Posts

Showing posts from 2020

භූමිදානය කිරීමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේද? (Does burying spread the corona virus?)

Image
  මෙය ඉතා සංවේදී මාතෘකාවක් වන බැවින් රජයේ සහ මේ පිලිබඳ පර්ශේෂණ කරන සියලු දෙනාගේ අවදානය ඒ කෙරෙහි යොමු වීම අත්‍යාවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් මෙම පර්යේෂණ අංශ දෙකක් කෙරෙහි යොමු විය යුතුය. එනම් රෝගියෙකුගේ සොටු සහ මල මුත්‍රා විනාශ නොකර භූමියට බැහැර කිරීම සහ මිය ගිය අයගේ දේහයන් භූමිදානය කිරීම සම්බන්දයෙනි. විශේෂයෙන්ම මේ සඳහා වසංගත රෝග පිලිබඳ පර්යේෂන සිදු කරන විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගේ අවදානය යොමු විය යුතු වේ. ඒ අනුව නිරෝදාන මද්යස්ඨාන වලින් සහ මෙම රෝගීන්ට ප්‍රතිකාර කරන අරෝග්‍යශාලාවලින් පිටකරන අප ද්‍රව්‍ය ගැන ඔවුන්ගේ අවධානය යොමු විය යුතුය. එවැනි පර්යේෂණවල ප්‍රතිපල ලැබෙන තුරු මළමිනී භූමිදානය කිරීම වළක්වන්නේ නම් ඔවුන්ගේ සොටු සහ මළමුත්‍රා ද යම් කුටිරයක් තුලට රැස්කොට විනාශ කිරීමෙන් පසු ඒවා භූමියට මුදා හැරීමට වඩාත් සුදුසු ක්‍රියාවක් වන්නේය.  වසංගත රෝග මිට පෙරද ලෝකයේ නන්දෙසින් වාර්තා වී තිබේ. උදාහරණයක් වශයෙන් වසුරිය, ඉබෝලා වැනි රෝග පෙන්වා දිය හැකිය. එවැනි රෝග වලින් මිය ගිය අයගේ දේහයන් භූමිදානය කල අවස්ථා ඕනෑතරම් තිබේ. එබැවින් ඒවා භූමිදානය කල සොහොන් ආශ්‍රිත ...

ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි? (Why only oppose the slaughter of cattle?)

Image
ඇතැම් අය ගවයාට දේවත්වයෙන්  සලකන්නේය.  මේ හේතුවෙන් ඔවුන් ගව ඝාතනයට තරයේ විරුද්ධය. එහෙත් ගවයා පුජනීය සතෙක් වීමට කිසිම විශේෂ හේතුවක් නැත. ඒ අනුව ගවයාත් අනෙක් සතුන් මෙන් එක් සතෙක් පමණි. එසේ තිබියදී ගවයාට පුජනීයත්වයෙන් සලකන අය ගවයා වෙනුවෙන් මිනිසුන් ඝාතනය කොට තිබේ! ප්‍රාණ ඝාතනයට විරුද්ධ නිසා එසේ කරන්නේ නම් ඔවුන් කරන්නේ ගවයාට වඩා වටිනා ප්‍රාණයක් ඝාතනය කිරීම බව ඔවුන් තේරුම් නොගෙන සිටීම පුදුමයකි.   ගවයාට වැඳුම් පිදුම් කල එක් සිදුවීමක් අල් කුරානයේ සඳහන් වේ. කුරානයේ දැක්වෙන පරිදි මුසා නබිතුමා දින හතළිහක් තුරුසිනා කඳු පාමුලට ගොස් සිටින කාලය තුලදී ඔහුගේ අනුගාමිකයින් සාමිරි යන තැනැත්තාගේ ඉගැන්වීමට අනුව රනින් ගවයෙකුගේ පිළිරුවක් සාදා එය දෙවියන් ලෙස සලකා ඊට වැඳ ඇත. කෙසේ වෙතත් මුසා නබිතුමා ඔහුගේ ගමන නිමවා ආපසු පැමිණී පසු මෙම සිද්ධිය දැක මහත් කෝපයට පත් වූ අතර ඔහුගේ සහෝදරයා එම ජනතාව කරමින් සිටි වරද නොවැළැක්වීම හේතු විමසා ඔහුට තදින්ම තරවටු කර තිබේ. අවසානයේදී ඔවුන් කල වරදට දඬුවම් කරන ලදී. මෙම සිදුවීම ගවයාට නැමදුම් කල මුල්ම අවස්තාව වේ.  ගව...

මුස්ලිම්වරුන්ට වෙනම බැංකුවක් අවශ්‍ය වන්නේ ඇයි? ( Why do Muslims need a separate bank?)

Image
අල්-කුරානයේ ඇති වගන්ති ප්‍රකාරව මුස්ලිම්වරුන් හට පොළිය සපුරා තහනම් ය. එබැවින් මුස්ලිම්වරුන් පොලිය සම්බන්ද සියළුම ගනුදෙනු වලින් ඉවත් වීම අනිවාර්ය වේ. මේ හේතුවෙන් පොලියට ගැනීම, පොලියට දීම, පොලි ගනුදෙනු සඳහා සාක්ෂි දීම ඒවා සටහන් කිරීම තහනම් ය. මේ හේතුවෙන් මුස්ලිම්වරුන්ට පවතින සාම්ප්‍රදායික බැංකුවලින් ඉවත්වී මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවයන් සපුරාදෙන බැංකු ස්ථාපනය කිරීමට සිදු වන්නේය. නැතහොත් පවතින සම්ප්‍රධායික බැංකුවලින් මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවන් සපුරා දිය යුතුය. පොලිය තහනම් කොට ඇති  කුර්ආන්   වැකිය මෙසේය .  " පොලිය අනුභව කරන්නෝ සානත් විසින් ස්පර්ශ කරනු ලැබූ උමතුවෙකු මෙන් මිස ( මරණයෙන් පසු එලොවේදී ) නොනැගිටින්නෝය . වෙළඳාම පොලියට සමකිරිම මෙයට හේතුවයි . එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කළේය . කවරෙකු තම සමිඳුන්ගෙන් උපදෙස් ලැබුණු පසු පොලිය හැර දමයිද ඔහු කලින් ගත් දෙයට දඬුවම් කරනු නොලැබේ . ඔහුගේ කාර්යය අල්ලාහ් වෙතම ඇත . කව්රුන් ( පොලිය දෙසට ) හැරෙන්නෝද   ඔවුහු නිරා වැසියෝ වෙති . ඔවුහු එහි සදාකල් සිටින්නෝය "...

ඉස්ලාම් දහමින් දුම්පානය සහ මත් කුඩු තහනම් කරන්නේ ඇයි? (Why does Islam prohibit smoking and drugs?)

Image
අල් කුරානයෙන් සහ නබි වදන් වලින් මිනිසාට අහිතකර සියලුම දේවල් තහනම් කොට ඇත. ඒ අනුව දුම්වැටි සහ මත්කුඩු සම්පාදනය කිරීම වෙළඳාම කිරීම සහ භාවිතා කිරීම සපුරා තහනම් වේ. කෙසේ වෙතත් මෙවැනි දේවල් නිෂ්පාදනය සිදු කෙරුනේ කුරානය පහළ වීමෙන් බොහෝ කළකට පසුවය. මේ නිසා කුරානය තුල හෝ නබි වදන්වල ඍජුවම  ඒවා පිලිබඳ තහනම් නියෝග දැකිය නොහැකිය. කෙසේ වෙතත් ඉස්ලාමිය විද්වතුන්ගේ ඒකමතික තීරණය වන්නේ දුම් වැටි සහ මත්කුඩු සපුරා තහනම් බවයි. ඒ අනුව වර්ෂ 2000 දී ඊජිප්තුවේ ප්‍රධාන මුෆ්ති වරයෙකු වන ආචාර්‍ය නස්ර් ෆරීඩ් වසීර් කියා සිටින්නේ දුම්පානය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බැවින් එය තහනම් බවයි. තවද, සුන්නි ලෝකයේ ඉස්ලාමීය ඉගෙනීමේ කේන්ද්‍රය (center of Islamic learning in the Sunni world) 2000 වර්ෂයේදී ඊට සමාන තීන්දුවක් ලබා දෙමින් මෙම කුර්ආන් වැකිය ගෙන හැර දක්වා ඇත: "අල්ලාහ්ගේ මගෙහි වියදම්ස කරන්න. නුඹලාගේ අත් විනාශය කරා ගෙන නොයන්න" (කුරානය 2:195). තවද, කයිරෝවේ අල්-අසාර් විශ්ව විද්‍යාලය වැනි කැපී පෙනෙන බලධාරීන් ඇතුළුව තවත් බොහෝ විද්වතුන් දුම්පානය හරාම් බව සඳහන් කරති.  අල්-කුරානයේ මෙවැනි වගන්තියක්ද දැකිය හැකිය...

Keeping peers with Allah

Image
Allah is One. He does not need anyone's help. This is one of the main teachings of Islam. Therefore, it is a grave sin to set up equals with Allah or to gather others in worship which should be done only for His sake. Therefore, Luqman Alaihi Salam warned his son as follows: "O my son! Join not in worship others with Allah. Indeed, joining others in worship with Allah is a grave sin" (Qur'an 31:13). Many people today worship Allah and celebrate the graves of the dead and seek their help. They need to understand that this is a sin that Allah does not forgive. To that kind of worship there is no evidence in the Qur'an or in the hadiths of the Prophet. However many misguided people make this mistake for a variety of reasons. As a result, they nullify their deeds done in that way, and also they will incur the wrath of Allah. "Surely Allah does not forgive that anything should be made equal to Him, but He forgives whomever He wills, and whoever sets up partne...

The concept of God in Islam and various other religions

Image
Although the word God is a common term in all religions, its meaning varies greatly. So it is important to explore that. Many religions, other than Islam, do not have a unique definition of God. Therefore, by translating the word Allah as God, non-Muslims understand it according to the wording of their religion. As a result, they do not get the correct meaning of it. Therefore, they rarely get to understand the basic concept of Islam. There is more than one God in every religion except Islam. Therefore, translating the word Allah as God makes it difficult for a non-Muslim to understand its true meaning. A Muslim means God is only one Almighty God. That is about Allah. According to Islam, Allah has no gender. And there is no multiple division. Allah has no birth. Accordingly, there are no parents. He has no beginning or end. But in other religions this concept of God is completely lost. Therefore, when the word Allah is translated into other languages, that reality disappears. Allah...

වහාබ්වාදය යනු කුමක්ද? (What is Wahabism?)

Image
වහාබ්වාදය ගැන කතාකරන බොහෝ අයට එහි අගක් මුලක් දන්නේ නැත. ඇත්ත වශයෙන්ම මෙම භීතිකාව මුලින්ම ඇතිකළේ බටහිර ජාතින් විසින් ය. ඔවුන්ට උවමනා කලේ එම සංවිදානයේ නම භාවිතා කොට මුස්ලිම්වරුන්ව බේද කිරීම යි. එසේ කිරීමෙන් ඔවුන්ගේ අරමුණු දිනා ගැනීමට පහසු විය.  ඇත්ත වශයෙන්ම ඉස්ලාම් දහමේ පිල් බෙදීමක් නැත. ඒ අනුව කිසිවෙකුට ඉස්ලාම් දහම තුල අලුත් වාදයක් ගොඩ නැගිය නොහැක. ඉස්ලාම් දහම ලෙස සලකනු ලබන්නේ මුහම්මද් නබි තුමා දේශනා කල කුරානය සහ හදිස් පමණි. කෙසේ වෙතත් ඉස්ලාම් දහම පිළිපදින මුස්ලිම්වරුන් කාලයාගේ ඇවෑමෙන් දහමට අලුත් කොටස් එකතු කිරීමට පටන් ගත්හ. ඒ අනුව නබිතුමාගේ අහාවයෙන් කලක් යාමේදී අල්ලාහ්ගෙන් ඍජුවම අයැදීම වෙනුවට මළවුන් හරහා තම අවශ්‍යතා ඉටු කර ගැනීම ආරම්හ විය. තවද වාර්ෂිකව එම මළවුන් වෙනුවෙන් උත්සව පැවැත්වුහ. එම මළවුන්ගේ සොහොන් වටා වට රවුම් ගියහ. එහෙත් මේවා ඉස්ලාම් දහමට පටහැනි දේවල් ය. මෙවැනි වැරදි දැක දැකත් බොහෝ අය නිහඬව සිටියහ. එවන් සමයක මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමා ඒවාට විරුද්ධව හඬ නැගුවේය. තවද නිර්මල ඉස්ලාම් දහම ජනතාව අතරට ගෙන යාම සඳහා දැඩි උත්සාහයක් ගත්තේය. එම ව්‍යාපාරය ඇතැමුන් විසින් "වහ...

මුස්ලිම්වරුන් පිළිබඳව ගොඩනැගී ඇති වැරදි මත (Misconceptions about Muslims)

Image
මුස්ලිම්වරුන් ඉතිහාසයේ සිටම සිංහල ජනතාව සමග සුහදව කටයුතු කොට තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් සිංහල රජවරුන්ගෙන් තාන්න මාන්න සහ නොයෙකුත් පදවි තානාන්තර පවා ලබාගෙන තිබේ. විශේෂයෙන්ම රජ දවසේ විදේශ ඇමතිකම් දැරුවේ මුස්ලිම්වරුන්ය. එපමණක් නොව සතුරු ආක්‍රමණ වලදී රට බේරා ගැනීම සඳහා මුස්ලිම් රටවල් වලින් හමුදාවන් ගෙන්වා ලංකාව වෙනුවෙන් සටන් කල ඉතිහාසයක් ද මුස්ලිම්වරුන්ට තිබේ.  ඉතිහාස පොත්වල සඳහන් වන අන්දමට මුස්ලිම්වරුන් සිංහල රජවරුන්ට ඉතා විශ්වාසවන්තව කටයුතු කොට ඇත. ඒ අනුව රජතුමාගේ ආහාරය පරික්ෂා කිරීමට පත් කර තිබුනේද මුස්ලිම් වරුන්ය. ඒ හැරුණු විට මුස්ලිම් වෛද්‍යවරුන් විසින් රජතුමා හට විශාල සේවාවන් ලබා දී තිබේ. ඇතැම් අවස්ථාවලදී ඒවා ඇගයීම සඳහා රජතුමා විශාල පරිත්‍යාග පවා ලබා දී ඇත. එවැනි තත්වයක් ඉතා මෑතක් වන තුරු පැවතියත් ඇතැම් දේශපාලකයින්ගේ පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදය අවුස්සා එය විනාශ කොට ඇත. ජාතිවාදයේ ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන්ගේ ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් ආහාර පාන යනාදී සෑම දෙයකටම විවේචන එල්ල වන්නේය. එහෙත් සත්‍ය තත්වය නම් ඉස්ලාමිය ඇඳුම් පැළඳුම් නිසා බොහෝ ස්ත්‍රී දුෂණ වැලකී යාමය. එසේම හලා...

ඉස්ලාමයේ වර්ගවාදයට ඉඩක් තිබේද? (Is there room for racism in Islam?)

Image
අල්ලාහ් ඉදිරියේ සෑම මුස්ලිම්වරයෙකුම එක සමාන ය. එම නිසා සමේ වර්ණය අනුව හෝ ජාතිය අනුව හෝ මුස්ලිම්වරුන්ව වර්ග කරන්නේ නැත. මේ හේතුවෙන් ඉස්ලාමිය දේවස්ථානය තුල අල්ලාහ්ට නැමදීමේදී සියළු දෙනා  එකා මෙන් උරෙන් උර ගැටී සිට ගන්නෝය. තවද කලු සම ඇති අයට වෙනම පාසල් සහ සුදු සම ඇති අයට වෙනම පාසල් වශයෙන් වෙන්කිරීමක් ඉස්ලාම් දහම තුල නැත. මෙය ප්‍රයෝගික වශයෙන් මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයෙන් ද දැක ගත හැකිය. එපමණක් නොව මුස්ලිම්වරුන් එකම භාජනයේ අත දමා කෑම කෑමෙන් ඔවුන්ගේ සහෝදරත්වය තව දුරටත් සනිටුහන් කරන්නේය. නබිතුමා සහාබවරුන් වාඩිවී සිටින තැනකට පැමිණි විට ඔවුන් නබිතුමා වෙනුවෙන් නැගිට සිට ගෞරව කිරීම පවා එතුමා අනුමත කලේ නැත.  මිනිසුන්ගේ සහෝදරත්වය ගෙන හැර දක්වමින් කුරානය මෙසේ සඳහන් කරන්නේය. "මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය" ...

මුස්ලිම්වරුන්ගේ අලුත් අවුරුදු සැමරුම් (New Year Celebrations of the Muslims)

Image
සෑම ජාතින්ටම ආගමික උත්සවයන් තිබේ. ඒ ආකාරයටම මුස්ලිම්වරුන්ටත් අලුත් අවුරුදු උත්සවයන් දෙකක් තිබේ. එම උත්සවයන් දෙක  ඊදුල් ෆිතර් සහ  ඊදුල් අල්හා ලෙස නම් කොට ඇත. ඊදුල් අල්හා උත්සවය හජ් වන්දනය අවසාන කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද ඊදුල් ෆිතර් උපවාස මාසය අවසාන කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද පවත්වනු ලැබේ. එම උත්සවයන් දෙකෙහි විශේෂත්වය වන්නේ ඒවා ආගමික ස්වරුපයක් ඉසිලීමයි. මේ නිසා ලොව ඇති අනෙක් ආගමික උත්සවයන්ට වඩා ඉස්ලාම් ආගමින් පෙන්වා දෙන උත්සවයන් දෙක බෙහෙවින් වෙනස් වන්නේය. ඉස්ලාමිය අවුරුදු උත්සව වලදී සැණකෙළි පවත්වනු ලබන්නේ නැත. ඒ වෙනුවට මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවන් වල නියැලෙන්නෝ ය.  ප්‍රධාන වශයෙන්ම එම දිනයන්හිදී මුස්ලිම්වරුන් තක්බීර් පැවසීමෙන් අල්ලාහ්ව සිහිපත් කරන්නෝය. එය සාමුහික වශයෙන්ද තනි තනිවමද සිදු කරනු ලබේ. එය පවසන අකාරය පහත දැක්වේ.  اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ لآاِلَهَ اِلاَّاللهٌ وَاللهُ اَكْبَرُاَللهُ اَكْبَرُاَللهُ اَكْبَرُ وَِللهِ الْحَمْد...

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූ බව පැවසීමේ සත්‍යයක් තිබේද? (Is there any truth to the claim that Islam spread by the sword?)

Image
ඉස්ලාම් විශ්වාසය මත පදනම් වූ දහමකි. තවද, විශ්වාසය සිත හා බැඳී පවතී. එම නිසා විශ්වාසය කඩුවෙන් බිය වද්දා ඇතුලත් කල නොහැකිය. ඇයිද යත් බිය වැද්දීම නිසා කෙනෙකුට බොරුවට ඉස්ලාම් දහම වැළඳ ගෙන පසුව එය අත්හැරිය හැකි නිසාය. කෙසේ වෙතත් ඇතැම් විවේචකයින් පදනම් විරහිතව පවසන්නේ ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බවයි. එය සත්‍යයක් නම් අද ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය අඩාල විය යුතුය. එහෙත් අපට අදටත් දැක ගත හැක්කේ ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන දහම ඉස්ලාම් බවයි. ඉන් පැහැදිලි වන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ තර්කය පුස්සක් බවයි.  ඉසලාම් දහම තුල බල කිරීමක් නැත. ඒ බව කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.  "මෙම ධර්මය (වැළඳ ගැනීමෙහිලා) කිසිඳු බල කිරීමක් නැත"  (කුරානය 2:256). එසේ තිබියදී කඩුවෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත කල නොහැකිය. කුරානයේ මෙසේද සඳහන් වේ.  "පවසනු! සත්‍යය ඔබගේ පරමාධිපතිගෙන් ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය" (කුරානය 18:29).  අල්ලාහ්ට අවශ්‍ය නම් මෙලොව සිටින සියලුම දෙනා ඔහුගේ විශ්වාසවන්තයින් බවට පත්කළ හැකිය.  "ඔබගේ දෙවිඳුන...

ඉස්ලාම් දහමෙහි බිද්අත් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What is meant by bid'ah in Islam?)

Image
'බිද්අහ්' යන්නෙහි පාරිභාෂික අර්ථය අලුතින් නිර්මාණය කිරීම යන්නයි. එහෙත් ෂරියාව අනුව 'බිද්අහ්' යන්නෙන් අදහස් කරනු ලබන්නේ දහමින් පෙන්වා නොතිබෙන විශ්වාසයන් සහ ඇදහිලි අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා සිදු කිරම වේ. ඒ අනුව අල්-කුරානයෙන් හෝ නබිතුමාගේ හදිස්වලින් 'බිද්අහ්' සඳහා මුලාශ්‍රයන් සොයාගැනීමට නොහැකිය. නබිතුමාගේ අභාවයට කලින්ම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එම කරුණ මෙම කුර්ආන් වැකියෙන් තහවුරු කර ගත හැකිය.  "අද දිනයේදී මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි"  (කුරානය 5;3). එසේ තිබියදී කිසිවෙකුට ඉස්ලාම් දහම තුලට අළුත් විශ්වාසයන් හෝ ඇදහිලි එකතු කිරීමට හෝ අඩු කිරීමට කිසිම අවසරයක් නැත. දහම තුල 'බිද්අහ්' ඇති කරන තැනැත්තා නොකියා කියන්නේ නබිතුමා ඔහුගේ දූත මෙහෙවර සම්පුර්ණ නොකළ බවයි. ඒ අනුව ඔවුන් නබිතුමාට නොහැකි වූ දේවල් ඔහුගේ අභාවයෙන් පසු සම්පුර්ණ කරන බව හඟවමින් දහම තුලට අළුත් ඇදහිලි එකතු කරති.  පොදුවේ ගත්කල 'බිද්අහ්' ක්‍රියාවන් වැරදි දේවල් බව දහම ගැන මනා දැනුමක් නොමැති කෙනෙකුට පහසු...

අල් කුර්ආනය පවසන්නේ හිරු මඩ සහිත ජලයට බැස යන බවද? (Does the Quran say that the sun sets into muddy water?)

Image
ඇතැම් විවේචකයින් කුරානයේ සඳහන් විස්තරයකට වැරදි අටුවා ටීකා ඉදිරිපත් කරමින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේය. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ අල්-කුරානයේ 18 වන පරිජ්ජේදයේ 86 වන වගන්තිය වේ. එහි පැවසෙන අන්දමට zසුල් කර්නෙයින් එක්තරා ගම්මානයකට ගිය අවස්ථාවේදී ඉර මඩ වලක් තුලට බැස යන අකාරය දැක තිබේ. එම සිදුවීම කුරානයෙන් මෙසේ විස්තර කොට ඇත. "ඔහු සුර්යයා බැස යන තැනට පැමිණි කල, කළු පැහැයෙන් යුත් මඩ ජලයෙහි එය බැස යන බව දුටුවේය" (කුරානය 18:86). කෙසේ වෙතත් මෙහි විස්තර කොට ඇත්තේ zසුල්කර්නෙයින් ඉර බැසීම දුටු ආකාරය යි. එය කව්රු කිව්වත් කිව යුත්තේ ඔහු දැක තිබෙන අන්දම මිස වෙනත් අකාරයකට නොවේ. එබැවින් කිසිම බුද්ධිමතෙකුට එහි වැරැද්දක් කිව නොහැකිය. zසුල්කර්නෙයින් පමණක් නොව වෙනත් ඕනෑම කෙනෙක් ඉර බැස යන මොහොතකදී මුහුදු වෙරළට ගියේ නම් ඔහුටත් දැකීමට ලැබෙන්නේ ඉර මුහුදේ ගිලී යන අකාරය වේ. එබැවින් ඔහුට එය තවත් කෙනෙකු සමග විස්තර කල හැක්කේද ඉහත සඳහන් කුර්ආන් වැකියේ සඳහන් ආකාරයටම වේ. මෙතරම සුළු දෙයක් තේරුම් ගැනීමට නොහැකි අය කුරානයට වැරදි කියන්නේ කෙසේද? සුර්යයාගේ ගමන් මග ගැන කුරානයේ වෙනත් තැනක මෙසේ විස්තර කොට ඇත. ...

අල් කුර්ආනයට අනුව පෘථිවියේ හැඩය (The shape of the earth according to the Quran)

Image
කුරානය පහළ වූ හත්වන සියවසේදී පෘථිවියේ හැඩය සම්බන්දයෙන් බොහෝ අවිද්‍යාත්මක සංකල්ප්ලයන් දක්නට තිබුනේය. එම කාල වකවානුවේදී වැඩිවශයෙන්ම දක්නට තිබුණු පොදු මතය වුයේ පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් අල්-කුරානය එම වැරදි මත සියල්ලම බැහැර කොට පෘථිවියේ නිවැරදි රුපය විස්තර කොට ඇත. ඇතැම් කුර්ආන් වැකිවලින් පෘථිවියේ නිවැරදි රුපය ඍජුවම සඳහන් කොට තිබේ. වෙනත් කුර්ආන් වැකිවලින් පෘථිවියේ හැඩය අනියම් ලෙස විස්තර කරන්නේය. අල්-කුරානයේ 79 වන පරිජ්ජෙදයේ 30 වන වැකිය අනුව පෘථිවිය බිත්තරයක හැඩය ගන්නා බව සඳහන් වේ. එහෙත් අරාබි අකාරාදියේ 'දහාහා' යන අරාබි පදයට වෙනත් බොහෝ අර්ථයන් ද තිබේ. එම අර්ථයන් වන්නේ: එලුවේය, පැතිරෙනවා, බිත්තරයේ හැඩයට පත්කරනවා, වටකුරු කරනවා යන්නයි. ඒ අනුව කුරානයේ සඳහන් එම වැකිය මේ දෙආකාරයටම පරිවර්තනය කල හැකිය. ඉන් පළමුවැන්න  "ඉන් අනතුරුව ඔහු පොළොව එලුවේය"  දෙවැන්න  “ඉන් පසු ඔහු පොලව බිත්තරයක හැඩයට පත් කළේය” යනුවෙනි. මේ පරිවර්තන දෙකම නිවැරදි ය. පෘථිවියේ විශාලත්වය ගැන සලකා බලන කල දහාහා යන වචනයට වඩා සුදුසු පරිවර්තය වන්නේ එලුවේය ය...

මිනිස් ජිවිතයේ ආරම්භය සහ අවසානය (The beginning and the end of human life)

Image
මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාව මැවීමත් සමග වේ.  මෙය බයිබලයේද අල්-කුරානයේද දෙවියන් පහළ කරන ලද අනෙක් දහම් පණිවිඩ වලද සඳහන් ය. ඒ ගැන අල් කුරානය මෙසේ පවසා තිබේ. "තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි'යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, 'නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි'යි කීය" (කුරානය 2:30). ඉන් පසු අල්ලාහ් ආදම්තුමාව මැටියෙන් මවා ඔහුගේ ශරීරය තුලට මුල්ම ආත්මය ඇතුලත් කළේය. ආදම්තුමාගේ ඉල ඇටයකින් ඔහුගේ සහකාරිය මැව්වේය. අනතුරුව මිනිස් ආත්මයන් මවා ඒවා "ආලමේ අර්වාහ්" නොහොත් ආත්මීය ලෝකයේ තැබුවේය. මවක් පිළිසිඳ ගැනීමේදී ඊට නියම කොට ඇති දේවදුතයින් විසින් එහි ඇති ආත්මයක් රැගෙන විත් මවගේ කුස තුලට ඇතුලත් කරන්නේය. ඉන් පසු මිනිසා මරණයට පත්වන අවස්ථාවේදී නැවතත් එම ආත්මය  දෙවියන් පත්කොට ඇති දේවදුතයෙකු විසින් රැගෙන යන්නේය. දෙවියන් මවා ඇති අනෙක් ජිවින් අතරින් මිනිසා වෙනස් ය. මිනිස...

ඉස්ලාමයේ සත්ව හිංසනයට තැනක් තිබේද? (Is there a place for animal cruelty in Islam?)

Image
සත්ව හිංසනය යනු සතෙකුට ආහාර, ජලය, නවාතැන් හෝ පශු වෛද්‍ය රැකවරණය අහිමි කිරීම ලෙස අර්ථ දක්වා තිබේ. ඒ හැරුණු විට සතුන්ට වධ දීම, අබ්බගාත කිරීම වැනි දේවල්ද සත්ව හිංසනය යටතට වැටේ. මෙවැනි දේවල් ඉස්ලාම් දහමින්ද තරයේ හෙලා දකින්නේය. එහෙත් ආහාරය පිණිස හෝ වෙනත් සාධාරණ හේතුවක් නිසා සතෙකුට හිංසා නොකොට ඝාතනය කිරීම සඳහා ඉස්ලාම් දහමින් අනුමැතිය තිබේ. මේ නිසා මසුන් මැරීමට හෝ අහාරය පිණිස සත්ව ගොවිපොළක් පවත්වා ගෙන යෑමට හෝ ඉස්ලාම් දහම තුල තහනමක් නැත. අකාරය පිණිස සතුන් මැරීම සත්ව හිංසනයක් ලෙස දකින අය පවා තම ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂද භාවිතා කරති. එමගින් බොහෝ ක්ෂුද්‍ර ජීවින් විනාශ වේ. එපමණක් නොව බරවා මැලේරියා වැනි වසංගත පැතිර යෑමේදී ඒවා පාලනය කිරීම සඳහා මදුරුවන් විනාශ කරනු ලැබේ. එහෙත් සත්ව හිංසනයට විරුද්ධ වන අය ඒවාට එරෙහිව හඬ නගන්නේ නැත.  සත්ව හිංසනය ගැන කතා කරන අය සතුන්ගේ නිදහසට බදා කරමින් උන්ගෙන් වැඩ ගැනීම ගැන කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත. එසේම උන්ගේ පැටවුන්ට එරෙන කිරි මිනිස් පරිබෝජනයට ගැනීම වරදක් ලෙස දකින්නේද නැත. එහෙත් ඉස්ලාම් දහම මැද පිළිවෙතක් අනුගමනය කරමින් මෙවැනි දේවල් සඳහා අනුමැතිය ල...

අල්ලාහ් සමඟ හවුල්කරුවන් ඇති කිරීම මහා පාපයක් වන්නේ ඇයි? (Why is associating partners with Allah a great sin?)

Image
අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට සමාන වෙනත් කිසිවෙකු නැත. එසේ තිබියදී අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීම මහා පාපයක් ලෙස සලකනු ලැබේ. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම අල්ලාහ්ට පමණක් නැමදුම් කල යුතුය. එසේ තිබියදී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් පඬුරු දැමීම හෝ වෙනත් අය වෙනුවෙන් සතුන් කැප කිරීම හෝ මිය ගිය අය හරහා අල්ලාහ්ගෙන් දුආ ප්‍රාර්ථනය කිරීම නොකළ යුතුය. එවැනි වැරැද්දක් කරන කෙනෙක් කරන්නාවූ සලාතයෙන් හෝ සකාත්වලින් හෝ උපවාසයෙන් හෝ පලක් වන්නේ නැත. මේ හේතුවෙන් ලුක්මාන් අලෛහි සලාම් තුමා සිය පුතුන්ට මෙසේ අවවාද කළේය.  "ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, 'මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි" (කුරානය 31:13).  ඉස්ලාම් දහම අනුව කෙනෙක් මිය ගියේ නම් ඔහුගේ දේහය පොදු සුසාන භුමියක මිහිදන් කල යුතුය. එසේ තිබියදී එම දේහය ගොඩනැගිල්ලක් තුල මිහිදන් කිරීම හෝ මිහිදන් කල සොහොන වටා ස්ථිර ගොඩනැගිලි ඉදිකොට එය පුජනීය ස්ථානයක් කර ගැනීම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි වේ. නබිතුමා මිය යාමට පෙර එවැනි දෙයක් කරන අයට ශාප කළේය. මළවුන් වෙනු...