Posts
Showing posts from 2015
අල් කුර්ආනයේ අභ්‍යවකාශ ගමන් පිළිබඳ අනාවැකිය (Prophecy of Space Travel in the Quran)
- Get link
- X
- Other Apps
අල්-කුරානය මිනිසාටත් දෙවියන්ටත් අතර සම්භන්ධය ගොඩනැගීම සඳහා පහල ලරන ලද මර්ගෝපදෙශයකි. එහෙත් මිනිසාගේ චින්තනය අවධි කිරීම සඳහා බොහෝ විද්‍යාත්මක කරුණු එහි අන්තර්ගත කොට ඇත. ඒවා හැදැරීමෙන් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකි වන්නේය. මෙහිදී සලකා බලනු ලබන්නේ අභ්‍යාවකාශ තරණය පිළිබඳව කුරානයෙන් සිදු කොට තිබෙන ඉඟිය ගැනයි. මුල්ම අභ්‍යාවකාශ තරණය සිදුකලේ වර්ෂ 1957 ඔක්තෝබර 4 වැනිදාය. එය රුසියාවෙන් පිටත්කළ මිනිසෙක් රහිත ස්පුට්නික් 1 යානයයි. ඉන්පසු 1958 වසරේ දී ඇමරිකාවේ නාසා (NASA) ආයතනය පිහිටුවා අභ්‍යාවකාශ තරණය ආරම්භ කොට ඇත. එහෙත් හත්වන සියවසේ විසු මිනිසා අභ්‍යාවකාශ තරණය ගැන කථාකිරීමට තියා ඒ ගැන සිතා බැලීමටවත් හැකි තත්වයක සිටියේ නැත. ඊට හේතුව එම යුගයේදී ගමන් බිමන් සිදු කලේ සතුන්ගේ උදව්වෙන් වන නිසාය. එවන් යුගයකදී අල්-කුරානය අභ්‍යාවකාශ තරණය පිලිබදව මෙවන් ප්‍රකාශයක් සිදු කොට ඇත. يمَعْشَرَ الْجِنِّ وَالإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَـرِ السَّمَـوَتِ وَالاٌّرْضِ فَانفُذُواْ لاَ تَنفُذُونَ إِلاَّ بِسُلْطَـنٍ “ජින්, මනු සමුහයිනි! නුඹලා අහස්...
Pre Destination or Fate (Qadar) and our free will by Zakir naik
- Get link
- X
- Other Apps
කාළයේ වටිනාකම (The importance of time)
- Get link
- X
- Other Apps
දෙවියන්ගේ නිර්මාණ අතරින් කාලයද මිල කළ නොහැකි සම්පතකි. සෑම මිනිසෙකුටම මෙම වටිනා කාලයෙන් කොටසක් ලැබී ඇත. එසේ නියම කොට ඇති මෙම වටිනා කාලය අවසාන වූ වහාම මරණයට පත් වනූ ඇත. කිසිවෙකුට මහළුවූ පසු කාලය ආපස්සට හරවා නැවතත් තරුණයෙකු වීමට නොහැකිය. මෙම වැදගත් කරුණ හොඳින් තේරුම් ගත් කිසිවෙකු කාලය අපතේ නොහරිනු ඇත. එහෙත් ඇතැම් උදවිය ජිවිතයේ අරමුණ නිසි අයුරින් තේරුම් නොගැනීම නිසා මෙම වටිනා කාලය අපතේ හරිති. අල්-කුරානයේ එක් සුරාවකින් පවසා ඇත්තේ සෑම මිනිසෙකුම ජිවිතයේ පාඩු ලබන බවයි. එහෙත් මින් එක් පිරිසක් ඊට අයත් නොවන බවත් පවසා ඇත. "කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු විශ්වාස කර, යහකම් කර, සත්‍ය මගින් එකිනෙකාට උපදෙස් කර, තවද ඉවසීම මගින් උපදෙස් සිටියෝද ඔවුන් හැරය" (කුරානය 103: 1-3). මෙහි ඇති විශේෂය වන්නේ දෙවියන් කාලය කෙරෙහි දිව්රා තිබීමය. එයද 'අසර්' වෙලාව හෙවත් මිනිසාට කාර්ය බහුල සන්ද්‍යා කාලය වීම විශේෂයකි. එම අවස්ථාව බොහෝ දෙනෙකු ව්‍යාපාර කටයුතුවල නියැලෙන අවස්ථාවකි. එම දිව්රීමෙන් පසු මුලින්ම පවසා ඇත්තේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම කෙරෙහිය. සැබැවි...
ඔබ නැමැදිය යුත්තේ කාටද? (To whom you should worship?)
- Get link
- X
- Other Apps
ඕනෑම දෙයකට හෝ කෙනෙකුට නැමදුම් ලැබීමට නොහැකි බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. එහෙත් දේවත්වයෙන් නැමදීම සඳහා තිබිය යුතු සුදුසුකම් කුමක්දැයි දැනගැනීම මිනිසාට පැවරෙන ප්‍රධාන වගකීමකි. එම අවශ්‍යතාව ඉටු නොකර තමන්ට සිතෙන ඕනෑම දෙයකට නැමදීමෙන් ප්‍රයෝජනයක් අත්විය නොහැකි බව තේරුම් ගැනීමට මිනිස් බුද්ධිය හොඳටම ප්‍රමාණවත්ය. එබැවින් පරම්පරාවෙන් උරුම වූ දහමක් නිසි අයුරින් අධ්‍යයනය නොකර පිළිපැදීම බුද්ධි ගෝචර ක්‍රියාවක් වන්නේ නැත. ඒ අනුව කෙනෙකුගේ දෙමව්පියන් මුස්ලිම්වරයෙකු වීම නිසා හෝ හින්දු බක්තිකයෙකු වීම නිසා හෝ කිතුනුවෙකු වීම නිසා හෝ යුදෙව්වෙකු වීම නිසා හෝ බෞද්ධයෙකු වීම නිසා හෝ එම දහම පිළිපැදීම සුදුසු නොවේ. කව්රුන් හෝ එසේ කරන්නේ නම් ඔහු කරනු ලබන ඇදහිලි හුදෙක්ම නාම මාත්‍රික එකක් වනු ඇත. නැමදීමට සුදුසුකම් තිබෙන තැනැත්තා (දෙවියන්) පිළිබද දැනගැනීමට නම් ගවේෂණයක යෙදිය යුතුය. අවම වශයෙන් දෙවියන් පහත දැක්වෙන කෙනෙක් විය නොහැකි බව තේරුම් ගත යුතුය. මරණයට පත් විය හැකි කෙනෙක්, උපතක් තිබෙන කෙනෙක්, අනුන්ගේ උදව් උපකාර අවශ්‍ය කෙනෙක් විය නොහැකිය. මේ හැර දෙවියන් සතු තව බොහෝ ලක්ෂණ දහම් පොත් හැදෑරීමෙන් අධ්‍යයනය කල...
ඉස්ලාමයට අනුව දරුවන් සඳහා දෙමාපියන්ගේ වගකීම් ( Parental responsibilities for children according to Islam)
- Get link
- X
- Other Apps
ඉස්ලාම් දහම අනුව දරුවන්ව නිවැරදි මාර්ගයට යොමු කිරීම ධාර්මික කටයුත්තකි. එය ආරම්භ කල යුත්තේ දෙමව්පියන් විසින්ම ය. මුල් අවදියේදී දරුවන් අධ්‍යාපනය ලබන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලීමෙන් බව විද්වතුන්ගේ මතය වේ. ළදරු කාලයේදී දෙමව්පියන් කරන සෑම දෙයකින්ම දරුවන් යමක් උකහා ගන්නේය. අල් කුරානයෙන් දෙමව්පියන් හට මෙසේ නියෝග කොට තිබේ. "ඔබගේ පව්ලේ උදවියට සලාතය අණ කරනු. ඔබද එය ඉවසීමෙන් රැක ගනු. ඔබගෙන් අපි අහාර නොඉල්ලන්නෙමු. අපිම ඔබට අහාර ලබා දෙන්නෙමු. හොඳ අවසානය බිය බැතිකම ඇති අයටම වේ" (කුරානය 20:132). මේ නිසා දෙමව්පියන්ගේ ප්‍රධාන වගකීමක් වන්නේ ළමයින්ට ඉස්ලාම් දහමේ ඇති විශ්වාසය සම්බන්ද කරුණු මෙන්ම ඉස්ලාමයේ අනිවාර්ය කරුණු කෙරෙහි යොමු කිරීම වේ. එසේම දෙමව්පියන්ද ඒවායේ ස්ථිරව සිටිය යුතුය. ළමුන්ට නිසි මග පෙන්වීමේ අවශ්‍යතාවය මෙම කුර්ආන් වැකියෙන් අවධාරණය කොට ඇත. "විශ්වාසවන්තයිනි! නුඹද නුඹගේ පව්ලේ උදවියද නිරයෙන් බේරා ගනු. එහි ඉන්දන මිනිසුන්ද ගල්ද වේ" (කුරානය66:6). ළමුන් නොමග යාමට දෙමව්පියන් හේතුවක් වන්නේ නම් මෙම කුර්ආන් වැකිය හොඳින් මතකයට ගත යුතුය. මේ නිසා තම දුවා දරුවන්ට ආදරය...
zසුල් හජ් මාසයේ මුල් දින දහය (The first ten days of Dhu’l-Hijjah)
- Get link
- X
- Other Apps
මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ අනුගාමිකයින්ට කුසල් කිරීමට විශේෂ වූ දිනයන් අල්ලාහ් විසින් නියම කොට ඇත. එහෙත් ඒවා අනිර්වාර්ය කර නැත. මෙම දිනයන් වන්නේ උපවාස සමයේ ලෛලතුල් කදර් රාත්‍රිය, zසුල් හජ් මාසයේ මුල් දින දහය, අරෆා දිනය සහ ආෂුරා දහවන දිනය වේ. මෙම දිනයන්හිදී කරනු ලබන කුසල් වලට සාමාන්‍ය දිනවලදී කරනු ලබන කුසල්වලට වඩා අතිශයින් විශාල ආනිසංස හිමි වන්නේය. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සෑම උත්සාහයක්ම ගැනීම වැදගත් වේ. ඉබ්නු අබ්බාස් (රලි) තුමා නබිතුමා ගේ හදිසයක් මෙසේ විස්තර කොට තිබේ. අල්ලාහ්ට zසුල් හජ් මාසයේ මෙම දින දහය තුලදී කරනු ලබන පින් දහම් තරම් කැමති දෙයක් තවත් නැතැ'යි නබිතුමා පවසා තිබේ. එවිට සහාබාවරු, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා දැයි” විමසා තිබේ. එවිට නබිතුම, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා යැයි පැවසූ ඔහු කෙනෙක් තමන්ගේ ජීවිතය සහ සියළු වස්තුව අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කොට හිස් අතින් පැමිණෙන තැනැත්තා හැරුණු විට යැයි” දැනුම් දී ඇත (බුහාරි 2/457). අල්ලාහ් යම් දෙයක් මත දිව්රන්නේ නම් එහි සැබෑ වටිනාකමක් ති...
Punishments Versus Tests - Nouman Ali Khan - Quran Weekly
- Get link
- X
- Other Apps
ඡන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ මුස්ලිම් විද්වතුන්ගේ මතය (Islamic scholar's view about voting)
- Get link
- X
- Other Apps
ඡන්දය ප්‍රකාශ කිරීම අතිශයින් වැදගත් කරුණකි. එහෙත් බොහෝ අය මෙම මාතෘකාව කෙරෙහි නිසි අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. කෙසේ හෝ සාධාරණය ඉටුකරන ජනතා හිතවාදී හොර බොරු නැති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ජනතාවගේ අපේක්ෂාවකි. ඉස්ලාම් නොවන රාජ්‍යයක් තුල ජිවත්වන මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව ඉස්ලාමිය විද්වතුන්ගේ මතයන් කුමක්දැයි සලකා බලමු. ප්‍රජාතන්ත්‍රවාදය මිනිසා විසින් ඇතිකළ එකකි. එනම් මිනිසා විසින් ඇතිකළ නීති මගින් මිනිසා පාලනය කරන ක්‍රමයකි. එහෙත් නීති පැනවීම අල්ලාහ් ගේ ක්‍රියාවක් බැවින් මෙම බලය මිනිසාට පැවරිය නොහැකි බව ඇතැම් විද්වතුන්ගේ මතය වේ. ( Mawsoo’at al-Adyaan wa’l-Madhaahib al-Mu’aasirah ( 2/1066 , 1067). ඒ අනුව බලන කල මෙම පාලන ක්‍රමය දෙවියන්ට සමානයන් තැබීමක් එනම් ෂිර්ක් ක්‍රියාවක් වන්නේය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම පැහැදිලිව තේරුම් ගත් කෙනෙකු ඡන්දය ඉල්ලීම හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් ඔහු මේ ක්‍රමය අනුමත කල අයෙකු වන්නේය. එසේ වුවද යම්කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ඔහු ...
Questions & Answers Session 29-05-2015 ~ Mufti Ismail Menk & Sheikh Dr. ...
- Get link
- X
- Other Apps
Al Quran a Miracle of Miracles by Ahmed Deedat (Video)
- Get link
- X
- Other Apps
මියන්මාරයේ සිදුවන ඛේදවාචකය (Tragedy in Myanmar)
- Get link
- X
- Other Apps
මියන්මාරය නමින් බෞද්ධ රටකි. එහෙත් එහි සිටින චීවර ධාරීන් තුල දැකිය හැකි බෞද්ධ කමක් නම් නැත. කොටින්ම එම පුජකයින්ට මිනිස්කම ගෑවී හෝ නොමැත. ඔවුන් බුදු දහමේ මුලික සංකල්පය පයට පාගාගෙන ඇති බව ලෝකයාටම පෙන්නුම් කර හමාරය. එම ම්ලේච්ච ක්‍රියාව දැක දැකත් එය වැළැක්වීමට ක්‍රියා නොකරන අයත් එම වරදේ හවුල් කරුවන්ය. මොවුන් බුදු දහම ලොවින් අතුගා දැමීමට සැරසේනවාදැයි මට සැකයක් තිබේ. එසේ නොවේ නම් බුදුදහමට පටහැනි දේවල් කරන අයව වහාම නිතිය හමුවට පමුණුවිය යුතුය. රටක ප්‍රධාන ආගම කුමක් වුවත් සෑම ජනතාවටම එක සේ සැලකීම වගකිවයුතු රජයක වගකීමකි. එය මියන්මාරයෙන් ප්‍රදර්ශනය වන්නේ නැත. රජය වැරදි කරන්නේ නම් ඔවුන් නිසි මගට මෙහෙයවීම පුජකයින්ගේ ප්‍රධාන කාර්ය භාරය විය යුතුය. එහෙත් මියන්මාරයේ දැකීමට ලැබුනේ ඊට හාත්පසින්ම වෙනස් සිද්ධියකි. එහි හමුදාව නීතිය ආරක්ෂා කරනු වෙනුවට වැරදි කරුවන් ආරක්ෂා කරති. මේ හේතුවෙන් කුපිත වූ ජනතාව මර්දනය කිරීමට නොහැකි වී ඇත. මිනිසෙකු ඝාතනය කිරීම විශාල වරදක් බව සියලු ආගම්වල පමණක් නොව අදේවවාදීන් පවා පිළිගන්නා සත්‍යයකි. එසේ තිබියදී අමු අමුව...
ශුද්ධ වූ අල්කුරානයේ විද්‍යාත්මක විශ්මයන් (Scientific miracles of Quran) (Video)
- Get link
- X
- Other Apps
The Fall of Satan and the Rise of Adam - Nouman Ali Khan - Gulf Tour 2015
- Get link
- X
- Other Apps
Why Does God Refer to Himself as "We?" - Nouman Ali Khan
- Get link
- X
- Other Apps
Culture vs. Islam - Bid'ah - Yasir Qadhi - The Deen Show
- Get link
- X
- Other Apps
Why do we worship God? -The Journey of Worship - Yasir Qadhi
- Get link
- X
- Other Apps
Social Media can take you to Paradise - Worth Watching
- Get link
- X
- Other Apps
Arnoud van Doorn Why I converted to Islam on 20 February 2015 Full lecture
- Get link
- X
- Other Apps
මරණයෙන් පසු ජීවිතයට ඔබ සූදානම්ද? (Are You Ready for Life After Death?)
- Get link
- X
- Other Apps
මව් කුසේදී ඉන් එහා ලෝකයක් ගැන සිතුවේ නැත. එහෙත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට වඩා වෙනස් ලෝකයකට පැමිණ ඇත. මේ ලෝකයද තාවකාලිකය. එබැවින් යම් දිනකදී මෙලොවින්ද සමු ගත යුතුව තිබේ. එහෙත් මින් එහා ඇති ජීවිතය ජය ගත හැක්කේ ඊට සුදානමින් ගියහොත් පමණි. මව් කුසේ පිළිසිඳගත් දරුවෙකුට ඉන් පිටවී ගියාට පසු උවමනා කරන අවයව සියල්ලම සපයා දෙනු ලැබිය. මව් කුසෙන් පිටතට පැමිණි වහාම අවශ්‍ය හොඳම අහාරයද සුදානම් කොට දුන්නේය. එසේ තිබියදී යම් දවසක මෙලොවින්ද සමු ගැනීමට නියමිතය. මෙලොවින් සමුගෙන යන ලෝකයට අවශ්‍ය දේවල් සුදානම් කල යුත්තේ අප විසින් බව අමතක නොකල යුතුය. අපව නිර්මාණය කල දෙවියන් මතු ජිවිතයට අවශ්‍ය දේවල් සුදානම් කර ගැනීම සඳහා අවශ්‍ය ශරීර අවයවයන්ද ඊට අවශ්‍ය ඥානයද මග පෙන්වීමද සිදු කොට තිබේ. අප කල යුත්තේ එම මාර්ගය නිවැරදිව දැනගෙන එහා ලෝකයට අවශ්‍ය දේවල් සුදානම් කිරීමය. මතු ජීවිතයට වස්තුව රැස්කිරීමෙන් වැඩක් නැත. එබැවින් අප මුලින්ම කල යුත්තේ අපව නිර්මාණය කල දෙවියන් කව්රුන්දැයි නිවැරදිව දැනගැනීමය. එම දෙවියන් වෙනුවට වෙනත් දේවල් වලට නැමදීමෙන් මතු ජීවිතය ජය ගැනීමට හැකි වන්නේ නැත. එහෙත් බොහෝ අය කරන්නේ තමන්ව...