ඉස්ලාමයේ පළමු කලීෆා (The first caliph of Islam)
නබිතුමාගේ වියෝවෙන් පසු නායකත්වය සඳහා පත්විය යුත්තේ කව්රුන්දැයි නම් කොට තිබුනේ නැත. කෙසේ වෙතත් ඒ සඳහා පත්විය යුත්තේ අබුබක්කර් රලි තුමා බවට නබිතුමා විසින් ඉඟි කොට තිබුනේය. ඒ අනුව නබිතුමාගේ වියෝවෙන් පසු නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා අබුබක්කර් සිද්දික් රලිතුමා බව තේරුම් ගත් උමර් රලි තුමා ඔහුගේ නම පැමිණ සිටි ජනතාව වෙත යෝජනා කොට ඒකමතිකව සම්මත කර ගත්තේය. එම භාර දූර වගකීම කරට ගත් අබුබක්කර් රලි තුමා ජනතාව අමතා මෙසේ පැවසිය. "ඔබ ගේ නායකයා ලෙස මට බලය ලබා දී ඇතත් මම ඔබ අතරින් හොඳම කෙනා නොවෙමි. මම හොඳින් පාලනය කළහොත් මට උදව් කරන්න; මම වැරැද්දක් කළහොත් මාව නිවැරදි කරන්න. අවංකව සත්‍යයට ගරු කිරීම පක්ෂපාතීත්වය වන අතර සත්‍යය නොසලකා හැරීම පාවාදීමකි. ඔබ අතර සිටින දුබලයා ශක්තිමත් වන තුරු ඔහුගේ අයිතිවාසිකම් තහවුරු කර දීම සඳහා මා ඔහු සමග සිටිමි. සැමගේම අයිතිවාසිකම් එකසේ තහවුරු කර දෙන තුරු, ඔබ අතර සිටින බලවතා මා ඉදිරියේ දුබලයා වනු ඇත. මා දෙවියන්ට සහ ඔහුගේ දූතයානන්ට කීකරු වන තාක් මට කීකරු වන්න. එහෙත් මා දෙවියන්ට සහ ඔහුගේ දූතයානන් හට අකීකරු වුවහොත් ඔබ මට කීකරු නොවන්න" (අල්-බිදායා වන්-නිහායා 6: 305, 3...