Posts

Showing posts from 2023

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
පන්තියක කොතරම් දක්ෂ සිසුන් සිටියත් ගුරුවරයා විසින් විභාගයක් පවත්වා මිස එම සිසුන් ඉහල පන්තියට සමත් කරන්නේ නැත. එසේම කොතරම් හොඳ මිනිසුන් සිටියත් ස්වර්ගය ලැබෙන්නේ ලෞකික ජිවිතයේදී ඔවුන් මුහුණ දෙන පරික්ෂාවන්ට ප්‍රතිචාර දක්වන අකාරය සැලකිල්ලට ගැනීමෙන් ය. එම කරුණ අල් කුරානයේ මෙලෙස  විස්තර කොට තිබේ. "නියත වශයෙන්ම අපි බියෙන්ද, කුසගින්නේන්ද, සම්පත් මෙන්ම ජිවිත හා පලදාවේ ඇතිවන අලාභ තුලින්ද නුඹලාව පරික්ෂා කරන්නෙමු" (කුරානය 2:155). මෙම පරීක්ෂාවන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. අල්ලාහ්ට වඩාත් සමීප නබිවරුන් පවා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. ඔවුන් මුහුණ දුන් පරීක්ෂාවන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන පරීක්ෂාවන්ට වඩා දරුණුය. එහෙත් මතු ජීවිතයේදී ඔවුන්ට ලැබෙන කුලිය ද අති විශාලය.  නබිවරුන්ගෙන් පසු වැඩියෙන්ම පරීක්ෂාවන්ට මුහුණ දී තිබෙන්නේ අල්ලාහ්ට වඩාත් සමීප උදවිය වේ. මේ හේතුවෙන් නබිතුමාගේ අනුගාමිකයින් සියලු දෙනාම ඉස්ලාම් දහම වැළඳ ගැනීමේ එකම හේතුව නිසා කුරෙයිෂ් වරුන්ගේ අතින් නොයෙකුත් අන්දමේ වද හිංසාවලට මුහුණ දුන්නෝය. උදාහරණයක් ලෙස උමෙයියාගේ වහලෙකුව සිටි බිලාල් රලි තුමාව ඔහුගේ හාම්පුතා විසින් කාන්තාරය...

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

Image
  මනිසා ඉබේ ඇති වුයේ නැත. ඔහුට මැවුම්කරුවෙකු සිටින්නේය. එම මැවුම්කරු මිනිසාට හොඳ සහ නරක වෙන වෙනම වටහා ගත හැකි හදවතක් ලබා දී ඇත. තවද යහ මග පෙන්වීම සඳහා දහමක් පහල කොට තිබේ. එම දහම ප්‍රායෝගිකව පෙන්වා දීම සඳහා නබිවරුන්ව මෙලොවට යැව්වේය. මිනිසාට කල යුතුව තිබෙන්නේ එම දහම් මග අනුව යමින් පින් දහම් කිරීම යි. එසේ තිබියදී මිනිසා විසින්ම ඇතැම් දේවල් කුසල් ක්‍රියාවන් ලෙසත් ඇතැම් දේවල් අකුසල් ක්‍රියාවන් ලෙසත් සිතාගෙන සිදු කරන්නේ නම් ඒවාට කුලිය දීමට කෙනෙක් නැත. එවැනි අය ගැන අල් කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ.  "(අල්ලාහ් නොවන දේවල් වෙනුවෙන්) මහන්සියෙන් ක්‍රියා කරයි. (එහෙත් මරණයෙන් පසු) දළු දමමින් දැවෙන ගින්නෙහි ඇතුළු වෙයි"  (කුරානය 88:3-4). මේ හේතුවෙන් මිනිසා පින් දහම් කල යුත්තේ දෙවියන් පෙන්වා දී ඇති ආකාරයට පමණි. එසේ නොකොට කොතරම් පින් දහම් කලත් ඒවාට දෙවියන් ළඟ කිසිම වටිනාකමක් නැත. ඔවුන් ගැන කුරානයේ එක් තැනක මෙසේ දැක්වේ.  "ක්‍රියාවලින් විශාල ලෙස පාඩු වුවන් ගැන නුඹලාට අප දැනුම් දෙන්න දැයි (නබි වරයාණෙනි) නුඹ අසන්න! ඔවුන්ගේ උත්සාහයන් මෙලොව ජීවිතයේදීම නිෂ්පල විය. නියත වශයෙන්ම ඔවුන් තමන් ය...

ඉස්ලාම් දහම තුල ඥාතිත්වයේ ඇති වැදගත්කම (The importance of kinship in Islam)

Image
බොහෝ අය වාසියට හෝ ලාබ ප්‍රයෝජනයට පමණක් ඥාතීන් ලං කර ගන්නේය. මේ නිසා ධනය ඇති අය එවැනිම අය සමග මිත්‍රකම් පවත්වන්නේය. මංගල සාදයකදී පවා බොහෝ විට සුළු සිද්ධීන් මත බොහෝ ඥාතින් කැපී යන්නේය. එහෙත් ඉස්ලාම් දහම එවැනි ක්‍රියා තදින්ම ප්‍රතික්ෂේප කොට ඇත. එහෙත් අප නොසිතන බොහෝ දේවල් ඥාතීන් සමග එකතු වීම තුල රැඳී තිබේ. එම කරුණ බොහෝ අය දැක ගෙන නැත. අල් කුරානය තුලින් ඥාති සම්බන්දතාවය ගැන මෙසේ විස්තර කරන්නේය.  "කවරෙක් අල්ලාහ් හමුවෙහි ඇති ගිවිසුම තහවුරු කල පසු එය කඩකරමින් අල්ලාහ් එක්කර ගත යුතු යැයි නියෝග කල (ලේ නෑකම) බිඳිමින් පොළොවෙහි කළහ ඇති කරත්ද ඔවුනට ශාපයක්ම වේ. ඔවුනට දුක්ඛිත නිවසම (නිරය) ඇත"  (කුරානය 13:25).  ඥාතින් සමග එකමුතුව ජිවත් වීම නිසා ආයු කාලය දීර්ඝ වන්නේය. තවද සෞභාග්‍ය ඇති වන්නේය. මෙම හදිසය තුල එම කරුණ දැක ගත හැකිය.  ජිවිතයේ සෞභාග්‍ය (provisions) ඇති වීමටත්, ජිවිත කාලය දීර්ඝ කර ගැනීමටත් යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු තම ඥාතින් සමග ඇති සම්බන්දය ආරක්ෂා කල යුතුය  (බුහාරි,මුස්ලිම්, මිශ්කාත් 1:110). ඥාතින් සමග එකට ජිවත් වීම නිසා අල්ලාහ් ද ඔවුන් සමග සම්බන්ද වන බව මෙම හ...

අපි දෙවියන්ට (අල්ලාහ්ට) නැමදිය යුත්තේ ඇයි? (Why should we worship God (Allah)?)

Image
මිනිසාගේ බිහිවීම සම්බන්දයෙන් ප්‍රධාන මතයන් දෙකක් තිබේ. මිනිසා දෙවියන්ගේ මැවීමක් යන්න ඉන් එක් මතයකි. පරිනාමය නිසා මිනිසා බිහිවූ බව අනෙක් මතය වේ. කෙසේ වෙතත් මෙහි සඳහන් දෙවන මතය සනාත කිරීම සඳහා ප්‍රමාණවත් පොසිල හමු නොවීම නිසා එම මතය ප්‍රතික්ෂේප වෙමින් පවතී. තවද නවීන විද්‍යාත්මක සොයාගැනීම් හමුවේ පරිනාම වාදය විශාල පසුබෑමකට ලක්වී ඇත. එහෙත් ලෝක ජනග්‍රහණයෙන් අඩකට වඩා මෙහි සඳහන් මුල් මතය පිලි ගන්නේය. එහෙත් දෙවියන්ව නිවැරදිව තේරුම්ගෙන නමදින්නේ ඉතා සුළු පිරිසකි. ඉහත සඳහන් මත දෙකම බැහැර කොට මිනිසා ඉබේ බිහිවුයේ යැයි පවසන පිරිසක්ද ඇත. ඔවුන් සොබාදහම අනුව මිනිසා බිහිවුයේ යැයි පැවසුවත් එය පිළිගත නොහැක්කේ සොබාදහම හුදෙක් අර්ථ දැක්වීමක් පමණක් නිසාය. කෙසේ වෙතත් මිනිසා දෙවියන්ගේ මැවීමක් බව පිළිගැනීමටද සාක්ෂි අවශ්‍යය. එම සාක්ෂි සෑම නබිවරයෙකු විසින්ම ඉදිරිපත් කොට තිබේ. නබිවරයෙකු යනු දහම දෙසීම සඳහා මිනිසුන් අතරින්ම තෝරා පත්කරන ලද නියෝජිත වරයෙකි. ඔවුන් සියලු දෙනාම තම නබිත්වය තහවුරු කිරීම සඳහා ප්‍රතිහාරයන් පා තිබේ. උදාහරණයක් වශයෙන් ජේසු තුමා මළවුන් නැගිට්ටේව්වේය. එය දෙවියන්ගේ උදව්වෙන්ම මිස වෙන කිසිවෙකුට කල හැකි ...

ඉස්ලාම් දහමින් විවාහය සඳහා අවම වයසක් නියම නොකරන්නේ ඇයි? (Why doesn't Islam set a minimum age for marriage?)

Image
විවාහය මිනිස් අයිතියකි. කෙසේ වෙතත් නොයෙකුත් හේතුන් මත රටින් රට විවාහ වන වයස් සීමාවන් වෙනස් වන්නේය. මේ සම්බන්දයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ නව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කල විශ්ලේෂණයකට අනුව (එක්සත් ජනපදය ඇතුළුව) අවම වශයෙන් රටවල් 117 ක අඩු වයස් විවාහයන් සඳහා අවසර තිබේ. (https://www.pewresearch.org/fact-tank/2016/09/12/many-countries-allow-child-marriage/).  නීතියෙන් කුමන වයස් සීමාවන් පනවා තිබුනත් බාල වයස් විවාහයන් ලොව පුරා බොහෝ රටවල් වල සුලබව සිදු වන්නේය. එහෙත් විවේචන එල්ල කරනු  ලබන්නේ මුස්ලිම්වරුන් අතර නිත්‍යානු කුලව සිදු කරනු ලබන බාල වයස්කාර විවාහයන් සඳහා පමණි.  අල් කුරානයේ විවාහය සම්බන්ද බොහෝ නීති පනවා තිබුනත් ඒ සඳහා අවම වයස් සීමාවක් නියම කොට නැත. ඊට බොහෝ හේතුන් තිබේ. විවාහයකදී ඊට අවම වයසක් නියම කිරීමෙන් මිනිසා බලාපොරොත්තු නොවන තත්වයන්ට මුහුණ පෑමට හැකිය. උදාහරණයක් වශයෙන් බාල වයස්කාර දැරියකගේ දෙමව්පියන් දෙදෙනාම යම් හේතුවකින් මිය ගියේ යැයි සිතමු. එවිට එම දැරිය බලා ගැනීමට සිදු වන්නේ එම දැරියගේ ඥාතින් විසිනි. එහෙත් සුදුසු ඥාතියෙක් සොයා ගැනීමට නොහැකි අවස්ථාවක...

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)

Image
ඉස්ලාමීය ඉගැන්වීම අනුව ඉවසීමේ ගුණයට විශාල වටිනාකමක් තිබේ. එය කොපමණදැයි කිවහොත් ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය. මේ නිසා සෑම තරාතිරමකම අයට එය වැදගත් වේ. තනිව ක්‍රියා කිරීමේදී ද කණ්ඩායම් වශයෙන් ක්‍රියා කිරීමේදී ද පවුල් පාලනයේදී ද රාජ්‍ය පාලනයේදී ද ඉවසීම තිබිය යුතුය. මිනීමැරුම්, දික්කසාද වීම්, ඥාති සම්බන්දතා පලුදු වීම් වැනි දේවල් වලට ප්‍රධාන හේතුවක් වන්නේ නොඉවසිලි වන්තව ක්‍රියා කිරීමය. කුරානයේ එක් තැනක මෙලෙස සඳහන් වේ.  "තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය" (කුරානය 8:46). නායකත්වය සඳහා ද ඉවසීම තිබිය යුතු බව කුරානය පෙන්වා දෙන්නේය.  "ඔවුන් ඉවසිලිවන්තයින් ලෙසද අපගේ වැකි ස්ථිරව විශ්වාස කරන්නන් ලෙසද සිටි කළ, ඔවුන් අතරින් යහමග පෙන්වන නායකයින්ව අපගේ අණ පරිදි පත් කළෙමු"  (කුරානය 32:24).  ඉවසීම තිබෙන අයට සාර්ථක ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට හැකි වේ. කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ.  "නුඹලා ඉවසිලිවන්...

ඉස්ලාමයේ තුන්වැනි වගකීම වන සකාත් (Zakat, the third responsibility of Islam)

Image
දුප්පතුන් වෙනුවෙන් ධනවතුන් ලබා දිය යුතු  දීමනාව සකාත් ලෙස ඉස්ලාම් දහමින් නම් කොට තිබේ. එය සෑම ධනවතෙකු විසින්ම ඉටු කිරීම අනිවාර්ය කොට තිබේ. ඒ අනුව දිළින්දන් වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් වචනයට පමණක් සිමා නොකොට ක්‍රියාවෙන්ම පෙන්වා දී ඇති දහමක් ලෙස ඉස්ලාම් දහම පෙන්වා දිය හැකිය. මෙම බද්ධට යටත්වන සෑම කෙනෙකුම චන්ද්‍ර වර්ෂයක් පාසා එය නිසිලෙස ගණන් බලා සකාත් ලැබීමට සුදුසුකම් ලබන උදවිය වෙත ලබා දිය යුතුය. සකාත් ගෙවිය යුත්තේ රන්, රිදී, ව්‍යාපාර වස්තු, මුදල් නෝට්ටු, සිව්පා සතුන් සහ ධාන්‍ය වර්ග සඳහාය. ඒ අනුව රත්‍රන් ග්‍රෑම් 85 ක් හෝ රිදී ග්‍රෑම් 595 ක් හෝ ඊට වැඩියෙන් ඇති පුද්ගලයින් සකාත් ගෙවීමට සුදුසුකම් ලබන්නේය. ඒ හැරුණු විට එළුවන් බැටළුවන් ඔටුවන් වැනි සිව්පා සතුන් සඳහා ද රට ඉඳි සහ ධාන්‍ය සඳහා ද ඒවා නෙලා ගත් අවස්ථාවේදී ගණන් බලා ඊට අයත් සකාත් ගෙවිය යුතුය.  ඇතැම් ඉස්ලාමිය රටවල්වල රජය මැදිහත් වීමෙන් සකාත් එකතු කොට ඒවා ලැබීමට සුදුසුකම් ලබන අයට බෙදා දෙන්නේය. ඉස්ලාම් නොවන රටවල් වල ඇතැම් සංවිදාන විසින් එම කාර්ය සඳහා දායකත්වය ලබා දෙන්නේය.  ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට ඇති සකාත්, සලාතය තරම්ම...

අල්ලස සහ දූෂණයට එරෙහි ඉස්ලාමීය ඉගැන්වීම් (Islamic teachings against bribery and corruption)

Image
අල්ලස යනු යම් කෙනෙකුගෙන් අයුතු වාසියක් හෝ  ප්‍රයෝජනයක් ලබා ගැනීම වෙනුවෙන් නිත්‍යානුකුල නොවන අන්දමින් යම් කිසි දෙයක් ලබා ගැනීම හෝ ලබා දීම වේ. එහෙත් දුෂණය යනු නීත්‍යානුකූල නොවන මාර්ගවලින් වාසි ලබා ගැනීම සඳහා දරන ඕනෑම උත්සාහයකි. මේ දෙ ආකාරයටම මුදල් ඉපැයිම බලවත් වරදවල් ලෙස ඉස්ලාමය පෙන්වා දෙන්නේය. එසේ උපයාගත් සියලුම දේවල් නිරයේ ගින්නට බව ඉස්ලාමය පවසයි.  අල්ලස සහ දුෂණය සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි.  “නුඹලාගේ වස්තුව නුඹලා අතර අසාධාරණ ලෙස අනුභව නොකරන්න. තවද පාලකයින් හමුවට අල්ලස් නොදෙන්න. එසේ කිරීමෙන් ඔබ නොදැනුවත්ව අනුන්ගේ වස්තුවෙන් කොටසක් අයුක්ති සහගත ලෙස කා දමනු ඇත”  (කුරානය 2:188). කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ.  "ඔවුන්ගෙන් වැඩි දෙනා පව් කිරීමෙහිද, සීමාව ඉක්මවිමෙහිද, තහනම් කරනු ලැබූ දෑ අනුභව කිරීමටද වේගයෙන් යෑම නුඹ දකින්නේහිය. ඔවුන් කරමින් සිටින දැය ඉතා නපුරුය"  (කුරානය 5:62). ඉහත දැක්වෙන කුර්ආන් වැකි වලට අනුව අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් දීමත් වරදවල් වේ. අල්ලස් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට අයිති නැති දෙයක් අයුතු ලෙස ලබා ගැනීම යි. එහෙත් ඇතැම් අය අල්ලස්...

ඉස්ලාමිය උපවාසය (Islamic fasting)

Image
උපවාසය ඉස්ලාමයේ අනිවාර්ය කරුණු පහෙන් සිව්වැන්න වේ. උපවාසය ගැන අල් කුරානය මෙසේ සඳහන් කරයි: "විශ්වාසකලවුනි! නුඹලා (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරනු පිණිස නුඹලාට පෙර සිටියවුන් කෙරෙහි නියම කෙරුවා සේම නුඹලා කෙරෙහිද උපවාසය නියම කර ඇත" (කුරානය 2:183). මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇති උපවාසය සඳහා කාල වෙලාවක් මෙන්ම දින වකවානුවක් නියම කොට තිබේ. එහෙත් වෛකල්පික උපවාසයන් වසරේ ඕනෑම කාලයකදී ඇතැම් කොන්දේසි වලට යටත්ව ඉටු කල හැකිය.  නබිතුමාගේ හදිසයකට අනුව රමළාන් මාසයට උදාවන උපවාසය ආරම්භ කළ යුත්තේ පියෙවි ඇසින් රමළාන් මාසයට අයත් නව සඳ දැකීමෙන් පසුවය. එහෙත් සෑම කෙනෙකුම අළුත් සඳ දැකීම අනිවාර්ය නොවේ. ඉබ්නු අබ්බාස් රලි තුමා පවසන හදිසයකට අනුව විශ්වාසවන්තයින්ගෙන් එක්කෙනෙක් හෝ නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල හැකිය. කෙසේ වෙතත් නව සඳ බැලීම සම්බන්දයෙන් විද්වතුන් අතර මත බේද තිබේ. ඒ අනුව ඇතැමුන් පවසන්නේ තමන් ජිවත්වන කලාපය තුල නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල යුතු බවයි. තවත් පිරිසක් පවසන්නේ ලෝකයේ කොතැනක හෝ නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල යුතු බවයි. එහෙත් ශ්‍රේෂ්ට ඉස්ලාමීය විද්වතෙක් වන ඉමාම් ෂාෆි තුමා පවසන්නේ ත...

පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය මග පෙන්වීම (Islamic guidance on cleanliness)

Image
ඉස්ලාම් ආගම අධ්‍යාත්මික මග පෙන්වීමට සමගාමිව ශාරීරික පාරිශුද්ධත්වය ගැන ද පෙන්වා දී තිබේ. මේ නිසා ශාරීරික පිරිසිදුතාවයෙන් තොරව සිදු කරනු ලබන කුසල් වලට පිළිගැනීමක් ලැබෙන්නේ නැත.  අල් කුරානය තුල හදවතේ පිරිසිදුතාවය සහ ශාරීරික පිරිසිදුතාවය ගැන වෙන වෙනම පවසා තිබේ. තවද පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් අඩක් බව නබිතුමා දැනුම් දෙන්නේය. මෙම කරුණ අබු මාලික් අල් අශාරි තුමා වාර්තා කරන බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ දැක්වේ. අධ්‍යාත්මික පවිත්‍රතාවය යටතේ සෑම මුස්ලිම්වරයෙකුම තම හදවත පිරිසිදුව තබා ගත යුතුය. ඒ අනුව අනුන්ගේ දියුණුවට ඉරිසියා කිරීම, උඩඟු කම නිසා අනෙකා පහත් කොට සැලකීම වැනි දේවල් වලින් හැකි තරම් වැලකි සිටීමට මුස්ලිම්වරුන් කටයුතු කල යුතුය. උඩඟුකම අනු ප්‍රමාණයක් හෝ තිබුනේ නම් ස්වර්ගයට වරම් නොලබන බව නබිතුමා පවසා තිබේ. මේ හේතුවෙන් කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීම විශාල වරදකි. එය උඩඟු කම නිසා ඇතිවන්නකි. සාතන්ව ස්වර්ගයෙන් පිටමන් කිරීමට ප්‍රධන හේතුව ඔහුගේ උඩඟු කමයි. උඩඟු කම කෙනෙකුගේ රැකියාව නිසා ද පවුල් බලය නිසා ද අධ්‍යාපන සුදුසුමක් නිසා ද බලපුරුවන්කාරකම් නිසා ද ඇති විය හැකිය.  මේ නිසා කුමන...

අල් කුර්ආනය සහ තාරකා භෞතික විද්‍යාව (The Quran and Astrophysics)

Image
අල් කුරානය පහළ වන්නේ මිනිස් ජිවිතයේ අරමුණ පැහැදිලි කර දීම සඳහාය. ඒ අනුව එහි ප්‍රධාන අරමුණ වන්නේ මිනිසා කල යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගැන පැහැදිලි කර දීමය. කෙසේ වෙතත් අල් කුරානය දෙවියන්ගෙන් පහළ කරන ලද පණිවිඩයක් බව ඒත්තු ගැන්වීම සඳහා එහි බොහෝ සුවිශේෂී කරුණු ඇතුලත් වේ. ඒ අතර නවීන විද්‍යාවෙන් දියුණු කරන ලද බොහෝ ක්ෂේස්ත්‍රයන්ට අයත් කරුණු ඇතුලත් වීම පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් මෙහිදී සලකා බලන්නේ තාරකා භෞතික විද්‍යාවට සම්බන්ද කරුණු ගැන පමණි. ඒවා දැනගැනීමෙන් මිනිසාට තම මැවුම්කරු ගැන නිවැරදි අවබෝදයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු අතැති විශ්වාස කරමි.  තාරකා භෞතික විද්‍යාව යනු තාරකා සහ අනෙකුත් ආකාශ වස්තූන්ගේ භෞතික ස්වභාවය සහ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ අර්ථකථනය කිරීම සඳහා භෞතික විද්‍යාවේ නීති සහ න්‍යායන් යොදාගැනීම වේ. මෙම ක්ෂේස්ත්‍රය කුරානය පහළ වීමෙන් සතවර්ෂ ගණනාවකට පසු දියුණු වී ඇත. ඒ අනුව අල් කුරානය පහළ වන සමයේදී කිසිවකු විසින් තාරකා භෞතික විද්‍යාව පිළිබඳව පුළුල් අවබෝදයක් ලබාගෙන තිබුනේ නැත. කෙසේ වෙතත් හත්වන සිය වසේදී පහළ වූ කුරානය තුල විසිවන සියවසට අයත් දේවල් ඉතා නිවැරදිව සඳහන් කොට තිබ...

කුරානය මිනිස් නිර්මාණයක් නොවන්නේ ඇයි? (Why is the Quran not a human creation?)

Image
අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවීමට බොහෝ හේතු කාරනා තිබේ. ඒවා ගැන සලකා බැලීමේදී කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව තහවුරු කල හැකිය. කුරානය පහළ වුයේ සාහිත්‍ය කලාවේ උච්චතම ස්ථානයට ළඟා වූ සමාජයකට ය. එහෙත් ඔවුනට කුරානය වැනි ග්‍රන්ථයක් හෝ ඊට අභියෝග කළ හැකි පරිජ්ජේදයක් හෝ අවම තරමින් එහි ඇති තනි වාක්‍යයකට සමාන කල හැකි වාක්‍යයක් හෝ නිර්මාණය කිරීමට හැකි වී නැත. මේ නිසා කුරානය දේව පණිවිඩයක් බව පිලි නොගන්නා අයට කුරානය මෙන් ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් ගෙන එන ලෙස සිදු කොට ඇති අභියෝගය තවමත් එසේම පවතී. කුරානයේ අන්තර්ගතය ගැන සලකා බැලීමේදී එහි නූතන ලෝකයට අදාළ බොහෝ දේවල් අඩංගු වේ. ඒ අනුව අභ්‍යවකාශ විද්‍යාව, භූ විද්‍යාව, සාගර විද්‍යාව සහ නාරිවේදය වැනි විෂයයන් පිළිබඳ තොරතුරු එහි ඇතුලත්වී තිබේ. එම කරුණු අඩංගු කිරීමට නම් ඒ සෑම ශේස්ත්‍රයක් පිලිබඳ ආචාර්ය උපදී හැදෑරු අය සිටිය යුතුය. එහෙත් කුරානයට එම කරුණු ඇතුලත් වී තිබෙන්නේ විද්‍යාව නොදියුණු යුගයක දීය.  විශ්වය ප්‍රසාරණය වන බව සොයාගනු ලැබුවේ නවීන උපකරණ ආදාරයෙන් 20 වන සියවස තරම් මෑත කාලයේදීය. එසේ තිබියදී විද්‍යාව නොදියුණු 7 වන සිය වසේදී ...

මරණින් මතු ජීවිතය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in life after death)

Image
ලෞකික ජිවිතය දිගු ගමනක එක් අදියරක් පමණි. එය කොතරම් කෙටි ද යත්, ගමනක් යන විට විඩාව හැරීම සඳහා ගසක් යට රැඳී සිටි ටික කාලයට සමාන කල හැකිය. එහි සබැ සමය ඇත්තේ මරණින් මතු ජිවිතයේදීය. ලෞකික ජීවිතය ඇත්තේ ඊට සුදානම් වීම සඳහා ය. අල් කුරානයට අනුව ලෞකික ජීවිතය පරීක්ෂාවකි. සෑම කෙනෙක්ම ඊට මුහුණ දිය යුතුය.  ඉස්ලාම් දහම අනුව මිය යන කිසිවෙකු නැවත, නැවත උපදින්නේ නැත. ඒ අනුව මරණයට පත්වෙන සෑම ආත්මයක්ම වින්ශ්චය දිනය දක්වා සොහොන් ජිවිතය ගත කල යුතුය. විනිශ්චය දිනය යනු දෙවියන් නියම කල දිනයකදී සෑම ආත්මයක්ම නැවත නැගිටවා ප්‍රශ්න කරන දිනය වේ. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස්දහසක් වූ එක් දිනයකි. එම දිනයේදී සෑම ආත්මයක්ම කැඳවා ඔවුන් මෙලොවදී ක්‍රියා කල අන්දම ගැන වෙන වෙනම ප්‍රශ්න කිරීමට නියමිතය. එම විනිශ්චයට සාර්ථකව මුහුණ දුන් අයට ස්වර්ගයත් අනෙක් අයට නිරයත් ලබා දීමට නියමිතය.  මිනිසාගේ සීමිත දැනුමෙන් මතු ජීවිතය ගැන දැනගැනීමට නොහැකිය. ඒ අනුව මතු ජීවිතය ගැන දැනගත හැක්කේ දෙවියන් පහළ කරන ලද දහම් පනිවිදයකින්ම පමණි. අල් කුරානය මෙලොවට පහළ වූ අවසාන දේව පණිවිඩය වේ. මරණයෙන් පසු නැවත නැගිටවිමක් නැතැයි කියන අයට කු...

ලෝකයේ මෙතරම් ආගම් පවතින්නේ ඇයි? (Why are there so many religions in the world?)

Image
මිනිස්වර්ගයා පැවැත එන්නේ ආදම් සහ ඒවාගෙන් ය. කුරානයට සහ බයිබලයට අනුව මුලින්ම ආදම් තුමාව මැවූ අතර එතුමාගේ ඉල ඇටයකින් ඒවා තුමියව නිර්මාණය කොට ඇත. මේ දෙදෙනාගෙන් මිනිස් පරපුර පැවත එන්නේය. මේ හේතුවෙන් ලෝකයේ සිටින සියලු දෙනා සහෝදරයින් වේ. ඔවුන් සියලු දෙනාගේ මැවුම්කරු අල්ලාහ් ය. මේ නිසා ලෝකයේ සිටින සෑම කෙනෙක්ම පිලි පැදිය යුත්තේ අල්ලාහ්ගෙන් පහළ වූ ආගමක් නොවේද? එසේ තිබියදී ලෝකයේ බොහෝ ආගම් තිබීමට හේතුව කුමක්ද? ආදම් තුමාව මැවීමෙන් පසු ඔහුට සෑම දෙයකම නම් කියා දුන්නේය. කුර්ආනයේ විචාරකයින් පවසන්නේ මෙම නම් හරහා ආදම්ට සියලු දේ පිළිබඳ දැනුම ලබා දුන් බවයි. ඉන් පසු ආදම් තුමාට ගෞරව කිරීමක් වශයෙන් ඔහුට සුජුද් (නමස්කාර) කරන ලෙස දේවදුතයින්ට නියෝග කළේය. එම නියෝගය සාතන් හැර සෙසු සියලුම දේවදුතයින් ඉටු කළහ. සාතන් අල්ලාහ්ගේ අණ පිලි නොපැදීම හේතුවෙන් අල්ලාහ්ගේ කෝපයටත් ශාපයටත් පත් විය. එදා පටන් සාතන් මිනිසාගේ පරම සතුරෙක් බවට පත් විය.  සාතන් ස්වර්ගයේදී, ආදම් තුමාව නොමග යැව්වේය. මිහිපිටදිත් මිනිසාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින්නේය. සාතන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ මිනිසා නැවතත් ස්වර්ගයට යාමෙන් වැළැක්වීමයි. ආදම් ...

අල් කුරානය සහ විද්‍යාව (Quran and science)

Image
විද්‍යාව යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් තුලින් ලබාගත් සාක්ෂි අනුව භෞතික ලෝකයේ ව්‍යුහය සහ හැසිරීම ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම වේ. අනෙක් අතට ආගම යනු දෙවියන් විසින් මිනිසාට යහ මග පෙන්වීම සඳහා පහළ කරන ලද පණිවිඩයකි. අල් කුරානය එලෙස පැමිණි අවසාන දහම් පණිවිඩය යි. එහි අධ්‍යාත්මික කරුණු වලට අමතරව විශ්වය පිළිබඳ බොහෝ දේවල් ඇතුලත් කොට තිබේ. කෙසේ වෙතත් එම කරුණු කුරානයට ඇතුලත් වුයේ කිසිම විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස නොවේ. එසේ තිබියදී එම කරුණු වල සත්‍යතාව ලොවට හෙළි වුයේ කුරානය පහළ වීමෙන් සියවස් දාහතරකට පමණ පසුවය. විශ්වයේ ප්‍රසාරණය ගැන කරුණු සොයා ගනු ලැබුවේ විසිවන සිය වසේදීය. ඒ සඳහා නවීන විද්‍යා උපකරණ මෙන්ම දැනුම භාවිතා විය. එසේ තිබියදී එම කරුණම අල් කුරානය මගින් කිසිම විද්‍යා දැනුමක් නොමැති යුගයක දී ඉදිරිපත් කොට තිබීම විමතියට කරුණකි. තවද අත්ලාන්තික් සහ පැසිෆික් සාගර දෙකට බෙදී වෙන්වී තිබීම ගැන සොයා ගනු ලැබුවේ ඉතා මෑතක දීය. එහෙත් එම කරුණ ගැන හත්වන සියවසේ පහළ වූ කුරණයෙන් පවසා ඇත. සැබැවින්ම අල් කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් නොවේ නම් එවැනි දෙයක් කිසිසේත්ම එම යුගයේදී දැනගෙන සිටියේ නැත....

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
ඉස්ලාම් දහම අනුව ජීවිතය පරික්ෂාවකි. මිනිසාව මවා තිබෙන්නේ ඊට මුහුණ දීමට හැකි වන පරිද්දෙනි. තවද මිනිසා වෙනුවෙන් දහමක් පහළ කොට ඇති අතර එහි ස්වර්ගයට යන මාර්ගය සහ නිරයට යන මාර්ගය පෙන්වා දී තිබේ. මිනිසා කළ යුත්තේ ඉන් තමන් කැමති මාර්ගයක් තෝරාගැනීම යි. ඒ සඳහා මිනිසාට පුර්ණ නිදහස ලබා දී තිබේ. මේ නිසා මරණයෙන් පසු යමෙක් ස්වර්ගයට යන්නේද නැති නම් නිරයට යන්නේද ඔහුගේම තේරීම අනුවය.  මෙවැනි අවස්තාවක් ලොව වෙසෙන අන් කිසිම  ජීවියෙකුට ලබා දී නැත. එහෙයින් මිනිසා හැර අන් සියලුම ජීවින් විනිශ්චය දිනයෙන් පසු දුවිලි බවට පත් කරනු ඇත. එම අවස්ථාව ගැන කුරානයේ එක් තැනක මෙසේ සඳහන් කොට ඇත. "නියත වශයෙන්ම, අපි නුඹලාට සමීප වෙමින් පවතින වේදනාව ගැන අවවාද කළෙමු - මිනිසා තම දෑත පෙරටු කළ දෙය දකින දවසෙහි, ප්‍රතික්ෂේප කරන්නා 'අහෝ! මාගේ පසුතැවිල්ල! මා පස් ලෙස තිබෙන්න එපායැ'යි පවසන්නේය" (කුරානය 78:40) . මිනිසාගේ විමුක්තිය රඳා පවතින්නේ තම මැවුම්කරු ගැන තබා ඇති විශ්වාස මතය. එය ඉතා පහසු දෙයක් වුවද බොහෝ අය එම පරීක්ෂාවෙන් පරාජය වන්නේ තම මමත්වය නිසාද සාතන්ගේ බලපෑම නිසාද වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ ඇති නොවන බව දැන දැනත් ...