ඉස්ලාම් කව්රුන් වෙනුවෙන්ද? (For whom is Islam?)
ඉස්ලාම් දහම ආරම්භ වන්නේ මුල්ම මිනිසා සහ නබිවරයාද වන ආදම් තුමාගෙන් ය. එය එක් ජන කොට්ඨාසයක් සඳහා සිමා නොවන අතර සකල මිනිස් වර්ගයාටම අයත් වේ. මෙම කුර්ආන් වැකියෙන් ඒ බව පවසා තිබේ. "මෙය ලෝවැසියන්ට අයත් උපදෙසක් මිස වෙන නොමැත" (කුරානය 81:27). එසේම මුහම්මද් නබි තුමා පැමිණියේ මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් මිස එක් ජන කොට්ඨාසයක් සඳහා නොවේ. මෙම කුර්ආන් වැකියෙන් එම කරුණ දැනුම් දී තිබේ. "අපි නුඹව (මුහම්මද් නබි තුමාව) සකල ලෝවැසියන්ටම ආශින්ෂණයක් ලෙස මිස යැව්වේ නැත" (කුරානය 21:107). ඉහත සඳහන් කරුණු අනුව පෙනී යන්නේ ඉස්ලාම් ආගමේ නිර්මාතෘවරයා මුහම්මද් නබිතුමා නොවන බවයි.
ඉස්ලාම් ආගම දෙසීම සඳහා සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. මුල්ම නබිවරයා ආදම්තුමා වන අතර අවසාන නබිවරයා මුහම්මද් නබි තුමාය. ලෝකයේ කොපමණ ආගම් තිබුනත් අල්ලාහ් පිළිගන්නා එකම ආගම ඉස්ලාම් බව කුරානය තුල මෙසේ සඳහන් වේ. "නියත වශයෙන්ම අල්ලාහ් සමග ඇති දහම ඉස්ලාම්ය" (කුරානය 3:19).
ඉස්ලාම් දහම ප්රචාරය කිරීම සඳහා නබිවරුන් හරහා අනපනත් මෙන්ම ආගම් පුස්තක පහළ කොට තිබේ. ඒවා කවරේද යත් දාවුද් නබිතුමාට පහළ කරන ලද සබුර් ආගම, මුසා නබි තුමාට පහළ කරන ලද තව්රාත් ආගම, ජේසු තුමාට පහළ කරන ලද ඉන්ජිල් හෙවත් බයිබලය සහ මුහම්මද් නබිතුමාට පහළ කරන ලද කුරානය වේ. කුරානය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් ඉස්ලාම් දහම දෙසීම සඳහා අල්ලාහ් විසින් එවන ලද සම්පුර්ණ කරන ලද සහ අවසාන ආගම් පුස්තකය යි. මුහම්මද් නබි තුමාට පෙර පැවති ආගම් පුස්තක ක්රියාත්මක වුයේ එම නබිවරුන්ගේ අනුගාමිකයින් සඳහා ය. එහෙත් අලුතින් නබිවරයෙකු පැමිණි සෑම විටම කලින් සිටි නබිවරයාට පහළ කරන අද දහම් පණිවිඩය අහෝසි වන්නේය.
අල් කුරානය ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන් පහළ කරනු ලැබුවත් එහි බල කිරීමක් නැත. ඒ අනුව කැමති කෙනෙකුට ඉස්ලාම් දහම වැළඳ ගෙන අල් කුරානය පිළිපැදිය හැකිය.
ඉස්ලාම් ආගමේ මුලික අරමුණ මිනිසාගේ මැවුම්කරු වන අල්ලාහ්ගේ අණට මුළුමනින්ම යටත් වීමය. එසේ කරන තැනැත්තා මුස්ලිම්වරයෙකු ලෙසත් එසේ නොකරන තැනැත්තා කෆීර් කෙනෙකු ලෙසත් හඳුන්වනු ලැබේ. මිනිසා මෙලොවදී කුමන විශ්වාසයක් ඇතුව ජිවත් වුයේ ද මරණයෙන් පසුත් එම විශ්වාසයෙන්ම නැගිටවනු ලැබේ. මෙලොවදී ඔවුන්ට අල්ලාහ් කරුණාව දැක්වුවද මරණයෙන් පසු කිසිම පිහිටක් නැත.
මුස්ලිම් දෙමව්පියන්ට දාව ඉපදීම ස්වර්ගයට වරමක් නොවේ. මේ හේතුවෙන් ඇතැම් නබිවරුන්ගේ භාර්යාවන් මෙන්ම දරුවන් නිරයට යන්නේය. තවද කුරානයේ සඳහන් පරිදි ඉබ්රාහිම් නබිතුමාගේ පියාද නිරයට යන්නේය. එහෙත් කුරානය සහ නබිතුමාගේ අඩිපාරේ ගමන් කල අය ස්වර්ගයට වරම් ලබනු ඇත.
By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment