ආගමක් තෝරා ගත යුත්තේ කෙසේද? (How to choose a religion?)



සෑම දෙයකටම අරමුණක් තිබේ. ඒ අනුව මිනිස් ජීවිතයටත් අරමුණක් තිබිය යුතුය. එය ලඟා කර ගත හැක්කේ මිනිසාගේ මැවුම්කරු විසින් පෙන්වා දෙන නිවැරදි මාර්ගය පිලිපැදීමෙන් පමණි. මේ නිසා ඔහු විසින් පහළ කරන ලද නිවැරදි දහම කුමක්දැයි දැනගැනීම අනිවාර්ය අවශ්‍යතාවයකි. කෙසේ වෙතත් බොහෝ අය ආගම ලෙස තෝරාගන්නේ පරම්පරාවෙන් උරුම වන ආගමකි. එහෙහ් සෑම විටම පරම්පරාවෙන් උරුම වන ආගම නිවැරදි විය හැකිද? තවද දෙමව්පියන් නිවැරදි ආගමක් අදහන බවට සහතිකයක් දිය හැකිද? 

මිනිසා කොතරම් බුද්ධිමත් වුවද මිනිසා විසින්ම මිනිසාගේ විමුක්තියට මාර්ගය තීරණය කල නොහැක. ඒ අනුව මිනිසාගේ ආරම්භයේ සිටම නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා දෙවියන්ගේ නියෝජිතවරුන් පැමිණ තිබේ. ඔවුන් විසින් ඒ ඒ කාලයට ඔබින පරිදි ආගම දේශනා කොට ඇත. එහෙත් නබිවරයෙකුගේ අභාවයෙන් පසු අනෙක් නබිවරයා පැමිණෙන අතර වාරය තුලදී පැවති ආගම ජනතාව විසින් වෙනස්කම් වලට භාජනය කොට තිබේ. මේ නිසා අලුතින් එන නබිවරයාට නිවැරදි දහම දේශනා කිරීමේදී විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය.

බොහෝ අවස්තාවන් වලදී අලුතින් එන නබිවරයාගේ ඉගැන්වීම් ජනතාවගෙන් කොටසක් ප්‍රතික්ෂේප කරන්නේය. මේ නිසා අලුතින් පැමිණි ආගම පිළිපදින ජනතාව අතර කලින් පැවති ආගම පිළිපදින අයත් දැකිය හැකිය. යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් බක්තිකයින් මීට උදාහරනකි.

කුරානය ලොව ඇති ලා බාලතම දහම් පුස්තකය වේ. එය පහළ වූ භාෂාවෙන්ම අද වන තුරුත් ආරක්ෂා වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස කුරානයේ වෙනස් වූ අනුවාද දැකිය නොහැක. එහෙත් කුරානයට පෙර පැමිණි ආගම් පුස්තකවල කොටස් අතුරුදහන් වී ඇත. තවද ඒවා පැමිණි භාෂාවෙන් වෙනත් භාෂාවන්ට පරිවර්තනය කොට තිබේ. ඒ අනුව එහි මිනිස් අදහස් කලවම් වී තිබිය හැකිය. තවද කාලයාගේ ඇවෑමෙන් එම ආගම් වල වෙනස්කම් සිදු කොට තිබේ. මේ නිසා නිවැරදි ආගමක් තෝරා ගැනීමේදී පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කල යුතුව ඇත. 
  • ආගමක් තුල දෙවියන් පිලිබඳ නිවැරදි වුත් සත්‍ය වුත් කරුණු ඇතුලත් විය යුතුය.
  • එය දෙවියන්ගෙන් පහළ වූ බවට පිළිගත හැකි සාක්ෂි තිබිය යුතුය.
  • ආගම පහලවූ මුල් භාෂාවෙන්ම තිබිය යුතුය. එසේ නොවන්නට එහි මිනිස් අදහස් ඇතුලත් විය හැකිය. 
  • ආගමක් කාලෙන් කාලෙට මිනිසුන්ගේ උවමනාවන්ට සරිලන පරිදි වෙනස් නොවිය යුතුය.
  • ආගමක් තුල පරස්පරතාවයන් නොතිබිය යුතුය. 
  • ආගමක් ලොව ඕනෑම තැනකදී එකම අකාරයකට පිළිපැදීමට හැකි විය යුතුය. 
  • ආගමක් පහළ කල යුගයේ පැවති අවිද්‍යාත්මක සංකල්පයන් සත්‍ය කරුණු ලෙස එම ආගමින් ඉදිරිපත් නොවිය යුතුය. 
අල් කුරානය ඉහත දැක්වෙන සෑම අවශ්‍යතාවයක්ම සම්පුර්ණ කරන්නේය. එහෙත් ඉස්ලාම් නොවන ආගම් වල බොහෝ වෙනස්කම් සිදු වී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ආගමේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන දේව සංකල්පය පවා අනතුරට ලක් වී ඇත. උදාහරණයක් වශයෙන් කිතුනු දහම තුල ත්‍රිත්වය ගැන පවසන්නේය. එසේම යුදෙව් ආගමේ දෙවියන්ට පුතෙකු සිටින බව පවසන්නේය. එය ඒකදේව සංකල්පයට කිසිසේත්ම එකඟ වන්නේ නැත. 

අල් කුරානය හැරුණු විට අනෙක් ආගම්වල අවිද්‍යාත්මක සංකල්පයන් දහම තුලට ඇතුලත් වී තිබේ. එහෙත් දෙවියන් පහළ කල නිවැරදි දහමකින් එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැක. මේ නිසා ජිවිතයේ නිවැරදි අරමුණ කරා යාමට නම් නිවැරදි ආගම තෝරා ගැනීමට ක්‍රියා කල යුතුව තිබේ. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)