කුර්ආන් පණිවිඩය පහල වන්නේ කෙසේද? (How does the message of the Quran come down?)


අල්-කුරානය මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් පහළ කරන ලද වාක්‍ය 6000කට වඩා අඩංගු ග්‍රන්ථයකි. එය වසර 23ක් තිස්සේ ජිබ්රිල් නම් දේවදුතයා විසින් කොටස් වශයෙන් මුහම්මද් නබි තුමා වෙත ගෙනවිත් දෙන ලදී. එම දේව පණිවිඩයට අරාබි බසින් 'වහී' (وحي‎) යැයි පවසනු ලැබේ. මෙම 'වහී' පණිවිඩ මුහම්මද් නබි තුමාට පමණක් නොව අනෙකුත් සෑම නබිවරයෙකුටම අල්ලාහ් දෙවියන් විසින් යවා තිබේ. මෙම 'වහී' පණිවිඩ අල්ලාහ්ගෙන් පැමිණි බැවින් එහි කිසිම වැරැද්දක් දැකිය නොහැකිය. ඒ අනුව එම පණිවිඩ මිනිසාගේ අත්දැකීම් සහ පර්යේෂණ වලින් ලබා ගන්නා දැනුමට කිසිසේත්ම සම කල නොහැකිය. 

නබිවරුන්ට කිහිප ආකාරයකටම 'වහී' පණිවිඩ ලැබෙන්නේය. මෙම කුර්ආන් වැකිය මගින් එය විස්තර කොට තිබේ. “ඔහුගේ (අල්ලාහ්ගේ) අණ පරිදි ‘වහී’ මගින් හෝ තිරයට එහා සිට හෝ දුතයෙකුගේ මාර්ගයෙන් හෝ මිස ඔහු (අල්ලාහ්) කිසිම මිනිසෙකු සමග ඔහු (අල්ලාහ්) සිතන දෙය කතා නොකරයි” (කුරානය 42:51). 

මුහම්මද් නබි තුමාට මුල්ම දේව පණිවිඩය ලැබී ඇත්තේ ඔහු හිරා නම් ගල් ගුහාවේ සිටින අතර වාරයේදීය. එසේ පැමිණි දේව පණිවිඩ අල්ලාහ්ගේ උදව්වෙන් මුහම්මද් නබිතුමා ස්මරණය කර ගෙන තිබේ. ඉන් පසු ඒවා වහා ලේකන ගත කොට ඇත. මේ සඳහා නබිතුමාගේ අනුගාමිකයින් කිහිපදෙනෙකු නිත්‍ය ලෙස පත්කර තිබුනේය. ආරම්භ කාලයේදී ඒවා සම්වල සහ වෙනත් සුදුසු දේවල් මත ලියා තබන ලදී. මෙය අබුබක්කර් රලි තුමාගේ කාලයේදී එක් ග්‍රන්ථයක් ලෙස සකසන ලද අතර උස්මාන් රලි තුමාගේ කාලයේදී නැවත එය ඉතා සුපරික්ෂාවෙන් පිටපත් කොට විවිධ ප්‍රදේශවලට යවන ලද්දේය. ඉන් එකක් "සම්මත ග්‍රන්ථය" ලෙස හෆ්සා රලි තුමිය ළඟ තබන ලදී. 

අල් කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩ බව ඒත්තු ගැන්වීම සඳහා එය තුලින්ම සාදක සොයාගත හැකිය. අල් කුරානය බඳු අති විශිෂ්ට කෘතියක් කියවීමට හෝ ලිවීමට නොදත් මුහම්මද් නබිතුමාට කිසිසේත්ම ලිවීමට හැකි වන්නේ නැත. ඒ අනුව  එම යුගයේ ජීවත්වූ අරාබි බසින් පාණ්ඩිත්‍ය ලැබූ කිසිවෙකුට හෝ ඉන් පසුව පැමිණි කිසිවෙකුට එවැනි ග්‍රන්ථයක් අද වන තුරුත් නිර්මාණය කිරීමට හැකිවී නැත. 

අල් කුරානය දේව පණිවිඩයක් නොවන්නට ඉපැරණි ඓතිහාසික සිදුවීම් ඉතා නිවැරදිව එහි අන්තර්ගත විය නොහැකිය. එසේම 20වන සිය වසේදී සොයාගැනුණු බොහෝ විද්‍යාත්මක සත්‍යයන් කිසිම වැරැද්දක් නොමැතිව මීට සියවස් 14කට පෙර එහි සඳහන් විය නොහැකිය. ඇත්ත වශයෙන්ම කුරානයේ ඇති බොහෝ විද්‍යාත්මක තොරතුරු මිනිසා විසින් සොයාගෙන තිබෙන්නේ නවීන විද්‍යා උපකරණ ඇසුරෙන් 20වන සිය වස තරම් මෑත කාලයේදීය. උදාහරණයක් වශනේ විශ්වයේ ප්‍රසාරණය සහ කලලයේ විකසනය පෙන්වා දිය හැකිය. ඒවා හැරුණු විට තවත් බොහෝ විද්‍යාත්මක සත්‍යයන් එහි අන්තර්ගත වේ. 

අල් කුරානය එක් ජාතියක් වෙනුවෙන් පහළ වුවක් නොවන අතර එය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ කරන ලද්දකි. එබැවින් මිනිස් ජිවිතයේ නිවැරදි අරමුණ කරා ගමන් කිරීමට අදහස් කරන සියලුම දෙනා එය පිළිපැදිය යුතු වේ. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.








Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)