Posts

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
පන්තියක කොතරම් දක්ෂ සිසුන් සිටියත් ගුරුවරයා විසින් විභාගයක් පවත්වා මිස එම සිසුන් ඉහල පන්තියට සමත් කරන්නේ නැත. එසේම කොතරම් හොඳ මිනිසුන් සිටියත් ස්වර්ගය ලැබෙන්නේ ලෞකික ජිවිතයේදී ඔවුන් මුහුණ දෙන පරික්ෂාවන්ට ප්‍රතිචාර දක්වන අකාරය සැලකිල්ලට ගැනීමෙන් ය. එම කරුණ අල් කුරානයේ මෙලෙස  විස්තර කොට තිබේ. "නියත වශයෙන්ම අපි බියෙන්ද, කුසගින්නේන්ද, සම්පත් මෙන්ම ජිවිත හා පලදාවේ ඇතිවන අලාභ තුලින්ද නුඹලාව පරික්ෂා කරන්නෙමු" (කුරානය 2:155). මෙම පරීක්ෂාවන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. අල්ලාහ්ට වඩාත් සමීප නබිවරුන් පවා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. ඔවුන් මුහුණ දුන් පරීක්ෂාවන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන පරීක්ෂාවන්ට වඩා දරුණුය. එහෙත් මතු ජීවිතයේදී ඔවුන්ට ලැබෙන කුලිය ද අති විශාලය.  නබිවරුන්ගෙන් පසු වැඩියෙන්ම පරීක්ෂාවන්ට මුහුණ දී තිබෙන්නේ අල්ලාහ්ට වඩාත් සමීප උදවිය වේ. මේ හේතුවෙන් නබිතුමාගේ අනුගාමිකයින් සියලු දෙනාම ඉස්ලාම් දහම වැළඳ ගැනීමේ එකම හේතුව නිසා කුරෙයිෂ් වරුන්ගේ අතින් නොයෙකුත් අන්දමේ වද හිංසාවලට මුහුණ දුන්නෝය. උදාහරණයක් ලෙස උමෙයියාගේ වහලෙකුව සිටි බිලාල් රලි තුමාව ඔහුගේ හාම්පුතා විසින් කාන්තාරය...

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

Image
  ස්වර්ගයට පිවිසීම සඳහා තිබෙන ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ නිවැරදි ලෙස දෙවියන් ගැන දැනගෙන ඔහු පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කිරීමයි. එසේ නොකොට තමන්ගේ අභිමතය පරිදි යම් දෙයකට දේවත්වයෙන් සලකා තමන් විසින්ම නියම කරගත් පින් දහම් කිරීමෙන් ස්වර්ගය ලැබෙන්නේ නැත. ඉස්ලාම් දහම අනුව දෙවියන් කිසිවෙකුගේ කුසින් ඉපදී නැත. එසේම ඔහු කිසිවෙකුගේ මැවිමක්ද නොවේ. ඔහුට සමාන කිසිවෙකුත් නැත. විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ දෙවියන් විසින් ය. එම දෙවියන්ට විවිධ ජන කොටස් නොයෙකුත් නම් වලින් ආමන්ත්‍රණය කරනු ලැබේ. මොන නමකින් ආමන්ත්‍රණය කලත් විශ්වයේ නිර්මාතෘ එකම දෙවි කෙනෙකි. විශ්වයේ නිර්මාණය සහ එහි ඇති භෞතික නීති දෙස සැලකීමේදී එය තහවුරු වේ. මෙම කරුණ 21 වන සිය වසේ ජීවත්වූ සුප්‍රසිද්ධ විද්ඥාඥයෙකු වන ස්ටෙෆාන් හෝකින්ස් මහතා විසින්ද තහවුරු කොට ඇත.  මිනිසුන් කරන දේවල් කුසල් ලෙසද අකුසල් ලෙසද වර්ගීකරණය කල හැක්කේ දෙවියන්ට පමණි. මේ හේතුවෙන් යම් කිසි කෙනෙකු තම අභිමතය අනුව කරන දේවල් වලට පින් ලැබෙන්නේ නැත. දෙවියන් නියම කල කුසල් ක්‍රියාවක් වලට පවා කුලිය ලැබෙන්නේ ඒවා දෙවියන් උදෙසා පමණක් සිදු කලේ නම් පමණි. මේ හේතුවෙ...

ඉස්ලාම් දහම තුල ඥාතිත්වයේ ඇති වැදගත්කම (The importance of kinship in Islam)

Image
බොහෝ අය වාසියට හෝ ලාබ ප්‍රයෝජනයට පමණක් ඥාතීන් ලං කර ගන්නේය. මේ නිසා ධනය ඇති අය එවැනිම අය සමග මිත්‍රකම් පවත්වන්නේය. මංගල සාදයකදී පවා බොහෝ විට සුළු සිද්ධීන් මත බොහෝ ඥාතින් කැපී යන්නේය. එහෙත් ඉස්ලාම් දහම එවැනි ක්‍රියා තදින්ම ප්‍රතික්ෂේප කොට ඇත. එහෙත් අප නොසිතන බොහෝ දේවල් ඥාතීන් සමග එකතු වීම තුල රැඳී තිබේ. එම කරුණ බොහෝ අය දැක ගෙන නැත. අල් කුරානය තුලින් ඥාති සම්බන්දතාවය ගැන මෙසේ විස්තර කරන්නේය.  "කවරෙක් අල්ලාහ් හමුවෙහි ඇති ගිවිසුම තහවුරු කල පසු එය කඩකරමින් අල්ලාහ් එක්කර ගත යුතු යැයි නියෝග කල (ලේ නෑකම) බිඳිමින් පොළොවෙහි කළහ ඇති කරත්ද ඔවුනට ශාපයක්ම වේ. ඔවුනට දුක්ඛිත නිවසම (නිරය) ඇත"  (කුරානය 13:25).  ඥාතින් සමග එකමුතුව ජිවත් වීම නිසා ආයු කාලය දීර්ඝ වන්නේය. තවද සෞභාග්‍ය ඇති වන්නේය. මෙම හදිසය තුල එම කරුණ දැක ගත හැකිය.  ජිවිතයේ සෞභාග්‍ය (provisions) ඇති වීමටත්, ජිවිත කාලය දීර්ඝ කර ගැනීමටත් යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු තම ඥාතින් සමග ඇති සම්බන්දය ආරක්ෂා කල යුතුය  (බුහාරි,මුස්ලිම්, මිශ්කාත් 1:110). ඥාතින් සමග එකට ජිවත් වීම නිසා අල්ලාහ් ද ඔවුන් සමග සම්බන්ද වන බව මෙම හ...

මරණින් මතු ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ දැනගත යුතු දේ? (What do you need to know to succeed in the afterlife?)

Image
ඔබ කොහි සිට මෙලොවට පැමිණියෙහිද? මරණයෙන් පසු කොයිබට යන්නෙහිද? ජිවිතයේ අරමුණ කුමක්ද? යන කරුණු හරි හැටි දැනගෙන ඊට සුදානම් වීම මතු ජීවිතය ජය ගැනීමට හේතුවකි. එහෙත් බොහෝ අය මෙම කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත.  මරණයෙන් පසු ජීවිතය කෙළවර වන බව විශ්වාස කරන අයත් නැතුවා නොවේ. එහෙත් මරණින් පසු ජිවිතයක් ඇති බව සෑම ප්‍රධාන ආගමකම සඳහන් වේ. ඒ අනුව මිනිසා මෙලොවදී කරන දේවල් වලට කුලිය ලැබීමට නියමිතව තිබෙන්නේ මරණයෙන් පසු ජිවිතයේදීය. මරණයෙන් පසු සෑම ජීවියෙකුම මේ ලෝකයේ ජිවත් වූ අන්දම ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. එදාට සෑම ආත්මයක් සඳහාම මොලොවාදී කරන ලද කුසල් හෝ අකුසල් සඳහා කුලිය දීමට නියමිතය. මෙලොවදී දහමක් දෙනු ලැබූ මිනිසාට පමණක් ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය.  මිනිසාව මැවූ දෙවි කෙනෙක් සිටියදී සාස්තෘවරුන්ට හෝ තම අතින්ම සාදාගත් දේව රූප වලට වැඳීමෙන් ප්‍රතිපලයක් ලැබෙන්නේ නැත. මරණයෙන් පසු ඒවායින් උදව්වක්ද කල නොහැකිය. ජිවිත කාලයේදී පවා ඉන් කිසිවෙකුගේ උවමනාවන් ඉටු කල නොහැකිය. එහෙත් බොහෝ අය දෙවියන් හට නැමදීම වෙනුවට මෙවැනි දේවල් සඳහා නැමදුම් කරති. මෙලොවට පැමිණි පළමු මිනිසා වන ආදම් තුමාගේ පටන් යහ මග...

ඉස්ලාම් දහමින් විවාහය සඳහා අවම වයසක් නියම නොකරන්නේ ඇයි? (Why doesn't Islam set a minimum age for marriage?)

Image
විවාහය මිනිස් අයිතියකි. කෙසේ වෙතත් නොයෙකුත් හේතුන් මත රටින් රට විවාහ වන වයස් සීමාවන් වෙනස් වන්නේය. මේ සම්බන්දයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ නව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කල විශ්ලේෂණයකට අනුව (එක්සත් ජනපදය ඇතුළුව) අවම වශයෙන් රටවල් 117 ක අඩු වයස් විවාහයන් සඳහා අවසර තිබේ. (https://www.pewresearch.org/fact-tank/2016/09/12/many-countries-allow-child-marriage/).  නීතියෙන් කුමන වයස් සීමාවන් පනවා තිබුනත් බාල වයස් විවාහයන් ලොව පුරා බොහෝ රටවල් වල සුලබව සිදු වන්නේය. එහෙත් විවේචන එල්ල කරනු  ලබන්නේ මුස්ලිම්වරුන් අතර නිත්‍යානු කුලව සිදු කරනු ලබන බාල වයස්කාර විවාහයන් සඳහා පමණි.  අල් කුරානයේ විවාහය සම්බන්ද බොහෝ නීති පනවා තිබුනත් ඒ සඳහා අවම වයස් සීමාවක් නියම කොට නැත. ඊට බොහෝ හේතුන් තිබේ. විවාහයකදී ඊට අවම වයසක් නියම කිරීමෙන් මිනිසා බලාපොරොත්තු නොවන තත්වයන්ට මුහුණ පෑමට හැකිය. උදාහරණයක් වශයෙන් බාල වයස්කාර දැරියකගේ දෙමව්පියන් දෙදෙනාම යම් හේතුවකින් මිය ගියේ යැයි සිතමු. එවිට එම දැරිය බලා ගැනීමට සිදු වන්නේ එම දැරියගේ ඥාතින් විසිනි. එහෙත් සුදුසු ඥාතියෙක් සොයා ගැනීමට නොහැකි අවස්ථාවක...

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)

Image
ඉස්ලාමීය ඉගැන්වීම අනුව ඉවසීමේ ගුණයට විශාල වටිනාකමක් තිබේ. එය කොපමණදැයි කිවහොත් ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය. මේ නිසා සෑම තරාතිරමකම අයට එය වැදගත් වේ. තනිව ක්‍රියා කිරීමේදී ද කණ්ඩායම් වශයෙන් ක්‍රියා කිරීමේදී ද පවුල් පාලනයේදී ද රාජ්‍ය පාලනයේදී ද ඉවසීම තිබිය යුතුය. මිනීමැරුම්, දික්කසාද වීම්, ඥාති සම්බන්දතා පලුදු වීම් වැනි දේවල් වලට ප්‍රධාන හේතුවක් වන්නේ නොඉවසිලි වන්තව ක්‍රියා කිරීමය. කුරානයේ එක් තැනක මෙලෙස සඳහන් වේ.  "තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය" (කුරානය 8:46). නායකත්වය සඳහා ද ඉවසීම තිබිය යුතු බව කුරානය පෙන්වා දෙන්නේය.  "ඔවුන් ඉවසිලිවන්තයින් ලෙසද අපගේ වැකි ස්ථිරව විශ්වාස කරන්නන් ලෙසද සිටි කළ, ඔවුන් අතරින් යහමග පෙන්වන නායකයින්ව අපගේ අණ පරිදි පත් කළෙමු"  (කුරානය 32:24).  ඉවසීම තිබෙන අයට සාර්ථක ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට හැකි වේ. කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ.  "නුඹලා ඉවසිලිවන්...

ඉස්ලාමයේ තුන්වැනි වගකීම වන සකාත් (Zakat, the third responsibility of Islam)

Image
දුප්පතුන් වෙනුවෙන් ධනවතුන් ලබා දිය යුතු  දීමනාව සකාත් ලෙස ඉස්ලාම් දහමින් නම් කොට තිබේ. එය සෑම ධනවතෙකු විසින්ම ඉටු කිරීම අනිවාර්ය කොට තිබේ. ඒ අනුව දිළින්දන් වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් වචනයට පමණක් සිමා නොකොට ක්‍රියාවෙන්ම පෙන්වා දී ඇති දහමක් ලෙස ඉස්ලාම් දහම පෙන්වා දිය හැකිය. මෙම බද්ධට යටත්වන සෑම කෙනෙකුම චන්ද්‍ර වර්ෂයක් පාසා එය නිසිලෙස ගණන් බලා සකාත් ලැබීමට සුදුසුකම් ලබන උදවිය වෙත ලබා දිය යුතුය. සකාත් ගෙවිය යුත්තේ රන්, රිදී, ව්‍යාපාර වස්තු, මුදල් නෝට්ටු, සිව්පා සතුන් සහ ධාන්‍ය වර්ග සඳහාය. ඒ අනුව රත්‍රන් ග්‍රෑම් 85 ක් හෝ රිදී ග්‍රෑම් 595 ක් හෝ ඊට වැඩියෙන් ඇති පුද්ගලයින් සකාත් ගෙවීමට සුදුසුකම් ලබන්නේය. ඒ හැරුණු විට එළුවන් බැටළුවන් ඔටුවන් වැනි සිව්පා සතුන් සඳහා ද රට ඉඳි සහ ධාන්‍ය සඳහා ද ඒවා නෙලා ගත් අවස්ථාවේදී ගණන් බලා ඊට අයත් සකාත් ගෙවිය යුතුය.  ඇතැම් ඉස්ලාමිය රටවල්වල රජය මැදිහත් වීමෙන් සකාත් එකතු කොට ඒවා ලැබීමට සුදුසුකම් ලබන අයට බෙදා දෙන්නේය. ඉස්ලාම් නොවන රටවල් වල ඇතැම් සංවිදාන විසින් එම කාර්ය සඳහා දායකත්වය ලබා දෙන්නේය.  ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට ඇති සකාත්, සලාතය තරම්ම...