Posts

Showing posts from 2016

Introduction of the book "Pivithuru Islam Dahama"

Image

ජනතාව බේදබින්න කරන්නේ කව්ද? (Who create problems among people?)

Image
ජනතාව ඉබේ බේද වීමට වඩා ඔවුන්ව බේද කරවීමට වක්‍රාකාරයෙන් විශාල කාර්ය භාරයක් ලෝකය පුරා සිදු වෙමින් පවතී. මිනිසුන් බේද කරවීමට බොහෝ හේතුන් ඇත. ඇතැම් බලවත් රටවල් නිෂ්පාදනය කරන අවි විකිනීමට එය අවස්ථාවක් මෙන්ම තවත් රටක් දියුණු වීම වැළැක්වීමට එම ක්‍රමය මහෝපකාරී වන්නේය. පලස්තීනය සහ කාශ්මීරය නිර්මාණය කිරීම මිට හොඳ උදාහරණ වේ.  බල තන්හාවට පත් වූ අය ඉත්තන් ලෙස යොදා ගන්නේ රටේ සාමාන්‍ය ජනතාව වීම මෙහිදී තේරුම් ගත යුතුය. බලවතුන් කරන වැඩ නිසා අවසානයේදී පිඩාවට පත් වන්නේද සාමාන්‍ය ජනතාව බව හොඳින් තේරුම් ගත යුතුය.  ලංකාව තුල සිදුවූ සහ සිදුකිරීමට මාන බලන ජාතිවාදී ප්‍රශ්න පිටුපසද නොයෙකුත් සංවිදානවල බලපෑම් තිබිය හැකිය. බොහෝ අයට අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ සුබ සිද්දියට වඩා මුදල් උපයාගැනීම වේ. එසේ කළ විට ඔවුන්ට ජනතාව අතර වීරයන් මෙන් පෙනී සිටිය හැකිය. මෙය තේරුම් නොගන්නා ඇතැම් අය සිතන්නේ මොවුන් සිදු කරන්නේ ජාතික හෝ ආගමික මෙහෙවරක් ලෙසය. එහෙත් සැබෑවටම සිදු වන්නේ මිනිසුන් මුලාකොට මුදල් රැස්කොට ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඒවා වැය කිරීමය. මේ වන විට ලංකාවේ තිස්වසරක බිහිසුණු යුද්දයක් නිමා කොට වැඩි කල් ග...

ඉස්ලාම් දහමින් සහෝදරත්වය සඳහා ගෙන ඇති පියවර මොනවාද? (What steps have been taken for the Brotherhood in Islam?)

Image
ඉස්ලාම් ආගම පෙන්වා ඇති මාර්ගෝපදේශ පිළිපැදීම තුලින් සහජීවනය ගොඩ නැගීම ඉතා පහසුය. එය අසල්වැසියාගෙන් පටන් ගැනීමට ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය. එහෙත් බොහෝ අය සහෝදරත්වයේ වටිනාකම තේරුම් නොගැනීම නිසා ජාතිවාදය වර්ගවාදය කුල වාදය හිස ඔසවන්නේය. එහෙත්  විවිධ ජාතින් සිටින සමාජයක් තුල එකමුතුකම ගොඩ නැගිමෙන්ම වඩාත් පලදායි සමාජයක් ගොඩ නැගිය හැකිය. එය උපමා කල හැක්කේ විවිධ වර්ගයේ ගස්කොලන් තිබෙන මල් වත්තකටය. එහි ඇති විවිධ පාට සහ සුවඳ මල් සහ කොළ අතු නිසා එම වත්තට අලංකාරය ගෙන දෙන්නේය. එසේම යම් සමාජය සිටින විවිධ ජන වර්ග නිසා එම සමාජය දියුණුවට පත් වන්නේය. ඊට හේතුව එක් එක් ජන සමාජයන්ට ආවේනික හැකියාවන් වෙනස් නිසාය. එය ප්‍රයෝජනයට ගැනීමෙන් වඩා පලදායි ආර්ථිකයක් ගොඩ නැගිය හැකිය.  මිනිසාට එය කල නොහැකි වුවත් විශ්වය පුරා එවැනි සිදුවීම් අනන්ත අප්‍රමාණ ලෙස දැක ගත හැකිය. එහි ප්‍රතිපලයක් ලෙස විශ්වය විනාශ නොවී පවතින්නේය. පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම අන්‍යෝන්‍යවශයෙන් එකමුතුව ක්‍රියා කිරීම අප ආදර්ශයට ගත යුතුය. එසේම පරමාණුවක් තුල අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධන සහ රින ආරෝපිත අංශු ...

දෙවියන් මිනිසාව පරික්ෂා කරන්නේ ඇයි? (Why does God test man?)

Image
වෙළඳ පොලට ගොස් කලගෙඩියක් මිලදී ගත්තත් එය ඉතා හොඳින් පරික්ෂා කොට බලන්නේය. එසේම රැකියාවක් ගැනීමේදී නොයෙකුත් සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දීමට සිදුවේ. රැකියාවේ තරම උසස් වන තරමට එය ලබා ගැනීමට ඇති මහන්සිය ද වැඩි වේ. මේ අකාරයටම ස්වර්ගය මිනිසාට ලබා ගත හැකි උසස්ම ස්ථානයයි. එය පහසුවෙන් අත්කර ගැනීමට හැකි වන්නේ නැත. ඒ අනුව ස්වර්ගය අත්කර ගැනීමට නම් නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ පාමින් දෙවියන් කෙරෙහි විශ්වාසය උපරිම වශයෙන් තහවුරු කල යුතුව තිබේ. එසේ නොකොට දෙවියන් කෙරෙහි විශ්වාස ඇති බවට කට වචනයෙන් පැවසූ පමණින් ස්වර්ගයට පිවිසිය නොහැකිය. කුරානයේ මෙසේ සඳහන් වේ.  "මිනිසුන් විසින් 'අපි විශ්වාස කරන්නේමුයි' කී පලියට ඔවුන්ව පරික්සා නොකර අත්හරින්නෙමුදැයි සිතන්නේහුද?"  (කුරානය 29:2). අල් කුරානයේ සඳහන් වන ආකාරයට මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසුන් අතරින් ලස්සන ක්‍රියාවන් කරන්නේ කව්රුදැයි පරික්ෂා කිරීම සඳහා ය. මෙම පරීක්ෂාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය.  අධික ලෙස ධනය ලැබීම කෙනෙකුට පරික්ෂාවකි. තවත් කෙනෙකුට ධනය ලබා නොදීම පරික්ෂාවක් විය හැකිය. එසේම රෝගී වීම මෙන්ම නිරෝගී ජිවිතයක් ලැබීමත් පරික්ෂ...

Billion-dollar drug company hides astounding discovery of a natural canc...

Billion-dollar drug company hides astounding discovery of a natural canc...

American Muslims Expose Islamophobia and the Lies about ISLAM

Image

Scientific Facts in Quran (10 of 10) Brain, Movement during Sleep, & Wor...

Image

මුස්ලිම්වරුන්ට යෝගී අභ්‍යාස සිදු කල හැකිද? (Is it permissible for a Muslim to practice yoga?)

Image
යෝගී යනු එකලස් වීම යනුවෙන් අර්ථ දක්වා ඇතත් ප්‍රමුඛ යෝගී සාස්තෘවරුන්ට අනුව එහි අර්ථය දෙවියන් සමග සන්ධානගත වීමය. ඒ අනුව  යෝගී ව්‍යායාමයක් පමණක් නොව භාවනා ක්‍රමයක් ද වේ. එහෙත් ඉස්ලාම් යනු අල්ලාහ්ගෙන් පහළ වූ අංග සම්පුර්ණ ආගමකි. එබැවින් ඉස්ලාම් දහම තුල අලුතින් යෝගී ව්‍යායාම හඳුන්වා දීමට අවශ්‍යතාවයක් නැත. ඉස්ලාම් දහමෙහි ඇති විශේෂත්වය වන්නේ එය නබිතුමා ජිවතුන් අතර සිටියදීම සම්පුර්ණ කර තිබීමය. ඒ අනුව එම දහම තුල අලුත් ඇදහිලි කිසිවක් ඇතුලත් කළ නොහැකි ය. යම් විදියකින් ඉස්ලාම් දහම තුලට අලුතින් යමක් ඇතලත් වුයේ නම් එය නිෂ්ප්‍රභා කළ යුතු බව නබි තුමා පවසා ඇත.  යෝගී ව්‍යායාම ක්‍රම බොහෝ ඇත. මින් ප්‍රමුක ස්ථානයක් ගන්නේ සුර්ය නමස්කාරය යි. මෙය ශරීරයේ කොටස් අටක් උපයෝගී කරමින් සිදු කරන්නේය. ඒවා නිරුවතින් සිදුකිරීම වඩාත් උචිත බව පැවසේ. විශේෂයෙන්ම ලය, පසුපස සහ කලව එයට අයත් ය. එය ඉර පායන අවස්ථාවේදී ද ඉර බහින අවස්ථාවේදීද ඒ දෙස බලමින් සුර්යා කෙරෙහි සිත යොමු කරමින් කරන භාවනාවකි. එසේ තිබියදී නොමග ගිය සූෆිවරුන් විසින් සුර්යා වෙනුවට තමන් නමදින සාස්තෘවරුන්ගේ රුපය තමන් ඉදිරියේ තබාගෙන එම වන්දනය සිදු කලත් ...

The Signs of God's Existence Documentary Full Length

Image

► Scientific Miracles Of The Quran║Mind-Blowing Facts║All parts 1-17 Eng...

Image

Quran's Linguistic Miracle accessible to non-Arabs (& MORE) - PART 3.2

Image

15 - Signs of the Last Day - The Proof That Islam Is The Truth - Abdur-R...

Image

Mike Licona vs Shabir Ally

Image

Miracles of Islam, Quran 7 Heavens Atmosphere Layers Miracle معجزات القر...

Image

Does the Quran say beat your Wife? ┇FUNNY┇ Sh. Khalid Yasin ┇Smile...itz...

Image

Scientific facts for the Atheists to know Islam is the truth

Image

MIRACLES OF THE QUR'AN THE TROUBLES WHICH AFFLICTED PHARAOH AND THOSE AR...

Image

'අත්තුකා' යනු කුමක්ද? (What is 'At Tuqyah')

Image
  අල්-කුරානයේ ඇති 'අත්තුකා' යන වචනය බොහෝ අය විසින් 'තකියා' ලෙස සඳහන් කරති. මොන ආකාරයට එය ප්‍රකාශ කලත් එහි අර්ථයේ නියම සන්දර්භය වෙනස් නොවිය යුතුය. ඇයිද යත් ඇතැමුන් එය වෙනස් තේරුම් ඇතිව භාවිතා කලේ නම් එමගින් කුරානයේ පවසන කරුණ ඉටු නොවිය හැකි නිසාය. කෙසේ වෙතත් මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ එම වචනය නිසා මුස්ලිම්වරයෙකුට හෝ මුස්ලිම් නොවන වෙනත් කෙනෙකුට හානියක් සිදු නොවිය යුතුය යන්නයි.  لَّا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِن دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَن تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُ - 3:28 “විශ්වාසවන්තයින්, විශ්වාසවන්තයින්ව හැර දමා ප්‍රතික්‍ෂේප කරන්නන්ව මිත්‍රයින් ලෙස නොඅරගනු. ඔවුන්ගෙන් නුඹලාව ආරක්‍ෂා කර ගැනීමට හැර කවරෙක් හෝ එසේ කලේ නම් ඔහුට අල්ලාහ්ගෙන් (ආරක්‍ෂා) කිසිවක් නැත. අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරයි. තවද ආපසු යාම අල්ලාහ් වෙතමය” (කුරානය 3:28). අල්-කුරානයේ විවරණයක් වන ඉබ්නු කzසීර් ග්‍රන්ථයේ එන ව...

Information embedded in DNA Proves The Existence of God

Image

Top 10 Healthiest Vegetables In The World

Image

பெண்களின் உடை

Image

Life Talks - S.L.M. Fausz. Chairman - Rainco (Pvt) Ltd.

Image

islamic lectures in english women in islam through western eyes

Image

The Health Benefits of Ginger

Image

වෙනත් ආගම් කෙරෙහි ඉස්ලාමීය ආකල්පය (Islamic viewpoint about other religions)

Image
ඉස්ලාම් දහමේ මුලික සංකල්පය දෙවියන්ගේ ඒකීයත්වය සිතින් පිළිගෙන මුවින් ප්‍රකාශකොට ක්‍රියාවෙන් පෙන්වීමය. එබැවින් කිසිවෙකුට බලහත්කාරයෙන් දෙවියන් පිලිබඳ විශ්වාසය ඇතුලත් කළ නොහැකිය. එම විශ්වාසය ස්වෙජ්ජාවෙන්ම ඇති විය යුත්තකි.  එසේ තිබියදී අල්-කුරානයේ ඉගැන්වීම අනුව කිසිම මුස්ලිම්වරයෙකු වෙනත් ආගමකට නිගා නොකළ යුතුය. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ. “අල්ලාහ් වෙනුවට ඔවුන් නමදින දේවල්වලට නිගා නොකරනු. ඇයිද යත් එසේ කළ විට ඔවුන් නොදැනුවත් කමින් අල්ලාහ්ට නිග්‍රහ කරනු ඇත...”  (කුරානය 6:108). තවද ඉස්ලාම් දහම කෙරෙහි ගොතනලද බොහෝ වැරදි මත බහුලව පැතිර පවතින මෙවන් යුගයක බොහෝ අය සිතාගෙන ඇත්තේ ඉස්ලාම් දහම ආක්‍රමණශීලි ප්‍රතිපක්තියක් අනුගමනය කරන බවයි. එහෙත් එම මතය සහමුලින්ම වැරදිය. ඇතැම් අය ප්‍රචාරය කරන පරිදි ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් ද නොවේ.   ඉස්ලාම් දහමේ ප්‍රධාන අරමුණ විශ්වය මවා රක්ෂණය කරන්නාවූ දෙවියන්ගේ ආධිපත්‍ය පිළිගෙන ඔහුට යටත්ව ක්‍රියා කිරීමය. එබැවින්  ඉස්ලාම් දහම පිළිගැනීමෙන් එය පිළිගත් තැනැත්තාට ප්‍රයෝජනයක් වනවා මිස එමගින් දෙවියන්ට කිසිම ව...

7 Things About EARTH Science CAN'T Figure Out

Image

10 Lies You Were Told About Islam!

Image

Your Tongue: The Taste-Maker!

Image

ඉස්ලාම් දහම අනුව අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිවිපාක (Consequences of evil deeds in Islam)

Image
   ඉස්ලාම් දහම අනුව දැනුම හදවතෙහි ආලෝකය වේ. එසේම අකුසල් ක්‍රියාවන් නිසා හදවත අඳුරට පත් වන්නේය. මේ හේතුවෙන් යම් කෙනෙක් නිරන්තරයෙන්ම අකුසල් කරන විට පින් දහම් කිරීමට ඇති ආශාව නැතිවී යන්නේය. එය විෂම චක්‍රයක් ලෙස ක්‍රියා කරමින් අල්ලාහ්ගෙන් දුරස් වීමට බලපාන්නේය. නබිතුමාගේ හදිසයකට අනුව අකුසල් කරන තැනැත්තාට ලැබිය යුතු ප්‍රතිපාදන (provisions) බොහෝ දුරට අහිමිවේ. මේ නිසා ඔහු කොපමණ හම්බ කලත් කිසිදාක තෘප්තිමත් වන්නේ නැත.  කෙනෙකුගේ හදවත අඳුරු වන විට ඔහු අල්ලාහ්ගෙන් ඈත්වන්නේය. එවැනි කෙනෙකුට වැරදි ක්‍රියාවල නියැලීම එදිනෙදා ජිවිතයේ සාමන්‍ය දෙයක් බවට පත් වනු ඇත. මේ හේතුවන් එවැනි කෙනෙකුට මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම හෝ ඉස්ලාම් දහම තහනම් කොට ඇති යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි දේවල් සිදු කිරීම මහා පාපයක් ලෙස පෙනෙන්නේ නැත.  තවද ඇතැම් අය සිදු කරනු ලබන වැරදි නිසා ඉස්ලාම් දහමින් අනිවාර්‍ය කොට ඇති සලාතය ඉටු කිරීම, උපවාස කිරීම, මුදල් හදල් තිබුනත් හජ් වන්දනය ඉටු කිරීම මහා බරක් ලෙස දැනෙන්නේය. ඉස්ලාම් දහම අනුව සලාතය ඉටු නොකර සිටීම මාහා පාපයකි. එසේ කරන තැනැත්තා කිසිම අයුරකින් සෞභාග්‍ය ලඟා කර ගන්...

දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why divine punishments are delayed?)

Image
මිනිසා සහජයෙන්ම වැරදි කරන්නේය. එම වැරදි කොතරම් විශාල වුවත් දෙවියන්ගේ සමාව ඊට වඩා විශාලය. මේ නිසා වැරදි කරන කිසිවෙකු අල්ලාහ්ගේ සමාව කෙරෙහි බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. නබි තුමා පැවසුවේ අල්ලාහ්ගේ කරුණාව  මවකගේ කරුණාවට වඩා හැත්තෑ වාරයක් විශාල බවයි. මේ නිසා මොන තරම් වැරදි කලත් අලාහ්ගේ සමාව ගැන බලාපොරොත්තු තැබිය යුතුය. එසේ නොවුයේ නම් වැරදි කරන කිසිවෙකුට ස්වර්ගය ගැන බලාපොරොත්තු තැබීමට හැකි වන්නේ නැත.  මිනිසා කරන බොහෝ පව් දෛනිකව සිදු කරන්නාවූ සලාතය නිසාද උපවාසය නිසාද දානමය පින්කම් නිසාද හජ් වන්දනය නිසාද මැකී යන්නේය. කෙසේ වෙතත් මහා පාපයන්ට සමාව අයැදිය යුතුම වේ. ඒ අනුව අල්ලාහ්ට සමානයන් තබා තිබුනේ නම් ඉන් ගැලවීමට හැකි වන්නේ තමන් කල වරදින් මිදී පසුතැවිලි වීමෙන් පමණි.  මෙවැනි අවස්තාවක් හිමි වන්නේ අල්ලාහ් මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකරන නිසාය.  අල්ලාහ්ට අවශ්‍ය නම් වැරදි නොකරන මිනිසුන් මැවීමට බැරි කමක් නැත. කෙසේ වෙතත් ඔහු උවමනාවෙන්ම මිනිසාව මවා තිබෙන්නේ හරි හෝ වැරදි කිරීමට හැකියාවත් සමගය. මේ නිසා මිනිසා උත්සාහ කරන්නේ නම් දේවදුතයින්ට වඩා උසස් විය හැකිය. එසේ වන...

► Scientific Miracles Of The Quran║Mind-Blowing Facts║All parts 1-17 Eng...

Image

A Scientist explains why he accepted Islam...

Image

NASA confirmed Islam is The correct religion AMAZING VIDEO

Image

Shocking Discovery of islam New BBC Documentary

Image

MoreThan 69 Miracles of ISLAM, that none can Deny .

Image

"Why do we need Religion when we have Science??" | Nouman Ali Khan | Tho...

Image

දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why is God's punishments delayed?)

Image
මිනිසා සහජයෙන්ම වැරදි කිරීමට පෙළඹෙන්නේය. එම නිසා අහස උසට වැරදි කලත් දෙවියන්ගේ සමාව ඊට වඩා විශාලය. මේ හේතුවෙන් මරණය දක්වාම මිනිසාට සමාවෙ දොරටු විවෘතව ඇත. කෙසේ වෙතත් මිනිසා වැරදි කරන්නේ ඔහුට තීන්දු තීරණ ගැනීම සඳහා ලැබී තිබෙන නිදහස නිසාය. කෙසේ වෙතත් මිනිසාට නබිවරුන්ගේ මාර්ගයෙන් හරි මාර්ගය සහ වැරදි මාර්ගය වෙන වෙනම පෙන්වා දී ඇත.  මිනිසා භාරගෙන ඇත්තේ සුළු පටු දෙයක් නොවේ. එය පහත දැක්වෙන කුරආන් වැකිය තුලින් දැක ගත හැකිය.  "නියතව අප අහස්, පොළොව, කඳු, යනාදිය හමුවෙහි මෙම  භාරකාරත්වය ගැන ගෙනහැර පෙන්නුවෙමු. ඒවා එය ඉසිලීමේ කරුණ පිළිනොගෙන, එය ගැන බියට පත් විය. මිනිසා එය උසුලාගත්තේය. නියතව ඔහු මහා අපරාධකාරයා ලෙසද දැනුම නොමැත්තා ලෙසද සිටියි"  (කුරානය 33:72). එසේ තිබියදී වැරදිවලට ක්ෂණිකව දඬුවම් කළේ නම් මිහිපිට කිසිවෙකු ඉතුරුවේදැයි සිතා බැලිය යුතුව තිබේ. මිනිසා ඉතා දුර්වල මැවීමක් වන බැවින් මැරෙන මොහොත දක්වාම නිවැරදි මාර්ගය තෝරා ගැනීමට අවකාශ ලබා දී තිබේ. එය කල හැක්කේ තමන් මොනම හේතුවක් නිසාවත් කල වැරදි වලට  සමාව ගැනීමට අවස්ථාව තිබෙන නිසාය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගෙන මරණ...

විශ්වය ඉබේ බිහිවිය හැකිද? (Does the universe became spontaneously?)

Image
විශ්වය තුල මිනිසා විසින් නිර්මාණය කල දේවල් මෙන්ම මිනිසා විසින් නිර්මාණය නොකළ දේවල් තිබේ. එහෙත් මිනිසා විසින් නිර්මාණය නොකළ දේවල් මිනිස් නිර්මාණවලට වඩා සිය දහස් වාරයකින් සංකීර්ණ ය. එසේ තිබියදී ඇතැමුන්ගේ මතය වන්නේ ඒවා ඉබේ ඇතිවී තිබෙන බවයි. උදාහරණයක් ලෙස පරමාණුවක් ගැන සලකා බලමු. එය මිනිස් ක්‍රියාකාරකම් වලින් ස්වායත්තව නිර්මාණය වූ දෙයකි. එසේම එය මිනිස් නිර්මාණවලට වඩා ඉතා සංකීර්ණ ය. පරමාණුව ගැන ලියවුනු පොත් පත් සිය දහස් ගණනක් දැකිය හැකිය. එම පොත්වලින්ද පරමාණුව ගැන සම්පුර්ණයෙන් අධ්‍යයනය කොට හමාර නැත. එසේ නම් පරමාණුවලින් සැදුම් ලත් සිය ගණනක් වූ මුලද්‍රව්‍ය සහ විශ්වය ඉබේ නිර්මාණය විය හැකිද?  මේ හේතුවෙන් විශ්වයේ ආරම්භය ගැන විස්තර කිරීමේදී ප්‍රධාන තැනක් ගත යුත්තේ මෑවුම්වාදය යි. එම වාදය පිළිගන්නා අය බිලියන හතර ඉක්මවන්නේය.  විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් බොහෝ විද්‍යාත්මක මත ඵල කර තිබේ. කෙසේ වෙතත් විද්‍යාඥයින් ඵල කොට ඇති කිසිම මතයකින් විශ්වයේ ආරම්භය ගැන සම්පුර්ණයෙන්ම විස්තර කල නොහැකිය. තවද විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් විද්‍යාඥයින් ඵල කොට තිබෙන කිසිම මතයක් ඔප්පු කළ නොහැකිය. එ...

Richard Dawkins VS Islam - FULL Interview and Q&A - Richard Dawkins On I...

Image

Richard Dawkins "Did Muhammad Split the Moon in Two?"

Image

They Say: Who Created Allah?

Image

ඉස්ලාමයට පිටුපෑමේ ප්‍රතිවිපාක මොනවාද? (What are the consequences of turning away from Islam?)

Image
ඉස්ලාමයේ වැදගත්ම අවශ්‍යතාවය වන්නේ අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නැති බවට සාක්ෂි දැරීමය. ඒ බව දැන දැනත් කෙනෙක් ඊට පිටු පාන්නේ නම් මෙම කුර්ආන් වැකිය අනුව ඔහුව මතු ජීවිතයේදී අන්දයෙකු ලෙස නැගිටවනු ලැබේ.  "කවරෙක් මාගේ උපදේශය ඉවතලීම් කරයිද නියතව ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද අපි ඔහුව මතු ලොවේදී අන්ධයෙකු ලෙස නැගිටවන්නෙමු. (එවිට ඔවුන් මෙසේ පවසනු ඇත) මාගේ සමිඳුනි පෙනීම ඇත්තෙකුව සිටි මාව නුඹ, අන්ධයෙකු ලෙස නැගිට්ටෙව්වේ මන්දැ'යි අසන්නේය. (එවිට) කවරෙක් සීමාව ඉක්මවා, තම සමිඳුන්ගේ වැකි විශ්වාස නොකළේද, ඔහුට අපි මේ අන්දමටම කුලිය ලබා දෙන්නෙමු'යි පවසන්නෙමු. එලොවෙහි දඬුවම වඩාත් දැඩිද, ස්ථිරද වේ"  (කුරානය 20:124-127). මිනිසාට සත්‍යය පහදා දීම සඳහා බොහෝ නබිවරුන් මේ ලෝකයට පැමිණියෝය. එම නබිවරුන් පැවසුවේ අල්ලාහ්ගේ ඒකීයත්වයයි. එහෙත් ඇතැම් නබිවරුන්ගේ අනුගාමිකයින් අල්ලාහ්ගෙන් පහළ වූ ඇතැම් කරුණු වසම් කළෝය. මේ හේතුවෙන් එම දහම ප්‍රචාරය කල නබිවරුන්ගෙන් පසු පැමිණි අලුත් නබිවරයාව එම ජනතාව විශ්වාස කොට අනුගමනය කලේ නැත. උදාහරණයක් ලෙස යුදෙව්වන් ජේසු තුමාව හෝ මුහම්මද් තුමාව නබි කෙනෙක් ලෙස පිළිගත්තේ...

Dr.Maurice and the Pharaoh - Qur'an & Science

Image

Embryology in the Qur'an lecture by Dr. Keith L. Moore (University of Il...

Image

ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? (Why Islam spread very fast?)

Image
Pew පර්යේෂණ මධ්‍යස්ථානය පුරෝකථනය කරන අන්දමට 2050 වන විට ගෝලීය මුස්ලිම් ජනගහනය ක්‍රිස්තියානි ජනගහනයට වඩා වේගවත් ලෙස වර්ධනය වීමට නියමිතය. එවැනි දෙයක් සිදු වීම සඳහා නොයෙකුත් හේතු කරනා පෙන්වා ඇතත් සත්‍යය කරුණ වන්නේ බොහෝ සුදු ජාතිකයින් ඉස්ලාම් දහම වැළඳ ගැනීමයි. ඇමරිකාවේ පමණක් වාර්ෂිකව 20,000 ක් පමණ දෙනා ඉස්ලාම් දහම වැළඳ ගන්නේය. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් වීම විශේෂත්වයකි. ඒ හැරුණු විට ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය ප්‍රංශය වැනි රටවල් වලද සෙසු රටවල් වලද විශාල ලෙස ඉස්ලාම් දහම ව්‍යාප්ත වෙමින් තිබේ.  ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හේතුව ලෙස අලුතින් ඉස්ලාම් දහම වැළඳ ගත් අය පෙන්වා දෙන්නේ අල් කුරානයේ ඇති නිරවුල් භාවයයි. කෙසේ වෙතත් බොහෝ ආගම්වල සඳහන් දේව සංකල්පයන් අපැහැදිලි ය. උදාහරණයක් ලෙස බයිබලයේ දෙවියන් එක්කෙනෙක් ලෙස සඳහන් වුවත් ප්‍රායෝගික ජීවිතය තුල ත්‍රිත්වය පිලිබඳ විශ්වාසයක් පවතින්නේය. යුදෙව්වන්ද දෙවියන්ට පුතෙක් සිටින බව විශ්වාස කරති. එහෙත් ඉස්ලාම් දහම අනුව දෙවියන් එක්කෙනෙකි. මෙම කරුණ බොහෝ කතෝලිකයින් පවා පිලි ගන්නේය. ජේසු තුමාගේ උපත ගැන ඉතා හොඳ විග්‍රහයක් කුරානයේ දැකිය හැකිය. එපමනක් නොව ජේසු...

ඉස්ලාම් ආගමට අනුව නැකැත් තිබේද? (Are there lucky times according to Islam?)

Image
ඉස්ලාම් දහම ගොඩ නැගී තිබෙන්නේ අල්ලාහ් කෙරෙහි තබා ඇති අචල විශ්වාසය මතය. විශ්වය තුල සිදු වීමට නියමිත සෑම දෙයක් ගැනම දැනටමත් ලව්හුල් මහ්ෆුස් නමැති ලෑල්ලේ ලියා අවසානය. ඒ අනුව මිනිසාගේ දෛවය නොහොත් කලා කදර් ද ලියා අවසානය. එම ලියවිල්ලට අරාබි බසින් කලා කදර් යැයි කියනු ලැබේ. කලා කදර් ගැන විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වේ.  කෙනෙකුගේ දෛවය අල්ලාහ්ට මිස වෙනත් කිසිවෙකුට වෙනස් කල නොහැකිය. මේ නිසා මුස්ලිම්වරයෙකු කල යුත්තේ අල්ලාහ් කෙරෙහි පරිපුර්ණ විශ්වාසය තබමින් ජිවත් වීමය. එහෙත් මුස්ලිම් නොවන අය ග්‍රහ වස්තුන්ගේ පිහිටීම අනුව කෙනෙකුගේ දෛවය වෙනස්වන බව විශ්වාස කරති. එහෙත් ඉස්ලාම් දහමින් එම විශ්වාසය මුළුමනින්ම බැහැර කර තිබේ. එවැනි විශ්වාසයන් ඉස්ලාම් දහම අනුව අල්ලාහ්ට තවත් දෙයක් සමාන කිරීමක් ලෙස සලකනු ලැබේ. ඉස්ලාම් දහම තුල අල්ලාහ්ට සමානයන් තැබීම විශාල පාපයක් වන අතර එය සමාව දිය නොහැකි වරදක් ලෙස සලකනු ලැබේ. මේ හේතුවෙන් මුස්ලිම්වරුන් කිසිම හේතුවක් නිසාවත් නැකත් බලන්නේ නැත. කෙසේ වෙතත් මුස්ලිම් නොවන සමාජයන්හි විවාහ වීමේදී ද ගෙවල් පදිංචි වීමේදී ද ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ද වෙනත් වැදගත් කටයුතු වලද...

All Muslims who follow Islam aren't Terrorists but all Terrorists are what?

Image

Has Science Discovered God?

Image

What Plants Talk About (Full Documentary)

Image

10 Islamic Rules of War

Image

පොරොන්දු කඩ කිරීමේ විපාක මොනවාද? (What are the consequences of breaking promises?)

Image
ඉස්ලාම් දහම අනුව පොරොන්දු කඩ කිරීම බරපතල වරදකි. එය මුනාෆික් කම නොහොත් කුහක කමේ එක් ලක්ෂණයක් ද වේ. කෙසේ වෙතත් අමතක වීම නිසා හෝ යම් වැරදි ක්‍රියාවක් වෙනුවෙන් දුන් පොරොන්දුවක් හෝ යම් බලපෑමකට යටත්වූ පොරොන්දුවක් ඉටු නොකිරීම වෙනුවෙන් සමාව තිබේ.  “ඉබ්නු අබ්බාස් රලි තුමා නබිතුමා පැවසූ බවට මෙසේ සඳහන් කරයි: මාගේ අනුගාමිකයින් අමතක වීම නිසා හෝ බලපෑමකට යටත් වූ නිසා හෝ කරන වැරදි වලට අල්ලාහ්ගෙන් සමාව ලැබෙනු ඇත” (ඉබ්නු මාජා 2045 මෙම හදිසය සහිහ් බවට ෂෙයික් අල්බානි පවසා ඇත). කෙසේ වෙතත් නිත්‍යානු කුලව සිදු කරනු ලැබූ පොරොන්දුවක් සෑම විටම ඉටු කල යුතුය. පොරොන්දු ඉටු නොකිරීම නිසා ඔහු සමාජයෙන් කොන් වන්නේය. ඇතැම් විට ඥාතිත්වය පවා ගිලිහී යන්නේය. එය ලෞකික ජීවිතයේදී මෙන්ම මරණයෙන් පසු විශාල ප්‍රතිවිපාක ගෙන දෙන්නේය. පොරොන්දු කඩ කිරීම වෙනුවෙන් කෆාරා හෙවත් දඩයක් ගෙවිය යුතුය. මේ හේතුවෙන් යම් කෙනෙක් පොරොන්දුවක් කඩ කලේ නම් අල්ලාහ්ගෙන් සමාව අයැදිය යුතු අතර පුද්ගලයන් 10 දෙනෙකුට අහාර හෝ ඊට සමාන මුදලක් ගෙවිය යුතුය. අලි ඉබ්නු අබි තාලිබ් (රලි) තුමා නබි තුමා පවසන ලද හදිසයක් මෙසේ සඳහන් කරයි: “යමෙක් ලබා දුන් ගිවිසුමක් ...

The Debate is Over - Evolution is a Hoax! - Kent Hovind VS Bil Nye

Image

ඉස්ලාම් දහම අනුව සත්ව කරුණාව (Kindness to Animals in Islam)

Image
ඉස්ලාම් දහමින් මාංශ අනුභව කිරීම තහනම් කොට නැතත් උන්ට වදහිංසා කිරීම සපුරා තහනම් ය. පොදුවේ සෑම ජීවියෙකුම එක සමාන බව මෙම කුර්ආන් වැකියෙන් පෙන්වා දී තිබේ.  “පොළොවෙහි ඇති ජීවින්ද, තම පිහාටු ජෝඩුවලින් ඉගිලෙන පක්ෂින්ද නුඹලා වැනි සමුහයන්ය! (ආරක්ෂා කරනු ලැබූ) සටහන් ලේඛනයෙහි අප කිසිවක් අත්හැර දැම්මේ නැත. පසුව ඔවුන් තමන්ගේ සමිඳුන් වෙත එක්රැස් කරනු ලබන්නෝය” (කුරානය 6:38).  කෙසේ වෙතත් මිනිසා සතුන්ට වඩා උසස් ජීවියෙකි. එහෙත් සතුන්ට හිංසා කිරීම හෝ කෘර ලෙස සැලකීම හෝ ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත.  අරෆා දේශනයේදී  නබිතුමා මෙසේ පවසා  තිබේ. කෙනෙකුගේ කුලය හෝ පෙළපත අනුව ඔහු උසස් වන්නේ හෝ පහත් වන්නේ නැත. තවද අරාබි ජාතිකයෙකු අරාබි නොවන්නාට වඩා උසස් නොවන්නා සේම අරාබි නොවන්නෙකු අරාබි ජාතිකයාට වඩා උසස් වන්නේද නැත. ඔවුන් සියල්ලෝම සහෝදරයින් වේ. සෑම මිනිසෙකුම දෙවියන්ගේ අනෙක් මැවීම් සඳහා භාරකරුවෝය. එම භාරකාරත්වයේ එක් අංශයක් වන්නේ සතුන්ට කරුණාව දැක්වීයි. නබිතුමා පවසන ලද හදිසයක් අනුව සත්වයින්ට කරනු ලබන හිංසාවන් නිසා උන් පත්වන වේදනාව ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ බව මෙම නබි...