අල්-කුරානයට අනුව පෘථිවියේ හැඩය (The shape of the earth according to the Quran )



අල් කුරානය විද්‍යාව ඉගැන්වීම සඳහා පහළ කරන ලද ග්‍රන්ථයක් නොවුනද එහි විද්‍යාව සම්බන්ද බොහෝ කරුණු ගැබ් කොට තිබේ. ඒවා හැදෑරීමෙන් කුරානය මිනිසා විසින් රචනා කරන ලද කෘතියක් නොවන බව නිගමනය කල හැකිය. 

කුරානයේ ඇති නොයෙකුත් විද්‍යාත්මක කරුණු අතරින් පෘථිවියේ හැඩය ගැන නිවැරදිව සඳහන් කොට තිබීම ගැන පමණක් මෙහිදී සලකා බලනු ලැබේ. කුරානය පහළ වන සමයේදී පෘථිවිය පැතලි තැටියක් බව විශ්වාස කොට තිබේ. කුරානය මිනිසා විසින් ලියන ලද්දක් නම් එහි සඳහන් විය යුත්තේ පෘථිවිය පැතලි තැටියක් බවයි. එහෙත් අපට දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඒ අනුව කුරානයේ සඳහන් වන්නේ පෘථිවිය පැස්බරාගේ බිත්තරයේ හැඩය ගන්නා බවයි. එහෙත් එම කරුණ සොයා ගනු ලැබුවේ කුරානය පහළ වී සියවස් ගණනාවකින් ගෙවී ගිය පසුව වීම විශේෂත්වයකි.

අල්-කුරානයේ 79 වන ජේදයේ 30 වන වැකියේ සඳහන් වන්නේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් බවයි. මෙම වැකියේ ඇති "دَحَاهَا" (දහාහා) යන වචනය සඳහා එක් අර්ථයක් වන්නේ පැස්බරාගේ බිත්තරය යන වගයි. මෙම අර්ථයට අමතරව දහාහා යන වචනයට තවත් තේරුම් බොහොමයක් තිබේ. එම අර්ථයන් මෙසේය. විශාල ප්‍රදේශය, පැතිරෙනවා, වටකුරු කරනවා, සංතුලනය කරනවා යනාදිය වේ. කෙසේ වෙතත් මදීනා විශ්ව විද්‍යාලයේ සේවය කල මහාචාර්ය මුහම්මද් මෝහර් පවසන්නේ 'දහාහා' යනු බිත්තරයේ හැඩය බවයි. ඇත්ත වශයෙන්ම පෘථිවිය ගෝලාකාර වනවාට වඩා එය පැස්බරාගේ බිත්තරයේ හැඩය ගන්නා බව මේ වන විට සොයාගෙන තිබේ. 

මේ හැරුණු විට අල් කුරානයේ ඇති වෙනත් වැකි වල ආදාරයෙන් පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව නිගමනය කල හැකිය. උදාහරණයක් වශයෙන අල්-කුරානයේ නැගෙනහිරවල් සහ බටහිරවල් ගැන සඳහන් වන්නේය. එනම් පෘථිවියට ඉර බසින ලක්ෂ සහ ඉර පායන ලක්ෂ එකකට වඩා තිබෙන බව සඳහන් වේ. එසේම නැගෙනහිරවල් දෙකක් සහ බටහිරවල් දෙකක් ගැනත් කුරානයේ තවත් තැනක සඳහන් වේ. එම සංසිද්දිය සිදු විය හැක්කේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් නම් පමණි. එපමනක් නොව එහි සිරස් අක්ෂය යම් අනතියක් ඇතුව සුර්‍යා වටා ගමන් කල යුතුය. එසේ නොවී පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නේ නම් කිසිසේත්ම කුරානය පවසන අන්දමට නැගෙනහිරවල් සහ බටහිරවල් විශාල ප්‍රමාණයක් ඇති විය නොහැකිය. මේ නිසා අපට නිගමනය කල හැකි වන්නේ කුරානයට අනුව පෘථිවිය ගෝලාකාර හැඩයක් ගන්නා බවයි. 

By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,Jpura,,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Twitter:-thetrue_path


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)