුවක් වන්නේ නොඉවසිලි වන්තව ක්‍රියා කිරීමය. කුරානයේ එක් තැනක මෙලෙස සඳහන් වේ.  "තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය" (කුරානය 8:46). නායකත්වය සඳහා ද ඉවසීම තිබිය යුතු බව කුරානය පෙන්වා දෙන්නේය.  "ඔවුන් ඉවසිලිවන්තයින් ලෙසද අපගේ වැකි ස්ථිරව විශ්වාස කරන්නන් ලෙසද සිටි කළ, ඔවුන් අතරින් යහමග පෙන්වන නායකයින්ව අපගේ අණ පරිදි පත් කළෙමු"  (කුරානය 32:24).  ඉවසීම තිබෙන අයට සාර්ථක ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට හැකි වේ. කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ.  "නුඹලා ඉවසිලිවන්...

ඉස්ලාමයේ තුන්වැනි වගකීම වන සකාත් (Zakat, the third responsibility of Islam)

Image
දුප්පතුන් වෙනුවෙන් ධනවතුන් ලබා දිය යුතු  දීමනාව සකාත් ලෙස ඉස්ලාම් දහමින් නම් කොට තිබේ. එය සෑම ධනවතෙකු විසින්ම ඉටු කිරීම අනිවාර්ය කොට තිබේ. ඒ අනුව දිළින්දන් වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් වචනයට පමණක් සිමා නොකොට ක්‍රියාවෙන්ම පෙන්වා දී ඇති දහමක් ලෙස ඉස්ලාම් දහම පෙන්වා දිය හැකිය. මෙම බද්ධට යටත්වන සෑම කෙනෙකුම චන්ද්‍ර වර්ෂයක් පාසා එය නිසිලෙස ගණන් බලා සකාත් ලැබීමට සුදුසුකම් ලබන උදවිය වෙත ලබා දිය යුතුය. සකාත් ගෙවිය යුත්තේ රන්, රිදී, ව්‍යාපාර වස්තු, මුදල් නෝට්ටු, සිව්පා සතුන් සහ ධාන්‍ය වර්ග සඳහාය. ඒ අනුව රත්‍රන් ග්‍රෑම් 85 ක් හෝ රිදී ග්‍රෑම් 595 ක් හෝ ඊට වැඩියෙන් ඇති පුද්ගලයින් සකාත් ගෙවීමට සුදුසුකම් ලබන්නේය. ඒ හැරුණු විට එළුවන් බැටළුවන් ඔටුවන් වැනි සිව්පා සතුන් සඳහා ද රට ඉඳි සහ ධාන්‍ය සඳහා ද ඒවා නෙලා ගත් අවස්ථාවේදී ගණන් බලා ඊට අයත් සකාත් ගෙවිය යුතුය.  ඇතැම් ඉස්ලාමිය රටවල්වල රජය මැදිහත් වීමෙන් සකාත් එකතු කොට ඒවා ලැබීමට සුදුසුකම් ලබන අයට බෙදා දෙන්නේය. ඉස්ලාම් නොවන රටවල් වල ඇතැම් සංවිදාන විසින් එම කාර්ය සඳහා දායකත්වය ලබා දෙන්නේය.  ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට ඇති සකාත්, සලාතය තරම්ම...

අල්ලස සහ දූෂණයට එරෙහි ඉස්ලාමීය ඉගැන්වීම් (Islamic teachings against bribery and corruption)

Image
අල්ලස යනු යම් කෙනෙකුගෙන් අයුතු වාසියක් හෝ  ප්‍රයෝජනයක් ලබා ගැනීම වෙනුවෙන් නිත්‍යානුකුල නොවන අන්දමින් යම් කිසි දෙයක් ලබා ගැනීම හෝ ලබා දීම වේ. එහෙත් දුෂණය යනු නීත්‍යානුකූල නොවන මාර්ගවලින් වාසි ලබා ගැනීම සඳහා දරන ඕනෑම උත්සාහයකි. මේ දෙ ආකාරයටම මුදල් ඉපැයිම බලවත් වරදවල් ලෙස ඉස්ලාමය පෙන්වා දෙන්නේය. එසේ උපයාගත් සියලුම දේවල් නිරයේ ගින්නට බව ඉස්ලාමය පවසයි.  අල්ලස සහ දුෂණය සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි.  “නුඹලාගේ වස්තුව නුඹලා අතර අසාධාරණ ලෙස අනුභව නොකරන්න. තවද පාලකයින් හමුවට අල්ලස් නොදෙන්න. එසේ කිරීමෙන් ඔබ නොදැනුවත්ව අනුන්ගේ වස්තුවෙන් කොටසක් අයුක්ති සහගත ලෙස කා දමනු ඇත”  (කුරානය 2:188). කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ.  "ඔවුන්ගෙන් වැඩි දෙනා පව් කිරීමෙහිද, සීමාව ඉක්මවිමෙහිද, තහනම් කරනු ලැබූ දෑ අනුභව කිරීමටද වේගයෙන් යෑම නුඹ දකින්නේහිය. ඔවුන් කරමින් සිටින දැය ඉතා නපුරුය"  (කුරානය 5:62). ඉහත දැක්වෙන කුර්ආන් වැකි වලට අනුව අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් දීමත් වරදවල් වේ. අල්ලස් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට අයිති නැති දෙයක් අයුතු ලෙස ලබා ගැනීම යි. එහෙත් ඇතැම් අය අල්ලස්...

ඉස්ලාමිය උපවාසය (Islamic fasting)

Image
උපවාසය ඉස්ලාමයේ අනිවාර්ය කරුණු පහෙන් සිව්වැන්න වේ. උපවාසය ගැන අල් කුරානය මෙසේ සඳහන් කරයි: "විශ්වාසකලවුනි! නුඹලා (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරනු පිණිස නුඹලාට පෙර සිටියවුන් කෙරෙහි නියම කෙරුවා සේම නුඹලා කෙරෙහිද උපවාසය නියම කර ඇත" (කුරානය 2:183). මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇති උපවාසය සඳහා කාල වෙලාවක් මෙන්ම දින වකවානුවක් නියම කොට තිබේ. එහෙත් වෛකල්පික උපවාසයන් වසරේ ඕනෑම කාලයකදී ඇතැම් කොන්දේසි වලට යටත්ව ඉටු කල හැකිය.  නබිතුමාගේ හදිසයකට අනුව රමළාන් මාසයට උදාවන උපවාසය ආරම්භ කළ යුත්තේ පියෙවි ඇසින් රමළාන් මාසයට අයත් නව සඳ දැකීමෙන් පසුවය. එහෙත් සෑම කෙනෙකුම අළුත් සඳ දැකීම අනිවාර්ය නොවේ. ඉබ්නු අබ්බාස් රලි තුමා පවසන හදිසයකට අනුව විශ්වාසවන්තයින්ගෙන් එක්කෙනෙක් හෝ නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල හැකිය. කෙසේ වෙතත් නව සඳ බැලීම සම්බන්දයෙන් විද්වතුන් අතර මත බේද තිබේ. ඒ අනුව ඇතැමුන් පවසන්නේ තමන් ජිවත්වන කලාපය තුල නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල යුතු බවයි. තවත් පිරිසක් පවසන්නේ ලෝකයේ කොතැනක හෝ නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල යුතු බවයි. එහෙත් ශ්‍රේෂ්ට ඉස්ලාමීය විද්වතෙක් වන ඉමාම් ෂාෆි තුමා පවසන්නේ ත...

පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය මග පෙන්වීම (Islamic guidance on cleanliness)

Image
ඉස්ලාම් ආගම අධ්‍යාත්මික මග පෙන්වීමට සමගාමිව ශාරීරික පාරිශුද්ධත්වය ගැන ද පෙන්වා දී තිබේ. මේ නිසා ශාරීරික පිරිසිදුතාවයෙන් තොරව සිදු කරනු ලබන කුසල් වලට පිළිගැනීමක් ලැබෙන්නේ නැත.  අල් කුරානය තුල හදවතේ පිරිසිදුතාවය සහ ශාරීරික පිරිසිදුතාවය ගැන වෙන වෙනම පවසා තිබේ. තවද පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් අඩක් බව නබිතුමා දැනුම් දෙන්නේය. මෙම කරුණ අබු මාලික් අල් අශාරි තුමා වාර්තා කරන බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ දැක්වේ. අධ්‍යාත්මික පවිත්‍රතාවය යටතේ සෑම මුස්ලිම්වරයෙකුම තම හදවත පිරිසිදුව තබා ගත යුතුය. ඒ අනුව අනුන්ගේ දියුණුවට ඉරිසියා කිරීම, උඩඟු කම නිසා අනෙකා පහත් කොට සැලකීම වැනි දේවල් වලින් හැකි තරම් වැලකි සිටීමට මුස්ලිම්වරුන් කටයුතු කල යුතුය. උඩඟුකම අනු ප්‍රමාණයක් හෝ තිබුනේ නම් ස්වර්ගයට වරම් නොලබන බව නබිතුමා පවසා තිබේ. මේ හේතුවෙන් කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීම විශාල වරදකි. එය උඩඟු කම නිසා ඇතිවන්නකි. සාතන්ව ස්වර්ගයෙන් පිටමන් කිරීමට ප්‍රධන හේතුව ඔහුගේ උඩඟු කමයි. උඩඟු කම කෙනෙකුගේ රැකියාව නිසා ද පවුල් බලය නිසා ද අධ්‍යාපන සුදුසුමක් නිසා ද බලපුරුවන්කාරකම් නිසා ද ඇති විය හැකිය.  මේ නිසා කුමන...