ස්වර්ගය අත්කර ගැනීමට ඇති බාධා (Obstacles to Achieving Paradise)

 

ස්වර්ගය ගැන අල් කුරානයේ බොහෝ තැන්වල වර්ණනා කොට තිබේ. එහෙත් එය අත්කර ගැනීමට ප්‍රධාන බදාවන් වන්නේ සාතන් සහ මිනිසාගේම පහත් ආශාවන් ය. මේ නිසා බොහෝ අය ස්වර්ගය අත්කර ගැනීම සඳහා ඇති මාර්ගය ඉතා පහසු කොට තිබියදීත් වැරදි මාර්ග වල ගමන් කරන්නේය.

ස්වර්ගයේ ඇති සතුට කිසිම සිතකින් මෙනෙහි කල නොහැකි ය. ස්වර්ගවාසින්ට මරණයක් නොමැත. ඒ අනුව ස්වර්ගවාසින් සදාකල් යෞවනයේම සිටින්නේය. හදිස්වල දැක්වෙන පරිදි පිරිමින්ගේ වයස 33ක් වනු ඇත. ස්වර්ගවාසින් සිතන පතන සෑම දෙයක්ම ඔවුනට ලැබෙන්නේය. තවද ස්වර්ගවසින්ගේ සතුට වෙනුවෙන් බොහෝ කන්‍යාවියන් ලැබෙන්නේය. එපමණක් නොව එහි තනි මුතුවකින් සැදුම්ලත් කුඩාරම් තිබෙන්නේය. එහි විශාල ගස් ඇත. එහි ඇති ගසක සෙවනැල්ල පසු ක‍ර යෑම සඳහා අශ්වයෙකුට වසර පන්සියයක් පමණ ගත වන බව හදිස් වල සඳහන් වේ. එම ගස් අතරින් දිය දහරාවන් ගලා බසින්නේය. ස්වර්ගවාසින් මුහුණට මුහුණ ලා තබා ඇති කවිච්චි වල ලැගුම් ගෙන සුහද කතා බහේ යෙදෙන්නේය. ඔවුන්ට විවිධ රසයෙන් යුතු පලතුරු ඉතා පහසුවෙන් කඩා ගැනීමට හැකි වන පරිදි ගස්වල අතු ඉතා ලඟින් තිබෙන්නේය. ඒවා කඩාගෙන ඔවුන් රස විඳින්නේය. මේ සෑම දෙයකටම වඩා අල්ලාහ්ව දැක ගැනීමට හැකිවීම ස්වර්ගවාසින්ට කියා නිම කල නොහැකි තරම් සතුටකි. 

ස්වර්ගය කොතරම් සුන්දර වුවත් එය ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අත්කර ගත හැකිය. කෙසේ වෙතත් බොහෝ අය සාතන්ට අවනත වීම නිසා එය අත්කර ගන්නේ නැත. 

ස්වර්ගය අත්කර ගැනීම සඳහා කල යුත්තේ අල්ලාහ්ගේ ඒකීයත්වය විශ්වාස කිරීමය. එහෙත් සාතන් ඊට ඉඩ හරින්නේ නැත. ඒ අනුව බොහෝ අය අල්ලාහ්ව විශ්වාස කරන්නේ නැත. අල්ලාහ්ව විශ්වාස කරන අයත් ඔහුට සමානයන් ඇති කරන්නේය. ඒ අනුව ඇතැම් අය අල්ලාහ්ට මෙන්ම සාස්තෘවරුන්ටත් දේවත්වයෙන් සලකන්නේය. එසේම මිය ගිය සාස්තෘවරුන්ගේ සොහොන් වලට ගොස් පඬුරු දමන්නේය. තවත් සමහරු පඬුරු දමා ඔවුන්ගෙන් කන්නලව් කරන්නේය. මේවා ඉස්ලාම් දහම අනුව විශාල පාපයන් වේ. අල්ලාහ්ට සමානයන් ඇතිකරන කෙනෙක් ඔහුගේ මරණයට පෙර ඉන් වැලකි නැවත ඉස්ලාම් දහම තුලට ඇතුලත් නොවුයේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ. 

මුස්ලිම්වරයෙකු වුවත් ඔහුට ස්වර්ගය නොලැබී යාමට තවත් හේතුවක් වන්නේ නබිතුමා සම්පුර්ණ කරන ලද දහම තුලට අලුතින් කොටස් එකතු කිරීම වේ. අල්ලාහ්ගේ අනුමැතිය නොමැතිව දහම තුලට එකතු කරන සෑම ඇදහිල්ල්ම නොමග ගිය ඒවා බවත් නොමග ගිය සෑම දෙයක්ම නිරයට බවත් නබිතුමා පවසා තිබේ. 

ඇතැම් අය මුවින් අල්ලාහ්ව විශ්වාස කරන බව පැවසුවත් සලාතය ඉටු කරන්නේ නැත. තවත් සමහරු සලාතය ඉටු කලත් ඉවුන්ට නියමිත zසකාත් ඒවා ලැබීමට සුදුසුකම් ඇති අයට ලබා දෙන්නේ නැත. එහෙත් සලාතය සහ zසකාත් ඉස්ලාම් දහම තුල ඉතා වැදගත් කරුණු දෙකකි. අබු බක්කර් රලි තුමා zසකාත් ගෙවීම පැහැර හැරි අයත් සමග යුද්ධ ප්‍රකාශ කොට තිබේ. 

ඇත්ත වශයෙන්ම සාතන්ගේ උගුල් වලට නොරැවටී ක්‍රියා කරන්නේ නම් ස්වර්ගය අත්කර ගැනීම ඉතා පහසු කරුණකි. 

By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.J.Pura. 
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)