Posts

Showing posts from September, 2021

දරුවන් ඇති දැඩි කිරීමේදී දහමට මුල් තැන ලබා දිය යුත්තේ ඇයි? (Why should religion be given priority in raising children?)

Image
ඉස්ලාම් දහමින් දරුවන් ඇති දැඩි කිරීම සම්බන්දයෙන් විශාල වගකීමක් දෙමව්පියන් හට පවරා තිබේ. එම වගකීම ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. ලුක්මාන් තුමා තම දරුවන්ට දුන් උපදේශය අල් කුරානයේ මෙසේ දැක්වේ.  "මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු කිරීම උග්‍ර පාපයක් වේ "  (කුරානය 31:13). මෙම කුර්ආන් වැකිය අනුව නැමදීමේදී තවත් දෙයක් අල්ලාහ්ට සමාන කිරීම විශාල වරදකි. මේ නිසා ඉස්ලාම් දහම පෙන්වා නැති දේවල් වලට පමණ ඉක්මවා ගරු නොකළ යුතුය. කිතුනුවන් ජේසු තුමාට පමණ ඉක්මවා ගරු කිරීමේ ප්‍රතිපලයක් ලෙස එතුමාව දෙවත්වය දක්වා ඔසවා තැබුවෝය.   අල්ලාහ්ට සමානයන් ඇති කිරීම විශාල පාපයක් වන අතර එය නොයෙකුත් අකාරයෙන් සිදු විය හැකිය. මේ නිසා එය මුලින් උපුටා දැමීම කෙරෙහි නබිතුමා අවධානය යොමු කළේය. ඒ අනුව නබිතුමාට ගරු කිරීම සඳහා ඔහු පැමිණි විට සිට ගැනීමෙන් සහාබා වරුන්ව වලක්වා ඇත. කිසිම සොහොනක් මත ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම තහනම් කළේය. එසේ තිබියදී ඇතැම් උදවිය තමන් ගරු කරන අයගේ සොහොන් මත ස්ථිර ඉදිකිරීම් සිදු කොට ඇත. තවද ඔවුන්ගෙන් ප්‍රර්ථන...

දෙවියන් වෙනුවට ස්වභාවධර්මය ආදේශ කළ හැකිද? (Can nature replace God?)

Image
ස්වභාවධර්මය පිළිබඳ බොහෝ දෙනෙකුට තිබෙන්නේ වැරදි වැටහීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ස්වභාවධර්මය දිව්‍යමය ලෙස සලකති. එම විශ්වාසයට අනුව විශ්වය නිර්මාණය වූයේ ස්වභාවධර්මය නිසාය. එහෙත් සොබාව දහම යනු ජීවමාන මැවුම් කරුවෙක් නොවේ. එය හුදෙක් අර්ථ දැක්වීමක් පමණි. එබැවින් එම විශ්වාසය මනඃකල්පිත එකක් ලෙස බැහැර කල යුතු ය. සෑම ප්‍රධාන ආගමකම දැක්වෙන්නේ විශ්වය සර්වබලධාරී දෙවියන්ගේ මැවීමක් බවයි. එම දෙවියන් ජීවමානය, ඥානාන්විත ය, නැති දෙයකින් අලුත් දෙයක් මවන්නාය. ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහු සදාකාලිකය, ඔහුට කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍ය නොවේ. ඔහු ස්වයංව පවතින්නේය. ආගමික විශ්වාසයන්ට අනුව සොබාව දහම යනු විශ්වය ක්‍රියාත්මක කිරීම සඳහා දෙවියන් විසින් පනවා ඇති නියෝගයන් ලෙස විස්තර කල හැකිය. දෙවියන් පනවා ඇති එම නියෝග ක්‍රියාත්මක වීම නිසා විශ්වය පවතින්නේය. උදාහරණයක් ලෙස සෞරග්‍රහ මණ්ඩල එකිනෙකට ඝට්ඨනය නොවී ඒවාට නියමිත ගමන් මාර්ගවල සැරිසරන්නේ දෙවියන් ඒවාට ලබා දී ඇති නියෝග නිසාය. පරමාණුවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රොන ගමන් කරන්නේ දෙවියන් ඒවාට ලබා දී ඇති නියෝගය නිසාය. එසේම පරමාණුවක න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන සහ...

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

Image
පෘථිවිය මිනිසාට තාවකාලික නවාතැනක් පමණි. ඒ අනුව ලෝක අවසානයක් ගැන සෑම ප්‍රධාන ආගමකින්ම පවසා තිබේ. පෘථිවියේ ඇති කඳු දුවිලි මෙන් විනාශ වන ආකාරය ගැන කුරානයේ විස්තර කොට ඇත. ඉස්ලාම් දහම පෙන්වා දෙන අන්දමට පෘථිවියේ සිටින සෑම ජීවියෙකුම දෙවියන් නියම කල දිනයකදී එකම අවස්ථාවකදී මිය යන්නේය. ඉන් පසු පෘථිවිය වෙනස් අකාරයකට පත් කරනු ලැබේ. ඉන් පසු සෑම ජීවියෙකුම නැවත නැගිටුවා ඔවුන් ක්‍රියා කල ආකාරය ගැන ප්‍රශ්න කොට ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය. මෙම ප්‍රශ්න කරන දිනයට "යව්මුද්දීන්" ලෙසද "යව්මුල් කියාමා" ලෙසද වෙනත් නම් වලින්ද කුරානයෙන් විස්තර කොට ඇත. ඉහත සඳහන් අවසාන දිනය ලඟා වීමේදී සිදු වීමට නියමිත දේවල් පිළිබඳව නබිතුමා කලින්ම දැනුම් දී තිබේ. ඒ අනුව ලෝක අවසානය ලඟා වත්ම නිතර නිතර භූමිකම්පා ඇති වන බව නබිතුමා පැවසුවේය. ඒ හැරුණු විට ලොව පුරා යුද ගිනිදැල් පැතිරී යන්නේය. මිනිස් ඝාතන වැඩි වන්නේය. එය කොතරම්දැයි කිවහොත් ඝාතනයට ලක්වූ තැනැත්තා ඔහුව ඝාතනය කලේ කුමක් නිසාදැයි දැනගන්නේ නැත. එසේම එම ඝාතනය සිදු කරන්නේ කුමකට දැයි ඝාතකයා දැනගන්නේද නැත. ලෝක අවසානයට පෙර ප්‍රධාන කරුණු දහයක් සිදු වීම...

අල්ලාහ් වෙනුවට වෙනත් විකල්ප දෙවිවරු සිටීද? (Are there other alternative gods instead of Allah?)

Image
  ඉස්ලාම් දහම අනුව අල්ලාහ් හැර වෙනත් දෙවිවරු නැත. ඔහු විශ්වයේ මැවුම්කරු ය. කෙසේ වෙතත් ඉස්ලාම් නොවන ආගම්වල එක් දෙවි කෙනෙකුට වඩා විශ්වාස කරන්නේය. එහෙත් එම දෙවිවරු අල් කුරානයෙන් අර්ථ දක්වා ඇති අල්ලාහ්ට සමාන වන්නේ නැත. ඊට හේතුව එසේ විශ්වාස කරන දෙවිවරුන් යම් කලකදී මොළොව ජිවත්ව සිට මිය ගිය සාස්තෘවරුන් වීමයි.  ඉස්ලාම් දහමින් පවසන අල්ලාහ් විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා තිබේ. එහෙත් ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහුට උපතක් හෝ විපතක් නැත. ඔහු විසින් කිසිවෙකුව බිහි කොට නැත. තවද කොතරම් ආපස්සට ගියත් ඔහු සිටියේය. එසේම කොතරම් කාලයක් ඉදිරියට ගියත් ඔහු සිටින්නේය. ඒ අනුව ඔහු සදාතනික වේ.  අල් කුරානයේ අල්ලාහ් ගැන මෙසේ දැක්වේ.  "පවසනු! අල්ලාහ් එක්කෙනෙකි. අල්ලාහ් අවශ්‍යතාවයන් නොමැත්තා ය. ඔහු විසින් කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. තවද ඔහු කිසිවෙකු විසින් ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන වෙන කිසිවෙකුද නැත". ඒ අනුව   අල්ලාහ්ට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැත. විශ්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ඇයිද යත් විශ්වය පුරා එකම භෞතික නීති ක්‍රියාත්මක වීම...

අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශනයන් (Statements of Non-Muslims regarding the Quran)

Image
යම් දෙයක වටිනාකම දන්නේ එය ගැන දැනුමක් තිබුනොත් පමණි. කුරානය ගැනත් එසේමය. ඇතැම් මුස්ලිම් නොවන විද්වතුන් පවා කුරානය ගැන අධ්‍යනය කොට ඔවුන්ගේ අදහස ප්‍රකාශ කොට තිබේ. එසේ තිබියදී ඇතැම් අය ඔවුන්ගේ මනසේ තරම කියා පාමින් කුරානයේ වැරදි දකින අවස්තාද තිබේ. ඔවුන්ට කුරානය තවත් නවකතාවක් පමණි. උදාහරණයක් වශයෙන් මැණික් ගල් ගැන කිසිම දැනුමක් නැති කළු ගල් ව්‍යාපාරිකයෙකුට ලෝකයේ තිබෙන වටිනාම මණික පෙන්නුවත් ලැබෙන්නේ කළුගල් වල වටිනාකම මිස එම මැණිකේ වටිනාකම නොවේ. එය ඔහුගේ වරද නොව ඔහුගේ දැනුමේ තරම කියා පෑමකි. එම නිසා මැණික් ගල් හිමියා එම කළු ගල් ව්‍යාපාරිකයා සමග උරණ වීම මෝඩ කමකි. ඔහු කල යුත්තේ එම ගල ඊට සුදුසු පුද්ගලයා ළඟ ගෙන යාමය. ඇතැම් අයගේ වැරදි නිසා ඔවුන්ගේ සිත්වලට දෙවියන් මුද්‍රා තබා තිබේ. එම නිසා ඔවුන්ට කුරානයෙන් විහිදෙන අධ්‍යාත්මික සුවය අත්විඳීමට නොහැකිය. එම නිසා ඔවුන් කුරානයේ වැරදි මිස වෙන කිසිවක් දකින්නේ නැත. උදාහරණයක් වශයෙන් සුර්යයා මුළු ලොවටම ආලෝකය ලබා දෙන්නේය. ඉන් කොටි සංඛාවක් මිනිසුන් ප්‍රයෝජන ලබති. එහෙත් සුර්යයාට බනින අයත් නැතුවා නොවේ. ඔවුන් දැක තිබෙන්නේ සූර්යයාගෙන් සිදු වන සේවය ගැන නොව ඔවුන්ට සිද...

නබිවරුන් යනු කවුද? (Who are the Prophets?)

Image
නබිවරුන් යනු දහම දෙසීම සඳහා මිනිසුන් අතරින් තෝරා පත් කරනු ලැබූ අල්ලාහ්ගේ නියෝජිතවරුන් වේ. ඔවුන්ට දෙවියන් සමග ඉතා කිට්ටු සම්බන්දතාවයක් තිබේ. එහෙත් ඔවුන් සිය කැමැත්ත අනුව දහම දේශනා කරන්නේ නැත. ඒ අනුව ඔවුන් දේශනා කළේ දෙවියන්ගෙන් ලැබුණු දේ පමණි. නබිවරුන්ට තීක්ෂණ බුද්ධියක් තිබේ. ඔවුන්ට දෙවියන්ගේ උදව්ව ඇතිව ප්‍රාතිහාරයන් දැක්විය හැකිය. නබිවරුන් මිනිසුන්ව රැවටීමට ලක් කරන්නේ නැත. එබැවින් ඔවුන් කෙරෙහි පුර්ණ විශ්වාසය තැබිය හැකිය. ආගම ප්‍රචාරය කිරීම නබිවරුන්ට අනිවාර්ය වේ. සෑම නබිවරයෙකුම දේශනා කලේ එකම දහම් පණිවිඩය වන ඉස්ලාම් ය.  සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණියත් ඔවුන්ගෙන් විසි පස් දෙනෙකුගේ නම් පමණක් කුරානයේ සඳහන් වේ. මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබි තුමාය. ජේසු තුමා නැවතත් මෙළොවට පැමිණීමට නියමිතය. කිසිම නබිවරයෙකු රජකම වෙනුවෙන් හෝ වස්තුව රැස්කිරීම වෙනුවෙන් හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් හෝ උත්සාහ කළේ නැත. ඔවුන්ගේ එකම අරමුණ වුයේ මිනිසාව මිනිසාගේ මැවුම්කරු වෙත හැරවීමයි. එහෙත් මිනිසුන්ගෙන් ඊට බොහෝ විරෝධතා එල්ල විය. ඒ අනුව ඇතැම් නබිවරුන්ව ඝාතනය කොට තිබේ. ඇතැම් නබිවරුන්ව ඔවුන්ගේ උපන් බිමින් ...

ආගමක් තෝරා ගත යුත්තේ කෙසේද? (How to choose a religion?)

Image
සෑම දෙයකටම අරමුණක් තිබේ. ඒ අනුව මිනිස් ජීවිතයටත් අරමුණක් තිබිය යුතුය. එය ලඟා කර ගත හැක්කේ මිනිසාගේ මැවුම්කරු විසින් පෙන්වා දෙන නිවැරදි මාර්ගය පිලිපැදීමෙන් පමණි. මේ නිසා ඔහු විසින් පහළ කරන ලද නිවැරදි දහම කුමක්දැයි දැනගැනීම අනිවාර්ය අවශ්‍යතාවයකි. කෙසේ වෙතත් බොහෝ අය ආගම ලෙස තෝරාගන්නේ පරම්පරාවෙන් උරුම වන ආගමකි. එහෙහ් සෑම විටම පරම්පරාවෙන් උරුම වන ආගම නිවැරදි විය හැකිද? තවද දෙමව්පියන් නිවැරදි ආගමක් අදහන බවට සහතිකයක් දිය හැකිද?  මිනිසා කොතරම් බුද්ධිමත් වුවද මිනිසා විසින්ම මිනිසාගේ විමුක්තියට මාර්ගය තීරණය කල නොහැක. ඒ අනුව මිනිසාගේ ආරම්භයේ සිටම නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා දෙවියන්ගේ නියෝජිතවරුන් පැමිණ තිබේ. ඔවුන් විසින් ඒ ඒ කාලයට ඔබින පරිදි ආගම දේශනා කොට ඇත. එහෙත් නබිවරයෙකුගේ අභාවයෙන් පසු අනෙක් නබිවරයා පැමිණෙන අතර වාරය තුලදී පැවති ආගම ජනතාව විසින් වෙනස්කම් වලට භාජනය කොට තිබේ. මේ නිසා අලුතින් එන නබිවරයාට නිවැරදි දහම දේශනා කිරීමේදී විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය. බොහෝ අවස්තාවන් වලදී අලුතින් එන නබිවරයාගේ ඉගැන්වීම් ජනතාවගෙන් කොටසක් ප්‍රතික්ෂේප කරන්නේය. මේ නිසා අලුතින් පැමිණි ආගම පිළිපදින ජනත...

ෂරියා යනු කුමක්ද? (What is Sharia?)

Image
ෂරියාව ගැන කියපු ගමන්ම ඇතැමුන්ට මතක් වන්නේ විවාහ හතරක් ගැනත් සොරුන්ගේ අත කැපීම ගැනත් ය. නොදන්නා කම නිසා එලෙස උපකල්පනය කලත් ෂරියා නීතියෙන් මුස්ලිම්වරුන්ට සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දෙන්නේය. මේ නිසා ෂරියා ජිවන සැලැස්ම තුල මිනිසා විසින් දෙවියන්ට කල යුතු දේවල් සහ මිනිසා විසින් මිනිසාට කල යුතු දේවල් අඩංගු වේ. උදාහරණයක් වශයෙන් සලාතය, උපවාසය, සකාත් සහ හජ් වන්දනය මෙන්ම විවාහය, දික්කසාදය, ව්‍යාපාරය, මුදල් ගනු දෙනු ආදී දේවල් ද එහි දැකිය හැකිය. ඇතැම් අය මුස්ලිම්වරුන්ට විවාහ හතරක් සිදු කිරීමට අවසර ලබා දී තිබීම අපහාසත්මකව බැලුවත් කුරණයෙන් පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට නොහැකි නම් එක් විවාහයක් පමණක් සිදු කරන මෙන් දී ඇති නියෝගය දැක නැත. ඇත්ත වශයෙන්ම එවැනි නියෝගයක් ලබා දී තිබෙන්නේ ෂරියා නීතියෙන් පමණි.  ඇතැම් ෂරියා නීති ඉතා දැඩි වුවද එමගින් බලාපොරොත්තු වන්නේ සමාජයේ සිදු වන වැරදි අවම කිරීමයි. මෙම දැඩි නීති නිසා මුස්ලිම් සමාජය තුල ස්ත්‍රී දුෂණ සහ සොරකම ඉතාමත්ම අඩුවෙන් දැකිය හැකිය. එහෙත් දියුණු යැයි කියා ගන්නා රටවල් වල ඒවා ඉතා ඉහල අගයන් ගන්නේය.  ෂරියාව අනුව යම් වටිනා භාණ්ඩයක් සොරකම් කොට ...

මරණයෙන් පසු ජිවිතය (Life after death)

Image
බොහෝ අයට ඇත්තේ මරණයෙන් පසු ජීවිතය පිලිබඳ සැකයකි. ඒ අනුව ඔවුන් මෙසේ ප්‍රශ්න කරන බව කුරානය සඳහන් .කරයි.  "මරණයට පත්වී, අප පස් ලෙසද, ඇටකටු ලෙසද, වූ පසු අපව ද අපගේ මුතුන්මිත්තන්වද නැවතත් නැගිටවනු ලබන්නෙමු දැයි අසන්නන් ලෙස මොවුහු සිටියහ"  තවද ඔවුන් මෙසේ ද පවසන බව කුරානය මතක් කර දෙන්නේය.  "අපගේ මෙලෝ ජීවිතය හැර වෙන කිසිවක් නොමැත. අපි මරණයට පත් වෙමු. අපි ජිවත් වෙමු. කාලයම මිස වෙන කිසිවක් අපව විනාශ නොකරන්නේය' ඔවුන්ට මේ ගැන කිසිම දැනුමක් නොමැත. ඔවුන් අනුමාන කරනවා පමණි "  (කුරානය 45:24).  කෙසේ වෙතත් කිසිවක් නොමැතිව තිබියදී මිනිසාව මුලින්ම මැවූ අල්ලාහ්ට මිය ගිය කෙනෙකුට නැවත පණ දී නැගිටවිම අමාරු කාරියක් නොවේ. ඒ අනුව ඔවුන් සඳහා කුරණයෙන් මෙසේ පිළිතුරු ලබා දී තිබේ.  "නියත වශයෙන්ම පෙර සිටියවුන්ද, පසුව සිටියවුන්ද නියමිත දවසක නියමිත වේලාවකදී එක්රැස් කරවනු ලබන්නේ යැයි (නබි තුමනි) නුඹ (ඔවුනට) පවසනු". වරුසාවකින් පසු වියලී ගිය පොළොව මත පැල හට ගන්නේ කෙසේදැයි සිතා බලන ලෙස කුරානය මතක් කර දෙන්නේය.  "මළ ගිය පොළව ඔවුනට සාක්ෂියකි. අපි එය ප්‍රාණවත් කර, එයින් ධාන්‍යය ද පිට කළෙමු...

ඉස්ලාම් දහම තුල අන්තවාදයක් තිබේද? (Is There Extremism in Islam?)

Image
ඉස්ලාම් දහමෙහි ප්‍රධාන අරමුණ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම ය. කැමති කෙනෙකුට එය පිළිපැදිය හැකිය. කැමති නැති කෙනෙකුට එම දහම පිළිපදින්නැයි බලකිරීමක් නැත. මෙම කුර්ආන් වැකියෙන් එය පැහැදිලි කොට තිබේ. "(ඉස්ලාම්) දහම තුල කිසිඳු බල කිරීමක් නැත. ඇත්ත වශයෙන්ම වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය ප්‍රත්‍යක්ෂ විය. කවරෙක් 'තාගුත්' ව ප්‍රතික්ෂේප කර අල්ලාහ්ව විශ්වාස කරන්නේද ඔහු නියත වශයෙන්ම ශක්තිමත් කඹය (කුරානය) තදින් අල්වාගත් තැනැත්තා වේ" (කුරානය 2:256).  අන්තවාදය අර්ථ දක්වා තිබෙන්නේ "අන්ත දේශපාලන හෝ ආගමික අදහස් දැරීම; උමතුව" යනුවෙනි. එහෙත් ඉස්ලාම් දහම තුල එවැනි තත්වයක් කිසිසේත්ම නැත. ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය යන්නයි. තවද මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසුණු විට ආචාර කරන්නේ ඔබට ශාන්තිය අත්වේවා යන අරුත ඇති "අස්සලාමු අලෙයිකුම්" යන වදන් වලින් ය. එවැනි ආගමක ඇති අන්තවාදය කුමක්ද? ඉස්ලාම් දහම ගොඩ නැගී තිබෙන්නේ මුලික විශ්වාසයන් හයක් මතය. එනම අල්ලාහ්ගේ ඒකීයත්වය විශ්වාස කිරීම, දේවදුතයින් ගැන විශ්වාස කිරීම, කුරානයට පෙර පහළ වූ දහම් පුස්තක ගැන විශ්වාස කිරීම, දහම දෙසීම සඳහා ප...

ඉස්ලාම්, වැරදියට වටහාගෙන ඇති දහම (Islam, The Most misunderstood religion)

Image
ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකක් පමණ සිටින්නේ මුස්ලිම් වරුන් ය. එසේ තිබියදී වැඩියෙන්ම වැරදි වැටහීමක් තිබෙන්නේ ඉස්ලාම් දහම ගැනය. ඊට එක් හේතුවක් වන්නේ ඉස්ලාම් දහම ගැන විද්‍යුත් සහ ලිඛිත මාධ්‍යවලින් සිදු කරනු ලබන අසත්‍ය ප්‍රචාරයන් වේ. ඒවා නිතර නිතර කනට වැටීම නිසා බොහෝ අය ඉස්ලාම් දහම ගැන දැනගැනීමට උනන්දු වන්නේ නැත. එපමණක් නොව වැරදි ප්‍රචාරයන් නිසා බොහෝ අය සිතන්නේ ඉස්ලාම් යනු ත්‍රස්තවාදී දහමක් බවයි. එම නිසා ඔවුන් එවැනි ආගමක් ගැන දැනගැනීමට උනන්දු වන්නේ නැත.  ඉස්ලාම් දහමට මොන තරම් ප්‍රහාර එල්ල කරනු ලැබුවත් ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්ව ඇත. එම තත්වයට හේතුව කුරානයේ ඇති සරල බව සහ නිවැරදි භාවයයි. ඉස්ලාම් හැර වෙනත් කිසිම දහමක එම තත්වය දැකිය නොහැක. මැණිකක් මඩේ දැමු පමණින් එහි වටිනාකම අඩුවන්නේ නැත. එසේම ඉස්ලාම් දහමට මොනතරම් මඩ ගැසුවත් එහි  වටිනාකම අඩු වන්නේද නැත.  ඉස්ලාම් දහමට ඇති එක් චෝදනාවක් වන්නේ එය කඩුවෙන් ව්‍යාප්ත වූ බවට ය. එය සත්‍යයක් නම් අද වන විට ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය නතර විය යුතුය. එහෙත් අප දකින්නේ අන් කවරදාකටත් වඩා වේගයෙන් ඉස්ලාම් දහම ලොව පුරා ව්‍යාප්ත වන...

ඉස්ලාමයට අනුව ආත්මය යනු කුමක්ද? (What is the soul according to Islam?)

Image
ආත්මය ගැන ප්‍රශ්න කල අවස්ථාවේදී අල් කුරානය මෙලෙස පිළිතුරු ලබා දී ඇත. "ඔවුහු 'රූහ්' (ප්‍රාණය) ගැන ගැන නුඹගෙන් විමසති. එයට නුඹ, 'රූහ්' මාගේ සමිඳුන්ගේ අණ පරිදිම ඇතැයි පවසනු! (ඒ ගැන) සුළු දැනුමක් පමණක් නුබලාට දෙනු ලැබ ඇත" (කුරානය 17:85). තවද, මිනිසාව මුලින්ම මැවූ පසු අල්ලාහ් ආදම් තුමාගේ ශරීරය තුලට ආත්මය ඇතුලත් කළේය. "පසුව, ඔහුව නිසියාකාරව සකසා තම ප්‍රානයෙන් එහි පිම්බේය, තවද, නුඹලාට ශ්‍රවනයද ඉන්ද්‍රියද දෘෂ්ටියද, හදවතද ඇති කළේය" (කුරානය 32:9). මේ අනුව ආත්මය යනු අල්ලාහ්ගෙන් ලැබුණු දායාදයක් වේ. එහෙත් මිනිසාට ඇත්තේ ඒ ගැන ඉතා සුළු දැනුමක් පමණි.  දොළොස් වන සියවසේදී ජීවත්වූ ඉස්ලාමිය ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන චරිතයක් වුද දාර්ශනිකයෙක් වුද දේවධර්මවාදීයෙක් වුද නීතිවේදියෙක් වුද ඉමාම් ගzස්සාලි තුමා පවසන්නේ මිනිසාගේ වැදගත්ම හරය ආත්මය නොහොත් සිත බවයි. ඔහු පවසන අන්දමට සිත යනු අධ්‍යාත්මික වස්තුවක් වන අතර එය ශරීරය තුල භෞතික සහ අධ්‍යාත්මික ක්‍රියාවන් මෙහෙය වන්නේය. මිනිස් සිතත් හදවතත් අතර සම්බන්දකමක් ඇති බැවින් ගzස්සාලි තුමා එය හදවත ලෙසද නම් කොට ඇත. ඔහු සිව් අකාරයකට මිනිස් ස...

ඉස්ලාම් දහම තුල රැවුලට තිබෙන වැදගත්කම (The Importance of Beard in Islam)

Image
අල්ලාහ්ගේ සෑම මැවිමක් තුලම ඊට ආවේනික ලක්ෂණ දැකිය හැකිය. සිංහයෙකුට රෝම පිහිටීම නිසා අලංකාරයක් ගෙන දෙන ආකාරයටම මිනිසාට රැවුල නිසා මුහුණේ ගාම්බිරත්වයක් සහ අලංකාරයක් ගෙන දෙන්නේය. මේ නිසා පිරිමියෙක් රැවුල මුඩු කොට ගැහැණියගේ වේශය ගැනීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. රැවුල වැවීම නබිවරුන්ගේ සුන්නාවක් බැවින් ඊට ඉස්ලාම් දහම තුල අධ්‍යාත්මික වටිනාකමක් තිබේ. විශේෂයෙන්ම මුහම්මද් නබි තුමාගේ අනුගාමිකයින් හට උඩු රවල කොටට කපා යටි රවල වැවීම වාජිබ් හෙවත් අනිවාර්‍ය වේ. මෙම නියෝගය සහිහ් බුහාරි ග්‍රන්ථයේ මෙන්ම සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේද දැකිය හැක. ඉස්ලාමිය විද්වතුන්ගේ ඒකමතික නිගමනය වන්නේ නබිතුමාගේ නියෝගයන් පිළිපැදීම අනිවාර්ය බවයි.  අබු හුරෛරා (රලි) තුමාගේ වාර්තාවකට අනුව රැවුල වැවීම ස්වභාවික ලක්ෂණයකි. තවද අල් කුරානයේ මෙසේ දැක්වේ.  "මෙම දුතයානන් නුඹලාට කුමක් ලබා දෙන්නේද එය භාරගනු. ඔහු නුඹලාව කුමකින් වලක්වන්නේද එයින් වලකිනු" (කුරානය 59:7).  නබිතුමව අනුගමනය කිරීම නිසා අල්ලාහ් ඔහුව ප්‍රිය කරන්නේය.  "නුඹලා අල්ලාහ්ව ප්‍රිය කරන්නේ නම් මාව පිලිපදිනු. එවිට අල්ලාහ් නුඹලාව ප්‍රිය කරන්නේය, තවද, නු...

ඉස්ලාමීය විවාහයක් සාම්ප්‍රදායික විවාහයකට වඩා වෙනස් වන්නේ ඇයි? (Why is an Islamic marriage different from a traditional marriage?)

Image
ඉස්ලාම් දහම මිනිසාට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දී තිබේ. එබැවින් විවාහය ද ඊට ඇතුලත් වේ. මේ හේතුවෙන් මුස්ලිම්වරයෙක් විවාහ විය යුත්තේ දහමින් පෙන්වා දී ඇති නීති රීති වලට අනුකුලව ය.  මෙය සම්ප්‍රදායික විවාහයකත් ඉස්ලාමිය විවාහයක්ත් අතර ඇති ප්‍රධාන වෙනසකි.  සම්ප්‍රදායික විවාහයකදී කාන්තා පාර්ශවය විසින් පිරිමි පාර්ශවයට දෑවැද්ද දෙනු ලැබුවත් කුරානයට අනුව එය පිරිමි පාර්ශවය විසින් කාන්තා පාර්ශවයට ලබා දීම අනිවාය වේ.  "...එහෙයින්, ඔවුන්ගෙන් කව්රුන් සමග නුඹලා සැප විඳිහුද, ඒ වෙනුවෙන් ඔවුන්ගේ විවාහ දීමනාව (මහර්) අනිවාර්යයෙන් ඔවුනට ලබා දෙනු..."  (කුරානය 4:24). මෙම නියෝගය නිසා විවාහ වීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට විශාල අස්වැසිල්ලක් ලැබේ. විවාහ වීමෙන් පසුවද පවුලේ සියලු නඩත්තු වියදම් දැරිය යුත්තේ පිරිමි පාර්ශවය විසින් ය. එයද කුරානයෙන් ලබා දී තිබෙන නියෝගයක් වේ. එපමණක් නොව විවාහ වීමෙන් පසු පවත්වනු ලබන සාදයද මනාලයාගේ වියදමින් සිදු කල යුතු බව නබිතුමා පවසා තිබේ. කුරානයේ ඇති නියෝගය අනුව මුස්ලිම්වරයෙකු විවාහ වීමේදී තමන් විවාහ වීමට අදහස් කරන කාන්තාවගේ අනුමැතිය ලබාගත යුතුය....

ශුද්ධ වූ අල් කුර්ආනය (The Norble Quran)

Image
අල් කුරානය, මුල්ම මිනිසා වන ආදම් තුමාගේ පටන් ජේසු තුමා දක්වා පැමිණි දහම් පණිවිඩවල දිගුවකි. එය මෙලොවට පහළ කරන ලද අවසාන දහම් පුස්තකය ද වේ. කුරානයත් සමග දහම් පණිවිඩවල පැමිණීම අවසාන වන්නේය. ඒ අනුව ලෝකය අවසාන වනතෙක් මිනිසා විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශය වන්නේ කුරානය යි. කුරානය මුහම්මද් නබි තුමාගේ නිර්මාණයක් නොවේ. එහි ඇත්තේ අල්ලාහ් දෙවිඳුන් විසින් ජිබ්‍රිල් නමැති දේවදුතයා හරහා මුහම්මද් නබිතුමා හට පහළ කරන ලද පණිවිඩයකි. එම පණිවිඩය පහළ වූ වහාම ලේඛක ගත කරන ලදී. එබැවින් කුරානයට අනෙක් ආගමික ග්‍රන්ථ මෙන්, එකකට වඩා අනුවාද නැත. කුරානය පහළ වුයේ අරාබි භාෂාවෙන් වන අතර අදටත් එම භාෂාව භාවිතයේ පවතින්නේය.  අල් කුරානය වැනි කෘතියක් අල්ලාහ්ට හැර වෙන කිසිවෙකුටත් සම්පාදනය කිරීමට නොහැකි වීම විශේෂත්වයකි. ඒ බව මෙම කුර්ආන් වකියෙන්ද ස්ථිර කොට ඇත. "අල් කුර්ආනය, අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු විසින් රචනා කළ නොහැක්කකි. නමුත්, එය මිට පෙර ඇති දෙය (මුසා නබිතුමාට සහ ජේසු තුමාට පහළ කරන ලද ආගම්) සැබෑ කරන්නක් ලෙසද, නීති රීතීන් පැහැදිලි කරන්නක් ලෙසද වේ. මෙය විශ්වයේ අධිපති දෙවිදුන්ගෙන් බවට කිසිම සැකයක් නැත" (කුරානය ...

ස්වර්ගය අත්කර ගැනීමට ඇති බාධා (Obstacles to Achieving Paradise)

Image
  ස්වර්ගය ගැන අල් කුරානයේ බොහෝ තැන්වල වර්ණනා කොට තිබේ. එහෙත් එය අත්කර ගැනීමට ප්‍රධාන බදාවන් වන්නේ සාතන් සහ මිනිසාගේම පහත් ආශාවන් ය. මේ නිසා බොහෝ අය ස්වර්ගය අත්කර ගැනීම සඳහා ඇති මාර්ගය ඉතා පහසු කොට තිබියදීත් වැරදි මාර්ග වල ගමන් කරන්නේය. ස්වර්ගයේ ඇති සතුට කිසිම සිතකින් මෙනෙහි කල නොහැකි ය. ස්වර්ගවාසින්ට මරණයක් නොමැත. ඒ අනුව ස්වර්ගවාසින් සදාකල් යෞවනයේම සිටින්නේය. හදිස්වල දැක්වෙන පරිදි පිරිමින්ගේ වයස 33ක් වනු ඇත. ස්වර්ගවාසින් සිතන පතන සෑම දෙයක්ම ඔවුනට ලැබෙන්නේය. තවද ස්වර්ගවසින්ගේ සතුට වෙනුවෙන් බොහෝ කන්‍යාවියන් ලැබෙන්නේය. එපමණක් නොව එහි තනි මුතුවකින් සැදුම්ලත් කුඩාරම් තිබෙන්නේය. එහි විශාල ගස් ඇත. එහි ඇති ගසක සෙවනැල්ල පසු ක‍ර යෑම සඳහා අශ්වයෙකුට වසර පන්සියයක් පමණ ගත වන බව හදිස් වල සඳහන් වේ. එම ගස් අතරින් දිය දහරාවන් ගලා බසින්නේය. ස්වර්ගවාසින් මුහුණට මුහුණ ලා තබා ඇති කවිච්චි වල ලැගුම් ගෙන සුහද කතා බහේ යෙදෙන්නේය. ඔවුන්ට විවිධ රසයෙන් යුතු පලතුරු ඉතා පහසුවෙන් කඩා ගැනීමට හැකි වන පරිදි ගස්වල අතු ඉතා ලඟින් තිබෙන්නේය. ඒවා කඩාගෙන ඔවුන් රස විඳින්නේය. මේ සෑම දෙයකටම වඩා අල්ලාහ්ව දැක ගැනීමට හැකිවීම ...