ඉස්ලාම් දහම තුල අන්තවාදයක් තිබේද? (Is There Extremism in Islam?)


විකිපිඩියාවේ අර්ථ දක්වා ඇති පරිදි අන්තවාදය යනු "ආන්තික වීමේ ගුණාත්මක භාවය හෝ තත්වය" නැතහොත් "ආන්තික පියවරයන් හෝ අදහස් වෙනුවෙන් පෙනී සිටීම" වේ. එය මූලික වශයෙන් දේශපාලන හෝ ආගමික අර්ථයෙන් භාවිතා කරනුයේ සමාජයේ ප්‍රධාන ධාරාවේ ආකල්පවලින් බැහැර යැයි සැලකෙන දෘෂ්ටිවාදයක් හැඳින්වීමට ය. ඇතැම් අවස්ථාවලදී ආර්ථික සන්දර්භය තුළ ද භාවිතා කළ හැකිය. එහෙත් මෙවැනි අකාරයේ භාවිතයක් ඉස්ලාම් දහම තුල නැත. ඉස්ලාම් දහමින් කිසිවෙකුට තම අදහස් බලෙන් කවන්නේ නැත.

ඉස්ලාම් මධ්‍යස්ථ අදහස් දරන දහමකි. එබැවින් සමාජයට හෝ තනි පුද්ගලයෙකුට හානි සිදුවන ආකාරයෙන් ක්‍රියා කිරීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. සෑම විටම නිදහස් චින්තනයට ඉඩ දෙන්නේය. එබැවින් ඉස්ලාම් දහමෙහි බල කිරීමක් නැත. ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිසහස ඉස්ලාම් දහමින් තහවුරු කොට තිබේ.
 
ඉස්ලාම් දහමින් ආගමික නිසහස තහවුරු කරන බැවින් ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකිය. එම නිදහසට ඉස්ලාම් ආගමින් බදා කරන්නේ නැත. කෙසේ වෙතත් ඉස්ලාම් දහම අනෙක් ආගම් වලින් වෙනස් වන්නේ මුස්ලිම්වරයෙකු තම ආගම හැකි පමණින් පිළිපැදීම නිසාය. තවද මුස්ලිම්වරයෙකු කරන සෑම ක්‍රියාවක්ම එළිපිට දැකිය හැකිය. ඊට හේතුව මුස්ලිම්වරයෙකු කරන සලාතය, උපවාසය යන කරුණු සැමට දැකිය හැකි නිසාය. එපමනක් නොව මුස්ලිම්වරුන් ඇතැම් කරුණු වලින් එලි පිටම වැලකි සිටින්නේය. ඒ අනුව පොලි ගනුදෙනු, පරිබෝජනයට නුසුදුසු අහර වලින් සම්පුර්ණයෙන්ම වැලකි සිටින්නේය. එය ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවයක් ද වේ. ඇතැමුන් මේවා දකින්නේ අන්තවාදය ලෙස නම් එය ඔවුන්ගේ වරදක් මිස ඉස්ලාම් දහමේ වරදක් නොවේ.

ඉස්ලාම් දහමින් මැද පිළිවෙතත් අනුගමනය කිරීමට පෙන්වා දෙන්නේය. මේ හේතුවෙන් පින් දහම් කරන විට තමන් ගැනත් තම පව්ලේ අය ගැනත් සිතා කටයුතු කල යුතුය. මේ හේතුවෙන් මුස්ලිම්වරයෙකු විවාහ නොවී මුළු ජිවිත කාලයම අල්ලාහ් වෙනුවෙන් කැප කිරීම හෝ වසරේ දවස් 365 ම උපවාස කිරීම හෝ රාත්‍රිය පුරා නැමදීම අනුමත කරන්නේ නැත. 
 
මුස්ලිම් කාන්තාවන් පිටස්තර අයට නොපෙනෙන සේ තම ශරීරය වසා ගැනීම අනිවාර්ය ය. එය කුරානයේ නියෝගයක්ද වේ. මේ හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් ෆර්දාව අඳින්නේය. එහෙත් ඇතැමුන් එය දකින්නේ ඉස්ලාමිය අන්ත වාදය ලෙසයි. එසේ සිතීමට හේතුව ඉස්ලාම් දහම ගැන ඔවුන්ගේ අනවබෝදයට මිස වෙන දෙයක් නොවේ.
 
එක් අවස්ථාවකදී මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන දේවස්ථානය වන කව්බාව තුලට පැමිණි කාන්තාර වැසියෙක් මුත්‍රා කළේය. එම යුගයේදී පල්ලියේ සිමෙන්ති හෝ ටයිල් දමා තිබුනේ නැත. සහාබාවරුන් එය වැළැක්වීමට උත්සාහ කලත් නබිතුමා එය නැවැත්වීමට ඉඩ ලබා දුන්නේ නැත. ඒ අනුව ඔහු සිය අවශ්‍යතාවය අවසාන කල පසු ඔහුව තමන් ලඟට කැඳවා අවවාද කළේය. තවත් අවස්ථාවකදී නබි තුමා කව්බාව අසල නමදිමින් සිටින විට එතුමාගේ පිටේ මියගිය ඔටුවෙකුගේ බඩවැල් ගෙනවිත් දමා ඇත. එම පුවත සැලවීමෙන් එතුමාගේ දියණිය එම ස්ථානයට පැමිණ එම බඩවැල් ඉවත් කොට නබිතුමාව පිරිසිදු කළේය. මේවා විශාල ප්‍රශ්නයක් කර ගත්තේ නැත. එසේම මේ කිසිම අවස්ථාවකදී අන්තවාදී ලෙස ක්‍රියා කරමින් වරද කරුවන්ට දඬුවම් කලේ නැත.

ඇත්ත වශයෙන්ම අන්තවාදීව ක්‍රියා කරන්නේ මුස්ලිම්වරුන්ට වඩා ඔවුන් දෙස බලන පිටස්තර අය වේ. මුස්ලිම්වරුන්ගේ ආගමික අයිතියක් වන ඇඳුමක් ඇන්දත් ඇතැමුන් ඊට එරෙහි වන්නේය. මුස්ලිම්වරුන්ගේ ආගමික අවශ්‍යතාවයක් වන හලාල් ආහාර වලටත් ඔවුන් එරෙහි වන්නේය. අල් කුරානයෙන් තහනම් කොට තිබෙන පොලියෙන් වැලකී සිටියත් ඊට එරෙහි වන්නේය. ඒ අනුව අන්තවාදීන් ලෙස ක්‍රියා කරන්නේ මුස්ලිම්වරුන් නොව ඔවුන් දෙස බලා සිටින පිටස්තර අය වේ. බොහෝ අවස්ථාවලදී මෙම අන්තවාදී අදහස් දරන්නේ දේශපාලනය කරන ඇතැමුන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙනි. ඔවුන්ගේ එම පටු අරමුණු නිසා පොදු ජනතාව අතර අවිස්වාසය සහ හොඳ හිත පළුඳු වීම සිදු වන්නේය. 

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
http://truepath1.blogspot.com/

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)