අල්-කුරානය බයිබලයේ පිටපතක් නොවන්නේ ඇයි? (Why is the Quran not a copy of the Bible?)


අල් කුරානය පිළිබඳව නිවැරදි අවබෝදයක් නොමැති අය සිතන්නේ අල්-කුරානය බයිබලයෙන් පිටපතක් කොට ඇති බවයි. කෙසේ වෙතත් එය සම්පුර්ණයෙන්ම වැරදි මතයකි. ඊට හේතු රාශියක් තිබේ. ඉන් කිහිපයක් ගෙන බලමු. මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමා කියවීමට හෝ ලිවීමට නොදත් කෙනෙකි. එබැවින් එතුමා විසින් බයිබලය හදාරා එහි කොටස් රැගෙන කුරානය පිටපත් කලේ යැයි කීම පිළිගත නොහැකිය. තවද නබිතුමාට කුරානය පහළ වන සමයේදී බයිබලය ග්‍රන්තාරුධ කොට තිබුනේ ද නැත. එපමනක් නොව බෛබලය ග්‍රීක භාෂාවෙන් අරාබි භාෂාවට පරිවර්තනය කොට තිබුනේ ද නැත. මේ නිසා බයිබලයෙන් පිටපත් කොට කුරානය ලිවීමට කිසිසේත්ම හැකියාවක් නැත. එපමනක් නොව බයිබලයේ ඇති කිසිම වැරැද්දක් කුරානයේ දැකිය නොහැක. ඒ අනුව බයිබලයේ ඇති වැරදි ඉවත් කොට නිවැරදි කරුණු පමණක් රැගෙන කුරානය ලිවීමට තරම් හාස්කමක් කිරීමට නම් නබිතුමා නුතන විද්‍යව ගැනත් ප්‍රාග් ඓතිහාසික කරුණු ගැනත් මනා දැනුමෙන් සන්නද්ද වී තිබිය යුතුය. මෙම කරුණු දෙස බලන් විට කුරානය වැනි කෘතියක් දෙවියන්ගේ පණිවිඩයකින්ම මිස මුහම්මද් නබි තුමාගෙන් බලාපොරොත්තු විය හොහැකිය. 

අල් කුරානය ලියවී ඇත්තේ නබිතුමාගේ වදන් වලින් නොවේ. එසේ තිබියදී නබිතුමා බෛබලයෙන් කුරානය පිටපත් කොට තිබුනේ නම් ඒවා කුරානයේ භාෂාවට හරවන්නේ කෙසේද? 

බයිබලය තුල ඇති ඇතැම් වගන්ති අනුව දෙවියන් සියල්ල දන්නෙක් නොවේ. උදාහරණයක් ලෙස බයිබලයේ නව ජාත්‍යන්තර අනුවාදයෙහි (උත්පත්ති 3: 8-11) හි සඳහන් පරිදි දෙවියන් ට ආදම් තුමා සිටින තැන සොයා ගත නොහැකිව “ඔබ කොහි සිටින්නේදැ”යි විමසා තිබේ. කෙසේ වෙතත් මෙවැනි වගන්ති කුරානය තුල දැක ගත නොහැකිය.
(උත්පත්ති 32: 24-28) යන වගන්තිවල ජැකොබ් යන තැනැත්තා දෙවියන්ව බේරාගැනීම සඳහා මල්ලව පොරක යෙදුනු බව සඳහන් වේ. එහෙත් අල්-කුරානය තුල එවැනි දුබල අදහස් දැක ගත හැකි වන්නේ නැත.

බයිබලයේ (නික්මයාම 32:14) යන වගන්තියේ දෙවියන් යමක් කිරීමට සිතා පසුව එය සිදු නොකොට පසුතැවිලි වූ බව සඳහන් වේ. එහෙත් සර්වබලධාරී දෙවියන්ට එවැනි දෙයක් ගැලපෙන්නේ නැත. ඒ අනුව අල්-කුරානය තුල එවැනි දේවල් සොයා ගත නොහැකිය. කුරානය බයිබලයේ පිටපතක් වුයේ නම් එවැනි දුර්වලතා කුරානය තුළද තිබිය යුතුය. එහත් එවැන්නක් නැත. 

බයිබලයේ පැරණි ගිවිසුමට සහ අළුත් ගිවිසුමට අනුව නබිවරුන්ව අවමානයට ලක්කොට ඇත. උදාහරණ වශයෙන් බයිබලයේ එන ඇතැම් නබිවරුන් සුරාව පානය කල බවත් ඔවුන් තම නිරුවත ප්‍රදර්ශනය කල බවත් සඳහන් කොට ඇත. එහෙත් එවැනි දේවල් කුරානයේ නැත. තවද ඇතැම් නබිවරුන් අඥානව ක්‍රියා කල බවත් තවත් සමහරු අනාචාරයේ හැසිරුණු බවත් සඳහන් කොට තිබේ. එහෙත් එවැනි දේවල් අල්-කුරානයේ කිසිම තැනක සඳහන් නොවේ. 

බයිබලයේ සහ අල්-කුරානයේ නුහ් නබිතුමාගේ කාලයේදී සිදු වූ මහා ජල ගැල්ම ගැන සඳහන් කොට ඇත. කෙසේ වෙතත් බයිබලයට අනුව එම ජල ගැල්ම මුළු ලොවටම බලපෑ බව පවසා තිබේ (උත්පත්ති, පරිච්ජේදය 7). එහෙත් නවීන සොයාගැනීම් අනුව බයිබලයේ සඳහන් එම කාල වකවානුවේදී ලොව පුරා ජලගැල්මක් සිදු වී නැත. එසේ තිබියදී අල්-කුරානයට අනුව එම ජල ගැල්ම එක් ප්‍රදේශයකට පමණක් සිමා වී තිබේ. (කුරානය 7:59-64). 

ඉහත සඳහන් කරුණු අනුව පෙනී යන්නේ කුරානය බෛබලයේ පිටපතක් විය නොහැකි බවයි. 

 
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)