අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශනයන් (Statements of Non-Muslims regarding the Quran)



යම් දෙයක වටිනාකම දන්නේ එය ගැන දැනුමක් තිබුනොත් පමණි. කුරානය ගැනත් එසේමය. ඇතැම් මුස්ලිම් නොවන විද්වතුන් පවා කුරානය ගැන අධ්‍යනය කොට ඔවුන්ගේ අදහස ප්‍රකාශ කොට තිබේ. එසේ තිබියදී ඇතැම් අය ඔවුන්ගේ මනසේ තරම කියා පාමින් කුරානයේ වැරදි දකින අවස්තාද තිබේ. ඔවුන්ට කුරානය තවත් නවකතාවක් පමණි. උදාහරණයක් වශයෙන් මැණික් ගල් ගැන කිසිම දැනුමක් නැති කළු ගල් ව්‍යාපාරිකයෙකුට ලෝකයේ තිබෙන වටිනාම මණික පෙන්නුවත් ලැබෙන්නේ කළුගල් වල වටිනාකම මිස එම මැණිකේ වටිනාකම නොවේ. එය ඔහුගේ වරද නොව ඔහුගේ දැනුමේ තරම කියා පෑමකි. එම නිසා මැණික් ගල් හිමියා එම කළු ගල් ව්‍යාපාරිකයා සමග උරණ වීම මෝඩ කමකි. ඔහු කල යුත්තේ එම ගල ඊට සුදුසු පුද්ගලයා ළඟ ගෙන යාමය. ඇතැම් අයගේ වැරදි නිසා ඔවුන්ගේ සිත්වලට දෙවියන් මුද්‍රා තබා තිබේ. එම නිසා ඔවුන්ට කුරානයෙන් විහිදෙන අධ්‍යාත්මික සුවය අත්විඳීමට නොහැකිය. එම නිසා ඔවුන් කුරානයේ වැරදි මිස වෙන කිසිවක් දකින්නේ නැත. උදාහරණයක් වශයෙන් සුර්යයා මුළු ලොවටම ආලෝකය ලබා දෙන්නේය. ඉන් කොටි සංඛාවක් මිනිසුන් ප්‍රයෝජන ලබති. එහෙත් සුර්යයාට බනින අයත් නැතුවා නොවේ. ඔවුන් දැක තිබෙන්නේ සූර්යයාගෙන් සිදු වන සේවය ගැන නොව ඔවුන්ට සිදුවන හිරිහැර ගැන පමණි. කුරානය නිසා කොටි සංඛාවක් ජනතාව ප්‍රයෝජන ලබද්දී එහි ඇති වැකියක් හෝ දෙකක් වැරදියට තේරුම් ගෙන කුරානය පමණක් නොව එය පහළ කරන ලද දෙවියන්ටත් වැරදි කියන අය සිටින්නේය. කෙසේ වෙතත් මෙහි පල කොට තිබෙන්නේ මුස්ලිම් නොවන විද්වතුන් සිදු කොට තිබෙන ප්‍රකාශයන් කිහිපයක් ගැනය. 

(1) ඇල්බට් අයින්ස්ටයින් (1879-1955): කුරානය යනු වීජගණිතය හෝ ජ්‍යාමිතිය සම්භන්ද ග්‍රන්ථයක් නොවුනත් මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා ඇති නීති රීති මාලාවක් අඩංගු ගොනුවකි. එම මාර්ගය ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ට පවා ප්‍රතික්ෂේප කල නොහැකිය.

(2) විල් ඩොරන්ට් (උපත 1855): අල්ලාහ් දෙවියන් විසින් යවා ඇති අල්-කුරානයේ ආගමික සංග්‍රහය පමණක් නොව ලෞකික සංග්‍රහයත් පෙන්වා දී ඇත. අල්-කුරානයේ යහපත් ආචාරවිධි, සෞඛ්‍යසම්පන්න විධි, විවාහය, දික්කසාදය, ළමයින්ගේ සහ අනෙක් සතුන්ගේ යුතුකම්, වහලුන්, ව්‍යාපාර, දේශපාලනය, අසාධාරණ ලෙස ලාභ ලැබීම, ණය ගනුදෙනු, ගිවිසුම්, රෙකමදාරුව, ධනය, දඬුවම් කිරීම, යුද්ධය සහ සාමය පිළිබඳව නීති රීති අඩංගු වේ. කුරානයෙන් සාමාන්‍ය ජනතාවට සරල වශයෙන් විශ්වාසය පිලිබඳව කියා දී ඇත. ඒවා සියල්ලම පිළිම වන්දනයෙන් නිදහස්ය. කුරානයෙන් සමුහ වශයෙන් වූද තනි වශයෙන් වූද විනය පිලිබඳ නීති රීති සංස්ථාපිත කොට ඇත. 

(3) චාර්ල්ස් ෆ්‍රැන්සිස් (ඇමරිකානු මහාචාර්යවරයෙකි): බයිබලය නමැති පොත ඇමරිකානුවන් කිසිවෙකු දන්නේ නැත. එහෙත් කුරානය නමැති පොත සෑම මුස්ලිම්වරයෙකුම දනී. එය බොරුවක් නොවේ. එයත් සමගම සඳහන් කල යුතු කරුණක් වන්නේ බයිබලය ගැන නොදැනුවත්ව සිටීම දහමට වාසනාවක් බවයි. 

(4) කිත් එල් මුවර් (කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි): කයිරෝ නුවර පැවති සම්මන්ත්‍රණයකදී පර්යේෂණ කෘතියක් ඉදිරිපත් කරමින් ඔහු පවසා සිට ඇත්තේ: “මම අල්-කුරානයේ ඇති මිනිසාගේ විකසනය පිළිබඳව ඇති ප්‍රකාශනයන් පිළිබඳව පැවසීමට ලැබීම ගැන අතිශයින්ම සතුටට පත් වෙමි. මට පැහැදිලි වන එක් කරුණක් නම් මෙම වගන්ති පහළ විය යුත්තේ දෙවියන්ගෙන් බවයි. ඇයිද යත් එම කරුණු වලින් බොහොමයක්ම දැනට සතවර්ෂ ගනනාවක් යන තුරුම සොයාගෙන නොතිබුණු නිසාය. එබැවින්  මට සනාථ කළ හැකි කරුණක් වන්නේ මුහම්මද් තුමා දෙවියන්ගේ දුතයෙකු විය යුතු බවයි”.

ඔහු තව දුරටත් පවසා සිට ඇත්තේ, “...මිනිසාගේ කළලය වර්ධනය වීමේදී සිදුවන නිරන්තර විපර්යාස හේතුකොට ගෙන, එහි සංකීර්ණ අවස්ථාවන් සම්භන්දයෙන් කුරානයේ සහ හදිස් වල ඇති කරුණු අලලා අළුත් වර්ගීකරණයක් කල යුතුව ඇත. එම යෝජිත ක්‍රමවේදය ඉතා සරලවුද පුළුල්වුද නවීන කළල විද්‍යාව පිලිබඳ දැනුම සමග එකඟ වන්නා වුද එකකි”.

(5) සර් බර්නාඩ් ෂෝ: “මා සැමවිටම මුහම්මද් ගේ ආගමට ඉහල වටිනාකමක් දෙමින් ඇළුම්කලේ එහි ඇති ජිවාත්ම බලය නිසයි. මට පෙනෙන පරිදි වෙනස්වන ලෝකයේ සෑම අවශ්‍යතාවන්ට ම උර දිය හැකි එකම දහම එයයි. මම ඔහු ගැන හදෑරුවෙමි- ආශ්චර්යමත් මිනිසෙකි, මගේ මතය අනුව ඔහු ක්‍රිස්තු විරෝධියෙකු යැයි ඇමතීමට වඩා මිනිසාගේ ගැලවුම් කරු යැයි ආමන්ත්‍රණය කිරීම නිවැරදිය. මා විශ්වාස කරන පරිදි ඔහු වැනි කෙනෙකුට නවීන ලෝකයේ පාලනය භාර කලේ නම් එහි ඇති සියළු ප්‍රශ්න වලට විසඳුම් සොයා සාමය සහ සතුට ගෙන එනු ඇත. මට කිව හැකි අනාවැකියක් වන්නේ එම දහම අද පවතින යුරෝපය පිළිගන්නා සේම අනාගත යුරෝපයත් පිළිගනු ඇත”

(6) මහත්මා ගාන්දි: “මට අවශ්‍ය කලේ මිලියන ගණන් මිනිසුන්ගේ හදවත් වසඟකරගෙන පාලනය කරන මිනිසා ගැන දැනගැනීමටයි....මම කිසිදිනක නොසිතු අන්දමින් ඉස්ලාම් දහම කඩුවෙන් මිනිසුන් අතර ව්‍යාප්ත වුවා යැයි කීමට වඩා එහි ඇති පැහැදිලිව පෙනෙන සරල බව, නිරහන්කාරකම, අකුරටම පොරොන්දු ඉටුකිරීම, යහළුවන් සහ අනුගාමිකයින් කෙරෙහි දැක්වූ ආදරය, නිර්භීතකම, ඔහු දෙවියන් කෙරෙහි සහ ඔහුගේ ධර්ම ප්‍රචාරය ගැන දැක්වූ දැඩි විශ්වාසය එයට හේතුවයි....”

(7) මයිකල් හාට්: “ලොව විසු වැදගත් පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවේ මුලටම මුහම්මද් ගේ නම් යෙදීමට සිදුවීම ගැන ඇතැම් පාටකයින් මවිතයට පත් වනු ඇත. තවත් සමහරු එය ප්‍රශ්න කරනු ඇත. එහෙත් ඉතිහාසයේ සිටම ආගම අතිනුත් ලෞකික අතිනුත් අතිශයින්ම සාර්ථක වූ එකම මිනිසා ඔහුය....ඔහු විසින් ඉස්ලාම් දහම කෙරෙහි ඇතිකළ බලපෑම ජේසු තුමා සහ සාන්ත පොල් යන දෙදෙනා එකතුව කල බලපෑමට වඩා අතිශයින්ම ඉහල වටිනාකමක් ඇත...

ඇත්ත වශයෙන්ම කියවීමට හෝ ලිවීමට නොදත් මුහම්මද් නබි තුමාට කුරානය වැනි ග්‍රන්ථයක් ඉදිරිපත් කිරීම නම් එය අල්ලාහ් ගෙන්ම පහල වී තිබිය යුතුය. කුරානය හැදෑරීමෙන් තමන්ටම එය තේරුම් ගැනීමට හැකි වනු ඇත.

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)