Posts

Showing posts from 2019

ඉස්ලාම් භීතිකාව (Islamophobia)

Image
ඉස්ලාම් භීතිකාව යනු සාධාරණ හේතුවක් නොමැතිව ඉස්ලාම් දහම කෙරෙහි දක්වනු ලබන බිය සහ පිළිකුල වේ. ලෝකයේ බොහෝ ආගම් තිබියදී ඉස්ලාම් ආගම ගැන පමණක් භීතිකාවක් මවාගෙන තිබෙන්නේ ඉන් බොහෝ අයට වැරදි කිරීමට තිබෙන අවස්ථා ඇහිරී යන නිසාය. මේ හේතුවෙන් ඇතැම් අය තම පෞද්ගලික වාසි සඳහා ඉස්ලාම් භීතිකාවක් නිර්මාණය කරන්නේය. ඒ අනුව දේශපාලකයින් තම ගොඩ වැඩිකර ගැනීම සඳහාද ව්‍යාපාරිකයින් ඔවුන්ගේ සාමාජික පිරිස වැඩිකර ගැනීම සඳහාද ඉස්ලාම් භීතිකාව කරලියට ගෙන එන්නේය.  කුරානයයෙන් ලබා දී ඇති මිනිස් අයිතිවාසිකම් ඇතැම් අයට අවාසි වන නිසා එදා සිටි ජනතාව නබිතුමාට විරෝදය පා තිබේ. උදාහරනයක් ලෙස නබිතුමා උපදින විට කාන්තාවන්ට මිනිස් අයිතිවාසිකම් තිබුනේ නැත. එහෙත් කුරානයෙන් ඔවුන්ට පිරිමින්ට මෙන් සම අයිතිවාසිකම් ලබා දුන්නේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. තවද ඉස්ලාමයට පෙර ධනවතුන් විසින් දුගී ජනතාව පාගාගෙන ජිවත් විය. එහෙත් කුරානයෙන් සැමට එක සමාන අයිතිවාසිකම ලබා දුන්නේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. තවද කුරානයෙන් පොලිය තහනම් කොට ඇත. එය පොළී මුදලාලිලාගේ අප්‍රසාදයට හේතුවක් විය. එසේම ඉස්ලම දහමින් මත්පැන් ...

මිනිසාව නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද? (What is the purpose of creating man?)

Image
යම් කිසි උපකරණයක් නිෂ්පාදනය කිරීමේ අරමුණ දන්නේ එහි නිෂ්පාදකයාට ය. එසේම මිනිසාව මැවීමේ අරමුණ  දන්නේ ඔහුගේ මැවුම් කරුටය. තවද යම් උපකරණයක් නිසි ලෙස ක්‍රියා කිරීමට නම් ඒ සමග එන අත්පොත පිළිපැදිය යුතුය. මේ ආකාරයටම මිනිස් ජීවිතය ජය ගැනීමට නම් දෙවියන් ලබා දී ඇති මාර්ගෝපදේශය පිළිපැදිය යුතුය. කෙසේ වෙතත් යම් උපකරනයකින් එහි අරමුණ කිසිසේත්ම ඉටු නොවේ නම් එය නැවත ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. එසේම මිනිසාව මැවූ අරමුණ ඉටු නොවන්නේ නම් නිරයට දමන්නේය.  මිනිසාට යහ මග පෙන්වීම සඳහා දහම් පණිවිඩ රැගත් බොහෝ නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ආදම්, නුහ්, හුද්, ඉද්රිස්, ඉබ්‍රාහිම්, ඉස්මායිල්, ඉස්හාක්, මුසා, ඊසා, මුහම්මද් (ඔවුන් සියල්ලෝම කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන අය එසේ පැමිණි ඇතැම් නබිවරුන් ය. මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානයත් සමග දෙවියන් පහළ කරන ලද දහම් පණිවිඩය සම්පුර්ණ වන්නේය.  අල් කුරානයේ මිනිසාව මැවූ හේතුව මෙසේ සඳහන් වේ.  "ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත"  (කුරානය 51:56). තවද මරණයෙන් පසු මිනිසාව ප්‍රශ්න කිරීම සඳහා නැවතත් දෙවියන් වෙතම කැඳවන බව කියැවේ.  "නුඹ...

ඉස්ලාමයේ හලාල් සහ හරාම් සංකල්පය (Halal and Haram concept in Islam)

Image
ෂරියා නීතියෙන් අවසර ලබා දී තිබෙන සියලුම දේවල් හලාල් ලෙසද ඊට විරුද්ධ දේවල් හරාම් ලෙසද සලකනු ලැබේ. මිනිස් පරිබෝජනයට සුදුසු දේවල් සම්බන්දයෙන් අල් කුරානය මෙසේ පවසයි.  "මිනිසුනි! මිහිපිට ඇති අනුමත කරනු ලැබූ පිරිසිදු දේවල් පමණක් අනුභව කරනු, සාතන්ගේ අඩිපාර පිලි නොපදිනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරෙකු වේ" (කුරානය 2:168). තවද මිනිස් පරිබෝජනයට සුදුසු නොවන දේවල් සම්බන්දයෙන් කුරානය මෙසේ පවසා ඇත.  "ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත) " (කුරානය 5:3). මින් අදහස් කරනු ලබන්නේ සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට මග පෙන්වීම වේ.  ඉබේ මල සත්වයින්ගේ ශරීරයේ ඇති රුධිරය මෙන්ම එම මාංශ අහාරය පිණිස සුදුසු නොවන්නේ එහි තිබිය හැකි විෂබීජ නිසාය. එසේම සුකර මාංශ වල ඇති පට් පටිපනුවන් නිසා නොයෙකුත් භයානක ලෙඩ රෝග වැළඳිය හැකිය. තවද එහි ඇති මේදය නිසා රුධිර නාල වල අවහිරතා ඇති විය හැ...

ඉස්ලාමය අනෙකුත් ආගම්වලට වඩා වෙනස් වන්නේ ඇයි? (Why is Islam different from other religions?)

Image
ඉස්ලාම් යනු විශ්වයේ නිර්මාතෘ මත කේන්ද්‍රගත වූ ඒක දේවවාදී දහමකි. ඉස්ලාම් හැර සෙසු සෑම ආගමක්ම බහු දේවවාදය මත පදනම් වන්නේය. ඉස්ලාම් දහමේ ඉතිහාසය මෙලොවට බිහිවූ මුල්ම මිනිසා තරම්ම පැරණිය. මේ නිසා එය ලෝකයේ තිබෙන පැරණිතම ආගම ලෙස සැලකිය හැකිය. ඉස්ලාම් දහමේ ප්‍රධාන මුලාශ්‍රය අල් කුරණයයි. එය මෙලොවට පහළ වූ අවසාන නබිවරයා වන මුහම්මද් තුමාට අල්ලාහ්ගෙන් පහළ වී තිබේ. මුහම්මද් නබි තුමාගේ පැමිණීමත් සමග   ඉස්ලාම් දහම සම්පුර්ණ විය.  ලෝකයේ තිබෙන ආගම් අතරින් කිසිම වෙනසකට භාජනය නොවී මුල් භාෂාවෙන්ම ආරක්ෂා කොට තිබෙන දහම් පුස්තකය කුරානය වේ. කුරානය හැරුණු විට  අනෙකුත් සියලුම ආගම් මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනස්කම් වලට බඳුන් වී තිබේ. එසේම ඇතැම් ආගම්වල කොටස් අතුරුදහන් වී ඇත. තවද අද තිබෙන බොහෝ ආගම් ඒවා පහළ වූ භාෂාවෙන් වෙනත් භාෂාවලට පරිවර්තනය කොට තිබේ. එබැවින් ඒවායේ පරිවර්තන දෝෂ ඇතුලත් වීම වැළැක්විය නොහැකි කරුණකි.  අල් කුරානය හැරුණු විට වෙනත් කිසිම ආගමක සත්‍යතාව පිරික්සීම සඳහා ක්‍රම වේදයක් නැත. එහෙත් කුරානයේ නිවැරදිතාවය පරික්ෂා කිරීම සඳහා අවශ්‍යකරන වැඩ පිළිවෙල ඒ තුලම අඩංග...

මියගිය හදවත් වල අධ්‍යාත්මික බංකොලොත්භාවය (Spiritual bankruptcy of dead hearts)

Image
මිනිස් හදවත භෞතික මෙන්ම චිත්තවේගීය ඉන්ද්‍රියක් ලෙස සැලකිය හැකිය. එය මිනිස් සෙනෙහසේ ආසනය  ද වේ.  එමගින් මිනිසාගේ මනස, ශරීරය හා ආත්මය සම්බන්ධ කරන්නේය. අල් කුරානයට අනුව මිනිස් හදවත ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නේය. ඇතැම් ඉස්ලාමිය විද්වතුන් එය ආත්මය ලෙසද  නම් කොට ඇත. ඒ අනුව හදවත අන්ද වීම මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය විනාශයට පත් වීමට හේතුවකි. මිනිසාගේ ඇස් දෙකම අන්ද වුවත් හදවත අල්ලාහ් කෙරෙහි විශ්වාසය තුලින් ජීවමාන වේ නම් ජීවිතය ජය ගැනීමට හැකි වන්නේය.  ඇයිද යත් අධ්‍යාත්මික හදවත අන්ද වූ කෙනෙකුට කොපමණ උපදෙස් දෙනු ලැබුවත් ඉන් ප්‍රයෝජනයක් අත් නොවන නිසාය. හදවත අන්ද වීමට ප්‍රධාන වශයෙන් බල පාන්නේ මිනිසා කරන අකුසල් ක්‍රියාවන් වේ.  මිනිස් ආත්මය අශ්වාරෝහකයෙකුට උපමා කළ හැකිය. ඒ අනුව  අශ්වාරෝහකයා ශක්තිමත් වන තරම අනුව අශ්වාරෝහකයාට  අශ්වයා හැසිරවිය හැකි වන්නේය.  ඒ අකාරයටම  ආත්මය ශක්තිමත් වන තරම අනුව  මිනිසාට නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට හැකි වන්නේය. එසේ තිබියදී  අද බොහෝ අය...

ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ ඉස්ලාමිය විශ්වාසය (Islamic belief in astrology)

Image
ජ්‍යෝතිෂ්‍යවේදය ක්‍රි.පු.2000 තරම් පැරණිය. එය ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර භාවිතයේ තිබුනත් පසු කාලයේදී මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය වැනි රටවල් දක්වා පැතිර ගොස් තිබේ. එහෙත් නවීන විද්‍යාවේ දියුණුවත් සමග ජ්‍යෝතිශ්ශාස්ත්‍රය විශාල පසුබෑමකට ලක් විය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ග්‍රහවස්ත්තුවල පිහිටීමත් ඒවායේ බලපෑමත් නිසා මිනිසාගේ දෛවය කියවිය හැකි විද්‍යාත්මක ක්‍රමයක් සොයා ගැනීමට නොහැකි වීමය.  දාහත්වන සතවර්ෂයේ අගභාගය වන විට තාරකා විද්‍යාඥයින් සහ භෞතික විද්‍යාඥයින් එකතුවී ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ කියැවෙන කරුණු ප්‍රශ්න කරන ලදී. එම ප්‍රශ්න කිරීමෙන් පසු ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට තිබුණු ශාස්ත්‍රීය මෙන්ම සෛද්දාන්තික වටිනාකම තව දුරටත් අඩු විය. නුතන විද්‍යාවේ දියුණුවත් සමග ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ගැන තිබුණු විස්වාසය තවත් පිරිහීමට පත් විය. නවීන විද්‍යාවෙන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රය මිනිසාගේ අනාගතය කියවීමට හැකි දෙයක් ලෙස පිලි ගන්නේ නැත. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අනුව විශ්වය සහ එහි ඇති සෑම දෙයක්ම මවා පාලනය කරන්නේ අල්ලාහ් ය. ඒ අනුව සෑම ග්‍රහ වස්තුවක්ම අල්ලාහ්ගේ නියමය පරිදි ...

ඉස්ලාමයේ අනිවාර්ය වගකීම් සහ විශ්වාසයන් (Mandatory Responsibilities and Beliefs in Islam)

Image
ඉස්ලාම් දහමෙහි විශ්වාසය සම්බන්ද මුලික ප්‍රස්තුතයන් හයක් තිබේ. ඒවා සම්බන්දයෙන් අල් කුරානය සහ නබිතුමාගේ හදිස් වලින් පැහැදිලිකිරීම් සිදු කොට ඇත. පහත දැක්වෙන්නේ එම කරුණු හය වේ.  අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම දේවදුතයින් ගැන විශ්වාස කිරීම අල්-කුරානයට පෙර පහළ වූ ආගම් ගැන විශ්වාස කිරීම  දහම් දෙසීමට පැමිණි නබිවරුන් ගැන විශ්වාස කිරීම විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.  දෙවියන්ගේ කැමැත්ත අනුව හොද-නරක සිදුවන බව විශ්වාස කිරීම අල්ලාහ් ගැන විශ්වාස කිරීම: අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නැති බව ඉස්ලාමයේ මුලික විශ්වාසය වේ. අල්ලාහ් සම්බන්දයෙන් ඉතා සංශිප්තව මෙසේ අර්ථ දක්වා තිබේ. "පවසනු! අල්ලාහ් (කිසිමදෙයකට සම නොවන) එක්කෙනෙකි. අල්ලාහ් ස්වයංපෝෂිතයා ය. ඔහු (කිසිවෙකුව) ප්‍රසුත කලේ නැත, කිසිවෙකුගෙන් ඔහු ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන කිසිවෙකුත් නැත" (කුරානය 112:1-4). මෙම අර්ථ දැක්වීම අනුව ඔහුට සමාන වෙනත් කිසිම දෙවි කෙනෙකු නැත. ජේසු තුමා හෝ වෙනත් සාස්තෘ වරයෙක් දෙවියන්ගේ තත්වයට පත් විය නොහැක්කේ ඔවුන්ට ඉපදීමක් සහ මරණයක් තිබෙන නිසාය. තවද ඔවුන්ට සමාන තවත් බොහෝ අය සිටින්...

මුහම්මද් (ﷺ) තුමාණන්ගේ මිහ්රාජ් ගමන [Mihraj-Night journey of the Prophet Muhammad (ﷺ)]

Image
නබිතුමා මක්කාවේ සිට ජෙරුසලමටත් එහි සිට අහස් තරණය කොට අල්ලාහ් වෙතටත් ගිය ගමන මිහ්රාජ් වේ. එය නබිතුමා විසින් සිදු කල බලගතු ප්‍රාතිහාරයකි. එවැනි ගමනක් වෙනත් කිසිම නබිවරයෙකු විසින් සිදු කොට නැත. ප්‍රාතිහාරයක් යනු අල්ලාහ්ගේ උදව්වෙන් නබිවරුන් පමණක් සිදු කරනු ලබන හාස්කමකි. එවැනි දෙයක් නබිවරුන්ටම මිස වෙනත් කිසිවෙකුට කල නොහැකිය. ප්‍රාතිහාර වලදී සාමාන්‍ය භෞතික නීති ක්‍රියාත්මක වන්නේ නැත. එම නිසා එම ගමන කෙසේ සිදු වුයේ දැයි ප්‍රශ්න කල නොහැකිය. සෑම නබිවරයෙකු විසින්ම ප්‍රාතිහාරයන් සිදු කොට තිබේ. උදාහරණයක් ලෙස ඉබ්‍රාහිම් නබිතුමාව ගින්නට විසි කල අවස්ථාවේදී අල්ලාහ්ගේ උදව්වෙන් ගින්න ඔහුව පිලිස්සුවේ නැත. මුසා නබිතුමාගේ හැරමිටිය අල්ලාහ්ගේ උදව්වෙන් නාගයෙකු බවට පත් කළේය. එම හැරමිටියෙන්ම මුහුද දෙබෑ කොට ඇත. නබිතුමාගේ මිහ්රාජ් ගමනත් එවැනිම ප්‍රාතිහාරයකි. එම ගමන එක් රැයකදී මක්කාවේ සිට ජෙරුසලමේ පිහිටි බයිතුල් මුකද්දිස් වෙතටත් එහි සිට අල්ලාහ්ව හමු වීමටත් ගොස් ආපසු පැමිණ තිබේ. අල් කුරානය එම ගමන මෙසේ විස්තර කරන්නේය. "ශුවිශුද්ධවන්තයා වන ඔහු තම ගැත්තාව මස්ජිදුල් හරාම්හි සිට අවට පරිසරය භාග්‍යවත් කල මස්ජිදුල් ...

මිනිස් කළල විකසනය පිළිබඳ අල් කුර්ආනය (The Quran on Human Embryonic Development)

Image
(    මිනිස් කළලයේ විවිධ අවස්ථාවන් පිළිබඳව අල් කුරානයේ විස්තර කොට ඇත. ඉන් එක් වැකියක පරිවර්තනය පහත දක්වා ඇත. "ඉන් පසු ඔහුව (ආදම්ගේ ප්‍රජාව) 'නුත්ෆා' (ශුක්‍රානු-ඩිම්බ එකතුව) ආරක්‍ෂිත තැනක තැන්පත් කෙළෙමු. පසුව එම 'නුත්ෆා' අවස්ථාව කැටියක් (අලකා) බවට පත් කෙළෙමු, එම කැටියෙන් අස්ථින් ඇති කළෙමු, ඉන් පසුව එම අස්ථින් මස්වලින් අවරනය කෙළෙමු; ඉන්පසු ඔහුව වෙනත් මැවීමක් බවට පත් කෙළෙමු" (කුරානය 23: 13-14). කුරානය පහළ වන යුගයේදී සරල කාචයක් පවා තිබුනේ නැත. එසේ නම් අල් කුරානයෙන් මෙවැනි දෙයක් පැවසිය හැකි වුයේ කෙසේද? මෙම කරුණු විද්‍යාඥයින් විසින් අධ්‍යනය කරනු ලැබුවේ කුරානය පහළ වී වසර 1000 ක් පමණ ගෙවී ගිය පසුව ඉතා සංකීර්ණ අන්වීක්ෂ යොදා ගැනීමෙන් ය. ඒ අනුව මිනිසාගේ ශුක්‍රානු ගැන මුලින්ම අධික්ෂ්න්ය කරනු ලැබුවේ හැම් සහ ලිව්වෙන්හොක් යන දෙදෙනා විසින් වර්ෂ 1677 දීය. මෙම කුර්ආන් වැකිය සම්බන්දයෙන් අදහස් දැක්වීම සඳහා ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිලිබඳ මහාචාර්ය කිත් එල් මුවර් (Keith L Moore) මහතා වෙත යොමු කර තිබේ. ඒ අනුව ඔහු මෙම කුර්ආන් වැකිය ගැන දීර්ඝ ලෙස අධ්‍යයනය කල අතර එහි...

සලාතුන් නාරියා ඉස්ලාමය අනුමත කරනවාද? (Does Salatun Naria approve of Islam?)

Image
ෂරියා නීතියට අනුව ඕනෑම දෙයක් කුසල් ක්‍රියාවක් බවට පත් වන්නේ ඒ සඳහා කුරානයෙන් හෝ හදිස් වලින් මුලාශ්‍ර සොයා ගත හැකි නම් ය. එසේ නොවන කිසිම දෙයක් දහමේ අංගයක් ලෙස පිලිගන්න්නේ නැත. එසේ තිබියදී "සලාතුන් නාරියා" ආරම්භ වන්නේ නබිතුමාගේ අභාවයෙන් සියවස් ගණනාවකට පසුවය. මේ හේතුවෙන් එයට කුරානයෙන් හෝ හදීස් ඇසුරෙන් හෝ මුලාශ්‍ර සොයා ගැනීමට කිසිම හැකියාවක් ලැබෙන්නේ නැත. නබිතුමාගේ හදිසයක සඳහන් වන අන්දමට දහමට අලුතින් එක්කරන ලද දේවල් බැහැර කල යුතු ය. තවත් හදිසයක සඳහන් වන්නේ දහමට අලුතින් එකතු කරන සියලුම ඇදහිලි නොමග ගිය දේවල් බවත් නොමග ගිය සියලුම දේවල් නිරයට බවත් ය. නබිතුමාගේ අභාවයෙන් පසු ගොතන ලද මෙම සලාතුන් නාරියා කාන්තාවන් එකතුවී පරායණය කරනු ලබන්නේය. එහෙත් ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති බොහෝ දේවල් තිබියදී ඒවා ඉටු නොකර මෙවැනි අලුත් ඇදහිලි දහමේ අංගයක් ලෙස පිළිගෙන ඒවා සිදු කිරීම බලවත් වරදක් වේ.  සලාතුන් නාරියා වෙනුවට නබිතුමා වෙනුවෙන් පැවසිය යුතු සලවාත් කුමක්දැයි ෂරියාවෙන් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම සලාතුල් ඉබ්රාහිමියා සලාතය ඉටු කිරීමේදී පරායනය කරන්නේය. ඒ අනුව අවශ්‍ය කෙනෙකුට එම සලවාතය තනිවම ඕනෑතරම් ප...

සුන්නි සහ ෂියා අතර වෙනස (The difference between Sunni and Shia)

Image
ෂියා වරුන්ගේ ආරම්භය සිදු වන්නේ නබිතුමාගේ අභාවයෙන් දසක කිහිපයක් ගත වු පසුව ය. මිට ප්‍රධාන හේතුව අලිරලි තුමා සහ මු’ආවියා රලි තුමා අතර ඇතිවුණු යුද්දයකි. ආරම්භයේදී ෂියා දේශපාලන මුහුණුවරක් ගත් අතර පසුව ආගමික නිකායක් බවට පත් විය.  ශියාවරුන් විශ්වාස කරන්නේ මුහම්මද් නබිතුමාගෙන් පසු බලය හිමි විය යුත්තේ එතුමාගේ අනුප්‍රාප්තිකයන් වන අලි රලි තුමාට සහ ඔහුගෙන් පැවත එන ඉමාම්වරුන්ට බවයි. ශියාවරුන් අද වන විට තවත් බොහෝ නිකායන්වලට බෙදී ඇත. බෝරාවරුන් ද එම නිකායට අයත් වෙති.  ෂියාවරුන් පිළිපදින ඉස්ලාම් දහම නබිතුමා පෙන්වාදෙන ලද දහමම නොවේ. එම නිකායේ ඉස්ලාම් දහමට පටහැනි බොහෝ දේවල් එකතුකොට තිබේ. මේ නිසා  ශියාවරුන් ඉස්ලාම් දහමින් වෙන්වූ කොටසක් ලෙස සැලකේ. ඒ අනුව ඔවුන් අදහන දහම සහ ඉස්ලාම් දහම අතර අහසට පොලව මෙන් වෙනස්කම් දැකිය හැකිය. මේවා ගැන නිසි දැනුමක් නොමැති මුස්ලිම්වරුන් තම දරුවන්ව ෂියා මද්රසා පාසැල්වලට ඇතුලත් කිරීම ඉතා භයානකය. ඇයිද යත් ඔවුන්ගේ ඉගැන්වීම් ඉස්ලාම් දහමේ ඉගැන්වීම්වලට සහමුලින්ම වෙනස් වන නිසාය. අද ලංකාව තුලද ඔවුන්ගේ මතවාදය පතුරුවමින් අළුතින් පාසැල් ඇතිකරමින් තිබෙන නිසා මුස්ලිම්වරුන්...

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)

Image
ලෝකය දියුණු වෙද්දී මිනිසුන්ගේ ආගමික හැදියාවන්වල පිරිහීමක් දක්නට තිබේ. මේ නිසා ඇතැම් අයට බිකිනියේ සහ බුර්කාවේ වෙනස පවා තේරුම් ගැනීමට හැකිවී නැත. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන් අඳින බුර්කාව ගෝනියකට සමාන කරන අවස්ථාද තිබේ. කෙසේ වෙතත් බුරුකාවට විරුද්ධ වන අය අඩනිරුවත් ඇඳුම් වලට විරුද්ධ නොවීම පුදුමයකි. ඇත්තෙන්ම ඔවුන් ඒවා දකින්නේ දියුණුවේ සංකේතයන් ලෙස නම් එය කනගාටුවට කරුණකි. මෙම තත්වය ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා වටහාගෙන නොතිබීම අවාසනාවකි. මේ හේතුවෙන් ඇතැම් පැවිද්දන් පවා බුර්කාව විවේචනය කරන්නේය. සැබැවින්ම ඉන් සිදු වන්නේ දුෂණයට අත වැනීමකි.  එක් ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවක් පවත්වා බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනිය අර්ථ දැක්විය යුත්තේ කෙසේද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත. එමගින් ඔහු කලේ තම අධ්‍යාත්මික බංකලොත් භාවය ලෝකයා හමුවේ ප්‍රධර්ශනය කිරීම වේ.  සහජයෙන්ම කාන්තාව පිරිමියාට වඩා වෙනස්ය. ඒ අනුව ඔවුන්ගේ මුළු ශරී...

ඉස්ලාමයට අනුව මරණින් මතු ජීවිතය (Life after death according to Islam)

Image
මුස්ලිම්වරුන් මරණින් මතු ජීවිතය තරයේ විශ්වාස කරන්නේය. එය කුරානයෙන්ද නබිතුමාගේ හදිස්වලින්ද තහවුරු කොට තිබේ. නැවත නැගිටවිම සම්බන්දයෙන් අල්-කුරානය මෙසේ පවසයි:  "මිනිසා කිසිත් නැතුව තිබියදී අපි ඔහුව මුලදී මැවූ බව ඔහු සිතා බැලිය යුතු නොවේද?"  දරුවෙකු පිළිසිඳ ගන්නා විට දේව දුතයෙකු පැමිණ ආත්මය මව් කුසට ඇතුලත් කරන්නේය. මරණයට පත්වන විට තවත් දේවදුතයෙකු පැමිණ ආත්මය රැගෙන යන්නේය. මේ හේතුවෙන් ආත්මය දිගටම පවතින අතර මතු ලොවේදී වෙනත් ශරීරයකට ඇතුලත් කරනු ලැබේ. මිය ගිය පසු මුලින්ම මුහුණ දෙන්නේ සොහොන් ජිවිතයට ය. විනිශ්චය දිනයත් සමග සොහොන් ජීවිතය කෙලවර වේ. විනිශ්චය දිනයේදී මිය ගිය සෑම ආත්මයක්ම සොහොන් වලින් නැවත නැගිටවා එක් ස්ථානයකට රැස්කොට ප්‍රශ්න කිරීමට නියමිතය. එහි ප්‍රතිපල අනුව ස්වර්ගය හෝ නිරය තීරණය කරනු ලැබේ.  මිනියක් භූමිදානය කල වහාම ඔහුගේ සොහොන් ජීවිතය ආරම්භ වේ. එක් හදිසයකට අනුව භූමදානය සඳහා පැමිණ සිටින අය එම ස්ථානයෙන් පිටත්වූ වහාම දේවදුතයින් දෙදෙනෙකු පැමිණ සොහොනේ තැන්පත් කල මිනිය වාඩිකරවා ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේය. එහිදී ඔහුගේ විශ්වාසය ගැනද, ඔහුගේ පරමාධිපති දෙවියන් ගැනද, ඔහුග...

ඉස්ලාමිය දික්කසාදය (Islamic Divorce)

Image
විවාහය යනු නන්නාදුනන පිරිමියෙකු සහ කාන්තාවක් අතර සිදුකර ගන්නාවූ නිත්‍යානුකුල බැඳීමක් වුවද එය ඉස්ලාම් දහම අනුව ආගමික කටයුත්තකි. මේ නිසා මුස්ලිම්වරයෙකුගේ විවාහය මෙන්ම දික්කසාදය අල්කුරානය සහ නබිතුමා පෙන්වා දී ඇති රාමුව තුල තිබිය යුතුය.  කෙනෙක් මොනතරම් බලාපොරොත්තු ඇතුව විවාහය සිදු කරනු ලැබුවත් ඇතැම් විට එම විවාහයන් හරි හැටි පැහෙන්නේ නැත. එවැනි අවස්ථාවකදී ඉස්ලාම් දහම දික්කසාදට ඉඩ ලබා දී තිබේ. දික්කසාද වීමේ අයිතිය පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයට ද එකසේ වලංගු වේ. කෙසේ වෙතත් ස්වාමිපුරුෂයා විසින් සිය භාර්යාව දික්කසාද කරන්නේ නම් විවාහ වන අවස්ථාවේදී ඔහු විසින් තම භාර්යාවට ලබා දුන් මහර් (විවාහවන අවස්ථාවේදී මනාලයා විසින් භාර්යාවට අනිවාර්‍යයෙන් ලබා දිය යුතු දීමනාව) කිසිවක් නැවත ලබා ගැනීම නොකළ යුතුය. එහෙත් භාර්යාව විසින් විවාහය අවලංගු කර ගන්නේ නම් ඇය විවාහ වන අවස්ථාවේදී ලබා ගත් මහර් දීමනාව නැවත සිය ස්වාමිපුරුෂයාට භාර දිය යුතු වේ.    පවුල් ජිවිතයේ ප්‍රශ්න ඇති වූ විට පළමු පියවර ලෙස දික්කසාදය තෝරා ගැනීම නොකළ යුතුය. ඒ අනුව ඔවුන් අතර සාමය ඇති කිරීම සඳහා යම් උත්සාහයක් ගැනීමට පියවර ...

විද්‍යාව කෙරෙහි ඉස්ලාම් දහමේ බලපෑම (Influence of Islam on Science)

Image
ඉස්ලාම් දහමෙහි මුලික පරමාර්ථය අධ්‍යාත්මික ලෝකය ජය ගැනීමය. එහෙත් භෞතික ලෝකය හොඳින් තේරුම් ගැනීම සඳහා කුරානය විශාල දායකත්වයක් ලබා දී තිබේ. මේ හේතුවෙන් අඳුරේ ගිලි තිබුණු යුරෝපයට ආලෝකය ලබා දෙමින් බොහෝ විද්‍යාඥයින් මුලින්ම බිහිවුයේ මුස්ලිම්වරුන් අතරින්ය. ඒ අනුව වීජ ගණිතය,  ත්‍රිකෝණමිතිය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේස්ත්‍ර රැසක් වෙනුවෙන් මුලික අත්තිවාරම දැමුවේ මුස්ලිම් විද්‍යාඥයින් බව කිසිවෙකුටත් බැහැර කල නොහැකිය.  විද්‍යාව නිසා භෞතික ලෝකය හොඳින් තේරුම් ගත හැකිය. භෞතික ලෝකය තේරුම් ගන්නා තරමට දහම හොඳින් තේරුම් ගැනීමට ලැබෙන්නේය. මෙම කරුණ නුතන ලෝකයේ ජීවත්වූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හොකින් මහතා විසින් එලි දක්වන ලද කෘතියකත් සඳහන් වේ. එසේම විසිවන සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨ  විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් පවසන්නේ. විද්‍යාවෙන් තොර ආගම අන්ද බවත් ආගමින් තොර විද්‍යාවට අර්ථයක් නැති බවත් ය. අල් කුරානය පහළ වුයේ මිනිසාට යහ මග පෙන්වීම සඳහා වුවත් එහි විද්‍යාව සම්බන්ද බොහෝ වැකි ඇතුලත්ය. එහෙත් කුරානය පහළ වූ හත්වන සියවසේ ජීවත්වූ කිසිවෙකු විසින් එම...

මුහම්මද් නබිතුමා සහ ඔහුට පසු කාලිෆාවරුන් (Prophet Muhammad and the Caliphs after him)

Image
මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබිතුමා ය. එතුමා ක්‍රි.ව. 570 වේ ඉපදී ක්‍රි.ව. 632 දී අභාවප්ප්‍රාප්ත විය. ඒ අනුව නබිතුමා වසර 63ක් (චන්ද්‍ර වසර) ජිවත් වූ අතර ඉන් වසර 23 ක් නබිත්වයේ වගකීම් දැරුවේය. අල් කුරානය පහළ වුයේ මෙම කල සීමාව තුලදීය. නබිතුමා ඉතා සරල ජිවිතයක් ගත කළේය. ඔහු රටේ පාලකයා වුවද ආරක්ෂාව පිණිස කිසිවෙකු පත් කලේ නැත.  මුහම්මද් නබි තුමා නබිත්වයේ කාල සීමාව තුලදී අරාබියාව තුල විශාල අධ්‍යාත්මික පෙරලියක් සිදු කළේය. එතුමා ජිවත් වුයේද රට පාලනය කළේද කුරානයේ ඇති නියෝග අනුව ය. නබිතුමා ඉස්ලාම් දහම දෙසීම සඳහා විශාල කැපකිරීමක් සිදු කළේය. නබිතුමාගේ අනුගාමිකයින් ද එතුමාව ඉතා ඕනෑකමින් අනුගමනය කළ අතරම නබිතුමා පැවසූ සෑම දෙයක්ම ඔවුන් කටපාඩම් කර මතු ජනතාව වෙනුවෙන් දායාදයක් ලෙස ඉතිරි කොට තැබුවෝය.  නබිතුමා ඉතාමත් නිර්ලෝභී ජිවිතයක් ගත කළේය. එබැවින් ඔහුට ලැබුණු සෑම දෙයක්ම ජනතාවගේ සුභ සිද්ධිය සඳහා බෙදා දුන්නේය. ඒ අනුව කිසිම දෙයක් හෙට දවස වෙනුවෙන් ඉතිරි කර තැබුවේ නැත. ඔහු සම්පුර්ණයෙන්ම අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබුවේය. නබිතුමා මිය යන විට ඉතිරි කොට ගියේ අල් කුරානය සහ ඔහුගේ මග පෙන්වීම පමණි....

ඉස්ලාමය තුල අසල්වැසියාගේ යුතුකම් (Duties of a neighbor in Islam)

Image
අපට අසල්වැසියන් සම්බන්දයෙන් සුන්දර ඉතිහාසයක් තිබුනත් දැන් දැන් එය නැතිවෙමින් තිබේ. එදා වැඩිහිටියන් පමණක් නොව අසල්වැසි ළමුන් පවා එකට ක්‍රීඩා කල කාලයක් තිබුනේය. එහෙත් දැන් ඒවා දැකිය හැක්කේ ඉතා කලාතුරකින්ය. මෙම පෙරළියට ප්‍රධාන හේතුව ලෞකික ජීවිතය ජය ගැනීම සඳහා කරන තරඟය යැයි කිව හැකිය. මෙම තරඟය නිසා අද බොහෝ අය යාබද නිවසේ සිටින පුද්ගලයාව හඳුනන්නේ නැත. ඔහු කෑවද බීවද කියා සොයා බලන්නේද නැත. ඇතැම් විට ඔහු නෑදෑයෙක් විය හැකිය. එහෙත් ඔවුන් සමග ආශ්‍රය කිරීම සඳහා වෙලාවක් නැත. මෙම තත්වය ඉස්ලාම් දහම කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මෙවැනි දේවල් නිසා මිනිසා දෙවියන්ගෙන් ඈත් වන්නේය. දෙවියන්ගෙන් ඈත්වන මිනිසාට කොපමණ වස්තුව තිබුනත් සතුටක් ලැබෙන්නේ කෙසේද?  නබිතුමා එක් අවස්ථාවකදී එකම වාකිය කාණ්ඩය නැවත නැවත තුන්වතාවකම පැවසුවේය. "අල්ලාහ් කෙරෙහි දිව්රා කියමි, ඔවුන් විශ්වාස කලේ නැත! අල්ලාහ් කෙරෙහි දිව්රා කියමි, ඔවුන් විශ්වාස කලේ නැත!" ඊට සවන් දුන් සහාබාවරු "ඔවුන් කව්රුන්දැ"යි නබිතුමාගෙන් විමසුවෝය. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔවුන් තම අසල්වැසින්ට හිංසා කරන අය බවයි. එසේ තිබියදී අ...