Posts

Showing posts from 2017

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

Image
ඉස්ලාම් දහම අනුව මුස්ලිම්වරුන්ට ආගමික වටිනාකමකින් සැමරිය හැක්කේ රමළාන් උත්සවය සහ හජ් උත්සවය පමණි. මේ හේතුවෙන් ඉස්ලාමීය දින සර්ශනයේ එන මුහර්රම් පළමු දිනය සැමරීමත් වරදකි.  දින දර්ශන නිර්මාණය කොට තිබෙන්නේ කාලය නිර්ණය කිරීම සඳහාය. ඒ අනුව ඈත ඉතිහාසයේ සිටම නොයෙකුත් දින දර්ශන භාවිතා කොට තිබේ. ඒ අනුව ලෝකයේ ඇති පැරණිම දින දර්ශනයට වසර හාරදහසක් පමණ වේ. ඒ හැරුණු විට රෝමාවරුන් භාවිතා කළ ජුලියර් සීසර් දින දර්ශනය ක්‍රි. පු. 45 දී නිර්මාණය කරන ලද්දකි. කෙසේ වෙතත් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන්නේ ග්‍රිගොරියස් දින දර්ශනයයි. එම දින දර්ශනය පසු කාලයේදී කිතුනු දහම සමග බැඳීමක් ඇතිකරගෙන තිබේ.  ඉතිහාසය දෙස බලන කල බොහෝ දින දර්ශන සමග ආගමික සම්බන්දයක් දැක ගත හැකිය. මේ හේතුවෙන් බොහෝ දින දර්ශන නිර්මාණය කොට තිබෙන්නේ ඒ ඒ ආගම් වලින් විය යුතුය. උදාහරණයක් ලෙස බෞදයින් සඳහා ඔවුන්ගේම දින දර්ශනයක් තිබේ. එසේම මුස්ලිමරුන් සඳහා ද වෙනමම දින දර්ශනයක් ඇත. එම දින දර්ශණය නිර්මාණය කොට තිබෙන්නේ නබිතුමාගේ අභාවයෙන් පසුය. ඉස්ලාමීය දින දර්ශනය ආරම්භ වන්නේ නබිතුමාගේ හිජ්රත් ගමන පාදක කර ගෙනය. කෙසේ වෙතත් ඉස්ලාම් දහම තුල වසරේ ආරම්භ...

ONE REASON WHY SO MANY PEOPLE GET SICK!

Image

ඉස්ලාම් දහම තුල රැවුලට හිමි අධ්‍යාත්මික වටිනාකම (The spiritual value of the beard in Islam)

Image
රැවුල වැවීම සෑම නබිවරයෙකුගේම ලක්ෂණයකි. ඒ අනුව නබිවරුන් වන ඉබ්‍රාහිම්, ඉස්ලායිල්, මුසා (Moses), ඊසා නොහොත් ජේසුස් වහන්සේ මෙන්ම මුහම්මද් නබි තුමාද අනෙක් නබිවරුන්ද (ඔවුන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) රැවුල වවා තිබේ. මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින් හට රැවුල වැවීම ප්‍රධාන සුන්නාවකි.  රැවුල පිරිමියෙකුගෙන් කාන්තාවක් වෙන්කොට හඳුනාගැනීමට තිබෙන ප්‍රධාන ලක්ෂණයකි. මිනිසාව මවන අවස්ථාවේදීම එම වෙනස ඇති කළේය. එමගින් පිරිමියෙකුගේ මුහුණට ගාම්බිරත්වයක් සහ අලංකාරයක් එකතු වන්නේය. රැවුල මුළුමනින්ම ඉවත් කොට පිරිමියෙකු ගැහැනියකුගේ වේශයෙන් සිටීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත.  නබිතුමාව අනුගමනය කරමින් රැවුල වැවීම නිසා අල්ලාහ්ට සමීප විය හැකිය. අල්-කුර්ආනයට අනුව අල්ලාහ්ව ප්‍රිය කරන තැනැත්තා නබිතුමව අනුගමනය කල යුතුය. කුරානය මෙසේ පවසයි: " පවසනු! නුඹලා අල්ලාහ්ව ප්‍රිය කරන්නේ නම් මාව පිලිපදිනු. එවිට අල්ලාහ් නුඹලාව ප්‍රිය කරන්නේය. තවද, නුඹලාට නුඹලාගේ පව් සමා කරන්නේය. අල්ලාහ් අහිශයින්ම ක්‍ෂමාකරන්නාද අසම දයාවන්තයාද වේ" රැවුල වැවීම සම්බන්දයෙන් අබු හුරෛරා රලි තුමා මෙම හදිසය වාර්තා කොට ත...

9 Ways In Which Your Sins Affect You! - Must Watch

Image

ෆාතිමා (رضي الله عنه) තුමියගේ විවාහය (Marriage of Fathima (رضي الله عنه))

Image
නබිතුමාගේ සෑම ක්‍රියාවක්ම මුස්ලිම්වරුන්ට ආදර්ශයන් ලබා දෙන්නේය. ඒ අනුව  ෆාතිමා ( رضي الله عنه) තුමියගේ විවාහය තුලින්ද අපට බොහෝ ආදර්ශයන් ගැනීමට තිබේ. ෆාතිමා ( رضي الله عنه) තුමිය නබිතුමාට ලැබුණු දියණියන් සිව් දෙනා අතරින් ලා බාලතම දියණිය වේ. අනෙක් දෙදෙනා පුතුන් වන අතර ඔවුන් කුඩා කාලයේදීම මිය ගියෝය.  ෆාතිමා (رضي الله عنه) තුමිය ඉපදුනේ  නබිත්වය ලැබී පළමු වසරේදීය. ඇය නබිතුමාගේ වඩාත්ම ආදරයට පත්වුවාය. ඇය ඉතා ඉවසිලිවන්ත, දහමට ඉතා ලැදි, පරිත්‍යාගශීලි, සදාචාර සම්පන්න, දෙවියන්ට ඉතා කෘතඥ වු දැරියකි. ඇයගේ කථා විලාශය නබිතුමාගේ කථා විලාශයට ඉතා සමානය.  අරාබියාවේ පැවති සිරිත අනුව ෆාතිමා  (رضي الله عنه)  තුමියට වයස පහළොවේදී විවාහ යෝජනාවන් ගලා ආවේය. එහෙත් නබිතුමා ඒවා කෙරෙහි කැමැත්ත පල කලේ නැත. එසේ තිබියදී එක් දිනක් නබිතුමා මස්ජිදුල් නබවි දේවස්ථානයේ සිටින විට  අබුබක්කර් රලි තුමා සහ උමර් රලි තුමා යන දෙදෙනා නබිතුමාව මුණ ගැසී  ෆාතිමා වෙනුවෙන් බොහෝ ධනවතුන් විවාහ යෝජනාවන් සිදු කරන බව පැවසුවෝය. ඊට සවන්දුන් නබිතුමා පැවසුවේ එය අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදු වීමට නියමිත...

Is COFFEE Halal ? ᴴᴰ┇AMAZING Speech by Our Beloved Shk. Dr YASIR QADHI

Image

Two Islamic Books

Image

ඉස්ලාමයේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ යුතුකම් (Duties of parents and children in Islam)

Image
පවුල් ජීවිතය සම්බන්දයෙන් ඉස්ලාම් දහම විශාල වටිනාකමක් ලබා දෙන්නේය. එය නබිතුමාගේ ජිවිතාදර්ශය තුලින්ද පෙන්වා දී ඇත. නබිතුමාගේ හදිසයකට අනුව පුද්ගලයෙකු මිය යන විට ඉතිරිකොට යන වටිනාම සම්පත වන්නේ දෙමව්පියන් වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කරන යහපත් දරුවන්, සෑමදාම කුලිය ලැබෙන පරිදි ආයෝජනය කොට ඇති පරිත්‍යාග සහ ප්‍රයෝජනවත් දැනුම වේ (ඉබ්නු හිබ්බාන්).  පිරිමි දරුවෙකුගේ ස්වර්ගය මවගේ දෙපාමුල තිබෙන බවත් පියාගේ සතුට අල්ලාහ්ගේ සතුටට හේතුවක් බවත් නබිතුමා පවසා තිබේ. තවද දෙමව්පියන් විෂයෙහි අල් කුරානය මෙසේ පවසයි:  “මිනිසා තම දෙමව්පියන්ට කෘතඥ වන මෙන් සහ කරුණාව දක්වන මෙන් අපි ඔහුට නියම කරන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුලාගෙන හිද, ඉතාමත්    අමාරුවෙන්ම ඔහුව ප්‍රසුත කරන්නීය. ඇය ගැබ් ගෙන සිටීමත් (ප්‍රසුත කල දරුවාට) කිරිවලින් පෝෂණය කිරීමත් මාස තිහකි. මොහු තරුණ වියට පත් වී අවුරුදු හතලිහ අත්කර ගත්පසු, “මගේ දෙවියනි! ඔබ මා කෙරෙහිද, මාගේ දෙමව්පියන් කෙරෙහිද, පහල කරන ලද දයාව සදහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය් අත් කර ගත හැකි හොද ක්‍රියාවන් කරන මෙන් ඔබ මා හට ශක්තිය ලබා දෙනු මැනව...

ඉස්ලාම් දහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? (Why Is Islam Rapidly Expands?)

Image
ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බොහෝ දේවල් සිදු කරමින් තිබියදීත් එම දහම ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එය 2050 වන විට ලෝකයේ ඇති වැඩිම සාමාජිකයින් සිටින දහම බවට පත් වන බව පිව් පර්යේෂන ආයතනය අනා වැකි පල කොට තිබේ. මෙම වර්ධනයට ප්‍රධන හේතුව මුස්ලිම්වරුන්ගේ උපත් අනුපාතය බව පෙන්වා දීමට බොහෝ අය උත්සාහ කලත් සත්‍යය කතාව එය නොවේ. ජන මාධ්‍ය හරහා ඉස්ලාම් දහමට විරුද්ධ දේවල් ප්‍රකාශ කෙරෙද්දී බොහෝ අය කරන්නේ ඒවායේ සත්‍යය අසත්‍යතාව සොයා බැලීම සඳහා කුරානය අධ්‍යයනය කිරීමයි. කුරානය හදාරන විට ඔවුන් සත්‍යය තේරුම් ගන්නා අතර ජනමාධ්‍ය හරහා කෙරෙන බොරු ප්‍රචාරයන් ගැනද අවබෝදයක් ඇති කර ගන්නේය.  ඉස්ලාම් දහමට විරුද්ධව ගෙන යන මාතෘකාවක් වන්නේ කාන්ඝා හිංසනය වේ. එහෙත් යුරෝපා රටවල් වල වැඩියෙන්ම ඉස්ලාම් දහම වැළඳ ගන්නේ කාන්තාවන් වීමෙන් එම තර්කය පුස්සක් බවට පත්වේ. ඇත්ත වශයෙන්ම එය පිරිමි පාර්ශවය ඉස්ලාම් දහම වැළඳ ගන්නා ප්‍රමණය මෙන් දෙගුණයකි. කෙසේ වෙතත් ඉස්ලාම් දහම වේගයෙන් වර්ධනය වීමට කිතුනු දහම අතහැර යන අයගේ දායකත්වයක් ද තිබේ. යුරෝපය දෙස බලන කල අදේවවාදීන් විශාල වශයෙන් සිටිති.  ඉස්ලාම් දහම වේගයෙන් ...

Why Most Terrorists Are Muslims? Ask Mufti Menk

Image

An Itchy Heart - Temptations & Addictions

Image

Yasir Qadhi | How Black Magic Controls Your Mind | CURE FOR ***Sihr***

Image

ඉස්ලාම් දහම තුල ලිංගික අධ්‍යාපනය (Sex Education in Islam)

Image
බටහිර සංස්කෘතිය සහ ඉස්ලාමිය සංස්කෘතිය අතර විශාල වෙනස්කම් දැකිය හැකිය. ඒ අනුව බටහිර අධ්‍යාපනය ලබන අයට පාසල් අවදියේදීම ලිංගික අධාපනය ලබා දීම අත්‍යාවශ්‍ය කරුණක් වේ. එහෙත් ආසියානු රටවල්වල පවතින ආගමික පරිසරය තුල පාසල් යන කාලයේදී ලිංගික අධාපනයක් ලබා දීමේදී එය කල යුත්තේ දහමත් මුල් කරගෙනය. ඉස්ලාම් දහම අනුව ඕනෑම දෙයක් සිදු වීමට පෙර ඉන් ආරක්ෂා වන විදිය පෙන්වා දෙන්නේය. ඒ අනුව වයස හත වන විට ළමයින්ට සලාතය ඉටු කිරීමට පෙන්වා දිය යුතු අතර ඔවුන් නිදියන ඇඳවල් වෙන් කල යුතුය. තවද ලජ්ජා ශීලි කම කුඩා අවදියේ සිටම ඔවුන්ගේ සිත් තුලට ඇතුලත් කල යුතුය.  සහජයෙන්ම මිනිස් ජිවිතයේ ඇතිවන පරිවර්තන ඒ ඒ අවදියේදී සිදු වෙමින් පවතින්නේය. එය මිනිසාට පමණක් නොව සෑම ජිවියෙකුටම අයත් වේ. එම හැඟීම් පාලනය කල යුත්තේ දහමින් පෙන්වාදී තිබෙන රාමුව තුලය.  ඉස්ලාම් අංගසම්පුර්ණ දහමක් හැටියට මිනිස් හැඟීම් පාලනය කල යුතු අන්දම පෙන්වා දී තිබේ. එම මාර්ගෝපදේශ පිලිපැදීමෙන් යහපත් පුරවැසියෙක් විය හැකිය. උදාහරණයක් වශයෙන් පිරිමින් සහ කාන්තාවන් යම් වයස් සීමාවකදී වෙන් කල යුතුය. එසේම විරුද්ධ ලිංගිත අය මුණ ගැසෙන විට ඔවුන් අතර අනවශ්‍ය බැඳීම් ...

Amazing Proof That God Exists

Image

Science Has Found Proof of the Existence of God!

Image

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

Image
බොහෝ අයගේ පොදු මතය වන්නේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි බවයි. එහෙත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ මින්ස් සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බවයි. මිනිසාගේ මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම පමණක් බව එම පර්යේෂණවලින් නිගමනය කොට ඇත. මොලය සහ හදවත සම්බන්දයෙන් දැනට සිදු කොට ඇති ඇතැම් පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට වඩා වැඩියෙන් හදවතේ සිට මොලය කරා සංඥාවන් ගමන්කරන බව සොයාගෙන ඇත. මිනිස් මොලය තුල හැඟීම්, ස්මරණය, ප්‍රශ්න නිරාකරණය වැනි ඥානාත්මක (cognitive) දේවල් පමණක් සිදු වේ. තවද මොලයෙන් නිකුත් කරන සංඥාවන්ට හදවත ප්‍රතිචාර දක්වනවාව වඩා වැඩියෙන් මොලය හදවතේ සංඥාවන්ට නිරතුරුවම ප්‍රතිචාර දක්වන බව එම විද්‍යාඥයින්ට පෙනී ගොස් ඇත.  එබැවින් හදවතේ ඇති ස්නායු සෛලවලට "හදවතේ ඇති මොලය" ලෙස නම් කොට තිබේ. මේ නිසා ඉතිහාසයේ සිටම මිනිසා දැනසිටි හෘධය සාක්‍ෂියට විද්‍යාත්මක පසුබිමක් තිබෙන බව තේරුම් ගත හැකිය.  නබිතුමා පවසා ඇති හදීසයක මෙසේ සඳහන් වේ. "මිනිස් ශරීරයේ එක් මස් කැදැල්ලක් ඇත. එය නි...

Islam & The Current Crisis - Abdurraheem Green

Image

කුරානයට පෙර සහ පසු අරාබියාව (Arabia before and after the Quran)

Image
අල්-කුරානය පහළ වීමට පෙර අරාබිකරයේ ගෝත්‍රික පාලනයක් පැවතියේය. එහෙත් ඉස්ලාම් දහම පහළ වී වසර 23ක් තරම් කෙටි කාලයක් තුලදී එහි රාජ්‍ය පාලනයක් බිහි විය. ඊට පෙර කිසිම කලෙක එහි රාජ්‍ය පාලනයක් තිබුනේ නැත. ඒ නිසාම එහි නීතිය හෝ සාමය රැකීම ඉතාමත් අසීරු කරුණක් විය. සුළු කරුණකට පවා ඔවුන් දිර්ඝකාලයක් පුරා යුද්ධ කොට ඇත. අරාබියාවේ පැවති ගෝත්‍ර පාලනය හේතුවෙන් ඔවුන් ඉතාමත්ම නොදියුණු ජාතියක් විය. කිසිම ප්‍රබල රාජ්‍යයක් ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්වුයේ ද නැත. අරාබියාවේ එකල පැවති තත්වය හැඳින්වුයේ 'ජාහිලියා' සමය ලෙස ය. ගෝත්‍ර වශයෙන් බෙදී වෙන්වී සිටි ජනතාව ඉතා කෙටි කාලයක් තුලදී කුරානයේ මග පෙන්වීම තුලින් එකමුතු කොට ප්‍රෞඩ ජාතියක් බවට පත් කිරීම ඔවුන් ලද විශාල ජයග්‍රහණයකි. එම වෙනස ඇති කිරීම සඳහා කුරානය හැර වෙන කිසිම බාහිර උදව්වක් ඔවුන් ලබාගත්තේ නැත. ඉතා කෙටි කාලයක් තුලදී මෙතරම් විශාල වෙනසක් සිදු කළ  ඉතිහාසයක් ලෝකයේ වෙන කිසිම තැනක දැකිය නොහැකිය. එපමණක් නොව ඉස්ලාම් දහම ඉතා කෙටි කාලයක් තුලදී ලෝකයේ විශාල ප්‍රදේශයක් කරා ව්‍යාප්ත විය. මෙය සිදු කළ හැකි වුයේ කුරානයේ මහිමය නිසාය. කුරානයේ විශේෂතයක් වන්නේ එය...

විද්‍යාවේ දියුණුවට මුස්ලිම්වරුන්ගේ දායකත්වය (Contribution of muslims towards science)

Image
ඉස්ලාම් දහමේ ස්වර්ණමය යුගය තුල විද්‍යාවේ දියුණුව වෙනුවෙන් මුස්ලිම්වරුන් විසින් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. ඒ අනුව තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගණිතය යන සෑම විශයකින්ම ඔවුන්ගේ දායකත්වය දැක ගත හැකිය. විශේෂයෙන්ම   මුහම්මද් ඉබ්නු මුසා අල්-කවාරිසිමි (780-850),  ඉබ්නු බතුතා (1304- 1369),  ඉබ්නු රුශ්ද් (1126- 1198),  උමර් කයියාම් (1048-1131),  තබිත් ඉබ්නු කුර්රා (826-901) යන අය ඉදිරියෙන්ම දැක ගත හැකිය.  ජුලියන් (Julian) ට පෙර ඉතාමත්ම නිවැරදි සුර්ය දින දර්ශනයක් නිපදවා තිබෙන්නේ මුස්ලිම් විද්‍යාඥ ජිලාලි (Jilali) විසිනි. උමර් කයියාම් ගේ අධීක්ෂණය යටතේ ඔහු එම කාර්යය සිදු කොට තිබේ. තවද  ඉස්ලාමීය විද්වතෙක් වන  අල්-කවාරිසිමි  නවීන විජගනිතයේ පියා ලෙස සලකනු ලැබේ. ඔහුගේ නම අනුසාරයෙන් "අල්ගොරිතම්" (algorithm) යන වචනය බිහිවී ඇත. ඔහු විසින් නවීන ලෝකයට සයින් (sine), කෝසයින් (cosine) සහ තිකෝනමිතික වගු හඳුන්වා දී තිබේ. මේවා පසු කාලයේදී බටහිර රටවල් කරා පරිවර්ථනය විය. එතුමා විසින් විජගනිතමය සමීකරණ රාශියක් ලොවට හඳුන්වා දී ඇත. ...

WHAT IS THE PURPOSE OF OUR LIFE? | LECTURE + Q & A | DR ZAKIR NAIK

Image

මස්ජිදයේ කාර්යභාරය (The Role of the Masjid)

Image
   සෑම ජාතියකටම ඔවුන් ඔවුන්ගේ නැමදුම් කටයුතු සිදු කිරීම සඳහා දේවස්ථානයක් ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ දේවස්ථානය මස්ජිදය වේ. මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන මස්ජිදය පිහිටා තිබෙන්නේ මක්කාවේ ය. එය කව්බාව ලෙස නම් කොට ඇත. එම දේවස්ථානයෙන් පසු වැදගත් කමක් හිමි වන්නේ මස්ජිදුල් නබවි හෙවත් නබිතුමාගේ දේවස්ථානයට ය. තුන්වන ස්ථානය හිමි වන්නේ ජෙරුසලමේ පිහිටි මස්ජිදුල් අක්සා දේවස්ථානයට ය.    කව්බාවේදී සිදු කරන්නාවූ කුසල් ක්‍රියාවකට සාමාන්‍ය මස්ජිදයකදී කරනු ලබන්නාවූ කුසල් මෙන් සිය දහස් වාරයක් වැඩියෙන් කුසල් ලැබෙන්නේය. එසේම මස්ජිදුල් නබවි දේවස්ථානයේදී සිදු කරනු ලබන කුසලකට සාමාන්‍ය මස්ජිදයකදී කරන කුසල්වලට වඩා දහස්වාරයක් කුසල් වැඩියෙන් ලැබෙන්නේය. තවද, මස්ජිදුල් අක්සා දේවස්ථානයේදී සිදු කරනු ලබන කුසලකට සාමානය දේවස්ථානයකදී කරන කුසල් මෙන් පන්සිය වාරයක් වැඩියෙන් කුසල් ලැබෙන්නේය.    මස්ජිදයක ඇති විශේෂත්වය වන්නේ එහි දේව රූප හෝ පිළිම නොමැති වීමයි. ඒ අනුව මස්ජිදයක් ඉතා සරලය. ලෝකයේ ඇති ඕනෑම මස්ජිදයකදී සිදු කරනු ලබන සලාතයන් කව්බා...

Ahmed dedad best speech about Marige.

Image

ඉස්ලාමය බහු විවාහයට ඉඩ දෙන්නේ ඇයි? (Why does Islam allow polygamy?)

Image
ඉස්ලාම් දහමින් බහු විවාහය අනුමත කලත් කුරානය පහළ වන සමයේදී එම සිරිත ජනතාව අතර පැවතියේය. අල් කුරානයෙන් කෙරුනේ සීමාවක් නොමැතිව පැවති බහු විවාහය සතරකට සිමා කිරීම පමණි. තවද විවාහ වන භාර්‍යාවන් අතර සමානතාව පවත්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් එක් විවාහයක් පමණක් සිදු කරන ලෙස නියෝග කරන්නේ කුරණයෙන් පමණි.  බහුවිවාහයට අවසර ලබා දෙන ඉස්ලාම් දහම විවාහයෙන් පිට සිදු කරනු ලබන අනියම් සම්බනයන් සපුරා තහනම් කරන්නේය. මේ නිසා කාමය වරදවා හැසුරුණු කෙනෙකුට ෂරියා නීතියෙන් දැඩි දඬුවම් නියම කොට තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඉස්ලාමීය සමාජය තුල අනාචාරයේ හැසිරුණු අයට පිළිගැනීමක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් බහු විවාහයට ඉඩ ලබා නොදෙන සමාජ තුල අනියම් ඇසුර බහුලව දැක ගත හැකිය. එය සමාජයේ යහ පැවැත්මට විශාල තර්ජනයක් පමණක් නොව නිත්‍යානුකූල විවාහයන් දෙදරා යාමටද සමාජ රෝග බෝවිමටද දික්කසාද වැඩි වීමට ද හේතුවක් වන්නේය.  සමස්තයක් ලෙස ගත් කල ලෝකය පුරා කාන්තාවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. ඒ අනුව වසර 2010 දී ඇමරිකාවේ පමණක් පිරිමින්ට වඩා ගැහැණුන්ගේ වැඩිවීම මිලියන 5.1 ක් බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කරයි. අනෙක් රටවල්වල තත්වයත් එසේමය....

කුරානයට අනුව කඳු වල කාර්යභාරය (The role of mountains according to the Quran)

Image
අල් කුරානය මිනිසාට යහ මග පෙන්වීම සඳහා පහල කරන ලද දහම් පණිවිඩයක් වුවද එහි භෞතික ලෝකය පිළිබඳ බොහෝ කරුණු ඇතුලත් වී තිබේ. ඒවා හැදෑරීමෙන් අපට කුරානය පහළ කල දෙවියන් පිලිබඳ අවබෝදයක් ලබා ගත හැකිය. පෘථිවියේ ඇති මහද්වීප සියල්ලම පිහිටා තිබෙන්නේ විශාල තැටි මතය. එබැවින් ඒවායේ චලනය වැළැක්වීම සඳහා යම් කිසි ක්‍රියා මාර්ගයක් තිබිය යුතුය. එවැනි ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුනේ නම් එම තැටි පහසුවෙන්ම එහා මෙහා චලනය වී විශාල මුහුදු රල ඇතිවී සුනාමි අවදානම් ඇති විය හැකිය. මේවා වැළැක්වීම සඳහා කඳු කුන්ඥයක අකාරයෙන් මවා ඇති බව කුරානයේ සඳහන් කොට ඇත. "අපි පොලොව ඇතිරිල්ලක් ලෙසද, කඳු කුන්ඥයක් ලෙසද නොකෙලෙමුද"  (කුරානය 78:6,7). කුරානය එසේ පවසද්දී මෑතක් වන තුරුම විද්‍යාඥයින් විසින් කඳු වලින් කෙරෙන කාර්ය භාරය දැනගෙන සිටියේ නැත.  කුරානයේ තවත් තැනක කඳු වල කාර්ය භාරය මෙසේ විස්තර කොට තිබේ. "පොළව නුඹලාව පෙරලා නොදැමීම පිණිස ඔහු ඒ මත කඳු සිටුවා,....." (කුරානය 16:15). මෙවැනි දෙයක් කුරානයෙන්ම මිස 7වන සියවසේ ජීවත්වූ කිසිවෙකු විසින් දැනසිටියේ නැත.  නුතන පර්යේෂණ මගින් කඳුවල පොලවට උඩින් ඇති කොටස මෙන් කිහිප ගුණයක...

Ex Hindu Islam Exposed: My Story to Islam - Guest of the Week Show on Sh...

Image

වෙළදාම පිලිබඳ ඉස්ලාමීය ආචාර ධර්ම (Business ethics in Islam)

Image
ඉස්ලාම් අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දී තිබේ. ඊට වෙලන්දාමත් අයත් වේ. එබැවින් මුස්ලිම්වරයෙකු කරන අවංක වෙළඳාම අල්ලාහ්ට ලඟා විය හැකි මාර්ගයකි. අල් කුරානය වෙළඳාම සම්බන්දයෙන් මෙසේ අවවාද කොට තිබේ. "විශ්වාසවන්තයිනි! නුඹලා අතර තෘත්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි විදියට අනුභව නොකරනු" (කුරානය 4:29). වෙනත් කුර්ආන් වැකියක මෙසේ දැක්වේ. "සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයෙහි ඇතුළු කරන්නෙමු" (කුරානය 430). මේ හැරුණු විට කිරුම් මිනුම් සම්බන්දයෙන්ද කුර්ආන් වැකි පහළ වී තිබේ. මේ හේතුවෙන් යුක්තිය, අවංකභාවය, මහජන සුබසාධනය ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම අතර වේ. ඉස්ලාම් දහම අනුව වෙළඳාම් කිරීමේදී පහත දැක්වෙන ආචාරධර්ම පිළිපැදිය යුතුය. රැවටීම හෝ මුලාකිරිම නොකළ යුතුය. භාණ්ඩයක් විකිණීමේදී අධික ලෙස දිව්රුම් නොකළ යුතුය. අධික ලෙස දිව්රා වෙළඳාම් කිරීමෙන් එහි ආශීර්වාදය (blessings) නැතිවී යන බව නබිතුමා පවසා ඇත (සහිහ් මුස්ලිම්) අවසාන තීරණයට එළඹීම සඳහා දෙපාර්ශවයේම කැමැත්ත තිබිය යුතුය  නිවැරදි කිරුම් සහ මිනුම් සිදු කළ යුතුය  වෙළඳාම් කිරී...

Q&A: Isn't it Death Penalty for Apostasy in Islam? Answer: NO! - Dr. Sha...

Image

WAHAABIS- WHO ARE THEY ? Br. Imran answers a question

Image

The Perfect Speech | Nouman Ali Khan | illustrated

Image

Opposing Extremist Groups in Islam (ISIS, Kharijites,etc) - Dr. Sh. Yasi...

Image

Who Preserves the Quran? by Sh. Yasir Qadhi (ICNA-MAS Convention)

Image

Who Preserves the Quran? by Sh. Yasir Qadhi (ICNA-MAS Convention)

Image

Abuse of Women - Nouman Ali Khan - Malaysia Tour 2015

Image

Don't talk back to your Parents! - Nouman Ali Khan

Image

Sexual Desires - Nouman Ali Khan - Quran Weekly

Image

4 Types of Ignorance - Nouman Ali Khan - Malaysia Tour 2015

Image

Actress Monica Converted To Islam

Image

Riba - Pathway to Hell? | Sheikh Omar Suleiman

Image

The Effects of Drugs & Alcohol on the Mind and Soul - Yusha Evans

Image

ඉස්ලාමයට අනුව ආගමික යුද්ධ ඇතිවන්නේ ඇයි? (Why do religious wars occur according to Islam?)

Image
ආගමක මුලික අවශ්‍යතාවය වන්නේ මිනිසාට තම මැවුම්කරු පෙන්වා දී තිබෙන යහ මග අත්කර ගැනීම සඳහා වන නිවැරදි මාර්ගය පෙන්වා දීමය. එසේ නම් ආගමික යුද්ධ ඇති වන්නේ මක් නිසාදැයි කෙනෙකුට සිතෙනු ඇත. ලෝකයේ ජිවත්වන සෑම කෙනෙකුම දෙවියන් පෙන්වා දී ඇති යහ මාර්ගය අනුගමනය කරන්නේ නම් එවැනි සිතුවිල්ලක් සාධාරණය. මිනිසුන් අතර විවිධ අදහස් දරන පුද්ගලයින් සිටින්නේය. ඇතැමුන් ආගමට ලැදිව ජිවත් වෙති. තවත් සමහරුන් ආගමට එරෙහිව ජිවත් වෙති. එවැනි අවස්ථාවලදී නිරන්තර සාමයක් ඇති කිරීම සඳහා ඇතැම් විට වැරදි කරන අයට විරුද්ධව යුද්ධ කිරීම අනිවාර්ය වේ. එසේ නොකර සිටීම කුහක කමකි. මේ නිසා ආගමක් අංග සම්පුර්ණ වීමට නම් යුධය සඳහා අවසර තිබිය යුතුය. එසේ නොවුයේ නම් සතුරා පහර දෙන විට ඊට නිසි පිළිතුරු ලබා දීම කෙසේ වෙතත් ඔවුන්ට යටත් වීමට සිදු වේ. එසේ වූ කල දුෂිතයින් අතට ලෝකය පත් වනු ඇත.  ඉස්ලාම් දහම පහළ වූ මුල් කාලයේදී යුද්ධ කිරීම සඳහා අවසර තිබුනේ නැත.  මේ නිසා ඉස්ලාම් දහම වැළඳගත් නබිතුමාගේ අනුගාමිකයින් මුල් අවදියේදී සතුරන්ගේ වද හිංසාවන් ඉවසා දරා ගත්හ. ඇතැම් සහාබාවරුන් සතුරා අතින් ඝාතනයට ලක් විය. එසේ තිබියදීත් යුද්ධය සඳහා අවසර ති...

Facing Difficulties With Iman┇11 Nov 2016┇Nouman ali Khan┇HolySpeech

Image

Music: Haram or Halal? - By Mokhtar Maghraoui

Image

Predestined? Desitiny and Theory of relativity | Travel into time by Sh....

Image

Drugs, alcohol and partying could not give happiness but Islam did! Wat...

Image

ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්තවීමේ රහස කුමක්ද? (What is the secret of fast spread of Islam?)

Image
ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය වැළැක්වීමට මොන උත්සාහයන් ගනු ලැබුවත්  ලෝකයේ ඇති සෙසු ආගම් සමග සැසඳීමේදී ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිර යමින් තිබෙන එකම දහම ඉස්ලාම් ය. ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් ඉතා කෙටි කාලයක් තුලදී විශාල භූගෝලීය කලාපයක් තුල පැතිර ගියේ නැත. මෙම ව්‍යාප්තියට ප්‍රධාන හේතුව එහි ඇති නිරවුල් භාවයයි. ඇතැම් අය පවසන අන්දමට ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වුයේ නැත. ඇයිද යත් ඉස්ලාම් දහම තුල කිසිවෙකුට බල කිරීමක් නොමැති නිසාය.  ඉස්ලාම් දහමේ විශේෂත්වය වන්නේ එය ඕනෑම මනසකට පිළිගත හැකි අයුරින් ගොඩ නැගී තිබීමය. ඒ අනුව අපට පහත දැක්වෙන කරුණු එහි දැකිය හැකිය.          දෙවියන් පිලිබඳ නිවැරදි අර්ථදැක්වීමක් සිදු කොට තිබීම ·     එම දහම ඉතා ප්‍රයෝගික එකක් වීම ·       එම දහමේ උස්පහත් බේදයක් නොතිබීම ·       එම දහම තුල මිත්‍යා විශ්වාසයන්ට කිසිම ඉඩක් නොතිබීම ·       ඉස්ලාම් දහමින් මිට පෙර පැවති ආගම් ගැන ඉතා නිවැරදිව කරුණු කියා දී තිබීම ·       මරණයෙ...