අල්ලාහ් වෙනුවට වෙනත් විකල්ප දෙවිවරු සිටීද? (Are there other alternative gods instead of Allah?)

 


ඉස්ලාම් දහම අනුව අල්ලාහ් හැර වෙනත් දෙවිවරු නැත. ඔහු විශ්වයේ මැවුම්කරු ය. කෙසේ වෙතත් ඉස්ලාම් නොවන ආගම්වල එක් දෙවි කෙනෙකුට වඩා විශ්වාස කරන්නේය. එහෙත් එම දෙවිවරු අල් කුරානයෙන් අර්ථ දක්වා ඇති අල්ලාහ්ට සමාන වන්නේ නැත. ඊට හේතුව එසේ විශ්වාස කරන දෙවිවරුන් යම් කලකදී මොළොව ජිවත්ව සිට මිය ගිය සාස්තෘවරුන් වීමයි. 

ඉස්ලාම් දහමින් පවසන අල්ලාහ් විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා තිබේ. එහෙත් ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහුට උපතක් හෝ විපතක් නැත. ඔහු විසින් කිසිවෙකුව බිහි කොට නැත. තවද කොතරම් ආපස්සට ගියත් ඔහු සිටියේය. එසේම කොතරම් කාලයක් ඉදිරියට ගියත් ඔහු සිටින්නේය. ඒ අනුව ඔහු සදාතනික වේ. 

අල් කුරානයේ අල්ලාහ් ගැන මෙසේ දැක්වේ. "පවසනු! අල්ලාහ් එක්කෙනෙකි. අල්ලාහ් අවශ්‍යතාවයන් නොමැත්තා ය. ඔහු විසින් කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. තවද ඔහු කිසිවෙකු විසින් ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන වෙන කිසිවෙකුද නැත". ඒ අනුව අල්ලාහ්ට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැත.

විශ්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ඇයිද යත් විශ්වය පුරා එකම භෞතික නීති ක්‍රියාත්මක වීමත් විශ්ව නියතයන් තැනින් තැන වෙනස් නොවීමත් ය. මෙවැනි දෙයක් සිදු විය හැක්කේ විශ්වය එක් දෙවි කෙනෙකු විසින් මැව්වේ නම් පමණි. 

සර්ව බලධාරී එක් දෙවිකෙනෙක් පමණක් සිටිය යුතු බව මෙම උදාහරණය තුලින් දැක ගත හැකිය. දෙවියන්ව මැවු වෙනත් දෙවි කෙනෙක් සිටිනවා නම් එම දෙවියන්ව මැවූ තවත් දෙවි කෙනෙකු සිටිය යුතුය. එය එතනින් නතර වන්නේ නැත. එම දෙවියන්ව මැවූ තවත් දෙවි කෙනෙකු ඊට ඉහලින් සිටිය යුතුය. ඒ අනුව මෙම සිද්ධි දාමයට කෙළවරක් දැකිය නොහැක. එසේ වූ විට කිසිම අකාරයකින් විශ්වය බිහි වීමට හැකියාවක් නැත. මෙම උදාහරණයෙන් එය විස්තර කොට ඇත. යම් කෙනෙකුට පත්වීමක් ලබා දීම සඳහා ඔහුට ඉහලින් සිටින කෙනෙකුගේ අවසරය අවශ්‍ය යැයි සිතන්න. ඔහුට එම අවසරය ලබා දීම සඳහා ඔහුටත් ඉහලින් සිටින කෙනාගේ අවසරය අවශ්‍ය යැයි සිතන්න. ඔහුට එම අවසරය ලබා දීම සඳහා තවත් ඉහලින් සිටින කෙනාගේ අවසරය අවශ්‍ය යැයි සිතන්න. මේ ආකාරයට කෙළවරක් නොමැතිව ගියේ නම් සිදු වන්නේ කිසිදාක එම  පත්වීම ලබා දීමට නොහැකි වීමයි. එබැවින් එම පත්වීම යතාර්ථයක් වීම සඳහා අවසාන තීරණයක් ලබා දිය හැකි කෙනෙකු ඉහලින්ම සිටිය යුතුය. විශ්වය සහ එහි ඇති සියලුම දේවල් බිහි වීම සඳහාද මෙම තර්කය අනුව සර්වබලධාරී එක් දෙවි කෙනෙකු පමණක් සිටිය යුතුය. 

බොහෝ ආගම්වල දෙවියන් ලෙස පිළිගන්නේ විශ්වයේ මැවුම්කරු වන අල්ලාහ්ට නොවේ. ඒ අනුව එම දෙවිවරුන් විසින් කිසිම දෙයක් මවා නැත. ඔවුන්ම තවත් කෙනෙකුගේ මැවීමකි. තවද එම දෙවිවරුන්ට මිනිසාගේ උදව් අවශ්‍ය වේ. ඒ අනුව මිනිසාගේ වගකීම වන්නේ ඔහුගේ සත්‍ය මැවුම්කරු කව්රුන්දැයි නිවැරදිව දැන ගෙන ඔහු පෙන්වා ඇති නිවැරදි මාර්ගයේ ගමන් කිරීම වේ. එසේ වූ විට මරණයෙන් පසු විමුක්තිය අත්කර ගත හැකි වනු ඇත. 

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)