මිනිසා ස්වයං නිර්මාණයක්ද? (Is man self-created?)



මිනිසා සත්ව ලෝකයේ දැකිය හැකි අන් සෑම ජිවියෙකුටම වඩා සුවිශේෂී ස්ථානයක් හොබවන්නේය. ඇයිද යත් මේ ලෝකයේ කොඳු නාරටිය සිරස්ව තබාගෙන ඇවිදින එකම ජීවියා ඔහුය. මිනිසාට බොහෝ භාෂාවන් කතා කල හැකිය. නොයෙකුත් නිර්මාණයන් සිදු කල හැකිය. රසවත් පිසූ අහාර අනුභව කරන්නේ මිනිසා පමණි. එපමණක් නොව අලංකාර ඇඳුම් අන්දින්නේද මිනිසා ය. මේවා කිසිසේත්ම අහඹු සිදුවීම් විය නොහැකිය. 

මිනිසා අරාම්භ වන්නේ ශුක්‍රානුවකින් සහ ඩිම්බයක් එකතු වීමෙනි. එසේ තිබියදී ශුක්‍රානුව තුල මිනිසාගේ දේහ ලක්ෂණ වලින් කොටසක්ද ඩිම්බය තුල ඉතිරි කොටසද සටහන් කොට තිබේ. මෙවැනි හාස්කමක් කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව කිසිම ආකාරයකින් සිදු විය නොහැකිය. ඇයිද යත් විද්‍යාඥයින් පවසන ආකාරයට මිනිසෙක් බිහිවීම සඳහා අවශ්‍ය විස්තර ඇසට නොපෙනෙන ශුක්රානුව තුල ලිවිම පහසු කාර්යක් නොවන නිසාය. ඇත්ත වශයෙන්ම එහි ඇති කරුණු ලිවීමට පිටු මිලියනයකට වඩා අවශ්‍ය බව පැවසේ.  

මිනිසා ස්වයං නිර්මාණයක් වුයේ නම් මව් කුසින් බිහිවූ පසු අවශ්‍ය වන අවයව ගැන පූර්ව දැනුමක් එම බිලිඳා ට ලැබුනේ කෙසේදැයි ප්‍රශ්නයකි. ඇත්ත වශයෙන්ම මව් කුසේදි මුඛ්‍ය අවශ්‍ය නැත. එසේම නාසය අවශ්‍ය නැත. තවද අත්පා අවශ්‍ය නැත. එහෙත් ඒවා මව් කුසේදීම නිර්මාණය වන්නේ මව් කුසින් පිටතට පැමිණි පසු ඒවා අවශ්‍යවන බව දන්නා කෙනෙක් මිනිසාව නිර්මාණය කල නිසාය. 

මිනිස් ශරීරයේ ඇති සෑම ඉන්ද්‍රියයක්ම ඉතා පුදුමාකාරය. උදාහරණයක් ලෙස මිනිස් හදවත උපන් දා සිට මරණය දක්වා නොනවත්වා ඉතා කාර්‍යක්ෂම ලෙස ක්‍රියා කරන්නේය. එය මොහොතක් හෝ ක්‍රියා විරහිත වුයේ නම් මරණය නියතය. එවැනි දෙයක් කිසිසේත්ම ස්වයං නිර්මාණයක් විය නොහැකිය. 

මිනිසාගේ මොලය අතිනවීන පරිගණකයට වඩා දියුණුය. මොලයේ ඇති එක් එක් නියුරෝනයක් අනෙක් නියුරෝන සමඟ සම්බන්ධතා දහස් ගණනක් ඇතිකර ගන්නේය. සාමාන්‍ය මොළයක ට්‍රිලියන 100 කට වඩා උපාගමනයන් ලබා දෙන්නේය. දැනට ඇස්තමේන්තු කොට ඇති පරිදි එය ට්‍රිලියන 1,000 ක් පමණ වේ. මිනිස් මොලයක ක්‍රියාකාරී නියුරෝන එකිනෙකට සම්බන්ධ වෙමින් ස්නායුක ජාල සෑදී ඇත. විවිධ ඇස්තමේන්තු අනුව මිනිස් මොළයෙහි සැකසීමේ බලය MIPS මිලියන 100 ක් බව ඇස්තමේන්තු කොට ඇත. එය විදුලි සංදේශ හුවමාරු මද්‍යස්ඨාන ගණනාවක ඇති සම්බන්දතාවයන්ට වඩා අතිශයින්ම විශාල අගයක් වේ. පරිගණකයකට වඩා ඉතා දියුණු තත්වයේ මෙවැනි මොලයක් ස්වයංක්‍රීයව ඇති වීම ගැන කිසිම අන්දමකින් සිතා ගත නොහැකිය. 

මිනිස් ඇස ගැන සැලකීමේදී එය අති නවීන කැමරාවකට වඩා දියුණුය. කැමරාවක මෙන් ඇසේද බොහෝ කොටස් තිබේ.ඒවා ඉබේ ඇති විය හැකිද? ඇසේ තිබෙන කෝර්නියාව මගින් ඇසට ආලෝකය සම්ප්‍රේෂණය කරන අතර එය නිවැරදි තැනට නාබිගත වීමට සලස්වයි. එසේ ලැබෙන රුප රාමු ස්නායු හරහා මොළය වෙත ගොස් දත්ත වශයෙන් මොලයේ ගබඩා කරන්නේය. එම දත්ත අවශ්‍ය විටදී ප්‍රයෝජනයට ගත හැකිය. මෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක් ඉබේ සිදු විය හැකිද? 

විද්‍යාව මෙතරම් දිනුවක් ලබා තිබියදීත් මිනිස් දිවට සරිලන උපකරණයක් මෙතෙක් නිෂ්පාදනය කොට නැත. ඒ අනුව රසවල් දැනගැනීමට තිබෙන එකම ක්‍රමය දිව භාවිතා කිරීම වේ. සාමාන්‍ය වැඩිහිටියෙකුට රස අංකුර 2,000 ත් 4,000 ත් අතර ප්‍රමාණයක් පිහිටා තිබේ. එම සෑම රස අංකුරයක්ම සතියකට වරක් ස්වයංක්‍රියව අළුතින් නිර්මාණය වේ. මේවා ඉබේ සිදු විය හැකිද?

මිනිස් සිරුරේ ඇති සෑම සෛලයකටම ඔක්සිජන් ලබා දෙන්නේ මිනිසාගේ පෙණහලුවල අදාරයෙනි. එම ක්‍රියාවලිය සිදු වන්නේ මිනිස් නාසය තුලට ඇතුළුවන වාතය නිසාය. වැඩිහිටියෙකුගේ නාසය තුලින් දිනකට වායු ලීටර් 18,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයක් ගමන් කරන්නේය. එය ක්‍රියා විරහිත වුයේ නම් මරණය නියතය. 

සෑම මිනිසෙකුටම අඟල් 4ක් හෝ 5ක් දිගැති වකුගඩු ජෝඩුවක් පිහිටා තිබේ. ඒවා තුල පෙරහන් මිලියනයක් (1,000,000) පමණ පිහිටා තිබේ. වකුගඩුවල ප්‍රධාන කාර්යභාරය වන්නේ රුධිරයේ ඇති අපද්‍රවය පෙරා වෙන් කිරීමයි. ඒ හැරුණු විට ශරීරයේ තරල සමතුලිතතාවය පාලනය කරමින් ශරීරයට අවශ්‍ය නිවැරදි විද්යුත් විච්ඡේදක පවත්වා ගන්නේද එමගිනි. වකුගඩු නරක් වූ විට ඉන් සිදු කෙරෙන කාර්‍යය යන්ත්‍රයක් ආදරයෙන් සිදු කරන්නේ නම් ඉතා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. එසේ තිබියදී මිනිසාට මේවා නොමිලේම ලබා දී ඇති ඥානාන්විත දෙවියන්ට තුති කල යුතු නොවේද?

මිනිස් ශරීරයේ ඇති සෑම ඉන්ද්‍රියයක්ම ඉතා සංකීර්ණ ය. ඒවා ස්වයං නිර්මාණ යැයි කිව නොහැකිය. එසේ තිබියදී කෙනෙක් තමන්ව මැවූ දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීම හරිද?.මරණයෙන් පසු ඔවුන්ව දෙවියන් ඉදිරියේ නවතා ප්‍රශ්න කල විට දෙන පිළිතුර කුමක් විය හැකිද? 

By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons,Japura.
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)